***—–මාංචු—–***(19 කොටස )

සරූට යාලුවා එක්ක එක කාමරයක් හම්බුනා.තිළිනිත් ඒ කාමරේටම ආවෙි දේව් කියපු නිසා.යාලුවෝ දෙන්නා එක පැත්තක නිසා තිළිණි බය වෙලා හිටියේ.ඒත් සරූ තරහ මරහා අමතක කරලා තිළිණි එක්ක කතා කරා.බයටමද මංදා තිළිණිත් ඒ වෙලාවේ නම් කතා කරා.

හවස කොල්ලා රූම් එකෙන් එළියට බැස්සේ රූම් එකේ ඉදලා කම්මැලි ගතියක් දැනුන නිසා.විදුරත් කොල්ලෝ ටික එක්ක මීටින් එකේ වැඩ වගයක හිටියේ.දේව් තමයි වැඩ ටික පැවරුවෙත්.ඒකයි එළියට ඇවිත් කොල්ලා රිලැක්ස් එකේ හිටියේ සාක්කුවට අත් දෙකත් දාගෙවම.නොසිතූ වෙලාවක දැකපු දර්ශනයට කොල්ලා අන්දුන් කුන්දුන් වුනා.

“යකෝ..මු මෙහේ..”

කල්පයා දැක්කා කොල්ලා ඉන්නවා.ක්ලබ් එකට යන්න ආපු කොල්ලා ඒකයි තමා එක්ක ආපු ගැටිස්සිවත් අතරමග වහන් කරලා කොල්ලා එක්ක කතාකරන්න ආවේ.දේව් ඒ නිසා කල්පයා එක්ක ආපු කෙල්ලව දැක්කේ නැහැ.ඒත් දේව් කල්පයාව නම් දැක්කා.

“බොක්කා..මෙහේ..”

“සැපක් ගන්න ක්ලබ් එකට ආවා බං..”

“හුටා උඔ කවද ඉදලද ක්ලබ් යන්න ගත්තේ..”

“ඇයි ඇයි අපිට තහනම්ද මල්ලී..”

“එ්ව නම් මට අරහං කියලා උඔ දන්නවනේ ලොකු අයියා.ඉතිං ඇයි මේ උඔ.”

“නැහැ..හු** මං ආවේ පුල් සෙල්ලම් කරන්න.”

කල්පයා ඇගට පතට නොදැනීම කියනවා.කල්පයා කැමති නැහැ තමා ගැන තියන හොද නාමය කොල්ලා ලග පලදු වෙනවට.ඒකයි එහෙම කිව්වේ.කොල්ලා දන්නවා කල්ප හොද එකා කියලා.ඒත් අද මේ මොහොතේ කොල්ලට කල්පයගේ වෙනසක් තිබ්බා.ඒ වෙනස අදුරගන්න ටිකක් අමාරු වෙලයි තිබ්බේ.

“අඩේ දැන් මතක් වුනේ දේව් මල්ලි.මට ජොබක් සෙට් කරලා දීපන්කෝ.”

“ඇයි උඔට හොද කොලිෆිකේෂන් තියෙන්නේ.ඇයි ඉතිං ඒම..”

ඇත්ත.දේව් දන්න තරම්න් කල්ප හිටියේ කොළඹ දෙමටගොඩ කට්ටුව.ඒත් කල්පට එක තැනක් කියලා තිබ්බේ නැහැ.අද මතුවෙන තැනින් නෙමෙයි හෙට මතුවෙන්නේ.කල්පයට කම්පස් යන්න බැරිවුනත් වු බාහිර පැත්තෙන් හොදට ඉගෙනීම කරගෙන තිබ්බා.ඇමති කෙනෙක්ට විරුද්දව අත දාන්න ගිහින් තමයි කොල්ලව හිරේට කඩන් වැටුනේ.හිර බත් කාලා එලියට ආපු නිසාද මංදා කල්පට දැන් අග හිගකම් දැනුනා.එ්ත් නොදන්න මාර්ගයකින් කල්පට අතට ගානක් ආවා.ඒ සල්ලි වලින් තමයි කොල්ලා මේ කෙල්ලව එක්කන් ක්ලබ් එකට ආවේ.

“අනේ බං හිරබත් කෑවා කිව්වම ඔක්කොම වුන් හලනවා බං.”

ඒක නම් ඇත්ත බං.වරෙන්කෝ අනිද්දා දිහා මගේ හොටෙල් එකට.කට්ටිය ගන්න ඉන්ටර්වීව් යනවා තාම.චාන්ස් එකක් අරන් දෙන්නම්..

“පිනක් දේව් මල්ලි උඔට..”

“අඩෝ තියාගනින් ඔතලා..”

“හෑ..”

කොල්ලා කියපු එක නොතේරුනා වගේ කල්පයා ඇඩ් කරේ.එහෙමම හිනාවෙලා කොල්ලා හැරෙද්දි දැක්ක ලස්සන දේට ඒ ඇස් ඇදිලා වගේ ගියා.පුංචි කෙල්ල ත්‍රි ක්වාට එකකට ලස්සන ටී ෂර්ට් එකක් ඇදලා කොණ්ඩෙත් කඩලා දාගා හිටියේ දගකාර විදිහට.ගෝල්ෆේස් හුලගට කෙල්ලගේ කෙහි රැලි නටනකොට නිල්පාට ඒ ඇස් ගියේ ඈත ඉදන් බලන් ඉන්න දේව් දිහාවට.ඒ තොල්පෙති ලස්සනට හිනාවකින් අැදුනේ ඒ සුදු මූණ දකිද්දි.

“මොකද ..”

“ඇයි..”

කෙල්ල හුරතල් වෙනවා.ඒකයි කොල්ලා තවත් ටිකක් ලගට ආවේ.

“හුලං වදින්න ආවාද..”

“හ්ම්..පාලුයි…අරුන් සේරම වැඩ .”

“මටත් කම්මැලි.හෙට මීටින් එකට ලැස්තිද දේව්..”

“හ්ම් ..ඔව්”

දෙන්නම ලංවෙලා කතා කරනවා.මුහුදු සුලග ඇවිත් කෙල්ලගේ කොස් රොදට ඉන්න දුන්නෙම නැහැ.අනවසරෙන් ඒ මූණට එබීගෙන වද දුන්නා.කෙල්ල ඒකෙන් බේරෙන්න අතින් අයින් කරත් හරි ගියේම නැහැ.කොල්ලට ආසයි ඒ මූණට එහෙම වෙද්දි.ඒකයි කොල්ලට හිනා ගියේ.

“ඇයි හිනාවෙන්නේ..මං යනවා .”

“ඉන්නවා කෙල්ලේ ..”

එහෙම කියලා දේව් කෙල්ලව ඇදලා ගත්තා.ඒ වේගෙට කෙල්ල ඇවිත් වැලදගත්තේ දේව්ගේ පපුව.කෙල්ල ඒ පපුවෙන් මෑත් වුනේ අවට සැරිසරන කට්ටිය දැකලා.

“යමුද ගෝල්ෆේස් එකට..”

“හා..”

කෙල්ල ගත් කටටම කැමතිවුනා.කෙල්ල ආසයි ඒත් කියාගන්න බැරිවයි ලතවුනේ.නුවර මුහුදක් පේන ඉසව්වක නැති නිසාද මංදා කෙල්ල ආපු වෙලේ ඉදන් දැගලුවේ බීච් එකට යන්න.ඒත් යාගන්න බැරිවයි හිටියේ.කොල්ලා හරියටම ඒ චුටි හිත තේරුම් ගත්තා වගේ අහද්දි ඒකයි කෙල්ල එක පයින්ම කැමති වුනේ.

“යමු….”

“හ්ම්..”

කොල්ලා ලගින්ම කෙල්ල ලස්සනට අඩි තියලා ගියේ දගකාර විදියට.

“මෙච්චර ආසයි කියලා දන්නවා නම් එනකොටම උස්සන් දුවන් යනවනේ.

කෙල්ල ආසාවෙන් යනවිදිය දැක්ම දේව් ඒ අත අල්ල ගන්න වගේ ගියා.කෙල්ල දුවන් වගේ ඉස්සරහට ගියේ හොටෙල් එකේ පිටවෙන තැනට.

“දේවි අයියා….”

****——මතු සබැඳී——-****

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *