***—–මාංචු—–***(26 කොටස )

සරූ දුවගෙන ආපු පාර එහෙමම කාමරේ දොර වහගන්න හැදුවා.ඒත් දේව් ඒ දොර අතින් පස්සට කරලා නවත්ත ගත්තා.කෙල්ල කදුලු පුරවන් ගිහින් ඇදේ වාඩි වුනා.කෙල්ල අත්දෙකෙන් මූණත් වහගෙන කඩා හැලෙන කදුලු බිංදු දෝතට තද කරගත්තේ හිතේ පිරිච්ච දුක මකාගන්න.දෙව් ඇවිත් කෙල්ල ලගින්ම තුරුල්වෙලා වගේ වාඩ්වුනා.

“කෝ බලන්න…කෝ ඉතිං…අඩන්න එපා මැණික..”

“හී…හී…😭😭😭😭

“මේ..අහන්නකෝ…”

කොල්ල හැදුවේ මූණේ තිබ්බ අත අයින් කරන්න .චුටි කෙල්ල මුරණ්ඩුයි.ඒකයි අත නොගෙනම අඩන්නේ..කොල්ලා වෙර දරලා කොහොම හරි අත අයින් කරා..එහෙමම කෙල්ල දේව්ගේ උණුසුම් පපුවට තුරුලු වුනා.ඒත් ඉකි ගහන එක නම් නතර වුනේ නැහැ.

“ඕක හිතන්න එපා මැණික…මාමා එහෙම තමයි.මට ඔයිට වඩා ඒවා කියලා තියනවා.මේ මං ඉන්නේ අපුරුවට ඉවසගෙන..කෝ බලන්නකෝ…”

දේව් කියද්දි කෙල්ල කදුලු පිරිච්ච ඇස් උස්සලා ඒ මූණ දිහා බැලුවා.දේව් බැලුවේ කදුලු වලට කැත වෙලා තිබ්බ මූණ දිහා.එහෙමම දේව් ඒ සුවිශාල අතක් යවලා කෙල්ලගේ බේරෙන කදුලු පිහිදැම්මා. කෙල්ලගේ දුක හීනියට තුනීවුනේ ඊටත් පස්සෙයි.

“කාට කොහොම වුනත් මට ඔයා ගැලපෙනව නම් අනිත් අය අදාල නැනේ..ඔයා දන්නවානේ මැණික,මං ආදරේ කරන්නේ ඔයාටනේ..ඇයි ඉතිං කවුරුත් කියන ඒවාට හිත් රිදවා ගන්නේ..”

“හ්මි…”

“හ්ම් නෙමෙයි..හොට්ට් වගේ අඩන්න තියාගත්තම හරිද..කට තියෙන්නේ මට විතරද…මී..බනින්න එපැයි..”

“එහෙම බැහැ..මොනාවුනත් ඒ ඔයාගේ පවුලේ අය..මං කොහොමද එහෙම කරන්නේ…ඇත්ත වෙන්න ඇති කියන්න ඇත්තේ..සුද්දියෙක් හොයාගන්න පුලුවන් වෙයි ඔයාට..”

“අනේ මගෙන් අහගන්න එපා..මට ඕන් නැති සුද්දියෙක් නැහැ.මට ඕන ලංකාවේ මේ උඩරට මැණිකෙව විතරයි.මගේ පණ ටික..ආදරෙයි වස්තු…”

“උඩරට මැණිකේ…මං එ්මද…”

කෙල්ල ආසාවෙන් බෙල්ලත් ඇදකරලා අහනවා…කොල්ලට ආසයි ඒ බැල්මට..

“කියන්….”

එච්චරයි කෙල්ලට කියන්න හම්බුනේ සරූව ඇදලා වගේ ලගට අරන් දේව් ඒ තොල්පෙති සිප ගත්තේ කෙල්ලට කිසිවක් කියන්නට ඉඩ නොතියාමයි.අනවසරෙන් රෝස පාට තොල්පෙති දේව්ගේ පිරිමි දෙතොල් එක්ක පැටලෙද්දි කෙල්ලගේ ඇස්දෙක එහෙමම විසල් වුනා.ප්‍රථම දෙතොල් හාදුවේ පහස දැනෙද්දි කෙල්ලගේ ඇස් ලැජ්ජාවෙන් පියවුනේ සරූටවත් නොදැනීමයි.

“දේව්…මේ..”

කාමරේ දොර ඇරෙද්දි තිලිණි මතුවුනේ කොල්ලාට කතා කරන්න කියලා.කතා කරන්න හදද්දිම දැකපු දෙයින් කෙල්ල හෙල්ලිලා වගේ ගියා.සරූ බලෙන්ම තොල්පෙති ඇදලා ගනිද්දි දේව් බැලුවේ දොර ලග හිටපු තිළිණි දිහා.

“ඇයි තිළිණි…”

“නැ….දේව් මං පස්සේ එන්නම්..”

“නැහැ…එයි කියන්නකෝ..”

“මේ..අම්මලා යන්න හදන්නේ..අපි යන්නම්.හිත රිදුන නම් අම්මලා වෙනුවෙන් මට සමාවෙන්න සරූ..”

තිළිණි එහෙම කියලා දුවගෙන වගේ පඩ්පෙල බැහැගෙන ගියා.කෙල්ල එහෙමම දේව්ගේ පපුවට තුරුලු වුනා.දේව් සරූගේ හිස ආදරෙන් අතගෑවා.

******************************

කෙල්ල එද්දි කට්ටියම පාටි එකට ඇවිත් හිටියේ..සරූ ආවේ දේව්ගේ සුවිශාල අත් ගොබයක පැටලිලා.ඇගේම හැඩේට ඇදලා තිබ්බ රතු මිශ්‍ර කලු දිග ගවුම කෙල්ලගේ සුදු හමට ලස්සනට ගැලපුනා.හයි හීල්ස් දාලා තාලෙට ඇවිදන් එන කෙල්ල දිහා කට්ටියම හැරි හැරි බැලුවේ ඒකයි .

“ෂා ..ලොක්කා ෂා….මාර ලස්සන ගැලපීමක්නේ..”

“අඩෝ..කල්පයා..හොදද අපේ බර්ත් ඩේ පාටිය….”

“බෝරින් වෙලා හිටියේ..දැන් නම් හරි ගියා …උඔ ආවනේ..”

කෙල්ල දිහා හොරෙන් බලන ගමන් කල්ප දේව්ට කියනවා..කෙල්ල ඒ ඇස් මග හරින්න උත්සාහ කරා.

“එහෙමද යමං එහෙනම් එනජෝයි කරමු..”

හොටෙල් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික දේව්ව වට කරන් නටද්දි සරූ ආවේ මහන්සියට ඉදගන්න.දේව් එහාට මෙහාට වෙනකල් ඉදලා කල්ප සරූ ලගට කිට්ටු කරා..

“ආ..බොන්න නංගි..”

“සොරි මං ඔිවා ගන්නේ නැහැ..”

“අයියෝ සැර ජාති නෙමෙයි..මේ කූල් බිම එකක්.මැන්ගෝ…”

“නො තැන්ක්ස්..කල්ප අයියා.”

එහෙම කියලා කෙල්ල හිනා වෙනවා ..එපා කියද්දිත් කල්ප බලෙන්ම දෙද්දි ඒක සරූට වදයක් වුනා.දෙව් බර්ත් ඩේ එකට ඔෆිස් එකේ අයට මේ රෑ පාටියක් ලැස්ති කරත් කෙල්ල එන්න අකමැතිම වුනා…ඒත් දෙව් කිව්ව නිසාමයි කෙල්ල මේ ආවේ…ඒත් මෙතන වැඩිවෙලා ඉන්න ආස වුනේ නම් නැහැ.

“ඕවා ඕන නැහැ සරූ..ආ මෙන්න මේ දොඩම් ජුස් එක බොමු අපි…”

එහෙමම කියලා ලගට ආවේ තිළිණි ..අතේ තිබ්බ බීම වීදුරු දෙකෙන් එකක් කෙල්ලට පෑවේ කල්පට සමච්චල් හිනාවක් දාන ගමන්.තිළිණි අතේ තිබ්බ නිසා කෙල්ල හිතුවා වැරදි දෙයක් නෙමෙයි කියලා .ඇත්තටම තොල ගාද්දි සරූ දැනගත්තා දොඩම් කියලා.අන්තිම ටික බොද්දි කෙල්ලට ටිකක් අමුත්තක් දැනුනා.කෙල්ල ගානක් නොගෙනම එහෙමම හිටියා.

“තිළිණි මගේ ඔලුව කැරකෙනවා වගේ..”

ටික වෙලාවක් යද්දි කෙල්ල එහෙම කියද්දි තිළිණි බැලුවේ කල්ප දිහාව.

“යමු…මං ඔයාව ගෙස් රෑම් එකට එක්ක යන්නම්..”

තිළිණි වත්තම් කරගෙන වගේ කෙල්ලව හොටෙල් එකේ රූම් එකකට එක්ක ගියා.දේව්ට හොරෙන් වගේ සරූව එක්ක ගිය තිළිණි කෙල්ලව රූම් එකේ ඇද උඩින් තිබ්බා..

“තිළිණි …ඉන්නකෝ..මට නිදිමතයි වගේ…අමුතුයි හරිම..ඇසුත් රිදෙනවා..දේව්ට අයියා කෝ..”

“ඉන්න මං එක්ක එන්නම් සරූ..”

කෙල්ල එහෙමම ඇදේ දිග අැදෙද්දි ලගට ආපු කවුදෝ නිසා කෙල්ල නැගිට්ටා…

“අ…අත ඇරපං….යන්න දෙනවා…දෙව්..අනේ…”

කල්ප කෙල්ලව තදින් වැලදගද්දි කෙල්ල කෑ ගහන්න ගත්තා.එහෙමම සමච්චල් හිනාවක් එක්ක කල්පගේ මත්වුන තොල්පෙති රාගික විදිහට කෙල්ලගේ මූණට ඇදිලා එමිනුයි තිබ්බේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *