***—–මාංචු—–***(16 කොටස )

“අහ්..මොකද දේව් පුතා දොර ලග හිටගෙන.එන්න ඇතුලට ඇවිත් වාඩ්වෙන්න.”

අතුකෝරල එහෙම කියද්දි කෙල්ල ගැස්සිලා බැලුවේ ලගට ආපු තාත්තා දිහා.තාත්තාගේ මූණ අමුතුම සතුටකින් පිරිලා තියනවා සරූ දැක්කා.

“දුව අම්මට කියන්න තේ එකක් ගේන්න කියලා.”

මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා වගේ කෙල්ලට ඉවෙන් වගේ තේරුණා.

“හා තාත්තා.”

කොල්ලා දිහා බලලා කම්බුල් පුම්බලා කෙල්ල දුවගෙන වගේ පඩිපෙල නැග්ගේ අම්මා තමාගේ කාමරේ ඉන්න බව දන්න නිසා.

“ඉතිං පුතා..දුව හො‍ටෙල් එකේ වැඩ ටික අල්ලගත්තද”

“ඔව් තාත්තේ.ටිකක් පුලුවන් දැන්.අද පලවෙනි දවසනේ.නංගි ඒ ෆීල්ඩ් එකට දක්ෂයි.”

එහෙමම දෙන්නා දෙමහල්ලෝ ආගිය තොරතුරු කතා කරා.දේව්ගේ ඉදිරි සැලසුම් අහද්දි අතුකෝරලට ආසයි.කොල්ලා එහෙම දියුණු වෙනවා දකින්නයි ඔහුට ඕන වුනේ.දේව්ට හොද අරමුණක් තිබ්බා අනාගතේ ගැන.කොල්ලගේ කතාවෙන් අතුකොරලට ඒක තේරුණා.

“අහ්..පුතා මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.අපේ දුව ගැන”

“කියන්න තාත්තේ..”

ගැම්මට දේව් එහෙම කිව්වත්.මොන ජිල්බිර්යක් කියන්න යනවද නොදැන කොල්ලා කල්පනා කරේ.දේව්ගේ බොක්ක කූල් වෙලා වගේ යද්දි වෙලාවට අතුකොරල නෝනත් තේ කෝප්පයක් අරන් එතනට ආවා.අතුකොරල, නෝනවත් සංඥාවක් දිලා ලගින් වාඩි කරව ගත්තා.සරූ හිටියේ අම්මා හදලා දීපු තේ එක බොන ගමන් කාමරේ.
කෙල්ල තේ එක අරන් ලිවින් එකට එන්න අහුවත් අම්මා ඉඩ දුන් නැති නිසා එහෙමම හිටියා.

“අපේ දුව ..”

එහෙම කියලා අතුකොරල උගුර පාදනවා.කොල්ලා ලතවුනේ නොඉවසිල්ලෙන්.අතුකොරල කොල්ලගේ හැසිරීම් නිරික්ෂණයක නිරත වෙලයි හිටියේ.හරියට ඒ පිරිම් හැගීම් තේරුම් ගන්න පුලුවන් වගේ.

“අපේ දුව ගැන පුතාගේ හිතේ මොකක් හරි කැමැත්තක් තියනවද.”

දීපන්කෝ උත්තර.කොල්ලට මතක්වුනේ ඒ රෝස කොපුලක් රත් පැහැ කරපු සොදුරු මොහොතයි.

“මේක ඒකත් ගෙදරට කියලද..කොල්ලෝ දැන් නම් උඔ ඉවරයි මයේ අම්මා..දැන් ඉතිං ඇත්තම කියපං.බොරු කියන්න උඔට කොහොමත් බැහැනේ.හාද”

කොල්ලගේ තොල්පෙති දැගලුවත් කියන්න වචන ආවේ ටිකක් පරක්කු වෙලා.දීගන්න උත්තරයක් හිතාගන්න ටිකක් අමාරු වුනේ එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ අහපු දේට.වෙන කෙනෙක් ඇහුවා නම් මග අැරලා යන්න තිබ්බත් දැන් නම් ඒකට කොහෙත්ම දේව්ට ඉඩක් නැහැ.

“ඔව් තාත්තේ.මං නංගිට කැමතියි.”

ඇත්තටම හිතේ තියන දෙයක් නොබියව කියන පුරුද්ද කොල්ලා ඉගන ගත්තේ තමාගෙම තාත්තගෙන්.ඒකයි ඕන මගුලක් වෙච්චාවේ කියලා ඇත්තම කියලා දැම්මේ.කොහොමත් දේව්ට බොරුවක් කියන්න ඕන වුනේ නැහැ.මේක කොල්ලගේ ජිවිතේ පිළිබද ප්‍රශ්නයක් වුනා.ඔව් ඉතිං කෙල්ල දේව්ගේ ජිවිතේ වුනේ කෙල්ලව මුලින්ම අැගේ හැප්පිලා වැටෙන්න ගිය දවසේ.එදා හිතේ පිරිච්ච ආදරේ තව තවත් වැඩ්වුනා මිසක් අඩුවක් නම් වුනේ නැහැ.

අතුකොරල බැලුවේ නෝනා දිහා.ඔහුට හිතුනේ දේව් ගැන ආඩම්බරයක්.මොකද අතුකොරල වුනත් හැංගි හොරා වැඩ වලට කැමති නැහැ.කෙලින් කතා කරන කෙනෙක් වුන නිසාද මංදා අතුකොරල ඒකට ආස කරා.අතුකොරලට කොල්ලව බෑන කරගන්න හිතුනේ දැන් අවුරුදු හතරකට කලින් කොල්ලව හිරගෙදරදි දැක්ක පලවෙනි දවසෙමයි..බෝගම්බර හිරගෙදරට අභූත චෝදනා ලබලා කොල්ල එද්දි ඒ අැස් වල තිබ්බ අසරණකම කොල්ලා හිරකාරයෙක් නොවන බව අතුකොරලට වැටහෙන්න හේතු වුනා.ඒකයි අතුකොරල කාලයට ඉඩ දිහා බලන් හිටියේ.

අද ඒ ඉඩ දීපු කාලයේ නියමිත දිනය කියලා අතුකොරලට හිතුන නිසයි කොල්ලව මේ ගෙදරට ගෙන්න ගත්තේ.කොල්ලගේ දේපල තණ්හාවට ලෝභව ඒවා උදුරගන්න දගලන තමන්ගෙම නෑදෑයෝ ලග අතුකොරල වෙනස්ම, ලගම කෙනෙක් වුනා.කොල්ලව දැක්ක ගමන් අතුකොරල කොල්ලට මෙහෙම දේපලවත් තියනවා කියලා දැනං හිටියේ නැහැ.ඔව් ඉතිං කොල්ලා දැන ගත්තෙත් නඩුව ඉවර වෙලානේ.

එදා සරූව බේරගන්න හිරකාරයෙක් එක්ක පැටලුන බව අතුකොරල දැනගත්තම දේව් ගැන තවත් පැහැදෙන්න අතුකොරලට පුලුවන් වුනා.කොල්ලා තමයි කෙල්ලගේ අාරක්ෂාව ගැන හිතලා ආයේ කෙල්ලව හිරගෙදරට එවන්න එපා කියලා අතුකොරලට කිව්වේ.ඒ වෙලාවේ නම් අතුකොරලට හිතුනෙම සරූව ආදරෙන් බලාගන්න පුලුවන් එකම පිරිමියා දේව් කියලා.ඒ ඇස්වල තිබ්බ් ආදරේ අදුරගන්න අතුකොරලට බැරිවුනේ නැහැ.අදත් මේ දැනුත් එකයි දේව්ගේ අාදරෙන් පිරුන ඇස් දිලිසෙනවා අතුකොරල දැක්කේ.

“පුතා ඇත්තටම අපේ දුවට ගැලපෙනවා කියලා මං හිතලා ගොඩක් කල්.නේද නෝනේ.”

එහෙම කියලා අතුකොරල නෝනා දිහාට ඇරෙනවා.ඇය ලස්සනට හිනාවෙන්නේ ඇගේ පියාව මතක් වෙලා.සරූගේ සීයත් අතුකොරලට කැමැත්ත දෙද්දි ඔහොමම කතාවක් කිව්වා ඇයට මතකයි.අතුකොරල නෝනා දැන් නිහඬව හිටියත් හැමදේම අතුකොරල ,නෝනට කියලයි තිබ්බේ.

සරූ දුවගෙන ආවේ ලස්සනට පැද්දෙන ගවුම් කොටෙත් එක්ක සුන්දර විදිහට.ඒකයි දේව්ගේ ඇස් ඉස්සිලා ඒ දිහාව බැලුනේ.අතුකොරල නැගිටලා ගියේ දෙන්නට කතා කරගන්න ඉඩ දිලා.අතුකොරල නෝනත් ඒ පස්සෙන්ම යද්දි කෙල්ල පුදුමෙන් බලන් හිටියේ කොල්ලා දිහා.කොල්ලා බොරුවට දුක හිතෙන බැල්මක් ගත්තේ කෙල්ලව ලගට ගන්න හිතන්.

“දේව් අයියා..ඇයි මේ.මොනාද මෙතන වුනේ.”

“ඔයාගේ තාත්තා මට මෙහේ පස් පාගන්න එපා කිව්වා.”

“අනේ ..ඇයි ඒ.මොන වරදක්,කරාටද..”

“ඔයා දිහා බැලුවට සුදු”

එහෙම කියලා දේව් මහ සද්දෙන් හිනාවෙනවා.දුකට ඇඹුල් වෙලා වගේ තිබ්බ සුදු මූණ චුට්ටක් නපුරු වුනේ දේව්ගේ ඒ හිනාව ඇල්ලුවේ නැති නිසා.

“මං අම්මගෙන්ම අහගන්නම්කෝ.
ඔයාටනේ කියන්න බැරි.”

කෙල්ල ගස්සගෙන එහෙමම කියලා යන්න හැරුණා.හැරෙන තැපෑලෙන්ම කොල්ල ඒ සියුමැලි අතින් අදලා ගත්තා.ඒ ශක්තියට කෙල්ල ගිහින් නැවතුනේ දේව්ගේ උඩක්කුවට බරවෙලා.ගවුම් කෑලත් එහෙ මෙහෙ විසිරිලා තිබ්බේ ඇදලා ගත්ත වේගෙට.කෙල්ල යන්න වගේ දගලද්දි කොල්ලා ඇයව තදින් බදාගත්තේ යන්න බැරිවෙන්න.ඒ අත්වලින් බේරෙනවා බොරු නිසා කෙල්ලව එහෙම ඒ පපුවට තදවුනා.දේව් ලගින් ආපු දාඩිය සුවද සරූගේ නාස් පුඩු ඇතුලෙන් යද්දි කෙල්ල ඒ ආදරේට ලෝභ වුනා.දේව්ගේ සෙනෙහසත් මුසු වෙලා තිබ්බ නිසාද මංදා කෙල්ලට ඒ පහසින් මිදෙන්න හිතුනෙම නැහැ .

“මගේ මැට්ටි …ආදරෙයි පන”

“ඇයි මොකක්ද වුනේ සුදු අයියේ.අම්මලා එයි අත අරින්නකෝ”

“තාත්තා අපි දෙන්නට කැමතිවුනා කෙල්ලේ.”

කෙල්ලට ආපු සතුටක්.
දෙයියනේ..කෙල්ල එහෙමම දේව්ගේ බෙල්ල බදාගත්තේ කොල්ලට වචනයක්වත් කියන්න ඉඩ නොදී.දේව් ආසයි ඒ පහසට.ඒකයි තව චුට්ටක් ඒ පපුවට කෙල්ලව තුරුලු කරගත්තේ.සරූ බෙල්ලට හාදුවක් තියලා බලෙන්නම ඒ පහසින් නැගිට්ටේ ඉන්නේ ගෙදර කියලා මතක් වෙලා.දේව් හිනාවෙනවා.කොල්ලට හිනා ගියේ චුටි කෙල්ලගේ දග වැඩ මතක් වෙද්දි.කොල්ලා කිස් එකක් දෙන්න කියලා ඇදලා ගන්න ලගට පනිද්දි සරූ දුවගෙන යන්න ගියේ දේව්ට ඇද කරගෙනමයි.

“අහුවෙනවාකෝ…”

එහෙම තරවටුවක් දේව්ගේ හිතේ තිබ්බේ.කෙල්ල හිනාවේගනම ගියේ අම්මලා ‍කොහෙද කියලා බලන්න.සරූ යද්දි දෙන්නම ලොකු කතාවක හිටියේ.

****—-මතු සබැඳී—– ****

අඩුපාඩු කියන්න යාලු.හාද

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *