මා නොවේ ඈ නුඹේ 06 කොටස

“මේකයි එදා මුලින්ම මම එයා ඉස්සරහ හිටියෙ ඔයා වගේ අහිංසක කමටනෙ. ඉතින් මට හිතෙනවා එයා හොයන්නෙ එහෙම අහිංසක කෙනෙක් කියලා. ඒත් මං එයාට ආදරෙයි අක්කා.” යුවති අඬනවා. විහංසාට දැන් තවත් දුකයි.

“බබා මේ අහන්නකෝ. අඬන්න එපා. ඔයාට මාව විශ්වාසයි නේද? අඬන එක නවත්තලා කතා කරන්නකෝ.”

“ඔව් කාටත් වඩා මට ඔයාව විශ්වාසයි.”

“එහෙනම් ඊළඟ දවසෙ ඉඳන් හොඳ ලමයා වගේ අයියා එක්ක නෝමල් යුවති වගේ ඉන්න. වෙන කෙනෙක් වගේ වෙන්න එපා. ඔයා ඔයාම වෙන්න. එයාගෙ හිතේ ඔයා ගැන අදහසක් ඇති. නැත්නම් ඔයාට ඩිනර් අවුට් එකකට ඉන්වයිට් කරන්නෙ නෑනෙ. නේද?”

“හ්ම්ම්… ඒත් මං ඔයා වගේ හිටියෙ ඇයි දන්නවද?” යුවති බබෙක් වගේ ඇහුවෙ. විහංසට හිනත් ගියා.

“කියන්න බලන්න.”

“හැමෝම ඔයාට ආදරෙයි. ඔයා වගේ හිටියොත් මටත් හැමෝම ආදරේ වෙයි කියලා හිතුවා. ඒ නිසයි මම ඔයා වගේ හිටියෙ. අනික ඔයත් එදා කිව්වනෙ දඟලන්නෙ නැතුව ඉන්න කියලා.”

“මගෙ පණ්ඩිත ආච්චියේ ඒකට කමක් නෑ. දැන් ඔයා නෝමලි හැසිරෙන්න. තේරුනාද? මට ශුවර් එයා ඔයාට ආදරෙයි.” විහංසා විශ්වාසෙන් කිව්වෙ මියුරංගගෙ ඇස් වල එහෙම දැකපු නිසා.

“ඒත් මට බයයි.”

“එහෙනම් මම කියන්නද ඔයාම එයාට කෝල් එකක් දීලා කතා කරන්න.”

“නම්බර් එක නෑනෙ.”

“අයියෝ මෝඩි. ඉන්නව මං එවන්නම්.”

“ඔයා ලඟ තියේද?”

“ඒ මගේ බොස්නෙ මැට්ටියෙ. අනික මගෙ හොඳම යාලුවගෙ අයියා ඒ.”

“අනේ සොරි මට අමතක උනා. එහෙනම් එවන්න. මං ගන්නම්.”

“එක පාරම විකාර කියවලා ඒ මනුස්සයව අවුල් නොකර නිකන් කතා කරන්න. හරිද?” විහංසා උපදෙස් දුන්නෙ හරියට එයා ආදරේ කරල තියෙනව වගේ.

“ඔයා මට මීට කලින් කවදාවත් ලව් එෆෙයාර් එකක් ගැන කියල නෑ දෝණි.” යුවති කිව්වෙ සැකෙන්.

“මොකක්?”

“නැත්නම් කොහෙන්ද ඔයාට මේ අදහස්?”

“දන්නෙ නැද්ද මගේ හොඳම යාලුවා ලව් කාපර් කියලා.”

“කවුද සහස්‍රා?”

“නෑ මැට්ටී මම කොච්චර පොත් කියවනවද… අනිත් එක ඔයා දන්නවනෙ මම හැමදේම විඳින කෙනෙක්. මට අත්දැකීම් ඕනෙ නෑ ඉගෙන ගන්න. මම ඕනම දෙයක් දිහා බලල ඉගෙනගන්න කෙනෙක්.” විහංසා කිව්වෙ ඇත්ත.

“හ්ම්ම්… හරි හරි මම එහෙනම් තියන්නම්. බුදු සරණයි.”

“බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකින් තිව්වා.

__________________________________________________________________________

“ඕහ් ශිට් මේ ගල් ඉබ්බි කාත් එක්කද මේ තරම් වෙලාවක් ෆෝන් එකේ එල්ලිල ඉන්නෙ.” සහස්‍රා පැය බාගයක් තිස්සෙ විහංසාට ට්‍රයි කරලා කරලා බැන බැන උදම්ගෙ කාමරේ බැල්කනි එකට ආවෙ අයියල දෙන්නා එතන නිසා.

“කාටද බනින්නෙ.” උදම් ඇහුවෙ පුදුමෙන්.

“මෙන්න මෙයාගෙ නල්ල මලේ ඇසිස්ටන්ට” සහස්‍රා මියුරංගව පෙන්නලා කිව්වා.

“මගේ නෙමෙයි අප්පච්චිගෙ.” මියුරංග ඇඟ බේර ගත්තෙ නැත්නම් උදම් විහිලුවට ගන්න නිසා.

“බලනවකො දැන් පැය බාගයක් වෙනවා” සහස්‍රා තරහෙන් ෆෝන් එක ස්ටූල් එක උඩින් තිව්වා.

“හරි හරි දැන් අරන් බලනවා. මෙච්චර වෙලා කච කච ගෑවා විතරනෙ.” උදම් කිව්වෙ නිකමට.

“වැඩ වැඩ. චුට්ටක් ඉන්න වස්තුලා මම කෝල් එක අරන් එන්නම්.” සහස්‍රා එහෙම කියලා ආයෙම උදම්ගෙ කාමරේට ගියා.

“කාත් එක්කද මල් කඩ කඩ හිටියෙ. ඉන්නවකො මම අංකල් හම්බ උනාම කියන්න මෙයා රෑ තිස්සෙ පැය ගනන් කෝල් වල කියලා.” විහංසාට හෙලෝ කියන්නවත් ඉඩක් නොතියා සහස්‍රා කියාගෙන ගියා.

“අයියෝ මං චූටි එක්ක කෝල් එකක හිටියෙ.”

“චූටි කිව්වෙ යුවති නේද?”

“ඔව් ඔව් ඔයාගෙ නෑණා පොඩ්ඩ තමයි.” විහංසා හිනා වෙවී කිව්වා.

“ඒයි අලුත් බොස් මොකද කෙල්ලට ෆෝන් නම්බර් එකවත් දුන්නෙ නැද්ද? ඒ ලමයා මෙයාට කෝල් අරන් පැය ගනන් කාලෙ කනවා. මොකද්ද හලෝ නම්බර් එකවත් දෙන්න දන්නෙ නැද්ද කෙල්ලෙක්ට.” සහස්‍රා කාමරේ ඉඳන්ම බැල්කනි එකට කෑ ගැහුවා.

“මොකද්ද බඩී මේ ඔයාගෙ කතාව. මම ආව වෙලාවෙ ඉඳන් බලන් හිටියෙ. අන්තිම සවුත්තුයි මෙයාගෙ කට දැන්” උදම් කිව්වෙ කේන්තියෙන්.

“සොරි ලොකු අයියා.” සහස්‍රා ෆෝන් එකත් පහතට දාගෙන කාමරෙන් එලියට ගියේ ඇස් වලින් එලියට පනින්න දඟලන කඳුලු පොකුරක් ඇස් වල තදකරගෙන.

“සොරි සමී. මම ඔයාට පස්සෙ ගන්නම්. බුදු සරණයි.” සහස්‍රා හැඬුම් අතරින් කිව්වා.

“සහස්‍රා එපා තියන්න. කවුද ඒ ලොකු අයියද?” විහංසා ඇහුවෙ ඒ කවුරු උනත් සහස්‍රාට ගොඩක් ආදරේ කෙනෙක් කියලා දැනුන නිසා.

“ඔව්. එයා සැරයි පොඩි අයිය වගේ නෑ.” සහස්‍රා කියද්දි විහංසාට දුක හිතුනා තමන් ගෙවන ජීවිතේ ගැන.

“සැරයි නෙමෙයි මට නම් තේරුනේ එයා ඔයාට ආදරෙයි කියලා.” විහංසා කිව්වෙ ආදරෙන්.

“ඒ කිව්වෙ.”

“ඔයාට ලොකු අයියා ගොඩක් ආදරෙයි. ඔයා රස්තියාදුකාරයෙක් වගේ කතා කරනවට එයා ආස නෑ. එයා අස ඔයා මලක් වගේ ලස්සනට ඉන්නවට. තේරුණාද?” විහංසා පැහැදිලි කරා.

“කොහොමද එහෙම කියන්නෙ.”

“ඒ වචනයක් වචනයක් ගානෙ තිබුනෙ අයිය කෙනෙක්ගෙ හිතේ නංගිට තියෙන ආදරේ.”

“මං දන්නවා. ඒත් කවදාවත් එයා මාත් එක්ක හොඳින් ඉඳලම නෑ.”

“බොරු. ඔයාමයි කියන්නෙ ඉස්සර ලොකු අයියට තමයි වැඩියෙන්ම ඔයා ආදරේ කියලා.”

“ඒ ඉස්සර. දැන් නෙමෙයි.”

“ඇයි දැන් එයා වෙන කාට හරි ආදරේ වෙලාද?”

“අනේ මන්දා.”

“හරි හරි අපි ඒ ගැන පස්සෙ හොයමුකො. දැන් කියන්න පැය බාගයක් තිස්සෙ මට ට්‍රයි කරේ නිකමට නෙමෙයිනෙ. ඇයි සහස්‍රා”

“ෆැමිලි ට්‍රිප් එකක් ඕගනයිස් කරා ෆෝ ඩේස්. ඔයාත් එන්න ඕනෙ. මට පාලුයිනෙ නැත්නම්.”

“මං. දවස් හතරක්. අනේ සහස්‍රා තාත්තා???” විහංසාට යන්නත් ආසයි ඒත් තාත්තව දාලා දවස් හතරක් ඉන්න බැරි බව ඇය දන්නවා.

“තාත්තවත් එක්කන් යමු එහෙනම්. අනේ සමී.” සහස්‍රා කොච්චර කතා කරත් තාත්තගෙන් අහන්නෙ නැතුව උත්තරයක් දෙන්න විහංසට බැරි උනා.

“මම තාත්තගෙන් අහලා කියන්නම්. කමක් නෑ නේද?”

“තාත්තා කැමති නම් අපි එයාවත් එක්කන් යමු. හරිද?”

“හරි කෙල්ලේ.”

“මම තියන්නම් එහෙනම්. ලොකු අයියව ශේප් කරගන්න ඕනෙ.” සහස්‍රා කියද්දි විහංසට හිනයි. මේ ටිකකට කලින් ලොකු අයියා එයාට ආදරේ නෑ කිව්වා. දැන් ආයෙම එයාව ශේප් කරගන්න ඕනෙලු.

“හරි හරි බුදු සරණයි.”

සහස්‍රා කෝල් එක කට් කරලා ආයෙම උදම්ගෙ කාමරේට ගියා.

“ලොකු අයියා අයිම් රියලි සොරි. මං ආයෙම එහෙම කතා කරන්නෙ නෑ. ප්‍රොමිස්.” සහස්‍රා ගිහින් උදම්ගෙ කකුල් දෙක ලඟ බිම වාඩි වෙලා කිව්වෙ.

“අම්මෝ මොකද මෙච්චර වෙනසක්. මම නම් මෙයාගෙන් මෙහෙම වෙනසක් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ.” මියුරංග කිව්වෙ හිනාවෙවී.

“කොහොම උනත් ඒ වෙනසට මම නම් ආදරෙයි.” උදම් එහෙම කියලා සහස්‍රාගෙ නලල සිප ගත්තා.

“ඒ කියන්නෙ යාලුයිද?” සහස්‍රා උදම්ගෙ ඇස් දිහාම බලාගෙන ඇහුවා.

“කවුද කිව්වෙ මම තරහ උනා කියලා.” හිනාවෙවී අහද්දි සහස්‍රාට විහංසා කියපු දේ මතක් වෙලා හිනා ගියා.

“ඇයි බඩී?”

“මට සමී කිව්වා ඔයා මට ආදරේටයි එහෙම කිව්වෙ කියලා.”

“ශික් මේ හරකිට ඒක කියල දෙන්නත් විහංසම ඉන්න ඕනෙ. මොලේ කොහෙද තියෙන්නෙ” මියුරංග ඇහුවෙ විහිලුවට.

“ඔයා දන්නවනෙ මට වෙන යාලුවො නෑ කියලා. සමී දෙයක් කිව්වොත් ඒක හරි. ඔයාල සීයල් දෙනා ඉඳන් ඒක වැරදියි කිව්වත් මගේ සමී හරි. තේරුණාද?” සහස්‍රා මියුරංගට රවලා කියලා ගියා.

“කවුද බං ඔය කියන සමී.” උදම් ඇහුවෙ ඔහුට එහෙම කෙනෙක් ගැන මතකය නැති නිසා.

“අර මෙයාගෙ හොඳම යාලුවනෙ. ඔයා එයාව දැකලම නැද්ද?”

“නෑ. මම පහුගිය අවුරුදු අටටම අද තමයි හරියට ගෙදර හිටිය බව දැනෙන්නෙ.” උදම් කිව්වෙ පසු තැවීමෙන්.

“හ්ම්ම්.. ඇයි කියල කියනවද මට?” මියුරංග ඇහුවෙ අයියගෙන් අහන්න වෙලාවක් ලැබෙනකන් බලන් ඉඳපු ප්‍රශ්නයක්.

“අනේ මන්දා බං උඹ ගිහින් ටික කාලෙකට පස්සෙ මම බිස්නස් වැඩත් එක්ක තව ගොඩක් බිසී උනා. ඒකෙන් මට ගෙදර අයව මගහැරුනා වගේ. කොහොම උනත් මම බිස්නස් නම් නග්ගන්න පුලුවන් උපරිමේටම නග්ගල ඉවරයි. ඒක නෙමෙයි රහසක් තියෙනවා. හැබැයි දැනට අපි දෙන්නා අතරෙ විතරයි.” උදම් කියද්දිම මියුරංග මහපට ඇඟිල්ල උස්සලා ෆිට් කිව්වා.

“මේකයි මම ගෙයක් හැදුවා. මම ආසයි එහේ ඉන්න. ඒකයි මම ගෙදර එනවා අඩු. උඹත් ගියාට පස්සෙ මම එහේ තමයි නිතරම හිටියෙ. ඒ මුලු ගෙදරම අයිති එක්කෙනෙක්ට විතරයි.” උදම් එහෙම කියලා නැවැත්තුවා.

“කාටද?” මියුරංග ඇහුවෙ කුතුහලෙන්.

“මම උඹට එයාව පෙන්නලම කියන්නම්කො.”

“අයියේ කෙල්ලෙක් ඉන්නවා කිව්වෙ අර මට පස්සෙ කියන්නම් කිව්වෙ කියනවකො.”

“එයා තාම මගෙ හිතේ විතරයි ඉන්නෙ. තාම ඒක රහසක්. ඉක්මණින්ම මම පෙන්නන්නම්.” උදම් එහෙම කියලා ටිකක් ඉඳලා නැගිට්ටෙ දැන් කතාව ඉවරයි කියන්න වගේ.

“මම එහෙනම් යන්නම්. නිදිත්මතයි. හෙට ඔෆිස් යන්නත් ඕනෙනෙ.” මියුරංග අයියගෙන් සමුගෙන කාමරේට ගියා.

ෆෝන් එක ගත්තෙ නිකමට. ඒත් මැසේජ් එකක් තිබුනා. නම්බර් එක නම් දන්නෙත් නෑ කවුද බලමු කියලා හිතමින් මියුරංග මැසේජ් එක ඕපන් කරා.

“ඩිස්ටර්බ් කරනව නම් සොරි අයියේ මම යුවති. මොකද කරන්නෙ?” යුවතිගෙ මැසේජ් එක දැකලා මියුරංගට පුදුම හිතුනා.

“ඉට්ස් ඕකේ නංගි. මම අයියත් එක්ක කතා කර කර ඉඳලා දැන් ආවෙ. නිදි මතයි. ගුඩ් නයිට්” කියලා රිප්ලයි එකක් යවලා මියුරංග ෆෝන් එකත් සයිලන්ට් කරා. ඔහුට දැනුනෙ ඒක වදයක් වගේ. දන්නෙම නැතුව මියුරංගට නින්ද ගියා.

රිප්ලයි මැසේජ් එක දැකපු ගමන් යුවතිට දුක හිතුනා. මෙච්චර වෙලා බලන් හිටියෙ මේක අහන්නද කියලා හිතලා හැරෙන තැපෑලෙන් කෝල් එකක් ගත්තෙ ඇයි එහෙම මැසේජ් එකක් දැම්මෙ කියල අහන්න. ඒත් රින්ග්ස් ගිහින් ගිහින් නෝ ආන්සර් කියලා ෆෝන් එකේ තිරයේ වැටුනම යුවතිට දුක හිතුනා. ෆෝන් එකත් විසි කරලා යුවති අඬ අඬම නිදාගත්තා.

__________________________________________________________________________

මියුරංග උදේ ඇහැරුණේ හීනයක් දැකලා ඒ හීනෙ තිබුන පුදුමයත් එක්කමයි.

“වාව් මොකද්ද අප්පා මම ඒ දැක්කෙ. විහංසා…. නෑ එයා මට ආදරේ කරයිද? එහෙම උනොත් මම කොච්චර ලකීද?” මියුරංග හිතුවා. ටික වෙලාවක් ඒ සතුටේ ඉඳපු ඔහුට එක පාරටම යුවතිව මතක් උනාම තමන් ගැනම ලැජ්ජාවක් දැනුනා. ඒත් ඔහු කල්පනා කලේ තමන් යුවතිට කැමති උනේ යුවති තුලින් විහංසාව දැකපු නිසාද කියලා. නෑ යුවතිගෙ අහිංසක කම නිසා මං එයාට ආදරෙයි. ඒ එක්කම හිත කිව්වෙ ඒ අහිංසක කම තියෙන්නෙ විහංසා ලඟ කියලා.

“නෝ නෝ නෝ…..” මියුරංග හිස බදාගෙන කෑ ගැහුවා.

“ඕහ් ශිට්. මොන විකාරයක්ද මේ. මම ඊයෙ දවසෙම හිටියෙ විහංසා එක්කනෙ. ඒකයි හීනෙන් පේන්න ඇත්තෙ.” මියුරංග තමන්ගෙ හිත හදාගත්තෙ එහෙමයි.

ලේස්ති වෙලා පහලට යද්දි උදම් යන්න් ලේස්ති වෙලා.

“අම්මා මම නෙක්ස්ට් වීක් එනවා ට්‍රිප් එක ඕකේ කරගෙන මල්ලිට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. බඩීට මේක දෙන්න අම්මා ඇඳුම් ටිකක් ගන්න කියලා ට්‍රිප් එක යන්න. අම්මත් ඇඳුමක් ගන්න මගෙ ගානෙ. මං ගිහින් එන්නම්.” උදම් එහෙම කියලා අම්මගෙ අතට සල්ලිත් දීලා වැඳලා නලලට හාදුවක් දීලා ගියා.

මියුරංග පඩිපෙලේ ඉඳන්ම බලන් හිටියෙ අයියගෙ මේ ගති පැවතුම් ගැන.

“සුදු පුතා.. මොකද මග. අපරාදෙනෙ අයියා එක්කම බ්‍රෙක්ෆස්ට් ගන්න තිබුනා.” අම්මා කියද්දි මියුරංග පහලට බැස්සා.

“කමක් නෑ අම්මා. අම්මා ඇයි අම්මා අයියා මේ තරම් පිට ඉන්නෙ. ඉස්සර මේ වගේ සතියටම දවසක් නෙමෙයිනෙ එයා ගෙදර හිටියෙ.”

“අනේ මන්දා දරුවෝ. එයා ඔයා ගිහින් අවුරුද්දකට විතර පස්සෙ ඉඳන් ගෙදර හිටියෙම නැති තරම්. අයියා ගර්ල් කෙනෙක්ට ආදරේ කරා. ඒ ලමයට අප්පච්චි වැඩිය කැමති උනේ නෑ. ඒත් අයියා ඒක නැවැත්තුවෙම නෑ. පස්සෙ ඒ ගර්ල් වෙන බෝයි කෙනෙක්ව බැඳලා තිබුනා. අපි එපා කියද්දි එයා ඒ දේම කරපු නිසා එයාට අපිට මූණ දෙන්න ලැජ්ජයි වගේ. කොහොම උනත් ඊයෙ මට මගේ පවුල සම්පූර්ණ උනා වගේ දැනුනා සුදු පුතා.” අම්මා කිව්වෙ හැඟීම්බරව.

“අයියත් ඒ කතාවම කිව්වා අම්මා. අපි එයාට හොඳ කෙනෙක්ව හොයමු.”

“කොහෙද එයා කැමති නෑනෙ. කවුදෝ ඉන්නවලු. එයාවලු බඳින්නෙ. තාම හොයනවලු. ඔන්න ඔය වගේ විකාර කියවනවා කසාදෙ ගැන ඇහුවම.”

මියුරංග කල්පනා කර කරම කෑම කාලා ඔෆිස් යන්න පිටත් උනා. මගදි දැක පුරුදු රුවක් දැකලා මියුරංග වාහනේ ස්ලෝ කලා. මේ හරියෙදි විහංසා දැක්කම මියුරංගට පුදුම හිතුනා. ඒත් ඇය ඉඳපු බස් හෝල්ට් එක ඉස්සරහා වාහනේ නැවැත්තුවාම විහංසා ඇවිත් කතා කලා.

“විහංසා ඇයි මෙතන??” මියුරංග ග්ලාස් එක පහත් කරලා ඇහුවා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *