***පළිගු***  27

ඇති යාන්තන් හැටහතර මායම් දාලා හරි කමක් නෑ කට්ටියගෙ අඩන බබා මූණු ටික වෙනස් කරගත්තා.හරි අමාරුවෙන් මෙයාලට කෑම කැව්වෙ.ඒ යුද්දෙ චුට්ට්ක් ඉවර උනාට පස්සෙ සාලෙන් ඇවිත් වාඩි උනා විතරයි ෆෝන් එකට මැසේජ් එකක් ආවේ.

‘i want to meet yau as soon as possible.Need to talk yau argent.’
මැසේජ් එක ආරාද්‍ය අයියගෙ නම්බර් එකෙන්.මෙයාලව අමාරුවෙන් නලවගත්තා විතරයි.තවත් මොනවද දන්නෑ මෙයාට මීට් වෙලා කතා කරන්න ඕනෙ.කෝකටත් කියලා චුටි අයියගෙ ඇස් වහලා ආකාශ් අයියට සේරම විස්තරේ කිව්වා.

“ඔයාට යන්න කියන්නද එපා කියන්නද කියලා හිතාගන්න බෑ සුදු නංගි.”

“එහෙ තත්වෙ කොහොමද කියලා අපි දැනගන්න ඕනෙනෙ ආකාශ් අයියා.”

“හරි මං ආන්ටිවයි,අරූවයි ෂේප් කරගන්නන්.ඔයා ගිහින් ඉක්මනට එන්න.”

“හරි එහෙනන් මං රෙඩි වෙලා එන්නන් අයියේ.”

මං ඉතින් ලෑස්ති වෙන ගමන් රිප්ලයි එකක් දැම්මා.

‘Laa bella coffee shop.at 4.30pm.’

මං කොෆී ෂොප් එක ලගට යද්දිත් ආරාද්‍ය අයියා ඇවිත් හිටියා.

“මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙද්දි ආවට තෑන්ක්ස් බබා.”

“ඉට්ස් ඕකේ අයියේ.මට කියන්නකො මාමා හොදින්ද….?”

“ඇත්තටම නන් අප්පච්චි ගොඩක් අවුලෙන් ඉන්නෙ බබා නොකා නොබී පැත්තකට වෙලා හූල්ලනවා.ඒක නෙවෙයි බබා ඔයා අකමැති නැත්තන් එහා පැත්තෙ තියෙන පාර්ක් එකට ගිහින් කතා කරමුද…?
මෙතන කතා කරන්න බෑ බබා.

අකමැති වෙන්න හේතුවකුත් නැති නිසා මං ඉතින් හා කිව්වා.

______________________________________

ටික වෙලාවක් යනකන් ආරාද්‍ය අයියා කිව්වෙ ගෙදර තිබ්බ වාතාවරණෙ ගැන.

“අපේ ගෙදර විදිහත් ඊටවැඩිය වෙනසක් නෑ අයියේ දෙන්නම වැටිච්ච වැටිච්ච තැන් වලට වෙලා හූල්ලනවා.”

“එයාලා ඒ තරම් නපුරු වෙන්නෙ කොහොමද බබා.”

“නැන්දි ඒ නපුරු උනා නෙවෙයි අයියේ.එයා කලේ ඔයාලගෙ ජීවිතේට ඉඩ දීපු එක.එහෙම නොකල නන් මාමා ඔයාලගෙයි,නැන්දිලගෙයි අතරෙ අතරමං වෙන එක.නැන්දිට ඕනෙ කලේ ඔයාලගෙ සතුට උදුර නොගෙන ඉන්න විතරයි.”

“ඔයාට නන් එයාලගෙ වැරදි පේන්නෙම නෑනේ මැනික.ඔය ආදරේ මටයි,මගෙ අම්මටයි ලැබෙන්නැත්තෙ මොන පවකටද බබා…?
මං එච්චරටම කාලකණ්ණියෙක්ද බබා ඔයාගෙ ආදරේ නොලැබෙන්න තරන්.”

“මොනවද අයියේ මේ කියවන විකාර….?”

මෙයත් පොඩි එකෙක් වගේ ඒ ගමන මාව බදාගෙන අඩනවා.හත්තිලව්වේ හැමෝගෙම දුක කියන්නෙ මට.මං කාට කියලා දුක කියන්නද මන්දා.වැඩි වෙලා යන්න ලැබුන්නෑ ගිනිපිටවෙන ඇසුත් එක්ක චුටි අයියා අපි ලගට ආවේ.

“චුටි අයියේ…..”මං හැදුවෙ නැගිටින්න.ඒත් ආරාද්‍ය අයියා එහෙමම මාව එයාගෙ තුරුලට ඇදත්තෙ මට හිතන්නවත් ඉඩක් නොතියාමයි.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *