මා නොවේ ඈ නුඹේ 33 කොටස
“ඇත්තටම පුතා මේකයි. තරූෂ මැරි කරලා සඳලි රට ගියේ හරිම සතුටින්. ඒත් එහේ ගිහින් මාස හයකට පස්සෙ හැමදේම අනිත් පැත්ත හැරුනා. තරූෂගෙ තාත්තා අපේ අයියව රවට්ටලා සේරම දේපල එයාලගෙ නමට හරවගෙන තිබුනා. තරූෂ සඳලි එක්ක යාලු උන දවසෙ ඉඳන් මැරි කරනකන්ම එයාලා කරල තිබුනෙ රඟපෑමක්. තරූෂට ඒ රටේ ගර්ල් කෙනෙක් එක්ක එෆෙයාර් එකක් තිබිලා තියෙනවා. තරූෂ සඳලිව ඩිවෝස් කරන්න හැමදේම ලේස්ති කරගෙන තමයි ගිහින් හැමදේම කියලා තිබුනෙ. ඒ වෙද්දි සඳලි ප්‍රෙග්නන්ට් වෙලා හිටියෙ.” ශ්‍රියානි කිව්වෙ ඇස් වල කඳුලු පිහිදාගන්න ගමන්.
“කොහොම හරි සඳලි දරුවව හදාගන්නවා කියලා එහේම ජොබ් එකක් හොයාගෙන තිබුනා. ඒත් ඒ දරුවට ජීවත් වෙන්න වාසනාව තිබුනෙ අවුරුදු පහයි පුතේ. සඳලි ඒකෙන් පස්සෙ ගොඩාක් වැටුනා. මාස හයක් එයා හොස්පිට්ල් හිටියා. පස්සෙ මට කෝල් කරලා ලංකාවට එන්න ඕනෙ කිව්වා. මම එයාව ගෙන්න ගත්තා. එයා දැන් ඉන්නෙ මගෙ ගෙදර. ඒත් මට ඔයාව හම්බ වෙන්න ඕන උනේ මේ එකකටවත් නෙමෙයි.” ශ්‍රියානි එහෙම කියලා කතාව නැවැත්තුවා.
“එහෙනම්?” උදම් නළල රැලි කරන් ඇහුවෙ.
“මම සඳලිව මගේ ලඟට ගත්තෙ එයා සිද්ධ උන දේවල් වලින් පස්සෙ හැදිලා කියලා හිතාගෙන. ඒත් එයා ලංකාවට ඇවිත් තියෙන්නෙ එයාට වැරදුන ජීවිතේ හදාගන්න නෙමෙයි. එයාට ඕනෙ ආයෙත් ඉස්සර ඉඳපු සඳලි වෙන්න. එයා දැන් ට්‍රයි කරන්නෙ ඔයාව රවට්ටන්න. ඔයා ලඟට ඇවිත් රඟපාලා ආයෙම ඔයාගෙ ජීවිතේ විනාස කරන්න. එයා කිව්වා එයාගෙ විස්තර මුකුත්ම ඔයාට කියන්නෙ නෑ කියලා. දරුවෙක් හිටිය බව වත්. එයා මුලදි වගේම ඔයාව රවට්ටලා එයා අහිංසකයි වගේ පෙන්නලා ඔයාව මැරි කරයි. එයා ඔයාව හම්බ වෙන්න ට්‍රයි කරයි පුතේ. ඔයා වෙන කෙනෙක් ගැන හිතන් ඉන්නවා නම් ඒ දෙයක් කරගන්න කීයටවත් ආයෙම සඳලිට ලං වෙන්න එපා. ඔයා විනාශ වෙයි. මම මේ කියන්නෙ උපන් දවසෙ ඉඳන් මේ අත් දෙකෙන් උස් මහත් කරපු මගේම දරුවා ගැන පුතේ. මම කැමති නෑ ඒ දරුවා තවත් පව්කාර වැඩ කරලා ලබන ආත්මෙත් මේ වගේ පව්කාර ජීවිතයක් ලබනවට.” ශ්‍රියානි ගොඩාක් ඇඬුවා.
“ආන්ටි දැන් යන්න. බය වෙන්න එපා මම එයාට ලං වෙන්නෙ නෑ. මට දැන් වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා. බොහොම ස්තූතියි ඇවිත් මාව මුණ ගැහුනට. මම සඳලිව මීට් වෙන්නෙ නෑ.” උදම් කිව්වෙ සඳලි ගැන කලකිරීමක් එක්ක.
“මම ආස නෑ ඔයාගෙ ජීවිතෙත් විනාස වෙනවට. ඒකයි මම මේ ගමන ආවෙ. මම යන්නම්. තෙරුවන් සරණයි පුතා.” ශ්‍රියානි නැගිටලා යන්න ගියා.
උදම් කල්පනාවට වැටුනා.
____________________________________________________________________
“අහස් අයියා මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.” විහංසා මියුරංගට කිව්වෙ ලන්ච් රූම් එකේදි.
“මොනවද….?” මියුරංග ඇහුවෙ හිනාවෙවී. දවස් හතරක ට්‍රිප් එකක් ගිහින් ආවා ඒ ගැන වචනයක් නොකියා මෙච්චර වෙලා ඉඳපු කෙල්ලට දැන් මොනවද කියන්න තියෙන්නෙ කියලා මියුරංග කල්පනා කලා.
විහංසා ගොඩක් කල්පනා කරලයි මේ තීරණේ ගත්තේ. යුවතිගෙ සතුට ගැන හිතලා.
“අහස් අයියා අපේ යුවතිට කැමතිද?” විහංසා මියුරංගගෙ ඇස් දිහා බලාගෙන ඇහුවා.
“ආ..ම්ම්… මේ ඔයා කිව්වනෙ මට එයා ගැන හිතන්න කියලා. ඉතිං මම එයාට ලං වෙන්න ට්‍රයි කරන්නම් නංගී. ඇයි යුවති මුකුත් කිව්වද?” මියුරංග ඇහුවා.
“නෑ අයියේ මේකයි. යුවති කියනවා එයාගෙ හිතෙත් ඔයාගැන ආදරයක් නෑ කියලා. එයා මේ… අම්මගෙයි තාත්තගෙයි කීමට පිටු පාන්න බැරි නිසයි කෙල්ල ඔයාට කැමති වෙලා තියෙන්නෙ. අයෑම් වෙරි සොරි අයියා එයා ඔයාට කියන්න කිව්වා එයාට කැමති නෑ කියලා ගෙදරට කියන්න කියලා.” විහංසා හෙමින් සැරේ ඇද ඇද කියද්දි හිත යටින් මියුරංගට හිනයි.
“හරි හරි ඒ ඔක්කොම හරි කියමුකො. මොකද මේ ඔයා මේ තරම් අප්සට් වෙලා තියෙන්නෙ ඒකට?” මියුරංග ඇහුවා.
“නෑ මම එදා ඔයාට කිව්වනෙ වෙන අය ගැන නොහිතා එයාට ලං වෙන්න ට්‍රයි කරන්න කියලා. ඒකයි.”
“හ්ම්ම්.. දැන් ඒක ගැන හිතන්න එපා. යුවතිට මම කෝල් එකක් ගන්නම්. ඔයා අප්සට් වෙන්න එපා. ඕකේ. කාලා එන්න. මම යනවා.” මියුරංග කෑම කාලා ඉවර නිසා කැබින් එකට ගියා.
“අනේ මන්දා මම මේ සේරටම මැදිහත් වෙලා තව ටිකෙන් මහ පව් වැඩක් කරගන්න හැදුවේ.” විහංසා තනියම කියෙව්වා.
“විහංසා කෝල් එකක්.” මියුරංග විනාඩි පහකට විතර පස්සෙ විහංසාගෙ ෆෝන් එක අරන් ආයෙම ආවා.
“තෑන්ක් යූ අයියෙ. අමතක උනා මට ගේන්න.” විහංසා එහෙම කියලා ස්ක්‍රීන් එක දිහා බැලුවා.
“කවුද මේ? දන්නෙ නෑනෙ.” විහංසා එහෙම හිත හිතම ආන්සර් කලා.
“හෙලෝ…”
“දෝණි මම.” එහා පැත්තෙන් කතා කලේ උදම්. ඒ හඬ ඇහුන ගමන් විහංසාගෙ හිත ගැස්සුනා.
“ලොකු අයියද?” විහංසා ඇහුවා.
“ඔව්. මට ඔයාව චුට්ටකට මීට් වෙන්න පුලුවන්ද? ඔයා ඔෆිස් එකේ නේද?”
“ඔව් අයියේ. ඇයි?” විහංසා බය උනා මේ මොන හෙණයක්ද පාත් වෙන්න යන්නෙ කියලා.
“බය වෙන්න එපා. ආයෙ කවදාවත් මගෙන් ඔයාට වැරැද්දක් වෙන්නෙ නෑ. ප්ලීස් මාව එක පාරක් මීට් වෙලා මගේ කතාව අහන් ඉන්න.” උදම් කිව්වා.
“හා අයියේ.” විහංසා කිව්වෙ ඇගේ හිතේ උදම් නමින් තිබුන ආදරේ නිසාමයි.
“මම ඔෆිස් එක ලඟට එන්නම්. මල්ලිගෙන් පැයක් ඉල්ලන් පහලට එන්න.”
“කොහෙද යන්නෙ?” විහංසා ඇහුවෙ සැකෙන්.
“නෑ අපි බීච් එකට ගිහින් ටිකක් කතා කරමු. බය වෙන්න එපා කියලා මම කිව්වනෙ. ඔයාට මං එක්ක එන්න බය නම් මල්ලි එක්ක එන්න. මම ඔයාලා එන තැනට එන්නම්” උදම් කියද්දි විහංසාගෙ හිත ගොඩක් රිදුනා.
“මම අහස් අයියගෙන් අහන්නම්.” විහංසා කිව්වම උදම්ට තමන් ගැනම දුකක් ඇති උනා.
“දෝණි මම වරදක් කලා ඒ වැරදි වැටහීමකින්. අවුරුදු හතක් තිස්සෙ මගේ හිතේ තියාගෙන ආදරේ කරපු මගේ කෙල්ල ඔයා කියලා හිතාගෙනයි මගෙ අතින් ඒ වැරැද්ද වෙන්න ගියේ. මගෙ ඔලුව හොඳයි දැන්. මට මගේ ජීවිතේ කවුරුවත් නොදන්න දේවල් ටික කාට හරි කියන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාට පුලුවන් තීරණයක් ගන්න. ප්ලීස්.”
“ඔයා ඔෆිස් එක ලඟට එන්න අයියේ. මම එන්නම්. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරා.
“අහස් අයියේ… ලොකු අයියා කෝල් කලේ.” විහංසා ගිහින් මියුරංග ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා.
“මම දැක්කා. ඉතිං?” මියුරංග සැහැල්ලුවෙන් කිව්වා.
“එයාට මාව මීට් වෙන්න ඕනෙ කියනවා.”
“පැයක් දෙකක් එහෙමත් නැත්නම් හාෆ් ඩේ එකක්ද ඔයාට ඕනෙ?” මියුරංග අහද්දි විහංසාට තරහා ගියා.
“ඇයි ඔයා මගෙන් එහෙම අහන්නෙ අයියේ?”
“තරහා ගිහින්නෙ. මගෙ අයියා ගැන මම දන්නවා විහංසා. බය නැතුව ගිහින් එන්න. මම විහිලුවක් කලේ. අයියා මට කෝල් කරා. පහල එයා ඉන්නවා. පරිස්සමෙන් ගිහින් එන්න. අයියා මගෙන් පැයයි ඉල්ලුවෙ.” මියුරංග වොච් එක දිහා බලන ගමන් කිව්වා.
“තෑන්ක් යූ සර්.” විහංසා කලබලෙන් කියලා දුවන්න හැදුවෙ.
“හා හා හා… මොකද්ද කිව්වෙ?”
“සොරි අහස් අයියා… මම ගිහින් එන්නම්.” විහංසා බිම බලන් කියලා බෑග් එකත් අරන් ගියා. මියුරංග බලන් හිටියෙ හිනා වෙවී.
මියුරංග ෆෝන් එක අරන් යුවතිට කෝල් එකක් ගත්තා.
“හෙලෝ…” යුවති හෙමින් කතා කලේ.
“ඇයි යුවති බයෙන් වගේ?” මියුරංග හිනා වෙලා කතා කරද්දි යුවතිගෙ බය ගියා.
“මම… නෑ..හ් එහෙම මුකුත් නෑ අයියා.” යුවති කිව්වා.
“හා ඒක නෙමෙයි කතා කලේ මට දැනුයි විහංසා කිව්වෙ විස්තරේ. ඇත්තටම රියලි සොරි නංගි මාත් ඔයාට කියන්න විදියක් නැතුව හිටියෙ. ඒත් මේක මේ විදියට විසඳුන එකත් හොඳයි.” මියුරංග කිව්වා.
“ඒ කියන්නෙ ඔයා මට කැමැත්තෙන් හිටියෙ නෑ?” යුවති අහද්දි මියුරංග හිනා උනා.
“ඇත්තටම මේකයි. ඔයාගෙ වරදක් නෙමෙයි. මම ඔයාව බලන්න එන්න කලින් ඉඳන්ම ආදරේ කලා. ඒත් මම ඒ ආදරේ අඳුර ගත්තෙ ඔයාව බලන්න ආවට පස්සෙ.” මියුරංග කියද්දි යුවති කල්පනා කලේ මියුරංග කියන දේවල් වල තේරුම මොකද්ද කියලා.
“මට තේරුනේ නෑ අයියේ?”
“මේක රහසක් විදියට තියා ගන්න පුලුවන් නම් මම ඔයාට කියන්නම් නංගි. හැබැයි මේක විහංසා කීයටවත් දැන ගන්න බෑ.” මියුරංග හිතේ තිබුන දේ කියන්න ලේස්ති උනේ.
“දෝණිට නොකියන දෙයක් මෙච්චර දවසකට මගෙ ජීවිතේ තිබුනෙ නෑ අයියේ. ඒත් කමක් නෑ. ඔයා කියන්නකො. මම ප්‍රොමිස් වෙනවා.”
“මම විහංසාගෙ ගති ගුණ වලට එයාගෙ ස්වරූපයට මේ හැමදේටම ආදරෙයි. විශේෂයෙන්ම එයා හිතන විදියට. මම එයාව දැකපු දවසෙ ඉඳන් මට එයාගෙ විශේෂයක් තිබුනත් මම දැනන් හිටියෙ නෑ ඒ ආදරේ බව. ඔයා එදා මට කිව්වෙ ඔයා ලඟ විහංසාගෙ වගේ ගති ගුණ නෑ ඔයා වෙනස් කියලා. අන්න එදා තමයි මම දැනගත්තෙ මම විහංසාට ආදරේ බව.” මියුරංග කියද්දි යුවතිගෙ ඉහ මොල රත් උනේ ඊයෙ විහංසා ට්‍රිප් එකේදි උදම් එක්ක ඇති උන දේවල් මතක් වෙලා.
“එතකොට උදම් අයියගෙයි දෝණිගෙයි කතාව ඔයා දන්නෙ නැද්ද?” යුවති ඇහුවෙ මේක පටලැවිල්ලක් උනොත් විහංසා අන්තිමට අතරමං වෙන නිසා.
“ඒක නිසා තමයි මම කිව්වෙ ඔයාට කීයටවත් මේක විහංසාට දැනගන්න තියන්න එපා කියලා.”
“හා හරි. ඒත් අයියේ අන්තිමට ඔයා අසරණ වෙලා වගේ මට දැනෙනවා.”
“එහෙම නෑ නංගි. තීරණය විහංසා අතේ. බලමු එන දේකට මූණ දෙන්න මට පුලුවන්. එයා සතුටින් නම් මට ඒ ඇති. එයා දුක් වින්ඳොත් නම් මම කවදාවත් මට සමාවක් දෙන එකක් නෑ.” මියුරංග කියාගෙන ගියා.
“හරි මම මුලින්ම පොරොන්දු උනා වගේම මේක දෝණිට කියන්නෙ නෑ. තෑන්ක් යූ ඔයා මගේ ප්‍රශ්නෙ තේරුම් ගත්තට අයියේ.”
“ඒක මොකද්ද. එහෙනම් සුබ පතනවා අනාගතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා.”
“තෑන්ක් යූ අයියා. ඔයා ගෙදර අය එක්ක කියලා අපේ ගෙදරට දන්වන්න. ප්ලීස්. මට මේක කියන්න ලේසියි එතකොට.”
“හරි නංගී. මම ඒක කරන්නම්. බායි.” මියුරංග කෝල් එක කට් කරලා ෆෝන් එක දිහා බලාගෙන කල්පනාවට වැටුනා.
ආයෙත් හමුවෙමු.