***—–මාංචු—–***(06 කොටස)

“අහ්.සර්”

සිරිවර්ධන සර් කතා කරපු නිසා දෙව් බැලුවේ ගැස්සිලා වගේ.වෙලාවට සර් පොත දිහා බලන් හිටපු නිසා කොල්ලා සරු දිහා බලනවා දැක්කේ නැහැ.

අලුතින් ආපු සිරකාරයෝ ටිකත් දැම්මේ කොල්ලා හිටපු කුඩුවටම නිසා උන් ටික හිටියේ ටිකක් ගැම්මෙන් වගේ.ඒ ලොකු සීන් නම් දෙව්ට ඇල්ලුවෙම නැහැ.කොල්ලත් ඒකයි ටිකක් ගැම්මෙන් හිටියේ.ගොඩක් එහෙම ඉන්න හේතුව සරු ඇවිල්ලා හිටපු නිසා.කට්ටියටම නාන්න වේලාව ලැබිලා තිබ්බ නිසා එකා පිටිපස්සෙන් කට්ටිය යන්න හැදුවේ නාන තැනට.කාලසටහනකට වගේ වැඩ සිද්ධ වෙද්දි නෑවට පස්සේ තිබ්බේ සාරධර්ම ගැන සෙමිනා එකක්.

නාන්න යන කොල්ලෝ ටික කෙල්ල දැක්කා.අලුතෙන් ආපු ගප්පියා කියලා මැරයෙක් ලස්සනට බැබලෙන සදවතියව දැක්කේ ඒ වෙලාවේ.සරු දැක්කා ඇඔලයා වගේ පැණි හලන ගප්පියව.කෙල්ල බිම බලාගත්තා.එහෙම අයට කෙල්ල කැමති නැහැ.අනික ඒ ඇස් රාගි සිතුවිලි වලින් පිරිලා තියනවා දැක්කම කෙල්ල ටිකක් බය වුනා.තාත්තා කාමරේ හිටියෙත් නැති නිසා කෙල්ල තාත්තාව බලන්නයි මේ දොර ගාවට ආවේ.

“ආව්ෂ් සප්පා..පට්ට කෑල්ලක්නේ..බිම පෙරලන් ඉඔින්න හිතෙනවා..”

කන ලගම ඇහුන ඒ කුජිත වචන සෙට් එකේ සද්දෙට කෙල්ල ගැස්සිලා ඇස් උස්සලා බැලුවා.ගප්පියා කෙල්ල ලගටම ඇවිත්.කරන්නේ මොකක්ද හිතා ගන්න බැරිවයි කෙල්ල ලතවුනේ.ගප්පියගේ ඝාතන අත් ගියේ කෙල්ලගේ මුණ හරහා තිබ්බ කෙස් රොදට .අත මුණට එනවත් එක්කම කෙල්ල පස්සෙන් පස්සට වුනා.දෙයියනේ කෙල්ල ඒ ජරා අත්වලින් බේරුනා.

“ඇයි සුදු මෙචිචර ගනං…”

එහෙම ගියලා ගප්පියා කෙල්ලව බිත්තියට හේත්තු කරලා එ් දරදඩු ඇගට තදකර ගත්තේ කෙල්ලට හිතන්නවත් ඉඩක් නොතියාමයි.
ඒ ජරා ඇග සරුගේ ඇගේ ඇතිල්ලෙද්දි කෙල්ල අප්පිරියාවෙන් කෑ ගහන්න හැදුවා.ගප්පියා වහා ඒ තොල්පෙති අත්වලින් තද කරා.ගප්පියගේ සද්දන්ත ඇගට යට වුන චුටි කෙල්ලට කිසිදෙයක් කරගන්න බැරිවුනා.ඒ රාගි ඇස් නලියද්දි කෙල්ල දැක්කේ ගප්පියට පිටිපස්සෙන් හිටපු දෙව් ව.

දේව් ගප්පියව ‍‍බෙල්ලෙන් ඇදලා පස්සට ගත්තා.කොල්ලා කෙල්ලගේ සියුමැලි අතින් ඇදලා ලගට අරන් ගප්පියට පයින් පාරක් ගැහුවා.ගප්පියා මුනින් අතට බිම වැටෙද්දි කෙල්ල බයට දෙව් ගේ පපුව අස්සේ මුණ හංග ගත්තේ ඒ උණුහුමට ගුලිවෙලා.තමන්ගේ කෙනෙක්ගෙන් දැනෙන ඒ පහස ඒ විදියටම දෙව් ගාවින් එද්දි ඒ පපුවෙන් මුණ ගන්න චුටි හිත කෙල්ලට ඉඩ දුන්නෙම නැහැ.එක සිරකාරයෙක්ට බයේ ගැහෙන කෙල්ලගේ හිත තවත් සිරකාරයෙක් නිසා පිරිලා ගියේ ආදරෙන්ද කියන්න ඒ චුටි හිතට තේරුණේ නැහැ.

දේවිගේ පපුව කෙල්ලගේ පහසින් මොනවාදෝ වෙනවා කොල්ලටත් දැනුනා.ඒ පහසට ලෝභකමින් කොල්ලත් ලත වුනා.ඒත් මෙහෙම ඉන්න එක හරි නැහැ කියලා කොල්ලට තේරුණ නිසා කෙල්ලව බලෙන් වගේ ඒ පපුවෙන් අෑත් කරා. ගප්පියා දිහාවට ගිය කොල්ලා බෙල්ලෙන් අල්ලා ඌව නැගිට්ටුවා.

“අායෙ උබේ මයිල් ගහක් හරි ඒ කෙල්ලගේ ඇගේ ලගින් හරි ගිිහින් තිබ්බොත් මං උඔව මරනවා හු**.
උබේ වේ* කමට ගැලපෙන වේ**** උඔ හොයාගනින් පොඩ් කෙල්ලන්ට උබේ වේ*** පෙන්නන්නේ නැතුව.”

කෙල්ලට ඇහෙන්නේ නැතිවෙන්න ගප්පියගේ කනට කරලා කුණුහරප ටික කියද්දි කොල්ලගේ ඇගේ මාලු ගගේ නැටුවා.ඒ තරම් දෙව්ට යකා නගලා හිටියේ.පයින් ගහපු පාරේ සැරටද මංදා ගප්පියා හිටියේ යටි බඩ අල්ලන්.කොල්ලා ලේසියෙන් පාරක් ගහන්නේ නැහැ නිකන්.ගැහුහොත් දවස් දෙක තුනකට ගුටිකාපු එකා නැගිටිනවත් බොරු.ඒකයි ගප්පියා වුනත් තාම දෙකට නැමුලා ඉන්නේ.ඒ ඇස්වල තිබ්බේ උබෙන් පලිය ගන්නවා කියන කුරිරු අදහස.
වෙන්න ඕන සේරම වුනාට පස්සේ ඔන්න හතිදාගෙන පොලිස් නිලධාරියා එතනට දුවන් ආවා.

“මොකද මෙතන වුනේ…”

නිලධාරියා එහෙම අහද්දි කවුරුත් කට හෙල්ලුවේ නැහැ.ගහ මරා ගත්තත් මේකේ ඇතුලේ පාවාදිම් නම් තිබ්බෙම නැහැ .කොල්ලව පාවලා දෙන්න නම් කවුරුත් ඉදිරිපත් වෙන් නැහැ සත්තයි.ඒත් අලුතින් ආපු උන් ගේ හිත් ටිකක් චංචල වෙලා තිබ්බේ.ඒ්ත් ඉස්සරහට ඇව්ත් විස්තරේ කියන්න තරම් උන්ගේ කටවල් ඇරුනේ නැහැ.

වතුර බාල්දි දෙකක්වත් නාගන්න දෙන්නේ නැති වුනත් පටාර් ගාලා නාලා කට්ටිය ආවේ රැස්විම් ශාලාවට.කථිකාචාර්යවරයෙක් කිව හැකි මැදි වයසේ පිරිමි කෙනෙක් සාරධර්ම කියන්නේ මොනාද කියලා කියන්න කට හැදුවා.දෙව් දැක්ක ඒ ලගම කෙල්ලත් ලස්සනට වාඩ් වෙලා ඉන්නවා.මොන සාරධර්මද ඉතිං දේව්ගේ ඇස් නම් තිබ්බේ සරු දිහාවට.කෙල්ලගේ ඇස්වල තිබ්බේ අහගන්න පාඩම කියන්න වගේ තරවටුවක්.කොල්ල නෙමෙයි ගානකටවත් ගත්තේ.සාරධර්ම පාඩම් අහන්න දෙයක් නැහැ දෙව් සිර බත් කෑවත් ඒවා හොදට දැනන් හිටියා.දැන් කොහොමත් ඒවා අහන මානසිකත්වයක නෙමෙයි කොල්ලා හිටියේ.

“හු***..ඇස් දෙකේ පොට යයි…”

කල්පයා කන ලගට කරලා කියද්දියි දෙව් පියවි සිහියට ආවේ.
කොල්ලා ලස්සනට හිනාවෙනවා.

“නිකං හිටපන් ලොකු අයියේ..”

“මං නිකන් ඉන්නම්කො.උඔ පලයං අයාලේ..”

“එහෙම ඉන්නත් එපා.මට උදවු කරපං.”

“උඔ ඔය යන්නේ නම් නොමග පුතේ..””

“හිත යන්නේ නොමග නම් කොහොමද යකෝ අයියේ නවත්තන්නේ.”

“හිතට ඕන ඕන නටුම් නටලා උඔ පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ..”

“දැනටත් පිස්සු වගේ ලොකු අයියේ..””

“ඔව් මට පේනවා හු** උඔ සෑහෙන්න වෙනස් වෙලා..”
දෙව් ලස්සනට හිනාවෙනවා සරු දිහත් බලන ගමන්.

රැස්විම ඉවරවෙලා කට්ටිය පෝලිමේ ගියේ සුපුරුදු නවාතැනට යන්න.කෙල්ලගේ ඇස් හෙව්වේ දේව් ව .ඒත් කඩ් ගුලක් ඇවිස්සුනා වගේ කට්ටිය නැගිටගෙන යද්දි කෙල්ලට දේව් ව මග අැරුනා.ඒකයි චුට් ඇස් කරකව කරකව සරු මේ කොල්ලව හොයන්නේ.

“කාවද හොයන්නේ ..”

ඒ ගොරෝසු පිරිමි කටහඩ ඇහෙද්දි කෙල්ල පිටිපස්සට හැරුනේ කවුද කියලා අදුරගත්ත නිසා.දේව් ගේ නිල්පාට ලස්සන ඇස් දිහා බලන්න චුට්ටක් ඇස් උස්සන්න කෙල්ලට සිද්ද වුනා.මොකද දෙව් ටිකක් උසයි..

“උදේ කරපු උදව්වට ගොඩාරියක් ස්තුතිියි අයියේ..”
කොල්ලට ලස්සනට අයියා කියද්දි ඒ පිරිම් හිත සතුටින් පිරිලා ගියා .මතක ඇති කාලෙක එහෙම ආදරණිය විදිහට කවුරුත් කොල්ලට කතා කරේ නැහැ.ඒකයි කොල්ලා ඇහුන් නැහැ කිව්වේ.ඒත් කෙල්ල ආපහු ඒ දේම කිව්වේ ඇත්තටම ඇහුන් නැහැ කියලා හිතලා.

“උදේ බය වුනා නේද..”තව චුට්ටක් ලංවෙලා දේව් අහනවා.
කෙල්ල ඔව් කියන්න වගේ ඔලුව වනනවා.

“එහෙම බයවෙන්න එපා.හදිසියේ මාත් නොහිටියා නම්.ටිකක් දරුණු වෙන්න.එතකොට ඔහොම කරදර වෙනවා අඩුයි.”

“ඔයා හිටපු නිසයි මං දරුණු වුනේ නැත්තේ.නැත්තම් මං දනි කරන දේ .”

කෙල්ලගේ හිත එහෙමයි කෑගැහුවේ.ඒත් කොල්ලට අැහුන් නැහැ.පොලිස් නිලධාරියා ඈත එනවා දැකපු නිසා කොල්ලා සමුදුන්නත් දෙන්නගේම හිත් ඒ මොහොතෙම එකතු වුනේ හිතට බොරු කිරිමට නොහැකි වුන නිසා.

***************************

ඊට පස්සේ කවදාවත් කෙල්ලට බන්ධනාගාරයට යන්න බැරි වුනා.මොකද එදා වෙච්ච දේට පස්සේ කෙල්ලට අතුකෝරල යන්න දුන්නේ නැහැ .ඒත් අතුකෝරල දේව් ට ස්තුතිියි කරා ඒ වෙලාවේ සරුව බේරගත්තට.කොල්ලා හිර කුඩුවේ කුරු අස්සෙන් බලන් හිටියේ ඒ සදේ එලිය වැටෙයිදෝ කියලා.නැහැ. ඇස්දෙක රිදෙනකම් බැලුවත් කෙල්ල ආවේ නැහැ.හිතේ මහ ගොඩක් දේවල් ඉතිරි කරලා සරු ආයේ ආවේ නැහැ.

කෙල්ලට ඉන්න බැරිවුනා එහෙම.ඒ හිත ඉල්ලුවේම කොල්ලගේ ඒ මුණ බලන්න.ඒත් තාත්තා ඒකට ඉඩ දුන්නේ නැහැ.අතුකෝරල තමන්ගේ දුවගේ ආරක්ෂව ගැන හිතලා ඒ තිරණේ අරන් තිබ්බේ.ඒ නිසා තාත්තට විරුද්ධ වෙන්න කෙල්ලට කොහෙත්ම ශක්තියක් තිබ්බේ නැහැ.

************************

ඔහොමම ටික දවසක් ගෙවිලා ගියා අද ජුනි මාසේ දොලොස් වෙනිදා.සුන්දර සදුදා දවසක්.කෙල්ලට උදේම ඇහැරුනා.ඒකයි කෙල්ල දොර ඇරන් පහලට එන්න ආවේ..

“හැපි බර්ත් ඩේ ටු යු…
හැපි බර්ත් ඩේ ටු යු…
හැපි බර්ත් ඩේ ඩියර් සරු…පැටියෝ.
හැපි බර්ත් ඩේ ටු යු…”

හාදු වැස්සක් එක්ක පොඩ්යට ලැබුනු ගෙදර අයගේ බර්ත් ඩේ සප්රායිස් එකට කෙල්ල හිටියේ ඇස් දෙකත් ලොකු කරන් ආසාවෙන් බලාගෙන.
කෙල්ලට මතක නැහැ අද එයාගේ උපන්දිනේ කියලාවත්.ඒකයි කෙල්ල සප්රායිස් වුනේ.

“දුව ලැස්ති වෙලා එන්නකෝ ගමනක් යන්න තියනවා.”

අතුකෝරල එහෙම කිව්වම කෙල්ල ගියේ ලැස්ති වෙන්න කියලා.ඒත් කෙල්ල දැනන් හිටියේ නැහැ ලොකුම සප්රයිස් එක තියෙන්නේ ඊට පස්සේ කියලා.

****—–මතු සබැදිි——– ****

මගේ හිතට එන අදහස් තමයි ඉතිං ලියන්නේ.අඩුපාඩු එහෙම ඇති සුපිරියට.ඒවා මට කියන්න.මං හදාගන්නම්.හාද

ලයික්කු කමෙන්ටු නැතිවෙයි ඒත් මං ලියන හැම කතාවම අරණට දානවා සත්තතයි හොදේ.මං එක්ක ඉන්න ලාලුවෝ ටික දැක්කම ලියන්න ආස හිතෙනෝ.ඒකයි මං ලියන්නේ.

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *