***—–මාංචු—–***(15 කොටස )

“දේව් අයියා..මේ ෆයිල් ටික සයින් කරලා දෙන්නකෝ.”

බටහිර තාලෙට කිටි කිටියට ඇගට හිර වෙන්න ඔෆිස් ඇදුම ඇදලා හිටිය තිළිණි එතනට ආවේ සරූ දිහා අමුතුම බැල්මක් දාලා.කෙල්ල සතපහකට ගනන් නොගෙන ෆයිල් එක දිහා බලා ගත්තා.අමුතු සතෙක් දැක්කා වගෙයි තිළිණි බලන් හිටියේ.

“ඔහොම තියන්න. මං බලලා සයින් කරන්නම් “

කොල්ලා පල නොකියම පලා බෙදුවා.තිළිණිව නම් දුම්මල ගහලාවත් අද මෙතනින් පන්නනවා බොරු ඉතිං.හැඩේට හිටපු කෙල්ල එක්ක දේව් ඉන්නවා දැක්ක නිසාද මංදා තිළිණි යන්න කැමති වුනේ නැහැ.

“අනේ දේව් අයියා සයින් ප්ලීස්..දැන්ම ඕන හදිස්සි “

දෙව්ගේ ඇගේ එල්ලෙන ගමන් තිළිණි හුරතල් වෙනවා.කෙල්ල ඇස් යටින් සිද්ධිය බලන් හිටියේ.හීනියට ඉරිසියාවක් එද්දි කෙල්ල එතනින් යන්න කියලයි සැරසුණේ.තිළිණි දේව්ගේ අතින් අල්ලන්ම පෑන දෙනවා .චුටි හිත කැඩුන වගේ වුනේ ඒ වෙලාවේ.ඒ අත් කවුරුත් කෙල්ලෙක් අල්ලනවට සරූගේ හිත කැමති වුනේ නැහැ.ඇයි කියන්න දන්නේ නැහැ කෙල්ල බොලද විදිහටයි හිතුවේ.කොල්ලා වෙන කෙල්ලෝ ලග තුරුලු වෙනවට ඇයට දරාගන්න බැරිවුනා.කොල්ලගේ පහස තමන්ට විතරමයි කියලා හිතන්න ඒ චුටි හිත දැගලුවා.

“සරූ ..ඉන්න.මට ඔය ෆයිල් එක බලන්න ඕන.”

යන්න දගලන ඒ හිත දේව්ගේ වචනෙට එහෙමම නතර වුනා.තිළිණි ඔරවනවා කෙල්ලට .එ්ත් දේව්ට පේන්නේ නැතිවෙන්න.කෙල්ලත් මූණ තරහෙන් රතු කරන් බලන් හිටියේ.සරූගේ චුටි හිත වගේම ලස්සන සුදු මූණත් නපුරුවෙලා.එතකොටත් කෙල්ලගේ අමුතුම ලස්සනක් තිබ්බා ඉතිං.

“අද පාටිය මිස් කරන්න එපා දේව් අයියා.තාත්ති ඔයාට කිව්වනේ..”

“යකෝ…සයින් කරලා දීලත් මේකි මගුලක් කතා කරනවා යන්නේ නැතුව.”

දේව් එහෙමයි හිතුවේ. තිළිණි කොල්ලගේ අම්මගේ මල්ලිගේ දුව.දේව්ට වඩා බාලයි අවුරුදු දෙකක්.තව අයිය කෙනෙක් හිට්යා තිළිණිට.එයා සසංක.සසංක වගේ නම් නෙමෙයි තිළිණි අමුතුම චරිතයක්.දේව් සසංක එක්ක ෆිට් වුනත් තිළිණිට නම් කැමති නැහැ.කොල්ලට පොඩ් කාලේ ඉදන් කරේ නපුරුකම්.අම්මගේ මල්ලි වුනත් මාමා නම් කොල්ලාගේ දේපල අල්ල ගන්න ලොකු සටනක් කරා.කොල්ලා නොදන්නවා වුනාට දේව් හිරේ යවන්නත් ධනසිංහ මාමා අතහිත දුන්නා.දැන් නම් ඉන්නේ හැමෝම මුකුත් නොකල ගානට ඉතිං.කිසිදෙයක් දන්නේ නැති දේව් තවමත් නෑදෑයන් විශ්වාස කරනවා.අද මාමගේ ගෙදර පාටියට කොල්ලට ඉන්වයිට් කරේ ධනසිංහ මාමා ලොකු අරමුණක් හිතේ තියන්.

සසංක ලංකාවට ආපු සතුට වෙනුවෙන් කියලයි කොල්ලට මේ පාටියට ආරාධනා කරේ.කොල්ල ඒකමයි යන්න හිතුවේ .සසංක ඒ හැමෝටම වඩා වෙනස්ම කෙනෙක්.අනික කොල්ලගේ බොක්කේ සහෝදරයා.සසංක තමන්ගේම කෙනෙක් විදියට දේව් හිතුවේ.සසංක ඒ තරම් කොල්ලා ගැන බැලුවා.අවංකෙන්මයි එහෙම කරේ.ඒත් මාමායි දුවයි ඒකේ අනික් පැත්ත.නැන්දත් ඒකටම හරියන බඩුව ඉතිම්.පන්දම් නැතුවම දිය යටින් ගින්දර ගෙනියන්න නැන්දි දස්සයි.කටත් ඒකටම හරියන්න තිබ්බා.මාමා ව වුනත් කුලප්පු කරලා ගන්න නැන්දට පුලුවන් වුනේ ඒකයි.
තිළිණි ගියාට පස්සේ දෙව් බැලුවේ කෙල්ල දිහා.

“තියන ඉරිසියාවක් මේකිගේ.ඔච්චරම ආදරෙයිද මට.මි…….”

“එහෙම නැහැ.”

“බොරු කියන්න එපා කෙල්ලේ..කෝ බලන්න.”

එහෙම කියලා දේව් නපුරු වෙච්ච සුදු මුණ දෝතට ගන්නවා.කෙල්ල දගලනවා බේරෙන්න.ඒත් දේව් ගේ ඇස් කෙල්ලගේ ඇස් එක්ක ගැටෙනකොට කෙල්ල එහෙමම මෙල්ල වෙනවා.ඇයි කියන්න දන්නේ නැහැ එහෙම වුනා ඉතිං.දේව්ගේ තොල්පෙති නලියන්න ගත්තේ කෙල්ලගේ තොල්පෙති වලට ආසාවේ.ඒත් කොල්ලා ඒක මැඩ ගත්තා ඉන්න තැන මතක්වෙලා.ඒත් දේව්ගේ ඒ තොල්පෙති ලස්සනට පිම්බුන රොස කොපුලක් ලග මොහොතකට නතර කරන්න නම් දේව් ට පුලුවන් වුනා.දේව්ගේ තොල්පෙතිවල පහසට කොල්ලගේ කොපුල තවත් රෝස පාටවුනා.
කෙල්ලගේ හදවත මොකක්දෝ දෙයකින් පිරෙනවා වගේයි සරූට දැනුනේ.

***************************

ඔෆ් වෙලා දේව් කෙල්ලව ගිහින් දාන්න හිට්යේ ඒත් කොල්ලට වැඩක් සෙට් වෙලා චුට්ටක් බිසී වෙන්න වුනා.ඒකයි කෙල්ල තාත්තා එක්ක ගෙදර ආවේ.කෙල්ල නොදන්නවා වුනාට අතුකොරල දේව්ට කෙල්ල ගැන බලන්න කියලා තිබ්බේ.ඒකයි අතුකොරල එනකම් කොල්ලා කෙල්ලව ලග තියාගත්තේ.අතුකොරලට තමයි ඕන වුනේ කෙල්ලව බිස්නස් පැත්තට යොමු කරන්න.කෙල්ල කොමස් සබ්ජෙට් එක කරලා තිබ්බ නිසා ඒක තවත් පහසු වුනා.අතුකොරලට දේව් ගැන ලොකු විශ්වාසයක් හිතේ ඇදිලා තිබ්බ එකත් හේතුවක් වුනා.

ගෙදරට ගිය සරූ එහෙමම නාන කාමරේට ගිහින් හොදට නා ගත්තා.කෙල්ලට මතක් වුනේ කොල්ලව.තාම වැඩද දන්නේ නැහැ කියලා හිත හිතා එද්දි කාමරේ මේස උඩ ලස්සනට රැපින් කරපු තෑග්ග කෙල්ල දැක්කා.ඒක එහෙමම අරගෙන ඇදට පැන්නා.අම්මත් තේක අරන් ආවේ ඒ වෙලාවෙමයි.

“යස අපූරුයි .ලමිස්සියක් ඉන්න විදිහද ඔය.ඇදුමක් ඇද ගන්න එපා.තුවා කෑල්ලත් පටලන් ඉන්න”

කෙල්ල ටකාරියන් ගාල ඇදෙන් බැහැලා ගියේ ඇදුමක් දාගන්න.කෙල්ල දන්නවා හිටපු විදිහ වැරදි කියලා.තෑග්ග නිසා කෙල්ලට ඒකත් අමතක වුනා.ඒ තරම් කෙල්ල ආසයි ඒවට.

“අම්මා..මේ මොකක්ද..”

“තාත්තා ගෙනත් තියෙන්නේ ඔය. මට කිව්වෙත් නැහැ.”

ඇදුමක් දාගෙනම කෙල්ල අම්මගේ ලගටම තුරුලුවෙලා තෑග්ග ලෙහලා බැලුවා.කෙල්ලගේ චුටි ඇස් විසල් වුනේ තිබ්බ දේ දැක්කම.ලස්සන රත්තරං පාට සැම්සුන් ස්මාට් ෆොන් එක දැක්කම කෙල්ලට ආසයි.

එහෙමම ෆොන් එකක් පාවිච්චි කරන්න තරම් කෙල්ලට කලින් උවමනාවක් නොතිබ්බත් දැන් නම් කෙල්ලට ඒක උවමනා වෙලා තිබ්බේ.ඒකයි ඒක අතට ගත්ත ගමන් කෙල්ලට කොල්ලව මතක් වුනේ.අම්මා එක්ක දවසේ සිදුවීම් මතක් කරන ගමන්.කොල්ල සරූව බලාගත්ත විදිහත් කියද්දි නම් අම්මා ආසාවෙන් අහන් හිටියේ.සමහර ඒවා කපලා තමයි කෙල්ල අම්මට කිව්වේ.දේව් කැමත්ත අහපු එක අම්මා ඉස්සරහ කෙල්ල කිව්වා.ඒත් එක්කම කෙල්ලගේ හිතේ තිබ්බ දේත් කෙල්ල අම්මට කිව්වා.ඒ තරම් අම්මා කෙල්ලගේ හොද යාලුවා.

ඇත්ත.අම්මට තරම් ඔපන් එකේ හැමදේම කියන්න කෙල්ලෙක්ට ටිකක් අමාරුයි.ඇරත් ඔහොම දෙයක් කියන්න ලොකු සමීපත්වයක් තියෙන්න ඕන.කෙල්ලගේ අම්මත් එක්ක ආදරේ ගැන කතා කරන්න පුලුවන් .ඒ තරම් ලස්සන හදවතක් ඒ අම්මට තිබ්බා.ප්‍රශ්න දිහා තීක්ෂණ බුද්ධියෙන් බලන්න තරම් අම්මා ඉවසිලිවන්ත වුනා.

“මං තාත්තා එක්ක කතා කරලා බලන්නම්.ඒ ලමයත් නරක නැහැ.මට තේරුණා.”

“අනේ අම්මා .දැන්ම එපා.මට බයයි.”

“ඔයා තාත්තා ගැන දන්නේ නැහැ.එයා කවදාවත් දුවට නරකක් වෙන දෙයක් කරන්නේ නැහැ.”

ඇත්ත තාත්තලා එහෙමයි .අතුකොරලට තිබ්බේ දරුණු නපුරු හිතක් නෙමෙයි.අසාධරණයෙදි දේව් වගේම අතුකොරලත් නැගී සිටියේ දෙපාරක් නොහිතාමයි.ඒත් ජිවිතේ ගැන නම් දේව් ට වඩා තාත්තා අතුකොරලට ලොකු අද්දෑකීම් සමුදායක් තිබුණා.ඔව් ඉතිං වයස එක්ක බැලුවම එහෙම වෙන්න ඕන.හොද දෙයකට ආශිර්වාද දෙන්න අතුකොරලට පුලුවන් වෙන්න තරම් ඒ හිත නම්‍යශීලී වුනා.ඒකයි කෙල්ලගේ අම්මා මේ ගැන අතුකොරල එක්ක කතා කරන්න බය නොවුනේ.

එහෙමම ඉදලා කෙල්ල ගියේ හම්බුන තෑග්ගට ස්තූති කරන්න.ඔෆිස් යන නිසා ෆොන් එක කෙල්ලට වැදගත් වෙයි කියලා හිතලයි අතුකොරල ඒක ගත්තේ.දුවගෙන වගේ ගිය කෙල්ල නැවතුනේ දොර ගාව හිටපු රූපෙට.

“ඔෆිස් ඇදුමෙන්ම මෙයා මෙහෙ 😯😯😯

කෙල්ල එහෙමම මුමුන ගත්තේ ඒ ඇස් දිහා බලනගමන්.දේව්ගේ මූණ හිනාවකින් ලස්සන වෙද්දි කෙල්ලටත් ඒ හිනාව බෝවුනා වගේ කෙල්ලත් කම්බුල් පුම්බලා හිනාවුනා.

****—-මතු සබැඳී—– ****

අඩුපාඩු කියන්න යාලු.හාද

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *