***—–මාංචු—–***(08 කොටස)

සරූ මුණ හරවලා බලද්දි ඒ කොපුල ස්පර්ශ වුනේ දේව්ගේ තොල්පෙති වල.නොහිතු මොහොතක සිදු වු දෙයින් කෙල්ල ගැස්සුනා.ඒකයි ඒ ඇස් දෙක පුදුමෙන් මහත් වුනේ.කොල්ලා කන ඇස්සෙම ඉදන් කොදුරපු නිසයි එහෙම වුනේ ඉතිං.කොල්ලගේ පපුව මොකද්දෝ දෙයකින් කිතිකැ‍වෙන්න ගත්තේ ඇගේ පිරිපුන් කොපුලක් ඒ තොල්පෙති වලින් ස්පර්ශ වුන නිසයි.සිරකරුවකු ලෙසවත් ඊට පෙරවත් ස්ත්‍රී පහසක් ලද නොමැති නිසාද මංදා කොල්ලා හිටියේ ඒ පහසට ලෝභකමින්.මවගේ ඇකයේ සිටි කාලයක් තියා ඒ උණුහුම වත් නොලද දේව් මේ පහසින් උණුසුම් විය.ඒ පහස විද දරාගන්න හිනි ආසාවක් ඒ පිරිමි පපුව තුල නලියද්දි කොල්ලා ඒ ආසාවන් යටපත් කරගෙන කෙල්ල එක්ක මාලිගාවෙන් එළියට ආවා.

“ආහ්…දෙව් පුතා සුභ උපන්දිනයක්.”

අතුකෝරල ඉස්සරහට එන කොල්ලට කිව්වේ අතට අත දිලා අනික් අතිනුත් ඒ අත අල්ලගෙන.

“තැන්කිවු සර්..”

“නෝනා..මේ මං අර කිව්ව ඉලංදාරියා ..”අතුකෝරල තම නෝනා දිහාට හැරිලා එහෙම කියද්දි නෝනා ලස්සනට කොල්ලට සුභ පැතුවා.

“මහත්තයා කිව්වා අද පුතාගෙත් උපන්දිනේ කියලා..”එහෙම කියද්දි කොල්ල ලස්සනට හිනාවෙනවා.

“අහ්..ඔක්කොමලා දන්නවා.මං විතරද දන්නේ නැත්තේ..හ්ම්..”කෙල්ල සුට්ටියට තරහ අරන් එහෙම හිතනවා.ඒත් කට හෙල්ලුවේ නැහැ.කට්ටියම සතුටු සාමීචියේ යෙදිලා පිටවෙලා යද්දි දේව්ගේ ඇස් ගියේ කකුලෙන් බිම හාරන කෙල්ල දිහාට.

“තියන ආඩම්බරකම.ඇස් දෙක මං උදුරන් යයි කියලා බයේද කොහෙද බිම බලාගත්තේ.ඔව් ඉතිං මං හිරකාරයෙක්නේ.බය ඇති”

කොල්ලගේ බැල්මට කෙලින් මුණ බලන්න බැරිව කෙල්ල ලත වුන නිසා දේව් එහෙම හිතුවා.ඇස්දෙක උස්සලා බලනකම්ම කොල්ලා ඇස් අහකට නොගෙන ඇය දෙසම බලන් හිටියා.කිසිදෙයක් නොදන්න සරූ එකපාරට ඇස් උස්සද්දි ඒ බැල්මට සරූගේ ඇස් ගැටුනා.කොල්ලා තරහටම ඇස් අහකට ගත්තා.කෙල්ලට ඒක තේරුණා.

“අපි යන්නම් සර්.”

ජේලර් වරයත් ලග හිටපු නිසා කොල්ලව ගෙනියන්න වේලාව නියම වෙලා තිබ්බේ.ඒකයි කොල්ලා කට්ටියගෙන්ම සමු ගත්තේ.අම්මයි තාත්තයි ඉස්සරවෙලා යද්දි කෙල්ල පිටිපස්සෙන් ගියා. එහෙමම දේව් ලගින් යද්දි කොල්ල ඒ සුරත ඇදලා අරන් කෙල්ලව ලගට ගත්තා.

“ඔයා මගේ හදවත හොරකම් කරා එහෙනම්.මං ඔයාවත් ගන්නවා වැලිකඩට ඒ වරදට”

කන ලගටම කරලා එහෙම කියද්දි කෙල්ල බය වුනා.කොල්ලගේ කතාව තේරෙද්දි කෙල්ල ලස්සනට හිනාවුනා.කොල්ලට ඒ හිනාවම ඇති ඉතිං.කොල්ලගේ බදට අත තියලා කොල්ලව චුට්ටක් පස්සට තල්ලුකරලා කෙල්ල ගියේ දෙව්ගේ ඇස්වල තිබ්බ ආදරේ දැනුන නිසා.ඉග සුග වනමින් යන කෙල්ල දිහා දේව් බලන් හිටියේ ආසාවෙන්.

“දේව් කොල්ලට මොනා හරි වෙලා…”
ජේලර් ආවේ එහෙම කියාගෙනමයි.

“අනේ නැහැ..”

“නැත්තේ නැහැ.හේතුව හුරුබුහුටි කෙල්ල නේද..”

“හ්ම්ම්..”

“උඔ බස්ස පාට් දැම්මට මට හංගන්න හදන්න එපා කොල්ලෝ.මාත් ඔය කට්ට කනවනේ ..”

“අනේ මංදා..එයාව මට ගැලපෙන්නේ නැහැ මං හිරකාරයෙක්.මිනිමරුවෙක්.ඒ කෙල්ල එහෙමද.දැක්කනේ උපාසිකාවක් වගේ පිං පාට.”

“ඒ වුනාට උඔ දැක්කේ නැද්ද ඒ හිතේ තිබ්බ ආදරේ..”

“මං දැක්කා ඒත් ආදරේදි මං අසරණයි ඒකනායක.”

“උඔ කැම්පස් යන්නත් ලකුණු තිබ්බ එකෙක්.උ‍ඔ මේ අහක යන කරුමයකට වන්දි ගෙව්වේ නැත්තං උඔත් අද සාමාන්‍ය හැගිම් දැනීම් තියන මිනිහෙක්.”

“හිරකාරයෙක් වුනත් මගේ හිත ඒ කෙල්ලවම ඉල්ලන්නේ ඇයිද මංදා..”

“ඒක තමයි යකෝ ආදරේ කියන්නේ..මං උඔට ඕන උදව්වක් කරනවා උඔ දන්නවනේ.උ‍බේ අවංක කම මේ ඒකනායක දන්නවා.උඔට වරදින්න විදිහක් නැහැ.”

“හ්ම්ම්…”

“උඔ හිරකාරයෙක් වුනාට උඔටත් හැගිම් දැනිම් තියනවා.නැත්තම් උඔ මිනිහෙක් වෙන්න බෑනේ.කවුද දන්නේ පතාගෙන ආවේ ඔතාගෙන යන්නද කියලා.”

“උඔ විහිලු කරනවා නේද මට.”

“නැහැ බං මට දැක්ක ගමන් හිතුනේ ඒකිව උඔටම දෙවියෝ මැව්වා කියලා .සිරාවට බං.”

“එ්කද දෛවය මටම මෙහෙම සරදම් කරන්නේ.”

කොල්ලා හිට්යේ බිදි විසිරුණු හිත එකතු කරගන්න විදිය බල බලා.ජේලර් ඒකනායක හැදුවේ කොල්ලගේ විසිරුණු හිත හදන්න.සමහර උත්තර එක්ක කොල්ලගේ හිත හැදුන නිසා කොල්ල ටිකක් හිනාවුනා.ඒකනායකට තමන්ගේ උත්සාහය ගැන ආඩම්බරයක් ඇතිවුනේ ඒකයි.

දින ගෙවිලා සතිවෙද්දි සති ගෙවිලා මාස ලංවුනා.මාස ගෙවිලා යද්දි කොල්ලගේ අවසන් නඩු දිනයත් ලංවුනේ කොල්ලට අලුත් බලාපොරොත්තුවක් හිතට එකතු කරමින්.ඒ දවස උදාවුනා.නඩුව දිනන්න කොල්ලට පුලුවන් වුනේ හැමෝම පුදුම කරමින්.කලු කලිසමට අත්දිග සුදු ෂර්ට් එක අැදලා යට කරලා හිටපු කොල්ලාගෙන් ආවේ අමුතුම ගැම්මක්.ඒ හැඩරුවට ඇවිත් හිටපු සියලු දෙනාගෙම නෙත් සිත් පැහැර ගත්තේ ඒකයි.ලස්සනට රැවුල කොණ්ඩය කපලා ඉන්න කොල්ලා හිර කාරයෙක් කියන්න කාටවත්ම පුලුවන් වුනේ නැහැ.අද සරු හිටියා නම් බෙල්ල බදාගෙන කොල්ලව ඉඔිනවා සත්තයි.ඒ තරම් කෙල්ලන්ගේ හැගීම් අවුස්සන්න ඒ හැඩරුවට පුලුවන්.අතුකෝරලත් අද නඩුවට ආවේ කොල්ලගේ කියලා කවුරුත්ම හිටපු නැති නිසා.

අතුකෝරල හිටපු නිසා කොල්ලට තමන් තනිවෙලා කියන හැගිම මග ඇරිලයි තිබ්බේ.නිදහස ලබපු කොල්ල වැලදගෙන ඒ හිතට හයියක් වෙන්න කොල්ලා ලගින් හිටියේ අතුකෝරලයි.

“අපි දැන් අලුතින්ම ජිවිතේ පටන් ගමු පුතා.”

කොල්ලා හිනාවෙනවා.කොල්ලට තේරෙන්නේ නැහැ කොහොමද මේ වෙලාවේ කතා කරන්නේ කියලා.ඒකයි සතුට හිනාවකින් පෙන්නුවේ.

කොල්ලා බෝගම්බරට සමු දිලා යන්න ගියේ නුවර කොල්ලගෙම ගෙදරට.කොල්ලගේ අම්මා නිසා තාත්තට ජිවිතේ දාලා යන්න වුන බව උසාවියේ ඔප්පු වෙද්දි තාත්තාගේ දේපල යාන වාහන සේරම කොල්ලට හම්බුන බව දැන ගන්න ලැබුනේ ලෝයර් සුම්ත් දිසානායකගෙන්.

ඔහු දේව්ගේ තාත්තාගේ අවසන් කැමති පත්‍රය අතේ තියන් සේරම කොල්ලට විස්තර කරා.තාත්තා දැනගෙන හිටියා කවදාම හරි දවසක තමන්ගෙම අම්මාගෙන් කොල්ලට අසාධාරණයක් වෙන බව.ඒකයි දේපල මුදල් යාන වාහන සේරම අන්තිම කැමත්ත ලෙස කොල්ලට බාරදෙන්න තාත්තා තීරණේ අරන් තිබ්බේ.කොල්ලට තවත් බලාපොරොත්තු එක්ක ජිවිතේ අලුතින් පටන් ගන්න ටික ටික හේතු කාරණා එකතු වෙද්දි දේව්ගේ මතකෙට ආවේ ඒ කෙල්ලව.සරූ ගැන ඒ හිතේ බලාපොරොත්තු නලියද්දි කොල්ලා හිටියේ හදවතින්ම හිනාවෙන ගමන්මයි.නාඩුකාරතුමා අම්මව සිරභාරයට ගන්න නියම කරත් අම්මාව හොයාගන්න කොල්ලටත් ඕන වුනා.හිරේට දාන්න නම් නෙමෙයි.තවත් අනියම් සැමියෙක් නිසා කොල්ලගේ තාත්තට වගේම තමන්ට දිපු දඩුවමටත් හේතු දැනගන්න.ඒ වගේම හිතේ විදගන්න ආසාවෙන් තිබ්බ මව් සෙනෙහස අම්මා ලගටම වෙලා උඩොක්කුවේ හිස තියන් විදගන්න ආසාවත් දේව්ට තිබ්බා.

තමන්ටම කියලා කාත් කවුරුත් නැතුව බෝගම්බර සිරගෙදර පිටවීමේ දොරටුවට ලගට ආපු කොල්ලා ටිකක් හරි හිතට සැනසීමක් වුනේ ලග හිටපු අතුකෝරල ව දැකලා.ඒවගේ හිත ඇතුලේ හැංගිලා හිටිය ඒ චුටි කෙල්ල සරූ වුනත් දැන් ඒ හිතට තමන්ගෙම වෙලා කියලා තේරෙද්දි ඒ හිතේ දුක් දොම්නස් තුනීවුනා.

බෝගම්බර සිරගෙදර දොරටුවෙන් ඇතුලත බලද්දි කොල්ලාට තමන්ට සහෝදරයෝ වගේ ලගින් හිටපු යාලුවෝ ටික මතක් වුනා.

“අඩෝ ..දේව් මල්ලි.ගියාට කමක් නැහැ ආයේ එන්න නම් හිතන්නවත් එපා.ජිවිතේ වැටුනා තමයි උඔ.දැන් නැගිටපං.මතක් වුනොත් වරෙන් මේ පැත්තේ බලලා යන්න. අපි ඉන්නවා උඔට ඕන උදව්වක් අපෙන්.”
හිනියට පපුව පසාරු කරන් යද්දි කොල්ලට මතක් වුනේ කල්පයගේ වචන ටික.කල්ප වගේම හැමෝම දුක හංගන් කොල්ලට හිනාවුනේ කොල්ලගේ සතුට ගැන උපන් අවංකත්වය නිසා.

******************************

කෙල්ල හිටියේ මිදුලේ මල් එක්ක කතා කර කර.අම්මා උදේම කෙල්ලට කිව්වේ මිදුල අතුගාන්න කියලා.කෙල්ල පණ්ඩිත කමට මේ මල්වලට සාත්තු කරනවා.කෙල්ල ආසයි මල් වවන්න.කෙල්ලගේ මුණ වගේමයි මිදුලත් දැක්කම ආසයි.ඒ තරම් මල් ගස් පිරිලා.කෙල්ල ආදරෙයි මල් වලට.ඒකයි කෙල්ලට ආදරෙයි වගේ මල් වුනත් හැමදාම උදේට පිපිලා කෙල්ල එක්ක හිනාවෙන්නේ.ගේට්ටුවට ගහන සද්දෙට කෙල්ල හැල්මේ දිව්වේ අතේ තිබ්බ රෝස මලත් අරගෙන කවුද බලන්න.

***——-මතු සබැදිි——–***

අඩුපාඩු එකක් ඉස්සරහට ලියන්න තීරණය කොලා.අඩුපාඩු කියලා දුන්න යාලුවන්ට වගේම කතාව කියවන යාලුවන්ටත් තැන්කු .කතාව බෝරින් වගේ නම් කියන්න වෙනස් කරමු.හාද

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *