***—–මාංචු—–***(34 කොටස )

“මැණික…..”

දේව් එහෙමම ඇදේ වැතිරිලා හිටිය සරූ ලගට පහත් වෙලාම කෙල්ලගේ කොපුලක් රෝස පාට වෙන්නම සිපගත්තා..සරූගේ තොල්පෙති ලස්සනට හුරතල් හිනාවකින් ඇදෙද්දි දේව්,පුතු පැටියව තුරුලට ගත්තා .

“සුදු පුතුට ජනිතු කියලා දාමු මැණික…”

හරියටම ගැලපෙන නම වගේ කොල්ලා කිව්වේ ලේ කැටියව පිය සෙනෙහසින් උණුසුම් කරන ගමන්.කොලු පැටියත් සෙනෙහස අදුරගත්තා වගේ දේව්ට තවත් ගුලි ගැහුනා .කෙල්ල හිටියේ දරුවව තුරුලු කරන් සිපගන්න දේව් දිහා බලාගෙනම.

“මහත්තයෝ…”

“හ්ම්..”

“මගේ දුවත් හිටියා නම් මං ලග…”

“දුක්වෙන්න එපා මැණික…තිළිණි මට කෝල් කරා…එයාලා රට යනවා කිව්වා දරුවව අපිට භාර දීලා.”

පුතු පැටියව එහෙමම කෙල්ල ලගටම තියලා දේව් කෙල්ලගේ ඉහ ඉද්දරින් වාඩිවුනේ වේදනාවෙන් රිදුම් දෙන කෙල්ලගේ හිස අතගාන ගමන්.සනීපෙට කෙල්ල හිටියේ පුතාව තුරුලු කරන් ඇස් වහගෙනමයි.

“අනේ..අපේ කෙල්ලත් මට අම්මා කිව්වොත් මට ඒ ඇති මහත්තයෝ…”

“බලන්නකෝ දු පැටියත් එහෙම කියනවා මැණික..කෙල්ල අපේ ලේ වලින් ජාතක වුනේ..කාලයත් එක්ක හැමදේම විසදෙයි..අපි උත්සාහ කරමු..”

“හ්ම්..”

“මට මෙච්චර පෙලෙන්න ආදරේ දුන්න මගේ මැණිකට අපේ දුවටත් දෙන්න බැරි නැහැ.මං ඉන්නවානේ..මි..”

“ආදරෙයි මහත්තයෝ…”

“ආදරේ මං …මගේ මැණික මට මං වගේම කොලු පැටියෙකුත් දුන්නට..”

එහෙම කියලා දේව් පැටියගේ රෝස පාට කොපුලක් දබර ඇගිල්ලෙන් හීනියට පිරිමැද්දා .පැටියා නින්දෙන්ම හිනාවෙනවා..දේව්ට වගේම සරෑටත් ආසාවේ බැහැ.ටිකට් කපලා ගෙදර ඇවිත් කෙල්ලවත් පරිස්සමට දේව් කාමරේට එක්ක ආවා.වේදනාවෙන් හිටිය කෙල්ලගේ සේරම වැඩ කොල්ලා ආසාවෙන් කරද්දි අතුකෝරල නෝනටවත් එවා කරන්න දේව් ඉතුරු කරේ නැති තරම්.

“ඔයා තීන්තත් ගෑවද මහත්තයෝ..”

“හ්ම්..මගේ කෙල්ල නැතුව පාලුවෙන් ඊයේ හිටියේ..පස්සේ දෙන්නම අද එන නිසා කාමරේ ටිකක් ලස්සන කරා..”

“හැමදේම නිල්පාටින්…හරිම ලස්සනයි මහත්තයෝ …”

“දැනන් හිටියනේ මං වගේම එකෙක් එනවා කියලා..”

ආදරෙන් දේව් සරූව තුරුලු කරන් එහෙමම හිටියා.සරූගේ වගේම දේවගෙත් ජිවිතේ දෙන්න ලග නිසා දෙන්නම සතුටින් හිටියේ.
***********************************

“ඈ….ඈ…….ඈ……”

පැටියා ඇහැරිලා අඩනවා…සරූ බැලුවේ දේව් දිහා.එයාව තනි කරලා කෙල්ලයි කොල්ලයි කතා කරනවා නිසාද මංදා පැටියා අතට ගන්න කියන්න වගේ ඇඩනවා.

“ඔයා වගේම කපටි වෙලා..දැක්කද..”

“එහෙම තමා මැණික..මේක මගේ එකානේ..එන්න පැටියෝ තාත්ති ගාවට …අපි යමු ඇවිදින්න ..”

සරූට හිනා..කොලු පැටියාගේ ඇඩිල්ලත් කොහේ ගියාද මංදා දේව් ලගදි කොලු පැටියගේ හ්ම් සද්දයක් නැහැ.දේව් හිටියේ ඒ කිරි සුවද විදිනගමන්.

“පුතා ….අන්න තිළිණි ලමයා ඇවිත් කල්ප පුතා එක්ක ..”

අතුකෝරල නෝනා එහෙම කියද්දි උඩකය නිරුවත්ව හිටිය දේව් එහෙමම පැටියව සරූට දිලා ටී ෂාර්ට් එකක් දාගත්තේ පහලට යන්න.කෙල්ලවයි දරුවයි එක්ක දේව් පහලට එද්දි ඉෂුකි හිටියේ උලුවස්ස ලග සෙල්ලම් කරන ගමන්.

ලගට ආපු දේව් කෙල්ලව සොෆා එකේ වාඩි නොකර ප්ලාස්ටික් පුටුවක වාඩි කෙරෙව්වේ පරිස්සමට.දරුවා හම්බෙලා වැඩි දවසක් නැති නිසා කෙල්ලට වාඩිවෙන්න කරන්න ටිකක් අමාරු ගතියක් තිබ්බා.එහෙමම උලුඅස්ස ගාව හිටිය දු පැටියව දෝතට අරගෙන කොල්ලත් සරූ ලගින්ම වාඩිවුනා.

“මොකද මේ මූණත් හූරගෙන..ඇයි පැටියෝ ..වැටුනද මගේ කෙල්ලව.මි..”

දේව් බැලුවේ එහෙම කියලා තිළිණි දිහා.තිළිණි හිටියේ හොර බැලලියක් වගේ මූණත් අමුතු කරගෙන.දේව් ඒ වෙනස දැක්කා.ඉෂුකි දුව සරූ අතේ ඉන්න පොඩි පැටියා දැකලා ආස හිතිලයි හිටියේ.

“තිළිණි..මොකද මගේ දරුවට වුනේ..”

“මේ….හුරගෙනනේ මූණ…දන්නැද්ද අයියේ සෙල්ලම් කරද්දි එහෙම..”

“නැහැ බං…මේ අපේ කොල්ලා හැම වෙලාවෙම රණ්ඩු දුව එක්ක..ඔය ඒ රණ්ඩු වෙලා කෙල්ලව හුරලා.”

“රණ්ඩු වෙනකම් උඔලා බලන් හිටියද කල්ප…”

“න්..නැහැ.බං..මේ..කෙල්ලටත් විසේනේ..පොඩ් ලමයි නේ..එකතු වුනාම රණ්ඩු වෙනවා.”

එදා දේව්ගේ දු පැටියගේ සුදු ලස්සන මූණ තිළිණිලගේ පුතා අතින් සීරිලා තිබ්බා.ලස්සන මූණ කැතවෙලා තිබ්බ කෙල්ලව දැක්කම දේව්ට තේරුනා දරුවව කවුරුත් හරියට බලලා නැති බව.ඉෂුකි හිටියේ දන්නෙම නැතුව සරූ ලග…කෙල්ලගේ අතේ හිටිය පැටියා එක්ක විසේ කරන ගමන්.

“නන්දි…තුති බබා උයාගෙද..”

ලගම දැවටි දැවටි ඉෂුකි සරූගෙන් එහෙමයි ඇහුවේ..

“ඔව් රත්තරං..”

සරූ කෙල්ලව අනිත් අතින් තුරුලට අරන් එහෙම කියනවා.කෙල්ලට කදුලුත් ආවා.තමන්ගේම පැටික්කි නැන්දා කියද්දි.සරූ අසරණ වුනා.ඒ අසරණ බැල්මෙන්ම කෙල්ල බැලුවේ දේව් දිහා.

“මත ඕන මල්ලි බබාව.අයියා අපා මත…මත අම්මි ගානවා අයියා එක්ක රන්දු කලාම..මත අයියලා අපා..මත මේ බබාව ඕන..මල්ලි බබා ඕන..”

“දුව…….”

තිළිණි කෑගැහුවේ යක්ෂා වේෂ වෙලා.කෙලි පැටික්කි ඇත්තම කියවද්දි තිළිණිට පොලව පලන් යනවා වගේ දැනුනේ …පොඩි කෙල්ල ගැස්සිලා ගියා..දේව්ගේ නපුරු ඇස් තිබ්බේ කලබල වෙච්ච තිළිණිගේ ඇස් ලග..දරුවො දෙන්න එක්ක සරූව තනි කරලා දේව් තිලිණි කල්පවයි එළියට එක්ක ගිහින් ලුණු ඇඔුල් එක්කම හොදට බැන්නා.තරහෙන් පුපුරන දේව් දිහා තිලිණි වගේම කල්පත් ගැස්සිලා බලන් හිටියේ ඒකයි.

“උඔලා දැනගනිං …හිතන්න එපා මං කට වහන් ඉදි කියලා..උඔලාව මං මරනවා මගේ දරුවට ආයේ සීරිමක් හරි වුනොත්……නැහැ.උඔලට ආයේ මගේ දරුවගේ හෙවනැල්ලක්වත් වැටෙන්න දෙන්නේ නැහැ මං.මං නරක මිනිහ කියන්න එපා..”

“දේව්..පිල්ස් ..මචං අහපං..තිළිණි පොඩි කොල්ලට කියලා ඉෂුකි අපේ දරුවෙක් නෙමෙයි කියලා.ඒකයි කොල්ලා දුවට වද දෙන්නේ.මං කිව්වා “

“උඔ අම්මා කෙනෙක්ද බං…වේ** ගැනියෙක් උඔ..”

“ඔව් මං දැන් වෙ** ගෑනි ..ලමයට කිරි දීගන්න බැරුව ඉද්දි අම්මා කිරිඅම්මා.එහෙමද අයියේ ඔයා කියන්නේ..”

“උබේ කිරි…යකෝ….දීපං බල්ලෙකුට..උඔට යකෝ දරුවා දුන්නේ උඔත් අම්මෙක් නේද කියලා හිතලා.කිරි දුන්නා කියලා උඔට මගේ දරුවගේ අයිතිය ගන්න බෑ..දරුවා සරූ වැදුවේ.කිරි දුන්නා කියලා උබේ වේ**කම් වෙනසක් වෙලා නැහැ.මින් මත්තට මෙහෙ පස් පාගන්න එපා තොපි..පලයව්…”

වේදනාවටම දේව් තව මොන මොනාද කියලා බැන්නා.දෙන්නම ගියේ හිස් අතින්මයි.තරහ පාලනේ කරගෙන දේව් ගේ අතුලට එද්දි දැකපු දෙයින් කොල්ලාගේ ඇස් පුදුම වුනා.

————මතු සබැදි———–

අඩුපාඩු කියමු එහෙනම් ..රැ දාන්න හිටියේ නින්ද ගියා අනේ..සොලි ඒකට.වැඩ අස්සේ දැම්ම නිසා අඩුපාඩු අැති.හාද😙😙😙

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *