***—–මාංචු—–***(02 කොටස)

කෙල්ලගේ අතට හීනි සීතලක් එද්දි කෙල්ල බැලුවේ කොල්ලගේ අත් දිහාව ඒ දරදඩු අත්වල මංචු දම්වැල් පැටලිලා තියනවා දැක්කම නම් ඒ චුටි හිත බයවුනා.එහෙමම කෙල්ල පස්සට වුනේ පොලිස් නිළධාරියකු කොල්ලගේ පස්සෙන් ඇවිත් අත් ගොබ වලින් අල්ලගන්නවා දැක්කම.අන්න එතකොටයි කෙල්ලට තේරුණේ මේ ලස්සන ජව සම්පන්න තරුණයා සිරකාරයෙක් කියලා.ඒත් කෙල්ල හිමීට ඒ අැස් උස්සලා වගේ බැලුවේ කොල්ලගේ මුණ දිහා.දේව් දැක්ක කෙල්ල හොරෙන් බලනවා.ඒ ඇස් ඇදිලා වගේ සරු දිහාට යද්දි දෙන්නගෙම හදවත් මොකක්දෝ වීගෙන ගියා.දෙව් හිතුවේ කෙල්ලව කොහේදි හරි දැකලා තියනවා කියලා.ඒත් කොල්ලා දැනන් හිටියේ නැහැ කෙල්ලටත් එහෙමම හිතුන විත්තිය.

අද කොල්ලගේ නඩු දවසක් නිසායි කොල්ලා මේ සුදු සරමයි අත් දිග සුදු කුරුතා එකයි ඇදගෙන මාංචු පිටින්ම පොලිසිය එක්ක යන්න ආවේ.සරුට ආස හිතුනා කොල්ලගේ පෙනුමට.මාංචු නැත්තන් ඇත්තටම කොල්ලා පිං පාටයි.බෝසත් පෙනුමක් වගේම හිත් වසග කරගන්න පුලුවන් මනා රුපකායක් දෙව්ට පිහිටලයි තිබ්බේ.

“අනේ මේයා නම් වැරදිකාරයෙක් වෙන්න බැහැ.මේ ලස්සන එයාව ඒ තත්වෙට දාන්න සුදුසු නැහැ.ඒත් ඒ මාංචු!!!!.මාංචු දාන්නේ වැරදි කරාමනේ..නැහැ එයා වැරදිකාරයෙක් නෙමෙයි.”යන මග දිගටම කෙල්ල තර්ක කරේ ඒ හිතත් එක්ක.කෙල්ලගේ හිත පිලිගත්තේම නැහැ දෙව් සිරකාරයෙක් කියලා.ඇත්තටම ඒ හිතට පිලිගන්න බැරි වුනා.

කෙල්ල තාත්තාගේ රුම් එකට යද්දි අතුකෝරල හිටියේ මොනාද ලියන ගමන්.කෙල්ල ටිකක් ලගට ගියාම අතුකෝරල කණ්ණාඩි දෙක උඩ්න් ඇස් යවලා කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සන හිනාවකින් මුණ පුරවන් තාත්තා දිහාත් බැලුවා.

“වාඩ්වෙන්න දුව..”

“තාත්තා ගොඩක් වැඩද.”

“මං මේ පොඩ් වැඩක් මං සිරිවර්ධන අංකල් එක්ක දුවව ඇතුලට යවන්නම්.අංකල්ට මට වඩා ඕවා ගැන දැනුම තියනවානේ…”අතුකෝරල කිව්වේ එහා මේසේ හිටපු සිරිවර්ධන දිහා බලාගෙන හිනාවෙන ගමන්.

සිරිවර්ධන කියන්නේ අතුකෝරලගේ හොදම යාලුවා.වයසින් ටිකක් වැඩ්මල් වගේම මේ බෝගම්බර හිරගෙදරටත් ඔහු වැඩ්හිටියෙක්.ඒකයි කෙල්ල එක්ක බන්ධනාගාර රැදවියන් ඉන්න තැනට යවන්න සිරිවර්ධන අතුකෝරලව තෝර ගත්තේ.සිරිවර්ධන කෙල්ලගේ ෆිට් එක නිසා කෙල්ලත් එක පයින්ම කැමති වුනා.පොඩ්කාලේ උකුලේ තියන් නලවපු දරුවෝ නිසාද මන්දා කෙල්ල ගොඩක් ගෞරවත් කරා.සිරිවර්ධනගෙන් ඕන දෙයක් කිසිම බයක් නැතුව කෙලින් කියන්න වගේම අහන්නත් පුලුවන්.බොරු කේන්ති මවන් ඉන්න සමහර වයසක උදවිය අතර ඔහු වෙනස්ම චරිතයක් වුනා.

“යමුද පුතා..”පුත්තුම තුන්දෙනෙක්ගේ තාත්තා නිසාද මංදා සිරිවර්ධනගේ කටේ තිබ්බේම පුතා කියන වචනේ.බන්ධනාගාර සිරකරුවන් පුනුරුත්ථාපනය කරන්නත් ඒ වචන භාවිත කරලා දැන් ඒක සිරිවර්ධන මහත්තයාගේ කටේමයි.කෙල්ල ඒ චරිතෙට ආසයි.ඒකයි කෙල්ල අංකල් පස්සෙන් යන්න ගියේ.

“ඉතිං පුතා කොහොමද මේ දවස්වල ඉගනිමේ වැඩ..”

“හොදයි අංකල්.හොදින් කරගෙන යනවා.”කෙල්ල සුදු මුණ ලස්සනට හිනාවකින් සරසගෙන කියනවා.

“මොකක්ද දැන් දුවට මේ බන්ධනාගාරයෙන් දැන ගන්න ඕන කරුණු කාරනා.”

“මේකයි අංකල්.තාත්තා කැමති මං මේ සිරකාරයෝ ගැන මගේ ව්‍යාපෘතියට තෝර ගන්නවට.මොකද ඒක කාලීන එකක් නිසා.”

“ඒක නම් කොච්චර හොදයිද ..ඒ වගේ ඒවා තමයි කරන්න ඕන.පුතා දන්නවද මේ සිරකාරයෝත් මනුස්සයො කියලා.

“ඔව් මං දන්නවා අංකල්..”කෙල්ල ට්කක් කල්පනා කරලයි ඒකට උත්තර දුන්නේ.මොකද කෙල්ලට කොහේදෝ ඉදන් අර සුදු මුණ මතකෙට ආවා.

“අනේ තව එක පාරක් එයාව හම්බෙනවා නම්..කෙල්ලගේ හිත දස අතේ විසිරිලා එහෙමයි කෑ ගැහුවේ.

මුකුත් නොදන්න කොල්ලා හිටියේ විත්ති කුඩුව ඇතුලේ.ඒත් කොල්ලටත් උදේ දැකපු රෝස කැකුල ආයේ ආයේ පෙන්න ගනිද්දි නම් දෙව් හිටියේ වෙනමම ලෝකෙක.නඩුව කල් ගියා කියලා කිව්වෙත් කොල්ල එක්ක ආපු පොලිස් නිලධාරියා.එතකොටයි කොල්ලගේ දැහැන බිදුනේ.

පොඩ් පොඩ් වැරදි නිසා හිර බත් කන කොල්ලො දෙතුන් දෙනෙක්ගෙන් කෙල්ල විස්තර ගනිද්දි වටේ හිටපු කොල්ලෝ බලන් හිටියේ කවුද යකෝ මේ වගේ තැනකට පායපු සද කියලා.සිරිවර්ධන හිටපු නිසා කොල්ලෝ වගේම අනිත් වැඩ්හිටි අයත් ටිකක් සන්සුන් වුනා.මොකද සිරිවර්ධන මේ බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරීන්ගෙන් එක්කෙනෙක්.තරමක විස්තර ටිකක් එකතු කරගත්ත නිසා කෙල්ල ටිකක් නැවතුනා.

“පුතා..අපි මොනා හරි කමුද.”

“හා අංකල් මටත් ගොඩක් මහන්සි.බඩගිනිත් එක්ක.”කෙල්ල කියනවා.එහෙමම දෙන්නම ගියේ කැන්ටින් එකට.කාලා බිලා දෙන්නම ගියේ තවත් හිර කුඩුවක් පැත්තට.

“රාජ් මාලිගේ ..
පරවියා වගේ ..ජිවිතේ ඔහේ…”…….

“ඉපදුනාට පස්සේ තාම මං හඩාලා නැහැ..”

“ඔව් යකෝ ..නැහැ..”

“පල යන්න.”

“හරියට බීට් එකට තාලේ අලපන්කෝ.”

“හු*** කැදද බිව්වේ.”

“දෙව් උඔ කියපන් දැන් සිංදුවක්..”කොල්ලෝ ආසම දේව්ගේ සිංදුවලට.ලස්සනට සිංදු කියන්න කොල්ලට හොද හැකියාවක් තිබ්බා.හිරගෙදරම උන්ට කියලමද මන්දා කොල්ලාගේ ඒ හැකියාව වර්ධනය වුනේ.ඒකයි සිංදුවක් ඉල්ලලා උන් කෑ මොර දුන්නේ.

කෙල්ලට වගේම සිරිවර්ධනත් බැලුවේ සින්දු කියමින් නටන කොල්ලෝ හිටපු කුඩුව දිහාව.එතකොටයි කෙල්ල දැක්කේ කොල්ලෝ වට කරන් මැද්දේ ඉදන් සිංදු කියන ඒ ලස්සන මුණ.දේව් ලස්සනට අම්මා ගැන සිංදුවක් කිව්වේ.කොල්ලෝ ටිකත් සංගීතේ රිද්මයකට දිපු නිසා සිංදුවත් තව ලස්සන වුනා.

***——-මතු සබැදිි——–***

අඩුපාඩු ඇති ඉතිම්.ඒත් ..

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙

Leave a Reply

Your email address will not be published. Required fields are marked *