***—–මාංචු—–***(29 කොටස )

“හා…වරෙන් මචං…”

දේව් කියද්දි විදුර දොරෙන් ඇතුලට ආවේ ෆයිල් ගොඩකුත් උස්සගෙන.විදුරව පේන්නේ නැහැ ඒ තරම් ෆයිල් වලින් විදුරව වැහිලා..යන්තම් සන්තම් කණ්ණාඩි කුට්ටම පෙනුනා හැබැයි.

“හොද වෙලාවට උඔ කණ්ණාඩි දාන්නේ..

“අ..ඇයි දේව්..”

“නැහැ මෙහෙම කදු පිටින් ෆයිල් උස්සන් එද්දි අදුරගන්න ඒකවත් තියනවනේ..”

“උඔට කිව්වයි කියලා හිතාගනිං..යකෝ..නිකන්වත් හොටෙල් එකේ වැඩ බලන්න එන්න බැහැ..ඒවා උස්සන් ආවමත් මුගේ පොර ටෝක්…මේක නිකන් මගේ වගේනේ ..”

“උඔ ඉන්නවනේ..අරූ වගේ තිරිසනෙක් නෙමෙයි උඔ..ඒකනේ මං බය නැතුව උඔට කියන්නේ..”

“යකෝ..ඔහොම විශ්වාස කරන්න එපා බං කාවවත්..මාව වුනත්..අන්න එතනයි උඔට වැරදුනේ..”

“උඔ මගේ පොඩිකාලේ ඉදන් මගේ ලගින් හිටිය එකා.අම්මා අප්පටත් වඩා මගේ දුකේදි හිටියේ..ඊයේ ප්‍රශ්නෙටත් උඔ මට කරපු උදවු අමතක නැහැ.වරෙන් ඔය ටික තියලා වාඩිවෙයන්.”

“ඒක නෙමෙයි බං ..දන්නවද ..අරූට ඇප දිලා තියෙන්නේ උබේ මාමා කාරය බං..”

“නැහැ..එහෙනම් ඒකයි මු මේ නිදහස් වුනේ..තිරිසන්නු …ඔක්කොම මට කරේ දෝහි කම්..ඒත් මං ඉවසනවා.මට බැහැ මට අලුතින් හම්බුනු මේ පවුල නැතිකරගන්න.මේ වගේ කොහෙවත් යන උන් නිසා..”

“අන්න හරි බං..උන් ඊළගට බලන් ඉන්නේ උඔලාගේ ඒ පවුල විසුරවන්න තමා.දැන් මං එන්න ටිකකට කලින් තිළිණි ඇවිත් සද්දයක් දාලා ගියේ හොටෙල් එකේදි”

“ඒ බැල්ලි මොනාද කිව්වේ…ඒකිට දැන් ඒකේ වැඩක් නැහැ.ඊයෙම මං අස්කරලා දැම්ම උන්ව.ලැජ්ජාවක් නැතුව ආවද …ෂික් මෙහෙමත් ගෑනු..”

“ඒකි කියනවා උඔට පරිස්සමින් ඉන්න කියන්නලු.තාත්තා මේක ලේසියෙන් අත අරින් නැහැලු.කල්පව බදින කතාවකිත් කිව්වේ.”

“රෙද්ද තමා…ඔව් ඉතිං එක වල්ලේ පොල්නේ බං..ඒ වගේ වේ*වියෙක්ට ගැලපෙන්නේ කල්ප වගේ තිරිසනෙක් තමා.මාව පරිස්සමින් බලාගන්න අය මට දැන් ඉන්නවා.මං ඕකුන්ට බය නැහැ විදුර..පුලුවන් දෙයක් කරපු දෙන්..”

දේව හිටියේ කේන්තියෙන්.කොල්ලට කට්ටිය මතක් වෙද්දිත් කේන්ති.අම්මවත් නොමග යවලා තාත්තා එක්ක විරසක කරේ ධනසිරි මාමා කියලා දැනගත්ත වෙලාවෙත් දෙව් මාමා ගැන හිතුවේ එහෙම නැහැ ඒ මිනිස්සු ගොතන කතා කියලා.ඇරත් තේරුමක් නැති ඒ වයසේ කොල්ලා මාමාට ගෞරව කරා.ඒත් අද කොල්ලට තේරෙනවා ඒ විශ්වාසය සහමුලින්ම වැරදි බව.වටේ පිටේ මිනිස්සු කියපු කතා ඇත්ත කියලා දැන් කොල්ලට තේරෙනවා.

“පුතා එන්න ඉදිආප්ප කමු..”

අතුකොරල විදුරව හඩගහන් ගියේ කෑම මේසෙට.විදුර ආපු වැඩෙත් අමතක කරලා එතනට ගියා.මොකද උදේ ඉදන් විදුර තාම කාලා තිබ්බේ නැහැ.

******************************

“දේව් පුතා අපි නැකතක් බැලුවා..ලබන සතියේ එන්ගේජ්මන්ට් එක ගමු..පුතාගේ කට්ටිය කියන්න.”

“හා තාත්තා..මං බලලා කියන්නම්..”

අතුකොරලගේ කොල් එකෙන් පස්සේ දේව් ටයි පටිය ටිකක් බුරුල් කරලා ඔෆිස් එකේ පුටුවට බර වුනේ අලුත් ජිවිතය ගැන කල්පනා කරමින්මයි.මහ ලොකු කට්ටියක් ඉන්වයිට් කරන්න කොල්ලට හිටියේ නැහැ.ඒත් ලගම හොදම කට්ටියට කොල්ලා ආරාධනා කරන්න හිතාගත්තා.

කොල්ලට මතක්වුනේ අම්මව..එහෙමම ඒ පිරිමි හිත පෑරුනේ ඒකයි.අම්මත් හිටිය නම් මේ ගමන තවත් සතුටින් යන්න තිබ්බා කියලා කොල්ලා හිතුවේ.කොල්ලගේ කියලා කවුරුත්ම නැති නිසා කොල්ලා ඒ සෙනෙහසට ලෝභ වෙලයි හිටියේ.ඒකයි ඒ සෙනෙහසම හෙව්වේ.

“දන්නවා මගේ මැණික කියලා..අත ගන්නවා පිස්සු නොකර..”

සරූ හොරෙන් ඇවිත් දෙව්ගේ ඇස්දෙක ඒ අත්වලට තද කරගද්දි කොල්ලා එහෙම කිව්වා.කෙල්ල එතකොටයි අත්දෙක ඇස්වලින් අරන් දෙව්ගේ බෙල්ලේ එල්ලුනේ..

“දේව් අයියා ..”

“මි…”

“හවස ගමනක් යන්න තියනවා…”

“කොහෙද මැණික..”

“අම්මා කිව්වා ..ආරාමේ සිල් මෑණි කෙනෙක් ඉන්නවාලු..එයා කේන්දර බලන වැඩ කරනවලු.අපි දෙන්නා ගැලපෙනවා කියලා තියෙන්නෙත් ඒ මෑණියෝ තමයි.”

“ඉතිං….”

“ඉතිං ….මි…අපි දෙන්නව බලන්න ඔින කියලා දෙන්නටම එන්න කියලා..අම්මා කිව්වා ඔයා එක්ක යන්න කියලා.”

“හා මැණික ..යමු..හවස වේලාසන යමුකෝ එහෙනම්…”

“හා..මං යනවා..”

කෙල්ල එහෙම කියලා යන්නයි හැදුවේ..පුටුවෙන් කරකිලා වගේ ඇවිත් දේව් කෙල්ලගේ සුසිනිදු සුරතින් අල්ල ගත්තා.යන්න කියලා ගියපු කෙල්ල ඇදිලා වගේ ඇවිත් නැවතුනා.

“ඔය….තියන විසයක්..”

“මැණික ….ආදරෙයි පැටියෝ..මේ ආදරේ මැරෙනකම්ම ඕන..මං මැරුණත්…”

“පිස්සෙක් වගේ මේ මොනාද ඔයා කියන්නේ..මැරෙන කතා..”

සරූ කිව්වේ පුටුවෙන් නැගිටලා කෙල්ලගේ බදවටා අත් යවපු දේව්ගේ තොල්පෙතිවලට දබර ඇගිල්ල තියලා තදකරන ගමන්.දේව් ඔහුගේ සුරතෙන් ඒ ඇගිල්ල අරන් ඒ සීතල අත එහෙමම අත්වලට තදකරගත්තා.

“දන්නවද දේව් අයියා..මං හැමදාමත් ඔයා ලගටම වෙලා ඉන්නවා.ආදරෙයි හැමදාමත්.කවදාවත් වෙනසක් වෙන්නේ නැහැ. මගේ පණ දැන් ඔයා වෙලා ඉවරයි”

දේව්ට ඒ වචන ටික ඇති ජිවිත කාලයටම.ඒකයි දේව්ට මහ ගොඩක් ආදරේ හිතුනේ.දේව්ගේ තොල්පෙති සරූගේ මුණට එබෙද්දි කෙල්ල ගානක් නැතුවම ඒ අැස් දිහා බලන් හිටියේ..ඒ සිව් නෙත් එකිනෙකට ගැටෙද්දි දේව්ගේ තොල්පෙති කෙල්ලගේ තොල්පෙති ඇදලා අරන් හීනියට හාදුවකින් තෙත්කරා.පුදුමයෙන් විසල් වෙච්ච චුටි කෙල්ලගේ ඇස් දේව්ගේ ඇස්වලට අහුවුනා.
මහ ගොඩක් ආදරේ එක්ක මොහොතක් සරූ ඒ පහසට නතුවුනා.

හවස දෙන්නම දේව්ගේ හොනට් එකේ ගියේ සිල් මෑණියන් හිටපු ආරාමෙට.නුවර ඉදන් එතනට ටිකක් දුර තිබ්බා.කෙලල් හිටියේ දේව්ව තදින් බදාගෙන.හරියට වැටෙයි කියලා බයෙන් වගේ.කෙල්ලව ටිකක් අවුස්සනත් එක්ක දේව් වේගෙත් ටිකක් වැඩ් කරා..

“දේව් අයියාාා…..හෙම්න්…..යමුඋඋඋ”

“ඇහුන් නැහැ.”

“මෙයාට කියලා වැඩක් නැහැ.”

සරූ එහෙමම තව ටිකක් තද කරලා දේව්ව අල්ලාගෙන එහෙම කිව්වා.කොල්ලා බොරුවට ඇහුන් නැහැ කියනවා.කෙල්ල දේව් ගැන දන්නවා.ඒකයි කෙල්ල එහෙමම හිටියේ.

ආරාමේ ඇතුලට දෙන්නම යද්දි ඈත තනියෙන් භවුන් වඩන සිල් මෑණියන් දෙන්නටම ඇස ගැටුනා.සිත නිවන ඒ දසුනට දෙන්නගෙම හිත පිරිලයි තිබ්බේ..මුඩු කරපු හිසත් කහ සිවුරත් සරූගෙත් දේව්ගෙත් හිත් නිවුවත් මෑණියන්ගේ අඩවන් වෙච්ච දෙනෙත් ඉස්සිලා බලද්දි ලග හිටිය දේව් ගැස්සුනා…එහෙමම අමතක වෙච්ච මොකක්දෝ දෙයක් මෑණියන්ගේ ඇස් නිසා කොල්ලට මතක් වෙමිනුයි තිබ්බේ.

******——මතු සබැඳී—– ******

අඩුපාඩු දැනගන්න කැමතී..කතාව ගැන කියමුද සුට්ටක්…බෝරින්ද 😒😒

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *