***—–මාංචු—–***(30 කොටස )
හිස මුඩු කර කහ පාට කසාවතින් සැරසුනද ඇස්වල තිබ්බ මව් සෙනෙහස දේව්ට අදුරගන්න බැරිවුනේ නම් නැහැ.සරූ බලන් හිටියේ කදුලු බේරෙන සිල් මෑණියන්ගේ ඇස් දෙක දිහාව.කිසිදෙයක් හිතා ගන්න බැරිවුන චුටි කෙල්ල එහෙමම බැලුවේ දේව් දිහා. දේව්ගේ ඒ පිරිමි ඇස් අග කදුලු බිංදු නලියනවා දැක්කම කෙල්ලගේ හිත හිරිවැටුනා.ලේසියෙන් අඩන්නෙ නැති පිරිමි කෙනෙක්ගේ කදුලු බලන්න බැරි නිසාද මංදා කෙල්ලටත් එහෙමම ඇඩුනා.
“දේ….ව්..පුතා…”
“අ..ම්…මා…”
මොහාතකට කසාවත අමතක කරදමා මෑණියන් දේව් ලගට කිට්ටු කරා.හදවත වේගෙන් ගැහෙද්දි මෑණියන්ගේ හිත ආදරෙන් උණුසුම් වුනා.දේව් ලංවුනේ ඒ උණුහුම විදගන්න.
“තෙරුවන් සරණයි පුතේ….”
ඒත් දේව් එහෙමම දෙකට නැමිලා දනගහගෙන මෑණියන්ගේ පාද ස්පර්ශ කරලා පසකට වුනා.ඊටත් පස්සෙයි සරූ මෑණියන්ට වැන්දේ..කෙල්ලට දැන් මතකයි කෙල්ලව පොඩි කාලේ බලාගත්තේ කවුද කියලත්.
“මගේ පවු ගෙවන්න මට බැරිවුනා පුතා.ටිකක් හරි පවු ගෙවාගන්නයි මට දැන් ඕන.මගේ අතින් වෙච්ච හැම අසාධාරණ කමකටම මං විදෙව්වා.ඒත් පෙර ආත්මෙක තිබ්බ මොකක්දෝ පිනකට මට කසාවත අදින්න පින තිබ්බා.මං මේ නිවිච්ච කමට ආසයි.මගේ වැරදි වහගන්න හිතන් ඇදපු කසාවතක් නෙමෙයි.පුතා වෙනුවෙන් කරපු වැරදිවලට මට කවදාවත් සමාවක් නොලැබෙයි.ඒ නිසා මම මගේ පවු ගෙවා ගන්නවා.මගේ පුතාට මං කරේ ලොකු වරදක්..”
“ඇති….ඔය හොදටම ඇති…මං වෙනුවෙන් මොන දේ කරත් මගේ අම්මා එක්ක මට තරහ වෙන්න බැහැ.මොන අසාධාරණ වුනත්,ඒවා කරේ මගේ අම්මා නම් මට ඒ වුන දේවල් වලින් කමක් නැහැ.මාව දාලා ආයෙත් පාරක් යයි කියලා මට හිතුන් නැහැ.කසවත නිසා පුතාව දාලා ගියාට හිතේ අහිතක් නැහැ අම්මේ.නිවන් දකින්න ඕන මගේ අම්මා.මගේ ලගින් ඉන්න බැරිවුනාට සාසනේ චිරස්ථිතියට මෑණියෙක් වෙච්ච එකම මට ඇති අම්මේ.කසාවත ගලවලා එන්න කියන්න මට බැහැ.අම්මගේ නිවන් මග දිගේ යන්න ගත්ත ගමන යන්න…”
කොල්ලට එතනින් එහාට වචන ආවේ නැහැ.උගුර හිරවුනා.කදුලු කඩන් වැටුනා.ඒත් අායසයෙන් ඒවා තදකරගත්තා.සරූ ඒ පිරිමි පපුවට බරවෙද්දි දේව්ගේ හිත ටිකක් ශක්තිමත් වුනා.
“අම්මේ ලබන සතියේ ඔයාගේ පුතා මේ කෙල්ලව බදිනවා.පුලුවන් නම් ඇවිත් යන්න.එච්චරයි මං මේ දෙපා වැදලා අවසානෙට ඉල්ලන්නේ..”
“මං දන්නවා දරුවෝ.ඔය දෙන්නම හොදටම ගැලපෙන දෙන්නෙක්.හදහන් දැක්කම මං ගොඩක් පුදුම වුනා.මගේ පුතාට හම්බෙලා ඉන්නේ පුතාගෙම ඉතුරු පලුව කිව්වොත් මං හරි..ඉවසීමෙන් ජිවත්වෙන්න පුතා..ගැනු පිට නොයන විදිහට ආදරේ දිලා බලාගන්න පුතේ.අම්මා වගේ ලගින් ඉන්න මට බැරිවුනත් කසාවත අස්සේ තියන දරු කැක්කුම අඩුවක් වෙන්නේ නැහැ .”
“අපි ගිහින් එන්නම්..”
“තෙරුවන් සරණයි”
දෙපා නැමද යන යෞවනයන් දෙපල දිහා බලන් හිටිය මෑණියන් ඇස් අග රැදි කදුලු බිදුවක් හීනියට පිටි අත්ලෙන් පිහිදැම්මා.කොල්ලගේ කැඩුන හිත හැදුනේ ලගම දැවටි දැවටි හිටිය කෙල්ල නිසයි.සරූ කොල්ලගේ හිත ලස්සනට හැදුවා.
*****************************
කාලය ගෙවිලා ගියා..හැමදේම ලස්සනට සිද්ද වුනා.
සදෙව් – සාරණ්‍යා දෙපල අතිනතත ගැනිමේ ප්‍රිතියට සිල් මෑණියන් ඇවිල්ල හිටියා.දේව්ට වසන් වෙලා ඉන්නයි මෑණියන්ට හිතුනේ.සුභ දවසෙත් කොල්ලට දුකක් දෙන්න බයේ මෑණියන් ලත වුනේ ඒකයි.මහ ගොඩක් හිටියේ හොටෙල් එකේ කට්ටිය.අතුකොරල පවුලේ හැමොගේම වගේම දේව්ගේ අම්මගේ ආශිර්වාද මැද්දේ දෙන්නම මංගල ගමන් ගියා.
මධුසමයට වෙන්වුනේ නුවර දේව්ගෙම ගෙදර.හුරුපුරුදු තැනක් නිසා කෙල්ල ගානක් නැතුවම හිටියේ.කොල්ලා නාගෙන ආවට පස්සෙයි කෙල්ල නාගන්න ගියේ..කෙල්ල ආවේ කොටම කොට තුවා කෑල්ලකුත් ඇදගෙන..වතුර බිංදු ඇග හැම තැනම තිබ්බත් ගානක් නැතුවම දේව් ලගින් ගියපු කෙල්ලව ඇද උඩට ඇදලා ගත්තේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකරමයි.
“අයි…”
කෙල්ලට කතා කරන්න ඉඩක් නොතියාම ඒ රෝස දෙතොල් ආදරෙන් ලගට ගත්ත දේව් සරූගේ තුවා පට ලෙහලා දැම්මේ අනවසරයෙන්.දේව්ගේ ආදරණිය තොල්පෙති සරූගේ බෙල්ලේ විසේකාරකම් කරද්දි කෙල්ල දැගලුවේ ඒ ගැහැනු හැගිම් චංචල වෙද්දි.ආදරේ උච්චතම අවස්ථාවට එද්දි කෙල්ල දේව් අතින් ගැහැනියක් වුනේ පිරිසිදුභාවය සුදු රෙද්ද උඩම තියලයි.කිටි කිටියේම සරූව තුරුලු කරන් දේව් ඇගපතේ තෙහෙට්ටුව නිවා දැම්මා.එහෙමම දේව් වේදනාවෙන් හිටිය කෙල්ලව හාදුවලින් නාවලා එ් වේදනාව අඩුකරේ අවංකම සැමියෙකු විලසිනි.
පහුවදා කෙල්ල නැගිටිද්දි දේව් නැගිට්ටේ ලග හිටපු කෙල්ලගේ නිරුවත් සිරුර වැහෙන්න බෙඩ්ෂිට් එක පොරවලා.කෙල්ල එහෙමම ඇද වෙට්ටමට බර වුනා.
“මෑණික…”
“මහත්තයෝ..”
ඔඩොක්කුවට හිස තියන් හිටිය දේව් කෙල්ලට කතා කරා.කෙල්ල උත්තර දුන්නේ දේව්ගේ හිස කෙස් අතර අතැගිලි යවලා ආදරෙන්..
“ජිවිතේ හරි පුදුමයි නේද..හමුවීම විදවීම..වේදනාව..විරහව..දුක,සතුට…කදුල මහ පුදුමම විදිහට ජිවිතේට ලං වෙන්නේ..සමහරු ඈත්වෙලා යද්දි තවත් අය වෙන් කරන්න බැරි තරම් ලංවෙනවා..සමහරු පලි ගන්න දගලද්දි …සමහරු වස්තු තණ්හාවෙන් ලතවෙනවා.තවත් සමහරු හැමදේම අතහැරලා විමුක්තිය හොයනවා..”
“මගේ මහත්තයා ඕවා හිතන්න එපා..මං ඉන්නවානේ…”
“ඒකනේ මං අද ජිවත්වෙන්නේ..”
******************************
කෙල්ල දැන් චුටි බන්ඩියක් උස්සන් ඉන්න අම්මා කෙනෙක්..දේව්ට ඒතරම් සතුටක් තවත් නැහැ.කොල්ලට තාත්තව මතක් වුනා.අම්මට තමාව හම්බෙද්දි තාත්තත් මේ තරම් සතුටින් ඉන්න ඇත්තේ කියලා කොල්ලට හිතුනා.දවසම ලගට වෙලා කෙල්ලගේ බඩ අත ගාන්න කොල්ල ආසා කරේ.දරු පැටියා එනකල් කොල්ලා තරම් කලබල තාත්තෙක් නැතුව ඇති ඒ තරම් ආසාවේ දේව් හිටියේ.රස කෑම කවලා කෙල්ලව මලක් වගේ ආදරෙන් දේව් බලාගත්තේ.දින සති ගෙවිලා ගියේ පුදුමම ඉක්මනට.දේව් බලන් හිටපු නිසාමද මංදා එහෙමයි වුනේ.
“මැණික මං යනවා..කෑම සේරම තියලා තියෙන්නේ.නෝනා අම්මාගෙන් ඕන ඒවා ඉල්ල ගන්න.හොටෙල් එකෙත් වැඩනේ.හදිස්සියක් වුනොත් ගන්න මට..බුදුසරණයි මෑණික..”
“හා මහත්තයෝ ..පරිස්සම්න් “
දෙව් ගිහින් පැය භාගයක් විතර ඇති කවුද දොරට ගහන සද්දයක් ඇහිලා නිදි ඇදේ හිටපු කෙල්ල අමාරුවෙන් වගේ දොර ලගට කිට්ටු කරේ නෝනඅම්මා කතා කරලත් ආපු නැති නිසා.මුරට හිටපු මාමාත් ගෙදර ගියානේද කියලා කෙල්ලට මතක් වුනේ ඊටත් පස්සේ.අමාරුවෙන්ම කෙල්ල දොර ඇරියා…
“ක…..කල්ප “
කල්ප අතක් පස්සට කරගෙන මොකක්ද ආයුධයක් ගන්න හදනවා වගේ කෙල්ල ලගට ආවා..බයට කෙල්ලව පස්සෙන් පස්සට යැවුනා.දරුවා හිටපු කුසටත් අතක් තියන් කෙල්ල දාඩියත් දාගෙන හිටියේ වෙන්න යන දේ හිතාගන්න බැරිව.පිටිපස්සේ තිබ්බ පුටු ඇන්දට පැටලිලා කෙල්ලව එහෙමම බිමට වැටෙන්න ගියේ.
“අාාාා………….ාාාාාා”
දරු ගැබත් එක්කම කෙල්ල එහෙමම බිමට බරවෙද්දි මුලු ගෙදරම හෙල්ලිලා යන්න තරම් හයියෙන් කෙල්ල කෑ ගැහුවේ වේදනාව දරාගන්න බැරිවයි..
******——මතු සබැඳී—– ******
අඩුපාඩු දැනගන්න කැමතී..මේ කොටසටවත් ලොභ නැතුව කමෙන්ටුවක් දාන්න.අදහස් දැනගන්න ආසයි.මේකට විතරක්..හාද
ආදලෙයියාලු