මාංචු (01 කොටස) – Irosha Dilrukshi

***—–මාංචු—–***
(01 කොටස)

ඔහු සිදත් දේව්සිත්.හිරගෙදර කොල්ලෝ ටික ආද‍ෙර්ට කිව්වේ දෙව් කියලා.දෙමාපියන්ගේ වැරදි නිසා බරපතල වැඩ සහිත නඩුවකට පැටලිලා කොල්ලා වැරදිකරුවෙක් විදිහට බෝගම්බර හිර ගෙදරට එද්දි සුටි කොල්ලෙක්.වයස විස්සක් ඇති ඉතිම්.ඇත්තම කිව්වොත් කොල්ලා හිරගෙදරත් එක්කම අවුරුදු හතරක් ගෙව්වත් දැන් වයස විසිහතරක හැඩ්දැඩ් යෞවනයෙක්.කොල්ලගේ හොදම කාලේ යට කලේ හිරගෙදරට වෙච්චි එකයි දුක.ඒත් කොල්ලට නම් ඒ කාලේ ආයෙත් එනවා නම්,කොල්ලා ආසයි.ලබන අවුරුද්දෙ නිදහස් කරන සිරකාරයෝ ලිස්ට් එක අතරේ කොල්ලගේ නමත් තියනවා දැකලා කොල්ලා උදේ ඉදන් හිතින් ගොඩක් පසුතැවිලි වුනා.කොල්ලට තිබ්බ එකම ලොකුම ප්‍රශ්නේ වුනේ එකට හිටපු බොක්කවල් ටික දාලා යන්න බැරි එකයි.ඒකයි කොල්ලා මේ ඔලුවටත් අත ගහන් කුඩුව ඇතුලේ ඉදන් කල්පනා කරන්නේ.

“මොකද හු*** මේ..”

“මං නිදහස් වෙනවා ලොකු අයියේ..”කොල්ලා මෙචිචර අප්සෙට් ගහලා හිටපු කාලයක් නම් කල්පට මතක නැහැ.ඒ තරම් ආතල් එකේ කට්ටිය හිටියේ.

“සිරා කියපන් ..”

“ඔව් ලිස්ට් එකේ නම දාලා තියෙන්නේ..”
පිටට තට්ටු කරලා කොල්ලා ලගින් වාඩ් වුනේ කොල්ලගේ ප්‍රාණ බොක්කා.ඔව් ඔව් …හොදම යාලුවා තමයි.ඌ කල්ප.

“අඩෝ කල්පයා පාටියක් රෙඩ් කරපාාාන්…”

“ඒ අහවල් රෙද්දකටද යකෝ..”

“බං දෙව් මල්ලි නිදහස් වෙනවාට.”

“පල ප** යන්න…”
පාටි ඉල්ලන් ආව සෝම අයියා පැත්තකට විසිවුනේ කල්පයාගේ භාෂාවට ගැස්සිලා වගේ.

“මොකද ඔතන වෙන්නේ.සද්දේ මොකෝ.”

බන්ධනාගාර නිලධාරියා එහෙම අහද්දි සොමේ අයියා නක්කලේට වගේ හිනාවුනේ කල්පයට.දහදොලොස් දෙනෙක්ටත් වැඩ්යෙන් හිරකරලා තිබ්බ කුඩුවේ ඇතුලේ එකා වගේ කට්ටියම ජොලියේ හිටියේ.ඒත් කොල්ලා නම් මුලු බන්ධනාගාරේම උන් අතර ජනප්‍රිය චරිතයක් වෙලා හිටියේ.හැමෝටම කොල්ලා දෙයියෙක්.සිරකාරයෝ මනුස්සයො කියලා කොල්ලා හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා.ඒකයි බන්ධනාගාරයේ ඉන්න උන් ඔින මගුලකට කොල්ලා එක්ක හිටියේ.

******—*****—-******

ඇය සරණ්‍යා සදෙව්මි අතුකෝරල.අතුකෝරල පරම්පරාවේ බඩපිස්සි.ආදරේට හැමෝම කිව්වේ සරු කියලා.සරු ඉන්නේ නුවර ප්‍රධාන පාසලක උසස් පෙල හදාරන ගමන්.කෙල්ලට තාම වයස දහනමයි.ඒකද මන්දා කෙල්ල සුට්ටි, දගකාරයි වගේම හුරතල්.ආගම දහමට ලැදි නිසාමද කොහෙද කෙල්ල හරිම පිං පාටයි.දකින ඕනම කෙනෙක්ගේ හිත ගත සන්සුන් කරන්න පුලුවන් ලස්සන මුණක් ඇයට හිමි වෙලා තිබ්බා.හරියට නිකන් ගිය ආත්මේ කරපු පිං දහම් වල ප්‍රතිඵලයක් වගේ.ඒකමද මන්දා කෙල්ලට මේ ආත්මෙත් නුවර දළදා හාමුදුරුවෝ ලගම උපදින්න වාසනාව ලැබුනේ.කෙල්ල ආසයි ලස්සනට සුදෝ සුදු ඇදුමින් ගිහින් දළදා සාදුට මල් පුජා කරන්න.ඒ වගේම වන්දනාමාන කරන්නත්.ගෙදර පරිසරයත් ලස්සනට කෙල්ලට ඒකට හවුල් වුනා.

“අම්මි පැටී…”
“අම්මි පැටීඉඉඉඉ….”
“මොකද සරු බෙරිහන් දෙන්නේ ..”
“නැහැ ..මගේ තුදු අම්මිට අැහෙන්නේ නැනේ මං කතාකරාට.”
කෙල්ල ලස්සනට සුනේත්‍රාගේ බෙල්ලේ එල්ලෙන ගමන් කියන්නේ ආදරෙන්…

“සල්ලි සුට්ටක් ඕනි අම්මි..තාත්ති හම්බෙලා එන්නම්.”

කෙල්ල අම්මගෙන් සල්ලි ඉල්ලුවේ තාත්තාව හම්බෙන්න යන්න.කෙල්ලගේ ස්කුල් එකේ ප්‍රෝජෙක්ට් එකට අවශ්‍යය කරුණු හොයන්න තාත්තා අතුකෝරල කෙල්ලට උදවු වෙන්න ඊයේ පොරොන්දු වුනා.තාත්තා තමයි මතෘකාවත් කෙල්ලට හොයලා දුන්නේ.කාලීන වගේම අත්දැකිම් අතින් අතුකෝරලට ඒ ගැන කෙල්ලට හොයලා දෙන්න ලේසි වුනා.

“ඇයි යන එකේ තාත්තාගෙන්ම ඉල්ල ගන්න.පයින් යන දුරනේ..”

“නෝටි සුදු අම්මි..මං යනවා .තලායි.”සුටි මුණ බුම්මගෙනම තරහ වුනත් කෙල්ල අම්මට වැදලමයි යන්න ගියේ.අම්මට හිනා පිස්සු කෙල්ලගේ හුරතලේට.

කොරිඩෝව දිගේ ඔලුවත් පහත් කරන් කෙල්ල ගියේ අතුකෝරල ඉන්න කාමරේ මොකක්ද කියලා මුරට හිටපු කෙනෙක්ගෙන් අහගෙන.අතුකෝරල කලින්ම විස්තරේ කියලා දු පැටියව ඇතුලට එවන්න කියලා අවසර අරන් තිබ්බ නිසා කෙල්ල දැක්ක ගමන් මුරට හිටපු අය කෙල්ලට තාත්තාව හොයා ගන්න උදවු කරා.කෙල්ල මේ එන පලවෙනිම වතාව නිසා ටිකක් බයේ හිටියේ.පොත් ගොන්නකුත් ලැමට තියලා තද කරගෙන කෙල්ල ටිකක් වේගෙන් වගේ ගියේ පාලු වෙලා තිබ්බ කොරිඩෝව කෙලවරින්.

“දඩාස්….”

වංගුව හැරෙද්දිම කෙල්ල නැවතුනේ කාගෙදො ඇගේ තදින්ම වැදිලා.ඒ දේහදාරි ශරිරය දැක්ක කෙල්ල එතනම ගල් ගැහුනා වගේ වුනේ ඒ සිව්නෙත් එකට යාවෙද්දි.ඒ පිරිම් අත්වලට කෙල්ල හිරවුනේ කෙල්ල වැටෙන්න නොදි බේරගන්න ඕන නිසා.ඒත් එකපාරට ඒ ස්පර්ශයට නතු වෙද්දි කෙල්ලට කරන්ට් එක වැදුනා වගේ දැනුනේ.කෙල්ලගේ නිල් පාට දිගැටි හීන් ඇස් බයෙන් ගස්සිලා වගේ ගැහුනේ ඒ නිසයි.

***——-මතු සබැදිි——–***

අලුත් කතාව දැම්මා ඔන්න.චුට්ටයි ලියන්නේ.මොකද අනිත් කතාව ඉවර වෙනකල් එහෙමයි වෙන්නේ.ඒ නිසා සුට්ටක් ඉවසලා ඉන්න වෙනවා.හාද

අඩුපාඩු ඇති ඉතිම්.ඒත්……..

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙
යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *