***—–මාංචු—–***(09 කොටස)

කෙල්ල දුවන් අාපු වේගෙට යන්තම් හොම්බෙන් නොයා ‍බේරුනේ පෙර වාසනාවට.දුවලා පැනලා දගකරන යෞවනියක් නිසාද මංදා කෙල්ලගේ දුවන පනින එක නම් නැවැතුනේම නැහැ.

“මොකද ළමයෝ..බෙල්ල කඩා ගන්නවකෝ දුවලා..”

කෙල්ල ගලක පැටලිලා වැටෙන්න වගේ යද්දි අම්මා කෑගැහුවා.කෙල්ල ඇහුනා නොඇහැන ගානට ගිහින් ඒ සුවිශාල වු ගේට්ටු පලුදෙකෙන් එකක් දෑතින්ම විවර කරා.ඇස් උස්සලා බලපු කෙල්ලට ඇස් අදහා ගන්න බැරිවුනේ තමන් දකින්නේ හිනයක්ද කියලා හිතලා.කෙල්ල දැක්කා දෙව්ගේ නිල් පාටින් දිලිසෙන ඇස්.හරියට බලාපොරොත්තු වුන දෙයක් ලැබුනා වගේ ඒ ඇස් නලියනවා සරූ දැක්කා.ඇගටම ස්ලිම් වෙච්ච සුදු අත්කොට ස්ලිම් ෂර්ට් එකට කොල්ලාගේ ලස්සන මනාව පේනවා.ඒකයි දෙව්ගේ අැගේ ඉදන් පාදාන්තය දක්වා කෙල්ලගේ චුට් ඇස් දගකරේ.ඒ දේහධාරි ශරිරයෙන් ඔහුගේ කඩවසම් බව ඉස්මතු වෙද්දි පපුවට තුරුලු වෙලා ඒ උණුහුමට ගුලි වෙන්න ඇත්නම් කියලයි චුටි කෙල්ලට හිතුනේ.

සිරකාරයෙක් කියන්න බැරි තරම් කොල්ලා වෙනස් වෙලා දැන්.ලස්සනට හිස කෙස් මැදින් පැත්තකින් ඉර ගහපු කොණ්ඩ ස්ටයි එක කොල්ලගේ යෞවන බව තවත් වැඩ් කරා.දේව් දැන්නම් ලොකු බිස්නස්කාරයෙක් වගේ පෙනුනේ.එතකොටයි කෙල්ල දැක්කේ සද්දන්ත වම් අතේ මස් ගොබ උඩ කොටලා තිබ්බ ටැටු එක. ෂර්ට් එකේ ෆිට් වෙලා රැලි වැටුන කොට අත අස්සෙන් ටැටු එකේ භාගයක් පෙනෙද්දි ඒක කොල්ලට අමුතුම ගැම්මක් ගෙනාවේ.

කඩා හැලෙන රතු මල් වැටුන කහපාට ගවුමට කෙල්ලගේ ලස්සන තවත් වැඩ් කියලා කොල්ලා දැක්කා.පිරිපුන් කොපුල් රෝස පාට කරන් ඒ මුණ හිනාවකින් පිරෙන්න ගත වුනේ ස්වල්ප මොහොතයි.ඒකයි කෙල්ල සුදු කැන්ඩ් ලම්ස්සිය වගේ කොල්ලගේ පිරිමි හිත චංචල කරන්න තරම් ගැහැණු හැගිම් සමුදායකින් සමන්විත වුනේ.ඒ හිත ඇද බැද ගන්නා සුන්දර ශරිරය සොදුරු ගැහැණුකමට කොල්ලා තවත් ආදරෙන් අන්ධ වුනා.ඒකයි කොල්ලට ආපු කාරණාවත් අමතක වෙලා ගියේ.

“හරියට කැමේලියා මලක් වගේ..”

මොනවා හරි කියන්න වගේ නලියන කෙල්ලගේ ලා රතුපාට තොල්පෙති දිහා බලාගෙන දේවි එහෙමයි හිතුවේ.

“ඔ..ඔයා මෙහේ..”

“ඇයි අදුරන්න බැරිද..”

“ටිකක් පුලුවන් “

“මං හිතුවේ අමතක වෙලා කියලා..”

“මැරිලා ඉපදෙන්න වෙයි එහෙනම්..”

එහෙම හිතුවත් කෙල්ල කිව්වේ නැහැ.ලස්සනට වල ගැහෙන කොපුල් පුම්බලා හිනාවෙනවා.කොල්ලට ආසයි ඒ මුණ ඒ වේලාවෙම ලගට අරන් තවත් රතු වෙන්නම ඉඕන්න.ඉන්න තැන මතක් වුන නිසා කොල්ලා ඒ හැගීම් එහෙමම යටපත් කර ගත්තා.

“තාත්තා ඉන්නවද ??.”

එහෙම අහගෙන ගෙට යන්න වගේ කොල්ලා සරූ ලගටම කිට්ටු වෙනවා.කර කපලා තිබ්බ ෂර්ට් එකෙන් පපුවට ස්ප්‍රේ කරලා තිබ්බ බොඩ් ස්ප්‍රේ එකේ සුවදත් කොල්ලගේ සුවදත් මිශ්‍ර වෙලායි කෙල්ලගේ නාස් පුඩු ඇදගත්තේ.ඒ පිරිමි සුවදට කෙල්ලගේ පුපුවේ තිබ්බ හැගීම් ඇවිස්සිලා දගකරද්දි කෙල්ල බිම බලාගත්තා.හරියට නිකන් ඒ හැගීම් කොල්ලට පෙනෙයිදොා් බයෙන් වගේ.බිම බලන් කෝලම් රටා අදින කෙල්ලගේ අතේ තිබ්බ රෝසමල දේව් දැක්කා.හරියට තමාට දෙන්න ගෙනාව වගේ කෙල්ල ඒකත් අරන් ඇවිත් කියලා දේව්ට හිතුනේ.

දොර පලුවෙන් යන්න තරම් ඉඩක් නොතිබ්බ නිසා සරූගේ පපුවට ස්පර්ශ වේගෙන වගේ දේව් විශාල දෙමහල් නිවස ඇතුලට ගියේ.ඒත් තවමත් කෙල්ලගෙන් උත්තරයක් නැහැ.කොල්ලගේ පපුව සරූගේ පපුවේ වැදිලා දැනුන පහසට කෙල්ල ඇස් උස්සද්දි තමන් පහුකරන් යන කොල්ලව ඒ ඇස් දැක්කා.

“පිස්සා මාව එයාගේ හිතේ අතරමං කරලා අයිතිකාරයා වගේ යන හැටි..”

කෙල්ල හිතනවා.යනගමන් ලස්සනට හිනාවෙලා චුට් කෙල්ල දිහා බැලුවත් කෙල්ල ගනන් නොගෙනම ඇරිලා තිබ්බ ගේට්ටු පලුව වහලා දැම්මා.

“අහ්..දෙව් පුතා.”

“සර්…”

“එන්න පුතා ගෙට.”

අතුකෝරල කොල්ලව වැලදගත්තේ ආදරෙන්.පිය සෙනෙහස අහිමි වෙච්ච කොල්ලා ලෝභකමින් අතුකෝරල සර්ව වැලද ගත්තා.පුතෙක් නැති අතුකෝරල ඒ පහසට නතු වුනේ ආඩම්බරෙන්.කොල්ලව වැලදගෙනම අතුකෝරල ගේ ඇතුලට ගියා.

“පුතා එහෙනම් මගේ වචනේ අහක දැම්මේ නැහැ.”

“එහෙම කොහොමද කරන්නේ සර්.සර් දන්නවානේ මං ගැන.”

“ඉතිං කොහොමද අලුත් විස්තර..”

“මේ විහාර මාවතේ තාත්තගේ අලුත් ගෙදර ඉන්නේ.හොටෙල් ටිකේ වැඩ ටික භාරගත්තා.තාත්තා නැතුව ඒවා කඩා වැටෙන්න යන්නේ.”

“ඒක නම් හොදයි පුතා.එහෙම කරද්දි පුතාට ජිවත්වෙන්න ලේසියි .මං දන්නවා පුතාට නැගිටින්න පුලුවන් ඉක්මනටම.”

“සර් තරම් මං ගැන දන්න කෙනෙක් ඇති කියලා මං හිතන් නැහැ.”

“අයියෝ මහත්තයෝ ..මේ ලමයා ආව විතරනේ.මෙන්න පුතා බොන්න.”

ආගන්තුක සත්තාර දන්න අතුකෝරල නෝන ලගට ආවේ බිම විදුරුවක් බන්දේසියකට තියලා අරගෙන.කොල්ලට නිකන් තමන්ගෙම ගෙදරකට ආවා වගේ හැගිමක් දැනෙන්න ගත්තේ.ඒ හැගිමෙන්ම කොල්ලා බිම විදුරුව අතට අරන් තොල්පෙති වලට ලංකරගත්තා.එහෙමම ඇස් මිදුලට යවපු කොල්ලා දැක්කා කෙල්ල හොරෙන් බලන් ඉදලා දුවනවා.

“යකෝ මේ කෙල්ලට මොනා වුනාද.හරියට මං සීඅයිඩ් එකෙන් ආවා වගේනේ ඉන්නේ.අර ඒ පාර දුවනවා.ඉන්නවකෝ අහුවෙනකම්.”

කෙල්ල දැක්කා ඒ ඇස් කෙල්ලව දැක්කා කියලා.ඒකයි දුවගෙන ගියේ මල්වලට ඉතුරු වතුර ටිකත් දාන්න.බිම එකෙන් කාලක් විිතර ඉවර කරේ මැනස් දන්න නිසා.ඒත් කෙල්ලගේ අම්මා අහුවේ රහ නැද්ද පුතේ කියලා.කොල්ලා ඇහි බැම උස්සලා රසයි කියනවා.අතුකෝරල නෝනට හිනා ඒ ඇක්ෂන් වලට.ගොඩක්ම කොල්ලට ඕන වුනේ කෙල්ල ලගට යන්න.

“පුතා ඔන්න කාලම යන්න ඕන.ඒ දවස්වල මගේ කෑම එක කද්දි මතකනේ..”

අතුකෝරල මතක් කරේ කොල්ලා අවුරුදු විස්සෙදි හිරගෙදරට ආපු පලවෙනි දවසෙම බයේ ගැහුන හැට්.අනිත් උන් මල පෙරේතකම්න් කන දිහා බලන් උන්න කොල්ලට කන්න පිරියක් තිබ්බේ නැහැ.ඒකයි අතුකෝරල ඔහුගේ බත් මුල කාටත් හොරෙන් කොල්ලට දුන්නේ.රස වැඩ් කමට කොල්ලා බත් සේරම කාපු විදිය අතුකෝරලට අද මේ මොහොත වගෙයි මතක.කොල්ලටත් ඒ අතීතය ඒ විදියටම මතකයි.මේ දැනුත්.

“හා සර්..මැඩම්ගේ කෑම පුදුම රසක්නේ. කොහොමද මං නොකා යන්නේ.”ලස්සනට හිනාවෙලා කොල්ලා පපුවෙන් නැගුන අවංකත්වය පෙරදැරිවයි එහෙම කියන්නේ.
අතුකෝරල, නෝන එක්ක ගෙට ගියේ කොල්ලා මිදුලට යනවා දැකපු නිසා.

“වතුර එක්ක ඔහොම නැටුවම හෙම්බිරිස්සාව හැදෙනවලු..”

කලිසම් සාක්කුවල අත්දෙක දාගෙන හිටපු දේව් එහෙම කියාගෙන වතුර එක්ක විකාර නටන කෙල්ල ලගට කිට්ටු කරා.දේව් කෙල්ලට නෙමෙයි වගේ උඩ බලාගෙන කියනවා.පහලට යොමු වෙච්ච ඇස් දෙක කෙල්ල යන්තම් උස්සලා බලනවා.කෙල්ල ගැස්සුනා.දෙව් ලගටම ඇවිත්.

“ලස්සන නිසාද මේච්චර ගනං..මි.”

දෙකුපුල් වල ගස්සගෙන හිනාවෙනවා ඇරෙන්න සරූ කතා කරේ නැහැ.කොල්ලා ආසයි ඒ කෝල බවට.හැම කෙල්ලෙක්ගේම එහෙම බවක් දකින්න නැති නිසාද මංදා කොල්ලා ඒකට ගොඩක් ආස කරා.

“කටහඩ අහන්න ආසයි.මොනාහරි කියන්න පුලුවන්ද මිස්.”

“මොනාද ඉතිං..”කෙල්ලට පුදුමයි ඒ වචන කියා ගන්න පුලුවන් වුනේ මොහොතක් ගියාටත් පස්සේ.කෙල්ල දෙවියන් මතක් කරේ ඒකයි.

“මොනවා හරි..”කොල්ලා තව ටිකාාක් ලංවෙලා කියනවා.දැන් සරූගේ ඒ ගැහෙන හද මඩල පවා කොල්ලට ඇහෙනවා.

“මල් ගැන කියන්නද..”පොඩ් එකියක් වගේ කෙල්ල හුරතල් විදිහට අහනවා.

“හා..” දේව් ආසයි.

“මේ මල තමයි රෑට පිපෙන්නේ.ඒකයි මෙහෙම තියෙන්‍ෙනේ.කෙල්ල තව විස්තර කියනවා.

“කඩුපුල් කියලා කියන්නේ.නේද ..”

කොල්ලා අහනවා.දේව් මල් ගැන ඩිග්රි හරි ගහයි ඒ තරම් දන්නවා.ඒත් කෙල්ලට කියන්න ගියේ නැහැ.මලක් වගේ සුන්දර කෙල්ලගේ ලස්සන දෙතොලින්ම මල් ගැන අහගන්නයි දේව්ට ඕන වුනේ.

“දැනගෙන අහන විදිහ.පෙනේද කපටිකම.මාව කතාවට අල්ලගන්න ඔය.”කෙල්ල එහෙම හිතුවේ ඒ ඇස් දිහා හොරෙන් බලන ගමන්.

“කොහොමද අර වැඩේ.ප්‍රෝජෙක්ටි එක ගොඩ දාගත්තද..”
කොල්ලා දැනගත්තා වැඩේ මාට්ටු වුනා කියලා ඒකයි කතාව වෙන පැත්තකට හැරෙව්වේ.

“හච්..චිස්..”කිව්සුම අරින ගමන් කෙල්ල ඔව් කියන්න වගේ ඔලුව වනනවා.

කෙල්ලට දැනටමත් හෙම්බිරිස්සව වගේ.ඒකයි කෙල්ල අතින් කට වහන් කිවිසුම් පිට කරේ.කොල්ලට පවු කියලා හිතුනා හැකිලෙන ඒ මුන දැකලා.

“දැන්වත් ඔය මල් එක්ක සෙල්ලම් දාන එක නතර කරලා ගෙට යමුද..”

කොල්ලගේ ඒ කතාවට නම් කෙල්ල කැමති වුනා.ඒකයි ඔලුව දෙපැත්තට වැනුවේ.
දෙන්නම එකසමාන අඩි තියලා ගේ ඇතුලට එද්දි දේව් පුදුම වුනා.කෙල්ල දැක්කා දේව්ගේ නිල් නුවන් පුදුමෙන් මහත් වෙනවා.ඒකයි කෙල්ලගේ ඇසුත් දේව්ගේ ඒ ඇස් ගිය දිහාටම ඇදිලා ගියේ.

***——-මතු සබැදිි——–***

අඩුපාඩු එක්ක ඉස්සරහට ලියන්න තීරණය කොලා.අඩුපාඩු කියලා දුන්න යාලුවන්ට වගේම කතාව කියවන යාලුවන්ටත් තැන්කු .කතාව බෝරින් වගේ නම් කියන්න වෙනස් කරමු.හාද

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *