***—–මාංචු—–***(21 කොටස )

තිළිණිගේ දකුණු අතින් ෆොන් එකේ රතු පාට බටන් එක එබුනේ මතකෙන් වගේ.එහෙමම ඒ ඇස් ගියේ දේව්ගේ තරහෙන් දිලිසෙන ඇස් දිහාවට.

“තමුසේට පිස්සුද නැත්තන් හැටිද කියනවා”

“පිස්සු..මට”

“අහ් එහෙනම් අංගොඩ යනවා.”

“ඇයි දේව් එහෙම කියන්නේ..”

තිළිණි දන්නැති බබා පාට් එකෙන් ඇස් පිහාටු වේගෙන් ගහන ගමන් අහනවා.දේව්ට ඒවා දිරවන්නෙම නැහැ.

“මගෙන් ඈත් වෙලා ඉන්නවා.මගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන්න තමුසෙට බැහැ.තමුසේගේ හැටි මං හොදට දන්නවා.”

අන්තිම වචන සෙට් එක කියද්දි තිළණිගේ ඇස්වලින් කදුලු ආවා.ඒ කදුලු ඇත්තටමද නැත්තම් රගපාන අදහසින්ද කියන්න දන්නේ තිළිණිම නිසා දේව් ඒ ඇස් මග හැරියා.

“තිත්ත වුනත් ඇත්ත මේකයි…”

කොල්ලා කිව්වේ තිළිණිගේ ලගටම ලංවෙලා කේන්තියෙන්.අන්න එතකොට නම් තිළණිගේ හදවතේ ලබ් ඩබ් වොයිස් එක කෙල්ලගේම කන්වලට ඇහෙන තරම් සද්දෙන් ගැහෙන්න ගත්තා.

“සරූ ට මං ආදරෙයි.කෙල්ලට රිද්දලා මං නරක මිනිහයි කියන්න එපා තිළිණි.”

එහෙමම තරවටු කරලා දෙව් යන්න ගියා.අඩියට දෙකට පඩි නැගලා කේන්තියෙන් උඩට නගින කොල්ලා දිහා තිළිණි බලන් හිටියේ තබ්බීරි වෙලා.අතැගිලි අතර සිර කරන් හිටිය දුරකථනය අල්ල උඩ තියන් කලබලෙන් වගේ තිළිණි ෆොන් එකේ නම්බර් එකක් ඩයල් කරේ හිතට ආපු ආවේගෙත් එක්කමයි.

හිතේ දුක හේදිලා යනකම්ම වගේ සරූ හිටියේ නාන කාමරේට වෙලා.එහෙමම ඇති පදම් අඩලා දුක හෝදලා දාලයි කෙල්ල කෙටි තුවායත් ඇගේ දවටගෙන නාන කාමයේ දොර ඇරියේ.

“දේව්…අයියේ..”

එකපාරම දේව් ඇස් ඉස්සරහ ඉදි කියලා කෙල්ල හිතුවේ නැහැ.ඒකයි චුටි කෙල්ල පුදුම වුනේ.ඊටත් පස්සෙයි මතක් වුනේ ඉන්න විදිහ.දේව්ගේ ලස්සන ඇස් ක්ෂණිකවම ඇදිලා වගේ ගියේ ඒ නාරිලතා පුෂ්පය දිහාවට.ශරීරයේ උස් ලමැද කෙටි තුවායෙන් දර්ශනය වෙද්දි සුන්දර යුවතියගේ සොදුරු ගැහැනුකම හොදටම ඉස්මතු වුනා.දේව් දැක්කා ඒ සුන්දරත්වය.ඒත් කෙල්ල ආ පයින්ම දුවන්න ගත්තේ පියවි සිහියට ආපු නිසා.දෙව් ඇදලා වගේ කෙල්ලව ලගට ගත්තා.තුවාය බේරුනේ අනුනමයයි දශම නමයයි බාගෙගින් වගේ.සරූ එහෙමම තුවාය ගැට ගහන් හිටපු තැනට සුරත තියලා තද කරගත්තා.හැගිම් පාලනේ කරන් දේව් කතා කරා.

“කෙල්ලේ …”

“ම්…”

“ඔයා ඔහොම ඉද්දි අමුතුම සුන්දරත්වයක් පේන්නේ මට විතරද..”

“ඔයාට විතරයි ..යනවා අහකට…”

කෙල්ල පැනලා යන්න දගලනවා.ඒත් ඒ ශක්තිමත් අත්වලින් බේරෙන්න බැරිවයි කෙල්ල ලතවුනේ.අන්තිමට කෙල්ල බේරිලා වගේ පැනගත්තා.වෙලාවේ හොදකමද මංදා එතකොටම කොහෙදෝ ඉදන් කෙල්ලගේ යාලුවා අරුණි එතනට ආවා.ඇයත් ප්‍රේමවන්තියක් නිසා එච්චරම ගනන් ගත්තේ නැහැ.ඇරත් සරූ සේරම විස්තරේ අරුණිට කියලා තිබ්බේ.කොල්ලා ගියේ ඊටත් පස්සේ.

නාගෙන ඇවිත් කොණ්ඩෙි පිහදාගන්නෙත් නැතුව කෙල්ල හිටියේ ලොකු කල්පනාවක.ඒ නිසාද මංදා රෑට කෑවටත් පස්සේ කෙල්ලගේ මුලු ඇගම රත්වෙලා උණ අරන් තිබ්බේ.සරූ කෙදිරි ගාන සද්දෙට ලගම නිදන් හිටිය කෙල්ලගේ යාලුවා අරුණි ඇහැරිලා බැලුවා.

“ඇ..ඇයි සරූ..මොකද..”

“අ..මා.රුයිඉඉ අරුණී…”

කෙදිරිගාන ගමන් කෙල්ල එහෙම කියද්දි අරුණි ටක්ගාලා දේව්ට ගත්තා.කෙල්ල කිව්වේ අයියව ඇහැරන්න එපා කියලා වුනත් අරුණිට එහෙම නොකර ඉන්න බැරිවුනා.කොල් කරලා විනාඩ් ගානක් යන්නත් කලින් දේව් ආවේ කලබලෙන් වගේ.තිළිණි හිටියේ නිදි වගේ එහා ඇදේ හතර ගාතේ දාලා.දෙව් ආව ගමන් එක ඇහැක් ඇරලා හොරෙන් කොල්ලා දිහා බලාගෙනයි තිළිණි හිටියේ.

“සරූට ටී ෂර්ට් එකක් අන්දන්න අරුණි.”

කොල්ලා කියද්දි අරුණි ගිහින් ටී ෂාර්ට් එකක් ඇන්දුවා.

දුහුල් නයිට් ඩ්‍රස් එකට උඩින් ටී ෂර්ට් එකකුත් ඇදගෙන හිටපු කෙල්ලව දෝතින්ම උස්සලා ගත්ත කොල්ලා ගියේ දොර වහගන්න කියලා අරුණිට කියන ගමන්.අමාරු නිසාද මංදා සරූ දේව්ගේ බෙල්ල බදාගෙන තුරුල් වෙලා හිටියේ.ඇස්වලින් ගින්දර පිටවෙනවා වගේ නිසා කෙල්ල තද කරලා ඒ ඇස් වහ ගත්තා.ඩ්‍රයිවර්ටත් පාර කියන ගමන් දෙන්නම ගියේ නවලෝක හොස්පිටෙල් එකට.යන මග දිගටම දේව් කෙල්ලව උණුහුමින් මුදාහැරියෙම නැහැ.

“අමාරුද පැටියෝ..”

“හ්ම්..”

උණුහුමින් ගුලි ගැහිලා අඩක් නිරාවරණය වෙලා තිබ්බ දේව්ගේ ඒ පපුව උඩට තදවෙලා කෙල්ල උත්තර දුන්නෙත් අමාරුවෙන්.අමාරුවටම කෙල්ල පුපුවේ රස්නෙට ගුලිවුනේ ඒකයි.බෙහෙත් අරන් ආවත් කෙල්ලව නවත්ත ගන්නමයි ඉස්පිරිතාලෙන් නියම වුනේ.කෙල්ල කවදාවත් තනියෙන් ඉස්පිරිතාලෙක ඉදලා නැහැ.එ්කයි බයටම කෙල්ල බැහැම කියලා මුරන්ඩු වෙලා ආවේ.දේව් කෙල්ලට බලපෑම් කරන්න ගියෙත් නැහැ අසනිප නිසා.

පහුවදා කෙල්ලට මීටින් එකට යන්න තරම් ලෙඩේ සුව අතට පත්වෙලයි තිබ්බේ.ඒත් දේව් යන්න දුන්නේ නැහැ.කෙල්ල ආසාවෙන් හිටියේ යන්න.දේව්ගේ තරවටු නිසා කෙල්ල මුරන්ඩු කම නැතිකර ගත්තා.

“මොකද ඔරවන්නේ ආච්චියේ…”

“මුකුත් නැහැ.”

“නැතිවෙන්න බැහැ.මෙහෙ එන්න.කෝ මෙතනින් වාඩිවෙන්නකෝ..”

“ඇයි..”

දැන් මීටින් එකට ගිහින් ඔයාට මහන්සි වුනාම ආයෙත් වැඩිවෙනවා.හවස නුවර යද්දි අමාරුවෙයි මැණික.ඒ නිසා දැන් හොද ලමයා වගේ නිදාගෙන බෙහෙත් ටික බොන්න.යාලුවත් ලග ඉන්නවනේ.මී..

“තිළිණිත් යනවද…”

“නැහැ එයවත් තියලා යන්නේ..”

“හ්ම්…”

“සතුටුද දැන්..තියන ඉරිසියාවක් මේකගේ..”

“ඉරිසියා ව නෙමෙයි..”

“එහෙනම් මොකක්ද..”

“ආදරේ..”

එහෙම කියලා කෙල්ල නැගිටලා යන්නයි ගියේ.ඒත් දේව් යන්න නොදි කෙල්ලව අතින් ඇදලා අරන් එතනින්ම ඉන්දව ගත්තා.

“මං යන්නම් මැණික.පරක්කු වෙනවා.උදේ පාන්දර මාවත් පිස්සු වැට්ටුව පිස්සි.”

එහෙම කියලා කලබලෙන්ම සරූගේ ලා රෝස පාටින් තිබ්බ සුසිනිදු කම්පෙත්ත අග දේව්ගේ තොල්පෙතිවලින් තද කරේ කන්පෙත්ත තද රෝස වෙන්න.
කෙල්ල අඔරෙනවා කිති කැවිලා.දේව් ලස්සනට හිනාවෙනවා.ඒකයි කෙල්ල ආයෙත් බොරුවට බුම්ම ගත්තේ.

*****************************

කට්ටියම නුවර අාවේ ලොකු සතුටත් අතේ තියන්.දේව්ට ලොකු හොටෙල් සම්බන්ධ බිස්නස් ඩීල් එකක් හම්බුන නිසා කෙල්ලත් ගොඩක් සතුටින් හිටියේ.ඒකයි ඒ කොපුල් රෝස පාට්න් පිම්බිලා තිබ්බේ.දේව් ගැන ගොඩාක් ආඩම්බරෙන් හිටියේ කෙල්ල.කෙල්ල දැනන් හිටියා කොල්ල දක්ෂයා කියලා.ඒකයි හැමෝම කොල්ලගෙන් පාටි ඉල්ලුවේ.දවසකුත් ගෙදර ඉදලා රෙස්ට් කරලයි කෙල්ල පහුවදා හොටෙල් එකට ගියේ.අතුකොරල තමයි කෙල්ලට එහෙමම ගෙදර ඉදලා රෙස්ට් කරලා යන්න කිව්වේ.ඒත් කොල්ලත් ඒක කලින්ම අතුකොරලට කොල් කරලා කිව්වා.

“ගුඩ් මෝනිං නංගි…මතකද මංදා..”

ලස්සනට ඔෆිස් ඇදුම ඇදලා ටයි එකක් එහෙමත් දාලා ඩීසන් එකෙ ඉන්න කොල්ලව සරූට අදුරගන්න බැරිවුනෙ නැහැ.

“කල්ප අයියා නේද..”

“අහ්..ඔය මතක තියෙන්නේ..”

“මෙහෙ ආවේ අයියා..”

“දැන් මෙහෙම තමා ඉතිං.දේ්ව් මල්ලි ජොබ් එකට ගත්තා.ජෙනරල් මැනේජර් විදිහට.”

“අනේ..හොදයිනේ..

“දේව් මල්ලි නිසා තමයි.හැබැයි දැන් මාත් ඔයාගේ බොස් කෙනෙක්.”

ඒ කතාව නම් කෙල්ලට ඇල්ලුවේ නැහැ.ඒකයි කියන්න දෙයක් හිතා ගන්න බැරිව කෙල්ල ලත වුනේ.

“නංගි…”

“අහ්..”

“මොකද වුනේ..ඒක නෙමෙයි.ඔයා අද හරිම ලස්සනයිනේ.”

අැත්ත.සරූ අද ලස්සන ලා කහපාට මල් වැට්ච්ච සාරි එකක් ඇදලා හිටියේ.ලස්සනට තිබුන ගැහැනු ඇගට සාරි එක පුදුමම ලස්සනක් ගෙනාවේ.හීනියට තිබ්බ සාරි පොටේ රැලි ටික කෙල්ල නැලවි නැලවි යන ගමනට ගැලපෙන්නම පැද්දුනේ පිරිමි හිත් අවුස්සන ගමන්.කොණ්ඩෙත් ඉණෙන් පහලට කඩා හැලිලා තිබ්බ නිසා සොදුරු යෞවනිය තවත් සුන්දර වුනා.ඒකයි කල්පට ස්තුතියි කියනගමන් යන්නම් කියලා කිව්වේ.සරූ යන දිහාව ගල් ගැහුන ඉබ්බෙක් වගේ කල්ප බලන් හිටියේ ඊටත් පස්සෙයි.

****——මතු සබැඳී——-****

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *