***—–මාංචු—–***(05 කොටස)

“අහ්..මොකද සරු මේ..”

“තාත්තේ ඔයා මට මේකට උදවු කරනවද..”

“ඔව් දුව.තාත්තා ඕන උදවුවක් කරනවානේ.ඇයි එහෙම අහන්නේ.”

“නැහැ මට බයයි තාත්තා බිසීනේ.”

“නැහැ දුව ඒ වුනාට මං උදවු නොකර ඉන්නවද “

“මගේ හොද තාත්තා.”

“දැන් මොනාද හොයාගත්ත විස්තර මගේ දුව..”

“”මෙන්න ආ..”එහෙම කියලා සරු සේරම කොල ටික තාත්තා අතට දුන්නා.
අතුකෝරල කොලටික කියවනවා.සමහර තැන්වල ඇස් බැරෑරුම් බවකින් දගලනවා කෙල්ල දැක්කා.තාත්තා කොල ටික ආපහු දුන්නත් එක කොලයක් අතේ තියා ගත්තා.

“දුව දන්නවද මේ දරුවා ගැන..කෙල්ල මෙච්චර වෙලා බලන් හිටපු ඒ සුන්දර ලස්සන වදන ඇහෙද්දි එ් හිත හිරිවැටුනා.ඇයි කියන්න කෙල්ලවත් දන්නේ නැහැ ඉතිං.චුට්ටක් විතර කෙල්ල සදෙව්ගේ නම තිබ්බ කොලේට බර වෙලා ටිකක් දන්නවා කියනවා.

“මේ දරුවා නුවර විශාල කොටිපතියෙක්ගේ පුතෙක් සරු.අත්වැරදිමකින් සිද්ධ වෙච්ච වරදක් නිසා කොල්ලා අතින් සදෙව්ගේ තාත්තව මැරිලා.පවු කොල්ලා අවුරුදු විස්සෙදි.හොදම කාලේ හිර බත් කනවා.ඒත් හිතහොද කොල්ලා.මේ වගේ පොයිට් තමා දුව ලියන්න ඕන.

“අනේ..පවු නේද තාත්තා..”

“මේ වගේ අසාධාරණ හේතු නිසා හිරේ විලංගුවේ වැටුන අය ඕන තරම් ඉන්නවා.තමන්ගේ නිර්වද්‍යතාවය ඔප්පු කර ගන්න බැරිව ලත වෙන මේ වගේ අහිංසක චරිතත් මේ බෝගම්බර ඉන්නවා.ඒ පැතිකඩ ඉස්මතුකරලා දුව ඔය වැඩේ ලස්සනට කරන්න.

“තාත්තට ගොඩක් ස්තුතිියි මට මේවා කියාදෙනවට.”
කෙල්ල ආදරෙන් තාත්තට තුරුලු වෙලා කියනවා.ඇත්තටම අතුකෝරල මහත්තයා දුවට හොද මාර්ගේ පෙන්නල දෙන්න ගොඩක් කරුණු කාරණා කියලා දුන්නා.අද කෙල්ල යම් දෙයක් දන්නවා නම් ඒ මේ තාත්තගේ මග පෙන්වීමෙන්.

“මට අද වගේ මතකයි අවුරුදු විස්සෙදි ඔය දරුවා එද්දි හිටිපු විදිය.ඒ ඇස්වල තිබ්බා කොල්ලගේ නිර්දෝශිභාවය.ඒත් කොල්ලට ඒක ඔප්පු කරගන්න තරම් දැනීමක් තිබ්බේ නැහැ .කොල්ලව දැක්කම මට හිතුනේ මගේ කවුරු හරි කියලාමයි.ඒ තරම් සමිප බවක් ඒ ඇස්වල තිබ්බේ දුව.
කෙල්ල දැහැනට සම වැදිලා වගේ අහන් ඉන්නවා.කෙල්ලට දුකයි දේව් ගැන.කෙල්ලටත් එහෙමයි හිතුනේ.

“ඇයි තාත්තේ මේ නීතිය මෙහෙම වුනේ.”

“ඒකනේ දුව නීතිය අන්ධයි කියන්නේ.ගොඩක් වෙලාවට හිර ගෙදර යන්නේ නිවැරදි අය.අත් වැරදි නිසා සමහරු ජිවිත කාලයම මේ විදියට හිරගෙදරට යට කරනවා.”

“සදෙවිටත් එහෙම වෙයිද තාත්තේ.”

“නැහැ මං හිතන්නේ නැහැ .කොල්ලා නෙක්ස්ට් ඉයර් නිදහස් වෙයි.ඒත් කොල්ල නම් දැන් කැමති නැහැ අපිව දාලා යන්න.අතුකෝරල හිනාවෙලාම කියන්නේ අද උදේ කොල්ලා සර් ලගට ඇවිත් කියපු කතාව මතක් වෙලා.

“ඇයි තාත්තා…”හිනාවෙන අතුකෝරල මහත්තයා දිහාබලන් සරු අහනවා.

“කොල්ලා මට අද උදේ කියනවා සරු …”
කෙල්ල හරිබරි ගැහිලා කතාව අහන්න ලැස්තිවෙනවා.

“මේක මගේ ගෙදර වගේ.මේකේ උන්ව මට දාලා යන්න බැහැ සර්.මං කොහොමද තාත්තා වගේ මාව බලා ගත්ත සර්ව වුනත් දාලා යන්නේ කියලා.පවු කොල්ලා ගොඩක් කල කිරිලා හිටියේ.මං මගේ පුතෙකුට වගේ දරුවට ලගින් හිටියා සරු.ඒකයි අපිව දාලා යන්න බැරි.”

“අනේ පවු නේද තාත්තේ.”

“ඒකනේ දුව ජිවිතේ එහෙමනේ ඉතිං.හැමදේම කවදාම හරි දාලා යන්න වෙනවා.ඒ යථාර්ථයට අපිට මුහුණ දෙන්නම වෙනවා අකමැත්තෙන් වුනත්.”

“කොල්ලගේ ලොකුම හොද දේ කියන්නේ.කොච්චර මැරයෝ කුඩු කාරයෝ එක්ක හිටියත් කොල්ල කවදාවත් නොමග ගිය චරිතයක් නෙමෙයි සරු.මං පෞද්ගලිකවම ඒක දන්නවා.මොකද කොල්ලා තාත්තට වගේ මට හැමදේම කියනවා.පවු කොල්ලා.”අතුකෝරල සුසුමක් පිටකරේ කොල්ලා කෙරෙහි ඇති වු අසීමිත සෙනෙහස පපුව තුල නලියද්දි.

“එයා ඒ වුනාට හිරේට ගැලපෙන්නේ නැහැ තාත්තා.”

“ඔව් සරු.කොල්ලා අසාධාරණය ලග නයා වගේ පුද්ගලයෙක්.ඒ නිසා මේ හිරගෙදරට වඩා සමාජෙට අාව නම් මේ අසාධාරණකම්වලින් කොල්ලා පාඩමුත් කියාදෙයි.දන්නවද සරු අද දුව ඇවිත් ගියාට පස්සේ මං කොල්ලව හම්බෙන්න ගියානේ.”

“ඉතිං .”

“සර්ගේ දුව හොද දෙයක්ලු කරන්නේ.සර් වගේම හොදයිලු මට කියනවා.”
කෙල්ලට හිනා.ඒකයි අතින් කට වහගෙන ලස්සනට වල ගැහෙන කොපුල් සෝස වෙන්න කෙල්ල හිනා වෙන්නේ.

“පිස්සෙක් එයා.මං ලග කියන්න බැරි නිසා තාත්තිට කියලා.නපුරා වගේ ගියේ ඕක කියාගන්න බැරිව වෙන්න ඇති.”

“කොල්ලා කියනවා ඕන උදවුවක් කරනවාලු මගේ දුව නිසා.”

“පවු තාත්තා.හරිම හොද කෙනෙක් නේද.”

“ඒකනේ දුව.හෙට යමු මං එක්ක.හෙට ටිකක් ලොකු වැරදි කරපු කට්ටියක් එක්ක එනවා.වැලිකඩ ඉදලා ගෙන්නන්නේ.දුවට ගොඩක් තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි.

“මොකද මේ තාත්තායි දුවයි බර කතාවක්ද..”

“ඔව් අම්මි.”

“අම්මිට ජෙලස් සරු එයාව මග ඇරලා මං ඉන්න නිසා.”අතුකෝරල කෙල්ලට කනට කරලයි කියන්නේ.

“හේ..හේ. ඇත්තද අම්මි මේ කියන්නේ.”

“මොනාද තාත්තා කියන්නේ.”

“අම්මිට තාත්ති නැතුව පාලුයි කියන්නේ.”
අතුකෝරල නෝනා ලස්සනට හිනාවෙනවා..හරියට හස්බන් නැතුවම බැහැ වගේ.කෙල්ලගේ අම්මයි තාත්තායි ප්‍රේම සම්බන්ධයක් නිසා එකතු වුන දෙන්නෙක්.දෙන්නගේම ආදරේ සංකේතය වුනේ සරු.දුක් විදලා අද මේ තැන හිටියත් ආදරේ ඒ විදිහටම ලස්සනට දෙන්නම වින්දා.සරු හම්බෙද්දි විලි රුදාවෙන් ලතෝනි තිබ්බ චුටි කෙල්ලව අතුකෝරලට අද වගේ හොදටම මතකයි.

“මං ආවේ දෙන්නට කන්න අඩගහගෙන යන්න.යමුද”

“සුට්ටක් වත් පාලු දැනුනේ නැද්ද අම්මා.”කෙල්ල ඇදෙන් පැනලා අහනවා.කෙල්ලට අද මොනාදෝ වෙලා.ඒකයි මෙච්චර ආදරේ ගැන අහ අහා දගලන්නෙ.විහිලුවට අම්මා පාරක් ගහන්න ගිය නිසාද කොහෙද කෙල්ල ෂේප් එකේ කාමරෙන් මාරු වුනා.කෙල්ල ගියාට පස්සේ අතුකෝරල ලං වුනේ තමන්ගේ නෝන ගාවට.අතින් අැදලා අතුකෝරල ලගින් වාඩ්කරවගෙන නෝනගේ උකුල උඩ්න් ඒ වෙහෙසකාරි ඔලුව හිමිට තිබ්බා.නෝනට මහත්තයාගේ මහන්සිය තේරුන නිසාම ඇය අතැගිලි යවලා ඒ හිසකෙස් අතරින් ඔලුව අත ගෑවා.හරියට මහන්සිය මග අරින්න වගේ.අද දවසේ සිද්ද වෙච්ච දේවල් සේරම අතුකෝරල නෝනා එක්ක කිව්වා.හැමදාම ඒ දේ කරන එක අතුකෝරලගේ සිරිතක්.

කෙල්ල හොරාට කාමරේට එබුනා.කෙල්ලට ආසයි ආදරණිය යුවලව දැක්කම.මටත් මේ වගේම හොද ලස්සන කෙනෙක් හම්බෙන්න ඕන.හරියට මාවත් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්.කෙල්ල එච්චරයි හිතුවේ.

*****************************
කෙල්ල උදේ තාත්තා යන වෙලාවටම ලැස්තිවුනේ බෝගම්බර සිරගෙදර ට යන්න කියලා.පාසල් නිවාඩුව නිසාම කෙල්ලගේ වැඩේට පහසු වුනා.අද අමුතුම ලස්සනක් කෙල්ලගේ තිබ්බේ.ඒ වගේ හිතේ තිබ්බෙත් අමුතුම ලස්සන හැගිම් සමුදායක්.

තාත්තා එක්කම තාත්තා හිටපු කාමරේට යද්දි මගට හම්බුනු අතුකෝරලගේ යාලුවේ කෙල්ලට සුභ පැතුවා.සමහරු කිව්වේ තාත්තම තමයි කියලා.අතුකෝරලට ආඩම්බරයි දුව ගැන.

දෙන්නම යද්දි දේව් හිටියේ අතුකෝරල ගේ කාමරේ සිරිවර්ධන එක්ක ලොකු කතාවක.අතුකෝරල ඇවිත් පුටුවෙන් වාඩ් වෙද්දි දෙව් නැගිටලා අතුකෝරලට සුභ උදෑසනක් කිව්වා.ඊට පස්සෙයි පටිපස්සෙන් ආපු සදවතියව දැක්කේ.මෙච්චර වෙලා ඒ ඇස් මග බැලුවේ මේ සුන්දර රූපේ නේද කියලා හිතලා දේව් කෙල්ලටත් සුභ පතනවා.කෙල්ලත් ආසවෙන් ඒකට පෙරලා සුභ පතනවා.
කෙල්ල හිතුවේ ආයෙත් කතා කරන්න බැරිවෙයි කියලා.

සිරිවර්ධන එක්ක කතා කරන ගමන් හොරෙන් වගේ එ් ඇස් හෙව්වේ කෙල්ලව.සරු දැක්කා ඒ ඇස් හොරා වගේ තමා දෙසට හැරෙනවා.ඒත් දෙව් බැලවේ වෙන පැත්තක් කියලා කෙල්ලට අගවන්න හදනවා.

“දෙව්…”

****—–මතු සබැදිි——– ****

කමෙන්ටුවක් ලයික්කුවක් නැතිවෙයි. ඒත් කතාව ලියනවා සත්තයි.වැරදි අඩුපාඩු කියන්න.

මං එක්ක ඉන්න ලාලුවෝ හැමෝටම
ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *