මා නොවේ ඈ නුඹේ 18 කොටස

“ඔයාටත් මම ලොකු අයියාද?” උදම් ඇහුවෙ පුදුමෙන් බලන් ඉන්න කෙල්ලගෙ නිකටින් අල්ලමින්.

සහස්‍රාට නම් සතුටේ නිමක් නෑ. ඇය හිතුවේ දැන් නැතුවට දැන් අයියා ආදරෙයි කියයි කියලා. මියුරංග බලන් හිටියේ අයියා ඉක්මණ් උනා වැඩිදැයි සිතමින්.

“අයියේ සහස්‍රයි අහස් අයියයි ඉන්නවා.” විහංසා හෙමින් කිව්වා. එතකොට උදම් පස්සට උනා. මියුරංග තුෂ්නිම්භූත වෙලා වගේ බලන් ඉද්දි සහස්‍රා නම් උගුර පාදලා…

“හරි හරි අපි මුකුත් දැක්කෙ නෑ නේද සුදු අයියේ.” කියලා කිව්වා. ඒ කියනවත් එක්කම වාහනේ එන සද්දෙ ඇහිලා උදම් හෙමිහිට කාමරේට ගියා.

විහංසා පුදුමෙන් බලන් හිටියෙ. ඒත් ඇයගෙ හිතට පුංචි සතුටක් ඇවිත් හිත ඇතුලෙ උඩ පනිමින් හිටියෙ.

“ආ ලමයි කෑම කාලද ඉන්නෙ? ඔන්න දෝණි ආසම කෑමක් කියලා අපේ බබා කිව්ව නිසා මම අප්පුට කියලා ගියේ හදන්න ඕනෙ මොනවද කියලා.” අම්මා ඇවිත් විහංසාගෙ අතින් අල්ලගෙන වාඩි උනා. ඇය නොපෙන්වා හිටියට විහංසා ගැන මොකද්දෝ ලෝබ කමක් තිලකාගෙ හිතේ තිබුනා.

“කෝ ලොක්කා?” අප්පච්චි ඇහුවෙ ඉඳගන්න කලින්.

“අයියා කාමරේ අප්පච්චි.” මියුරංග කිව්වෙ.

“එන්න කියන්නකො පොඩ්ඩකට.”

“ඇයි අප්පච්චි?” මියුරංග හැරෙනකොටම උදම් ඇවිල්ලත් ඉවරයි.

“ලොකු පුතා මෙතනින් ඉඳගන්නකො.” උදම් අප්පච්චි ලඟින්ම ඉඳගත්තා.

“අපි දැන් ගියේ සිරිනන්ද අංකල්ලගෙ ගෙදරනෙ.” අප්පච්චි කතාව පටන් ගත්තා. උදම් සද්ද නැතුව අහන් හිටියා.

“එයාලා හෙට ලන්ච් එකට එන්න කියලා කතා කලා. මොකද කියන්නෙ කට්ටිය. යමුද?” අමර කියන්න ගියපු කතාව වෙන පැත්තකට හරවලා කිව්වා.

“අනේ අප්පච්චි අපි හෙට ගාර්ඩ්න් යන්න ප්ලෑන් කරන් හිටියෙ.” සහස්‍රා කිව්වා. විහංසාගෙ මූණත් ඇද වෙලා ගිහින්. මොනව කරන්නද ඉතින් පිට අය එක්ක ගමන් ආවම කරන්න දේකුත් නෑනෙ.

“හ්ම්ම් අපි එහෙනම් හෙට ග්‍රෙගරි පාක් විතරක් යමු.” උදම් එහෙම කියලා නැගිට්ටා.

“හැබැයි හෙටත් මෙතන ගාර්ඩ්න් එකට නම් යන්න ඕනෙ. මරු. නේද සමී.” සහස්‍රා විහංසාත් කතාවට ඇදලා ගත්තෙ විහංසා ලොකු කල්පනාවක ඉන්නවා වගේ දැනුන නිසා.

“මාත් කියන්නෙ එහෙනම් උදේ වරුවම ග්‍රෙගරි පාක් එකේ ඉමු. දවල් වෙලා සිරිනන්ද අංකල්ලගෙ ගෙදර යමු.” මියුරංගත් කිව්වා.

“හරිනෙ එහෙනම්. හෙට එහෙ යමු.” එහෙම කියාගෙන අප්පච්චි නැගිටිද්දි අම්මත් ඒ පස්සෙන්ම කාමරේට ගියේ කට්ටියටම නිදාගන්න කියලා.

“මොකද දන්නෙ නෑ එක පාරම ලන්ච් දෙන්න හිතුනෙ.” මියුරංග අයියගෙ ලඟින් ඉඳගත්තම සහස්‍රාත් එතනින්ම ඉඳගත්තා.

“ඒක තමයි අප්පච්චි නුවර එළියෙ යන එන එකත් අඩු උනේ එයාලා එක්ක මොකද්ද අප්සට් එකක් වෙලා නේද?” උදම් ඇහුවෙ කාලෙකට කලින් උන දෙයක් ගැන.

“මං හිතන්නෙ එහේ ඉන්නවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි දෙන්නම මට වඩා බාලයි.” උදම් ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

“එහෙනම් හරි වැඩේ.” මියුරංග හිනා වෙලා කිව්වා.

“මොකද්ද?” උදම් ඇහුවෙ මොන වැඩේද කියලා හිතමින්.

“ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ව ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට ජෝඩු කරන්න හදන්නෙ. සමහර විට උන් දෙන්නා ඔය දෙන්නට සෙට් කරයිද දන්නෙ නෑ. මරු.” මියුරංග කියද්දි විහංසාට මොකද්දෝ බයක් දැනුනා. උදම් හිමි වෙන්නත් කලින්ම අහිමි වෙයි වගේ බයක්. විහංසා හෙමිහිට නැගිටලා ගියේ කාටවත් නොදැනෙන්න.

“ආ කෝ සමී?” සහස්‍රා බැලුවෙ ඇය ඉඳගෙන හිටපු තැන දැන් නැති නිසා.

“හරි ඉතින් පැදුරත් එතුවනෙ. ඒ ලමයා නිදියන්න යන්න ඇති.” මියුරංග කිව්වා.

“මාත් යනවා එහෙනම්. සීතලේ ගුලි වෙලා නිදියන්න පුලුවන්.” සහස්‍රාත් කාමරේට ගියා.

“යමං ඉතින්. මෙතන ඉඳන් ගැහෙන්න ඕනෙ නෑනෙ. ඇඳට ගිහින් ඉමු.” උදම් නැගිට්ටා.

කාමරේට ගිහින් සැහැල්ලු ඇඳුම් ඇඳන් මියුරංග ඇඳෙන් හාන්සි උනේ උදම්ට විහංසාගෙ හීන කුමාරයා ගැන කියන්න.

“ලොක්කා මාර වැඩක් වෙලා තියෙන්නෙ.”

“ඇයි ඒ පාර මොකද්ද?”

“ඒ පාර කියන්න එපා. එක පාරයි. විහංසා ඉස්සර ඉඳන්ම හීනෙන් කොල්ලෙක්ව දකිනවලු. එයාට ආදරේ කරන කෙනෙක්. මේකි ඒ කාලෙ ඉඳන්ම ඒ කොල්ලට ලව්ලු.” මියුරංග කියද්දි උදම් බලන් හිටියෙ හරියට හදවතට උල් පිහියකින් අනිනවා වගේ දැනෙද්දි.

“ඒ කොල්ලව හොයාගෙනද?” උදම් ඇහුවෙ පිටතට වෙනසක් නොපෙන්වා.

“ඔව්. විහංසා ඉතින් දක්ෂයිනෙ ගොඩක්.” මියුරංගට තේරුනා මෙයා ඉන්නෙ පැලෙන්න ඔන්න මෙන්න බව. ඒ නිසා කියන්න ගිය කතාව වෙනස් කරලා විහිලුවක් කරන්න හිතුවා.

“කවුද ඒ?” උදම් ඇහුවෙ උගුරෙන්.

“මං අඳුරනවා. මරු කොල්ලා. හිත හොඳයි විහංසාට හොඳටම මැච් වෙනවා.” මියුරංග හිනාව තද කරන් කිව්වා.

“හ්ම්ම්… මට නිදිමතයි බං. උදේට කතා කරමු.” උදම් එහෙම කියලා හනිකට බ්ලැන්කට් එකත් පෙරවගෙන ඇස් පියා ගත්තා. මියුරංගට හිනයි. ඒත් උදේටම කියනවා කියල හිතන් ඔහුත් නිදාගත්තා.

__________________________________________________________________
සහස්‍රා එනකොට විහංසා බාත් රූම් එකේ.

“මේ හලෝ ඇඳුම් මාරු කරන්න කම්මැලියි නේද? සීතලයිනෙ අප්පා.” සහස්‍රා ඇඳට ගුලි උනා.

“නැගිටලා මේ වෙන ඇඳුමක් ඇඳගන්නවා ලමයෝ. දවසෙම ඕකනෙ.” විහංසා නිදන ඇඳුමට මාරු වෙලා ඇවිත් සහස්‍රාට එකක් ගැහුවා.

“අනේ ඔයා නම් කියයි. බලනවකො ඇඟ සේදුවොත් නම් ශුවර් උදේ වෙද්දි මාව ගල් වෙලා තියෙයි.”

“විකාර නැතුව මූණ සෝදන් ඇඳුමක් දාගෙන එන්න. කෑගහන්න එපා තාත්තට කෝල් එකක් ගන්න හදන්නෙ.” විහංසා ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තා.

“තාත්තා මොකද කරන්නෙ?”

“කෑම කන්න හදන්නෙ දෝණි.” උදේනත් බලාගෙන හිටියෙ කෝල් එකක් එනකන්.

“හා අපි වේලාසනින්ම කෑවා තාත්තා. දැන් මේ නිදියන්න කියලා හැදුවෙ.”

“හා පුතේ. උදේට ගන්න එහෙනම්. මට කෝල් නොකරත් කමක් නෑ දෝණි පරිස්සමෙන් ඉන්න.”

“පරිස්සමෙන් ඉන්නම් තාත්තා. උදේට ගන්නම් එහෙනම්. දැන් කාලා ඉන්න. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරනකොට සහස්‍රා මූණ සෝදගෙන නිදන ඇඳුමත් ඇඳන් ගැහි ගැහී එනවා.

“අපෝ මොනාද අනේ කලින් නුවර එළිය පුරුදුයි කිව්ව එක්කෙනා ගැහෙනවනෙ.” විහංසා විහිලු කරා.

“පලයන් යන්න. ගැහෙනව තමයි ඉතින් සීතලයිනෙ. කොච්චර පුරුදු උනත් මට මේ සීතල ඔරොත්තු දෙන්නෙම නෑ හලෝ.”

“අර අහස් අයියා කිව්ව වගේ උඹට මෙහෙන් මනමාලයෙක් සෙට් උනොත් නම් මරු.” විහංසා හිනා වෙවී කිව්වා.

“මට නෙමෙයි ලොකු අයියටනෙ ඒ ප්‍රපෝසල් එක.” සහස්‍රා කිව්වෙ විහංසාගෙ ප්‍රතිචාර බලන්නත් එක්ක. කටින් වචනෙ පිට උනා විතරයි විහංසාගෙ මූණ මැලවුනා.

“ඒයි මැට්ටි. මොකද මේ?”

“මුකුත් නෑ. මං දන්නවා උදම් අයියට මම වගේ කෙනෙක් ගැලපෙන්නෙ නෑ.” විහංසාගෙ ඇස් වලින් කඳුලක් කම්මුලක් දිගේ බේරුනා.

“පිස්සු කෙල්ල. මම විහිලුවට එහෙම කිව්වෙ. අනික ප්‍රපෝස් කරත් මොකද අනේ ලොකු අයියා කැමති වෙන්න එපැයි. සුදු අයිය වගේ අම්මලා කියන දේකට ඔලුව නවලා ඉන්නෙ නෑ ලොකු අයියා. මම එයාව දන්නවනෙ.” සහස්‍රා කිව්වෙ ඇත්ත.

“හ්ම්ම්… මම ඉතින් එයා ගැන දන්නෙ නෑනෙ.”

“හරි හරි නිදියමු දැන්. උදේට බලමු කාටද ප්‍රපෝසල් එක කියලා. හරිද????” සහස්‍රා හිනාවෙවී කියලා විහංසාටත් එක්කම බ්ලැන්කට් එක පෙරෙව්වා.

උදේ ඇහැරෙද්දි සහස්‍රා හොඳටම නිදි. විහංසාගෙ හිතට මොකද්දෝ ගැස්මක් නොතිබුනාම නෙමෙයි. ඒත් ඇය හොට් වෝටර් වලින් මූණ සෝද ගෙන තද නිල් ඩෙනිම් එකට අත් දිග රෝස පාට ටීෂර්ට් එකක් ඇඳලා සපත්තු දාගෙන ලේස්ති උනා.

“මේ නැගිටිනවා… ගුඩ් මෝනින්. එලි වෙලා. මම ලේස්ති වෙලත් ඉවරයි. බඩියෝ…” විහංසා සහස්‍රාගෙ කන ලඟ ඉඳන් කෑගැහුවා. සහස්‍රා ඇස් පොඩි කර කර නැගිට්ටෙ කම්මැලිකමෙන්.

“අපෝ තාම හත හමාරයිනෙ. තව නිදියන්නත් තිබුනා. මොකද උඹට නින්ද යන්නෙ නැද්ද?”

“මට සනීපෙට නින්ද ගියා. මතක නැද්ද ප්ලෑන් එක. උදේ අට වෙද්දි මෙහෙන් යන්න ඕනෙ කිව්වා.”

“හරි හරි බං ඒ අපේ ප්ලෑන් එකනෙ. අප්පච්චිගෙ ප්ලෑන් එක වෙන එකක්නෙ. අද ස්වීටර් එක දාන්නෙ නැතුවම යන්න පුලුවන්ද?” සහස්‍රා ඇහුවෙ විහංසා ටීෂර්ට් එක විතරක් ඇඳන් ඉඳපු නිසා.

“නෑ එලියට යද්දි දාගමු. රූම් එක ඇතුලෙ සීතල අඩුයිනෙ.” විහංසා ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා වාඩි වෙන ගමන් කිව්වා.

“මම එන්නම් වොශ් එකක් දාගෙන.” සහස්‍රා ලේස්ති වෙන අතරෙ විහංසා පොඩි මේකප් එකක් දාගෙන කොන්ඩෙත් මුදුනට කරලා ගෙඩියක් ගහගෙන ෆෝන් එක අතට ගත්තෙ කෝල් එකක් ගන්න.

“හෙලෝ ගුඩ් මෝනින්. මොකද අපිව අමතක වෙලා වගේ.” විහංසා කෝල් එක ගත්තෙ යුවතිට. ඇගෙන් ඊයෙ උදේ කෝල් එකෙන් පස්සෙ ආයෙම කෝල් ආවෙ නැති එක ගැන විහංසා හිතමින් හිටියෙ.

“ගුඩ් මෝනින්. ඇයි මියුරංග අයියා කිව්වනෙ මට ඔයාට කෝල් අරන් කරදර කරන්න එපා කියලා.” යුවති දුකෙන් කිව්වෙ.

“පිස්සු කෙල්ලේ මට කවද්ද ඔයාව කරදරයක් උනේ?”

“හරි හරි ඒකෙන් කමක් නෑ කොහොමද ට්‍රිප් එක.” යුවති ඇහුවෙ විහංසා කතා කරපු එකට සතුටින්.

“ට්‍රිප් එක හොඳයි. සර්ප්‍රයිස් එකක් තියෙනවා චූටි ඔයාට” විහංසා කියන්න යන්නෙ උදම් ගැන.

“කියන්න ඉතිං”

“ආවම කියන්නම්කො. හොඳද?”

“අනේ මොකද්ද හලෝ අගේ කරන්නෙ.”

“අගය කරන්නම දෙයක් තමයි ඒකත්.” විහංසා හිනාවෙවී කියද්දි කවුද දොරට තට්ටු කරනවා ඇහුනා.

“අනේ චුටියෝ පස්සෙ ගන්නම්ද මම. කවුද දොරට තට්ටු කරනවා. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරලා දොර අරින්න ගියා.

“ගුඩ් මෝනින් දෝණි. අම්මෝ ප්‍රින්සස් කෙනෙක් වගේ අද. හරිම ලස්සනයි.” තිලකා විහංසාගෙ අතිනුත් අල්ලගෙන කිව්වෙ.

“ගුඩ් මෝනින් ආන්ටි.” විහංසා හිනාවුනා.

“කෝ අපේ බබා තාම නිදිද?” කාමරේට එබෙමින් ඇහුවෙ.

“නෑ ආන්ටී එයා වොශ් රූම් එකේ. ලේස්ති වෙලා එයි. කීයටද යන්නෙ ආන්ටි.” විහංසා ඇහුවෙ වෙලාව තියෙනවා නම් දැන් ඇයට තාත්තටත් කෝල් එකක් ගන්න පුලුවන් නිසා.

“ලේස්ති වෙලා ඉවර උනාම යනවා පුතේ. උදේට ඉඳි ආප්ප හදන්න කිව්වා. අප්පු තාම කෑම ලේස්ති කරනවා උණුවෙන් කන්න එපැයි. ඒකයි කතා කරන්න ආවෙ. එහෙනම් සහස්‍රා එනකන් ඔයා එන්න එලියට.” අම්මා විහංසා එනකන් එතන රැඳුනා.

විහංසා සයිඩ් බෑග් එකට ෆෝන් එක දාගෙන ආවා.

“ආ මොනාද මේකෙ?” අම්මා ඇහුවෙ බෑග් එක දිහා බලාගෙන.

“මේකෙ තියෙනවා… ෆෝන් එක. සන්ග්ලාසස්. එතකොට තව පොඩි මේකප් සෙට් එකක්. ටිෂූ පැකට් එකක්. ඒවා තමයි.” විහංසා හිනාවෙවී කියද්දි අම්මටත් හිනයි.

“ඇත්තටම පුතේ මම දුවෙක් කරන කියන දේවල් දැක්කෙ දකින්නෙ ඔයාගෙන්.” අම්මා කියද්දි විහංසාට අම්මව මතක් උනා.

“බැරිද මට අම්මා කියන්න. ඔයා යුවතිගෙ අම්මට අම්මා කියනවලුනෙ.” තිලකා කියද්දි විහංසාගෙ ඇස් තෙමුනා. ඇය කවදාවත් මෙහෙම දෙයක් තිලකාගෙන් බලාපොරොත්තු උනේ නෑ.

ආයෙත් හමුවෙමු.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *