***—–මාංචු—–***(23 කොටස )

කල්ප එහෙමම හැරිලා බැලුවේ කවුද අත අල්ලගත්තේ කියලා.සරූ කියලා කල්ප දකිද්දිම කෙල්ලත් ටක්ගාලා අත ඇදලා ගත්තා.එහෙමම කෙල්ල අසරණ විදිහට බැලුවේ දේව් දිහා.

“අඩෝ..මේ අත අයිති ඔබට බං..”

එහෙම කියලා කෙල්ලගේ අත ඇදලා අරන් කල්ප දේව්ගේ අත උඩින් ලස්සනට තිබ්බා.සරූ තබ්බීරි වෙලා වගේ බලන් හිටියේ කල්පව තේරුම් ගන්න බැරිවයි.දේව් අතත් එක්කම කෙල්ලව ලගට ඇදලා ගත්තේ ආදරෙන් චුටි කෙල්ලව තුරුලු කරගන්න ගමන්.කෙල්ල එහෙමම පපුවට තුරුලු වුනා.

වැඩ ඔෆ් වෙලා දේව් කෙල්ලව ගෙදරටම එක්ක ගියා.අතුකොරලගෙන් බේරෙන්නම බැරිවුනේ තේ බොන්න කියලා.කොල්ලට ඒ ඉල්ලිම අහක දාන්න බැරිම තැන කොල්ලා තේ එකකුත් බීලාම යන්න ගියා.

දේව්ගේ උපන් දිනේ ලබන මාසෙට යෙදිලා තිබ්බේ.කල්පට ඕන වුනේ දේව්ව සප්රායි කරන්න.ඒකයි තිළිණීයි ඔෆිස් එකේ අයයි එකකු වෙලා දේව්ගේ උපන්දිනේට සප්රායිස් පාටියක් ලැස්ති කලේ.සරූගෙනුත් ඒ දේ වහන් කරලයි කට්ටිය ප්ලෑන ක්‍රියාත්මක කරේ ..හැමෝම හිතුවේ කෙල්ලවයි දේව්වයි තනියෙන් ට්‍රිප් එකක් යවන්න කියලා.ඒක කල්පගේ අදහසක්.ඒත් කල්ප දස අතේ කල්පනා කරේ ඒක දේව්ට කියන්නේ කොහොමද කියලා.එතකොටම තීළිණි එතනට ආවා.

“කල්ප අයියා…”

“ම්..”

“අපි දේව් අයියලව රිවිස්ටන් යවමු.හොදට එන්ජෝයි කරන්නත් පුලුවන්නේ..ඔයා මොකද කියන්නේ..”

“අහ් ගුඩ් අයිඩියා..ඒත් මුන් දෙන්නව කොහොමද මේකට යවන්නේ..”

“ඒවටද ක්‍රම නැත්තේ..ඒක මං කරන්නම්කෝ…”

“අහ්…එච්චරටම දන්නවද..කෝ බලන්න..”

තිළිණිව බදවටේ අතදාලා ලගට ඇදලා ගද්දි කෙල්ල හිටියේ ගානක් නැතුවම තුරුලු වෙන ගමන්.කිටි කිටියේ ඒ පිරිමි පපුවට පිස්සුවෙන් වගේ කල්ප තද කරලා තුරුලු කරගත්තෙත් ඒකයි…කෙල්ල හිටියේ ඒ පහසට නතුවෙලා…ඒකයි ඒ කිලිටි වෙලා තිබ්බ තොල්පෙති අනවසරයෙන්ම කල්පත් නතු කරගත්තේ.තීළිණිත් හිටියේ ඒ පහසට ගොඩක්ම කැමැත්තෙන්මයි.කල්පගේ තොල්පෙති තිළිණිගේ තොල්පෙති වලින් තද කරගද්දි කොල්ල තවත් ඒ පපුවට හිර වුනා…එහෙමම ඒ ඒ ලෝකවල තනි වෙච්ච දෙන්න ඈත්වුනේ කල්පගේ අවසරයෙන්.

“ඇති නේද…වැඩේ ප්ලෑන් කරමුද..”

“මදි..”

එහෙම කියලා කල්පව ෂර්ට් එකෙන් ඇදලා ලගට ගත්තේ තවත් ඒ පහස විදගන්න.ඒ්ත් කල්ප බලෙන්ම බොරුවක් කියලා පිට වුනා.එහෙමම බලෙන් දෙන කෙල්ලන්ටත් කල්ප කැමති නැති නිසා.

දින සතිවෙලා සති මාස වෙද්දි එහෙමම දේව්ගේ උපන්දිනෙත් ලංවුනා.කට්ටිය මීටින් එකක් කියලා දේව්ව බොරුවක් කියලා අන්දලා තිබ්බේ..කට්ටියට ඕනවුනේ කොහොම හරි ජෝඩුවව රිවස්ටන් යවන්න.කල්ප තමයි බැහැලම සප් එක දුන්නෙ.පුදුමේ කියන්නෙ තිළිණිත් දෙන්නට උදවු කරා.තිළිණිට කල්ප ගැන ලොකු මොකක්දෝ දෙයක් හිත‍ට දැනිලා තිබ්බේ.ඒකයි තිළිණි කල්ප කියන විදියටම වැඩ ටික කරේ.

ට්‍රිං…..ට්‍රිං……

මුකුත් දන්නැති දේව් මධ්‍යම රාත්‍රියේ නැගිට්ටේ ලොකූ ඇනුමක් අරින ගමන්.කොල්ලගේ ෆොන් එකට කොල් එකක් ආවෙත් ඒ වෙලාවෙමයි.

“හලෝව්…”

“සුභ උපන්දිනයක් වේවා සුදු මහත්තයෝ..උම්මා😙😙😙😙 “

“තැන්කු පැටී….අවුරුදු ගානකින් මෙහෙම ආදරණීය විදිහට විෂ් එකක් ඇහුනේ.මේ මහ රෑ මොකෝ කෙල්ලේ…”

“දැන් උදේනේ…හයියූ”

කෙල්ල මේ රෑ ඉදන් ඇහැරිලා හිටියේ දේව්ට සුභපතන්න.ඇහැරෙන්නේ නැතිවෙයි කියලා බයට කෙල්ල නිදාගන්‍ේ නැතුව හිටියේ.දැන් නම් ඒ චුටි ඇස් නිදිමතට කැවෙනවා වගේ.ඒත් ඉවසන් කෙල්ල කතා කරේ කිසිම වෙනසක් නොපෙන්වාමයි.දේව් දන්නවා කෙල්ලට නිදිමරන්න බැහැ කියලා.ඒකයි කෙල්ල ගැන ආදරේ තවත් වැඩිවුනේ.

“ආදරෙයි පන..මට ඉන්නේ ඔයා විතරයිනේ..ඒ වුනාට මේ නිදිමරන් මට සුභ පතන්න ඕන නැනේ මැණික.

කෙල්ල ලස්සනට හිනාවෙනා.දේව් ඇදේ පෙරලි පෙරලි කතා කරනවා.කෙල්ලත් එහෙමයි.ඇත්ත කොල්ලට එහෙමම කියලා සුභ පතන්න කවුරුත් හිටියේ නැහැ තමා.ඇරත් මෙහෙම ආදරෙන් සුභ පතන්න ගැහැනු කෙනෙක් කොල්ලට හිටියා කියලාවත් මතකයක්වත් නැහැ.කෙල්ලගේ මේ හැසිරීමි කොල්ලගේ ජිවිතේට තවත් බලාපොරොත්තු පුරවන්න හේතුවුනා.

උදේම සරූගේ ගෙදර අය කොල්ලගේ ගෙදර ආවා.අතුකොරල නෝනා රසම රස කිරිබතක් හදන්න කිචන් එකට ගියේ තමාගේම ගෙදර වගේ.අතුකොරල වත්තේ ඇවිද ඇවිද හිටියේ මුරකාරයා එක්ක විස්තර කතා කරනගමන්.කෙල්ල ඇල්මේ දුවන් ගියේ වත්තෙන් කඩාගත්ත නානාප්‍රකාර මල් පොකුරත් අතින් අරගෙන දේව්ගේ උඩුමහලේ කාමරේට.මීටින් එක හවස් වරුවේ නිසා කොල්ලා සැපට නිදාගෙන හිටියේ.කෙල්ල සීරුවට ලගට ගියා.

දේව් හිටියේ කොට්ටෙකුත් තුරුල් කරන් බෙඩ්ෂිට් එකත් බෙල්ලේ ඔතාගෙන.හොද වෙලාවට ෂෝටක් ඇදලා හිටියේ කියලයි කෙල්ලට හිතුනේ.ඉන්න විදිය දැක්කම කෙල්ලට බඩත් අල්ලන් හිනා.ඒත් අතින් කට වහගෙන කෙල්ල හිනාවුනේ දේව් ඇහැරෙයි කියලා බයට.අරගෙන ආපු මල් පොකුරෙන් මල් පෙත්තක් කොල්ලගේ තොල්පෙති උඩින් තියලා කොල්ලා හුස්ම ගන්න තාලෙට නටන මල් පෙත්ත දිහා කෙල්ල ආසාවෙන් බලන් හිටියා.

නින්ද අහවර කරලා හීනියට ඇස් අරිද්දි නිකටට අතත් ගහගෙන මූණ දිහාම බලන් හිටිය සරූව දේව්ගේ ඇස්වලට අහුවුනා.උදෑසනම පිපුන රෝසම පාට කුසුමක් වගේ ආදරේ අරන් ඇවිත් ඉන්න කෙල්ලව දකිද්දි ඒ ඇස් විසල් වුනේ මේක හීනයක්ද කියලා නොතේරුන නිසා.

“අනේ… මල් පොකුර..අයියෝ….”

කෙල්ල කෑගැහුවේ දේව්ගේ සිරුරට යටවුනු මල් පොකුර බේරගන්න.කොල්ලා හීනයක්ද කියලා දැනගන්න කෙල්ලව ඇදලා ලගට ගත්තා.සරූ වෙර දරලා මල් පොකුර බේර ගත්තා.

“ඇත්තටම මැට්ටි නේද ..හිනයක් නෙමෙයි එහෙනම්”

“බලන්න තව පොඩ්ඩෙන් මල් ටික පොඩිවෙනවා.”

දේව් මල් පොකුර මේසේ උඩින් තියලා එහෙමම කෙල්ලව ඇද උඩට පෙරල ගත්තේ ආදරේ පපුව සිදුරු කරන් යද්දි කෙල්ලට හිතන්නවත් ඉඩ නොතියාමයි.

****——මතු සබැඳී——-****

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *