***—–මාංචු—–***(20 කොටස )

“දේවි අයියා….”

ආපහු කොල්ලා ලගට දුවගෙන වගේ ආපු කෙල්ල ලස්සනට ඒ අත් බාහුවක පැටලුනේ එහෙම කියාගෙන.කොල්ලා බැලුවේ මූණට වැටිලා තිබ්බ ‍කෙස් රොද සරූගේ කොණ්ඩෙටම එකතු කරන ගමන් ඒ සුන්දර මූණ දිහා.

“ඇයි මැණික”

“මට අර ඈතටම යන්න ඕන ..එනවද යන්න.”

“යමු රත්තරං.මට පුලුවන් ඕන දුරකට මං එක්ක යනවා මගේ පිස්සිව.”

නිකටෙන් අල්ලා ඒ සොදුරු ගැහැනු මූණට එබිකම් කරලා කොල්ලා කියනවා.කෙල්ල දේව්ට තුරුලු වෙලා කෝලම් කරනවා.කොල්ලට මහ ගොඩක් ආදරේ ඒ මූණෙන් පේනවා.ඒකයි බදවටේ අත යවලා කෙල්ලව ගෝල්ෆේස් රැලි අතරට එක්ක ගියේ.මුහුද දැක්කම කෙල්ලට පිස්සුව ඩබල් වුනා.

“යකෝ…මෙච්චර දගකාරකමක්..”

කොල්ලා එහෙමයි කිව්වේ.ඇත්ත.අදයි කොල්ලා දැක්කේ කෙල්ල මෙච්චරම හුරතල් කියලා.ඒ තරම් කොල්ලට ආසයි.එහෙමම දේව්ගෙන් මිදිලා කෙල්ල ඒ සීතල රැලි අතරට එකතු වුනා.දේව් බලන් හිටියේ පිස්සියක් වගේ දුවන සරූ දිහාව.කෙල්ලගේ කොණ්ඩෙත් ඒ තාලෙටම දගකරද්දි ඒ දගකාරකම් දිහා දේව් බැලුවේ ආසාවෙන්.කට කොනින් කොල්ල ලස්සනට හිනාවුනේ ඒකයි.නැහැ දේව්ට හිනා ගියා.

“එන්න…”

“බෑ..”

“අනේ එන්නකෝ..”

“මැට්ටී..යමු..”

කෙල්ල ඒ සුවිශාල අතක් චුටි අත්දෙකෙන්ම ඇදලා දේව්ට අඩගහනවා රැල්ල පාගන්න.කොල්ලට ආස ඒ දගකාරකම් දිහා බලන් ඉන්න.ඒ ලස්සන ගෑනු කමට ලෝභ වෙන්න.ඒත් කෙල්ල බලෙන්ම ඇදන් යන්න දගලද්දි කොල්ලා දුවගෙන වගේ ගියේ රැල්ල පාගන්න.
ගොල්ෆේස් මුහුදත් හරියට දෙන්නට කැමති වගේ ලොකු රැලි නංවමින් දෙන්නා ලගට තුරුල් වුනා.කෙල්ල බේරෙන්න වගේ ඒ පපුවට තුරුලු වුනා.

“ඔන්න බලාගෙන පිස්සියේ ..”

“හු……….”

විශාල රැල්ලක් එක්ක කෙල්ල නෑවිලා යද්දි ඒ හැගීම් පිටවුනේ කෑගහන ගමන්.දේව් මහ හයියෙන් හිනාවුනත් දෙන්නම හිටියේ හොදට නාගෙන.දුවගෙන වගේ ගොඩට යන්න දගලපු කෙල්ලව ඇදලා වගේ දේව් ලගට ගත්තා.කෙල්ලගේ පිට කොණ්ද දේව්ගේ පපුවට හිරවෙද්දි දේව් අත්දෙකෙන්ම කෙල්ලව උස්සලා කැරකෙව්වේ මහ ගොඩක් ආදරෙන්.එහෙමම බිම තියද්දි සරූ පැනලා දේව්ගේ බෙල්ල බදාගත්තේ චුටි හිතේ ආදරේ තරම පෙන්නන්න හිතන්.බෙල්ලට හාදුවක් තියලා කෙල්ල තව ටිකක් රැලි අතරට එකතුවුනා.

“හයියූ…අයියා..මහන්සි..”

“ඇත්තනේ පුදුම දාංගලයක්නේ මේක යකෝ.නුවර මුහුදුක් නැති එක හොදයි.”

“ඇයි..??”

බෙල්ල ඇද කරලා කෙල්ල අහද්දි දේව් පැනලා ඒ අතින් ඇදලා සරූව වෙරලට එක්ක ආවා.

“නැත්තන් නුවර කොල්ලෝ ඔක්කොම පස්සෙන් එයි.මට නැතිවෙයි.”

එහෙම කියද්දි කෙල්ල ඇගේ දබර ඇගිල්ල ලා රෝස තොල්පෙතිවලට තද කරා.

“නැතිවෙන්නේ නැහැ.මට ඕන මේ කොල්ලව විතරයි.මේ සේරම දැගලිලි ඔයා ගාව විතරයි දේව් අයියේ.”

“මං දන්නවා මැණික.ඒකනේ මෙච්චර ආදරේ..මි..”

මුහුදු වතුරට කෙල්ලගේ කොණ්ඩේ හොදටම තෙමිලා.කොණ්ඩ ගස් මූණෙත් ඇලවිලයි තිබ්බේ.එහෙමම තොල්පෙති ලග දගකරපු කෙස් රැල්ලක් දේව් ඉවත්කරේ කෙල්ලගේ නිල් නුවන් දිහාම බලාගෙන.ඒ ඇස් මග හරින්න කෙල්ලට අමතක වුනා.නිල්පාටින් දිලිසෙන ඇස් මොනවද මුමුනනවා දේව් දැක්කා.දෝතින්ම සරූගේ මූණ ඇල කරලා දේව්ගේ තොල්පෙති ගියේ කෙල්ලගේ මූණට.ඇදිලා වගේ ආපු දේව්ගේ තොල්පෙති නතර වුනේ ලුණු රස තැවරුන කෙල්ලගේ රෝසම පාට පිරිපුන් තොල්පෙතිවල.දේව්ගේ ඇස් සරූගේ ඇස්වලට එබිකම් කරද්දි කෙල්ලගේ ඇස් පියවුනේ කොල්ලගේ පහසට ලෝබකමින්.

ලුණු රස එක්ක තොල්පෙති එකිනෙකට දගකරද්දි කොහේදෝ ඉදන් රැල්ලක් ඇවිත් දෙන්නගේම කකුල්දෙක සීතල කරලා යන්න ගියා.එහෙමත් ටික වෙලාවකට පස්සෙයි දේව් ඒ තොල්පෙති මුදාහැරියේ.කෙල්ල ලැජ්ජාවට මුහුදු රැලි අතරට දිව්වා.පිටි අත්‍දලෙන් තොල්පෙති පිරිමදිමින් දේව් ලස්සනට හිනාවෙනවා.අරමුණක් නැතුව ජිවිතේ විදවපු කොල්ලට මේ ආදරේ මහමෙරක් වගේ දැනුනා.පපුව කෑගහලා ඉල්ලුවේ ගෑනුකම පිරිච්ච ඒ සුන්දර යුවතියවයි.ඒකයි දේව් කෙල්ල පස්සෙන්ම ගියේ.

ඇති පදම් මුහුදේ කෙල්ලට නටන්න ඉඩ දිලා දෙන්නම වෙරලට ඇවිත් වාඩිවුනා.කෙල්ල හිටියේ කකුල් දෙකත් දිග ඇරන් සැහැලුවෙන්.දේව හිටියේ කෙල්ලව පිටිපස්සෙන් බදාගෙන වාඩ්වෙල.කෙල්ල එක එක ඒවා කියලා හිනාවෙනවා.හුරතල් වෙන කෙල්ලගේ බදවටේ අත් යවලා කොල්ලා ඒ උරිස්සෙන් බෙල්ල තියනවා.එහෙමම කෙල්ලගේ බෙල්ල හාදු වැස්සකින් තෙමන්නේ කිතිකැවිලා දගලන කෙල්ලවත් ගානකට නොගෙන.ඉර බැහැගෙන වගේ යද්දි දෙන්නම ආයෙත් හෝටලේට එන්න ආවා.

“අනේ දේව්…ඔයා කොහෙද ගියේ.ඇයි මේ තෙමිලා..”

තිළිණි ඉස්සරහට හම්බෙයි කියලා දෙන්නම හිතුවේ නැහැ.ඒත් හම්බුනා.ගෑනි නිකන් බැදපු මිනිහගෙන් අහනවා වගේ දේව්ට ලංවෙලා අහනවා.

“ඔයා චේන්ජ් කරගන්න මං එන්නම් සරූ.”

කොල්ලා එහෙම කනට කරලා සරූට කියද්දි කෙල්ල හිටියේ තරහෙන් නපුරුවෙලා.තිළිණි දේව්වත් ඇදගෙන යන්න හැදුවේ.කෙල්ලගේ චුටි හිත කැඩිලා ගියේ ඒ දුකට.මොහොතක්වත් නොරැදි කෙල්ල දුවන් වගේ යන්න ගියා.දේව්ට යකා නැග්ගේ අන්න එතකොටයි.තිිළිණි අල්ලන් හිටපු අත ගසලා දාලා කොල්ලා සරූව නැවැත්තුවා.තිළිණි ගියේ කෙල්ලටත් ගස්සගෙනමයි.

“හොදයි බලාගමුකෝ…”කියන්න වගේ තර්ජනාත්මක බැල්මක් ඒ වෙලාවේ තිළිණි ගේ මුණේ තිබ්බේ.

කෙල්ල පඩ්පෙල දිගේ ගියේ ඒ අත්වලින් ‍බේරිලා මුරන්ඩු විදිහට.දෙව් සරූ පස්සෙන් පිස්සෙක් වගේ දුවන් ගිහින් මුරණ්ඩු කෙල්ලව නැවැත්තුවා.බැල්කෙනිය ලග කෙල්ල නතරවුනේ ඒකයි.වැසි බිදු වගේ පිනි කදුලු ඇස් අග රැදිලා දෑස් තෙමිලා තියනවා දේව් දැක්කා.කෙල්ලගේ අසරණ දෑස් දිහාම බලන් දේව් සුසුමක් හෙලුවේ ඒකයි.

“කෙල්ලේ මට ඇති තරම් බනින්න.ඇයි ඉතිං මේ අහග බලන් ඉන්නේ නපුරියේ..”

එහෙම කියලා දේව් ඒ අැගේ ඇතිල්ලෙද්දි කෙල්ල තරහෙන් දේව්ව පස්සට තල්ලු කරා.චුට්ටක් විතර පස්සට ගියත් දේව් හිටියේ නපුරු මූණ දිහාම බලාගෙන.

“කොහොමද නපුරු වුනේ මෙච්චර ආදරෙන් පිරිච්ච චුටි හිත..මී”

කෙල්ල දුවගෙන වගේ දේව්ගෙන් මිදිලා කාමරේට ගියා.කෙල්ලට ප්‍රශ්නයක් වුනේ ඇයි දේව් තිළණිට මේවා හංගන්නේ කියලා.කෙල්ල එහෙමම බාත් රූම් එකට ගියේ එහෙම හිතන ගමන්.

“තිළිණි..”

දුවගෙනම තිළිණි ගාවට අාපු දේව් හිටියේ තරහෙන්.ඒකයි කොල් එකක ඉන්නවා නේද කියලාවත් ගානක් නැතුවම තිළිණිට දේව් කතා කරේ.ගැස්සිලා වගේ තිළිණි බැලුවේ ඒ ඇස් දිහා.මෙච්චර කේන්තියෙන් දේව් ඉන්නවා තිළිණි දැකලම නැහැ.ඒකයි කෙල්ල කනේ තිබ්බ ෆෝන් එක එහෙමම පහලට ගත්තේ.

****——මතු සබැඳී——-****

අඩුපාඩු කියන්න.අසනීපෙන් ඉන්න නිසා කැත ඇති.කියන්න මං ලියන්නේ නැතුව ඉන්නම්..හාද

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *