***—–මාංචු—–***(18 කොටස )
තිළිණි පිටිපස්සට යන පාටක් තිබ්බෙම නැහැ.කොල්ල හිටියේ පුදුම අපහසුතාවයකට මුහුණ දිලා.හොටෙල් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් බලාගෙන.කෙල්ල කතාවක් නැතුවම දේව්ගේ අැගේ ගෑවී නොගෑවීම ඇතුලේ ෂීට් එකේ විදුර ලගන් වාඩි වුනා.කෙල්ලට රණ්ඩු වෙලා පුරුද්දක් නැතිවුනත් තිළිණිට නම් වලි කිව්වොත් වට්ටි අම්මටත් එහා.ඒකයි කෙල්ල පිඩුවේ හිටියේ.දේව් පිටිපස්ස බලද්දි කෙල්ල මූණ බිමටම එල්ලගෙන දුකෙන් හිටියේ.ඒ සුදු මූණ දුකින් කඩා වැට්ලා වගේ තිබ්බේ.කොල්ලා ලගටම තුරුලු වෙලා යන්නයි කෙල්ලට ආස වුනේ.ඒත් තිළිණි.එයා නම් ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ හිටියේ.
කොල්ලගේ මමා, ඒ කියන්නේ තිළිණිගේ තාත්තා අද කොල්ලව කොහොම හරි දැලේ දාගන්න කියලා තිළිණිට උගන්නලයි එව්වේ.ඒකයි කෙල්ල පලවෙනි තුරුම්බුව දැම්මේ.
“මචං මෙතන බැහැ බං. ඒ.සී එකට පිස්සු වගේ.උඔ මෙතනට වරෙන් දේව්..”
දේව්ගේ ඉගිය වැඩ කරන්න වැඩිවෙලා ගියේ නැහැ.ඉගිය ලැබුනු වහාම ඒකයි විදුර ක්‍රියාත්මක වුනේ.
“තිළිණි නංගි එක්ක කයියක් ගහන් යන්නත් පුලුවන්නේ..නේද නංගි.”
“හ්ම්..”
මූණ දෙල් බෑයක් කරන් හිටපු තිළිණි එපා කියන්න බැරිවයි ලතවුනේ.විදුර ඇවිත් තිළිණි ගේ ඇගේ වැදිලම ඉදගත්තා.දේව් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ හැගීමෙන් පිටිපස්සට ගිහින් චුටි කෙල්ල ලගින් වාඩිවුනා.කෙල්ල හිටියේ අමනාපෙන්.දේව්ට බැරිවුනානේ තිළිණිට යන්න කියන්න.ඒ අමනාපෙන් කෙල්ල හිටියේ දේව්ව ගනන් නොගෙන.
හොල්ලට එහෙම කියන්න බැරි හේතු ගොඩක් තිබ්බා.ඒත් චුටි කෙල්ලට ඒවා තේරුන් නැහැ.දේව් හිතුවා මේ ගමනේ අතරතුර තේරුම් කරනවා කියලා.
“මොකෝ..”
“ඇයි .”
“ඉන්න දෙන්න අනේ..”
කොල්ලා කිතිකවපු නිසා කෙල්ලට තවත් කේන්ති.චුටි මූණත් රතු වෙලා.
“මං යන්නම් එහෙනම්..”
දේව් නැගිටලා යන්න වගේ හැදුවා බොරුවට.සරූ හිතුවේ ඇත්තටම කියලා.ඒ සුවිශාල බාහුව අත්දෙකෙන්ම අල්ලගෙන කෙල්ල දේව්ව නැවැත්තුවා.යන්න එපා..කියන්න වගේ ඒ ඇස් අසරණ වෙලා දේව් දිහා බලද්දි කොල්ලා එහෙමම සීට් එකේ ඉදගත්තා.නැහැ කොල්ලව ඉන්දුනා.
“මොකද යකෝ.කිරිපණු ගායද.සීට් එකත් එකක් හෙල්ලුනා බං.”
“කටවහං පලකෝ විදු..”
“දේව් උඔ මගෙන් අහගන්න එපා.එක විදිහකට යමං.නැගිටින්නේ වාඩ්වෙන්නේ.උඔ හිතුවද ඉන්නේ ජිම් එකේ කියලා.”
කොල්ලා ජිම් ගිහින් යකඩ උස්සලත් හදාගත්ත ලස්සන ඇග නිසා ගොඩක් කඩවසම් වුනේ.උපතිනුත් කොල්ලට ඒකට ගැලපෙන සිරුරක් දිලා තිබුනා.කොල්ලා ඒක වැඩ් දියුණු කරේ ජිම් ගිහින්.ඒකයි දේව්ගේ සිරුර නිසා ඉස්සරහ හිටපු විදුරගේ සීට් එක හෙල්ලිලා ගියේ.තිළිණිව කතාවට අල්ලන් හිටපු නිසායි එයාට පෙන්න චුට්ටක් විදුරට මල පැන්නා.ඉස්සරහ සීට් එකට එන්න වුන එකත් කොල්ලට ටිකක් අවුල් වගේ.
එහෙමම බාහුව බදාගෙන කෙල්ල දේව්ගේ උරපත්තට හිස තියාගත්තා.හරියට පතාපු දේ හම්බුනා වගේ.දේව් එහෙමම ඒ හිස සිප ගත්තේ ලෝබකමෙන්.තිළිණිට පිටිපස්සෙ වෙන දේවල් බලන්නත් ඕන. බලාගන්න බැරිවයි කෙල්ල ලතවුනේ.විදුර ඒ තරමට කෙල්ල අල්ලගෙන තිබ්බා.විදුරට ඒ අංශයෙන් නම් කප් දෙක තුනක් හම්බෙලයි තිබ්බේ.
“උදේට කන්නේ කොහෙන්ද සර්..”
පිටිපස්සේ හිටපු දේව්ගෙම යාලුවා සමිර එහෙම අහනවා.බොරුවට ගරුසරු ඇතිව ඇහුවේ සරූ හිටපු නිසා.කෑම කිව්වොත් ඕන මගුලකට ඉන්න සමීරයා ඒකයි මේ දැනුත් කෑම මතක් කරේ.කොච්චර කෑවත් හැදෙන්නේ නැති සමීර කෙට්ටු කෙනෙක්.පෙර කරුම බං මෙව්වා කියලයි සමීර බයිට් වෙද්දි බේරුනේ.
“හොටෙල් එකක් බලලා කමු .
“අනේ සර් හොද එකකින් කමු.කොළඔ හොටෙල් හොදයිනේ…”
සමීර හිටියේ බඩගින්නේ ඒකයි මේ කෑගහන්නේ.කෙල්ල හිටියේ ඇස් පියාගෙන කොල්ලට තුරුල්වෙලා.හොටෙල් එකක් ගාව කන්න නතර කරද්දි කෙල්ලට දේව්ගේ උරපත්තෙම නින්ද ගිහින් තිබ්බේ.
“බබා..නැගිටින්න කන්න යමු.”
“මට බඩගිනි නැහැ.”
“එහෙම හරියනවද ආයේ නවත්තන්නේ නැහැ.ඒ නිසා යමු.මොනාහරි කමු.
“අනේ..”
“කෝ..යමු පිස්සියේ…”
කෙල්ලට ඒ උණුහුමින් මිදෙන්නට හිතුනෙම නැහැ .ඒත් කට්ටියම බැහැලා ගිහින් තිබ්බේ.දේව් ඒකයි අඩගැහුවේ.කෙල්ල හිටියේ උණුහුමින් නින්දට වැටිලනේ.ඇහැරවන්න ලෝබ හිතුනත් කොල්ලා ඇහැරෙව්වේ ඒකයි මේ.නිදිබරව තිබ්බ ඒ දෑස් චුටිවෙලා තිබ්බේ.ඒත් ඒ තොල්පෙති නම් නවුම් විදිහට රොස පාටින් පිම්බිලා තිබ්බා.තොල්පෙති දිහාම කොල්ලා බලන් ඉන්නවා දැක්කම කෙල්ල බිම බලාගත්තේ ලැජ්ජාවෙන් කොපුල් රතුවෙද්දි.
කොල්ලා සරූගේ බිමට නැඹුරු වෙච්ච සුදු මූණ උස්සලා ලගට අරන් ඒ රෝස තොල්පෙති දේව්ගේ තොල්පෙතිවලට තද කරගත්තා.යටිතොල් පෙත්ත සිප ගද්දි කෙල්ලලේ චුටි ඇස් විශාල වුනේ පුදුමෙන්.මෙවැනි අද්දැකීමක් විද නැති චුටි කෙල්ල බයවෙලා හිටියේ .ඒ පපුව මහ සද්දෙන් ගැහෙනවා දේව්ටත් ඇහුනා.ඒත් කොල්ලට ඒ හැගීම් මෙල්ල කරගන්න බැරිවුනා.එහෙමම කුලුදුල් ලෙස සරූගේ තොල්පෙති තෙත් වෙද්දි ඒ පහසට කෙල්ලත් නොදැනීම වහ වැටිලා හිටියේ.කෙල්ලගේ හැගිම් දස අතේ විසිර යද්දි කෙල්ල ඒවා එකතු කරගන්න වගේ කලබල වුනා.දෙන්නගෙම ඇස් අඩවන් වෙලා යද්දි දේව් වගේම කෙල්ලත් ඒ පහසට නතු වුනා.
“දේව් අයියා..”
ඈත තියා තිළිණි කෑ ගහගෙන එන සද්දෙට කොල්ලා තොල්පෙති ඇදලා වගේ ගත්තේ කෙල්ලට හීනි වේදනාවක් ඉතිරි කරමින්.
“ඕ…ඇයි තිළිණි”
“එන්න අනේ කන්න ..මොනවා කරනවද..ඔීඩර් කරන්නේ මොනවදවත් මං දන්නේ නැහැ.”
“මං මට ඕන ඒවා ඕඩර් කර ගන්නම්.ඔයා කන්නකෝ..”
“පුහ් ..මෙයාගේ ඝනකම..ඕන එකක් කරගන්න එහෙනම්..”
වෙලාව හොදකම කියන්නේ තිළිණිට කෙල්ලව ගානක් වුනේ නැහැ.එහෙම කියලා ගස්සගෙන තිළිණි යන්න ගියා.දේව්ට හිනත් එක්ක ගස්සන් ගිය විදිහට.කෙල්ල හිටියේ තොල් පෙති තද කරන් වේදනාවෙන්.
“සොරි මැණික .රිදුනද..”
එහෙම කියලා දේව් හීනියට බලෙන්ම ඒ තොල්පෙති උඩ තව හාදුවක් තිබ්බා.කොල්ලට ඕන වුනේ වේදනාවට පිලියමක් දෙන්න.කෙල්ල ඔරවනවා.දේව් හිනාවෙනවා.
“මැණික..මොකෝ..”
කෙල්ල හිටියේ තෝන්තු වෙලා වගේ.වෙච්ච දේ කෙල්ලට හිතා ගන්න බැහැ.ඒත් කෙල්ල ඒ පහසට ආස කරා.තොල් පෙතිවල තිබ්බ දේව්ගේ රසය කෙල්ලගේ තොල්පෙතිවල තැවරිලා තිබ්බා.ඒකයි කෙල්ල තාමත් තොල්පෙති ලොක් කරගෙන හිටියේ.
“බය වුනාද..මි”
“හ්ම්..”
“ආදරෙයි වස්තු”
එහෙම කියලා දේව් කෙල්ලව වැලදගත්තේ මහ ගොඩක් ආදරෙන්.තමාගේ ජිවිතේට පායපු ලස්සනම සදවතිය නිසා ඒ ආදරේ තවත් වැඩ්වුනා.කෙල්ල හිටියේ ඒ පපුවට ගුලිවෙලා වගේ.
සිංදු කිය කියාමයි කට්ටිය ඉතුරු ටික යන්න ගියේ.තිළිණිගේ මූණේ නම් තිබ්බේ තරහක්.විදුර කියවනවා නොනවත්වාම.ඒක කෙල්ලට හිසරදයක් වෙලා තිබ්බේ.තිළිණිට දුක දේව් මෙතන සීට් එකේ නොසිටිමයි.
කොළඔට ලං වෙද්දි කට්ටියම බැලුවේ නවතින්න බුක් කරපු ගලදාරි හොටෙල් එක දිහා.නවතින්න කොල්ලා තෝරලා තිබ්බේ ගලදාරි හෝටලය.ඒකේ කොල්ලගේ තාත්තගේ හොදම යාලුවෙක් හිටියා සුමදාස කියලා.සුමනදාස මාමව කොල්ලා පොඩ් කාලේ ඉදන් දන්නවා.සුමදාසට ලමයි හිටියේ නැති නිසා කොල්ලට ගොඩක් ආදරේ කරා.තාත්තාට වෙච්ච දේට සුමදාස හිටියෙත් දුකෙන්.ඒත් කවදාවත් සුමදාස කොල්ල එහෙම කරන්නේ නැහැ කියලා සහසුද්දෙන්ම දැනන් හිටියේ අද්දෑකීමෙන්.
ගෝල්ෆේස් මුහුදත් එක්ක ගලදාරිය ලස්සනට දිස් වෙද්දි රියදුරා වාහනය නතර කරේ පාකින් එක ගාවින්.
****——මතු සබැඳී——****
ආදලෙයි යාලු