මා නොවේ ඈ නුඹේ 34 කොටස
“මොකක් වෙයිද? මම කොහොමද කියන්නෙ විහංසාට මම ආදරෙයි කියලා. අයියා එයාට ආදරේ නෑ. ඒක මට ශුවර්. දැන් ඔය එන්න කිව්වෙත් ඒක තේරුම් කරලා සමාව ගන්න වෙන්න ඇති.” මියුරංග දිගින් දිගටම කල්පනා කලා.
“කමක් නෑ. ඕන දෙයක් වෙද්දෙන්. මේ හිටියා වගේ තව ටිකක් ඉවසනවා.” මියුරංග අවසාන තීරණයකට ආවා.
මියුරංග ආයෙම කෝල් එකක් ගත්තා ගෙදරට.
“හෙලෝ…” එහා පැත්තෙන් කතා කලේ සහස්‍රා.
“බබා… මම.” මියුරංග කිව්වා.
“මම කිව්වේ….. මොන මමද? මම නම් මේ කතා කරනවා. මේ මම කවුද?” සහස්‍රා මියුරංගව ජෝක් එකට අරන්. මියුරංග දඩාස් ගාලා කෝල් එක කට් කරා.
“පිස්සු හොල්මනක්. කමක් නෑ ගෙදර ගිහින්ම අම්මටයි අප්පච්චිටයි කියනවා.” මියුරංග හිතුවා.
____________________________________________________________________
විහංසා ගිහින් නවත්වලා තිබුන උදම්ගෙ වාහනේට නැග්ගා. උදම් හිනා වෙලා වාහනේ ස්ටාර්ට් කරන් ගියා.
“සාරියට ඔයා ගොඩක් ලස්සනයි දෝණි. හරිම තැන්පත්.” උදම් කිව්වා.
“තෑන්ක් යූ ලොකු අයියේ.” විහංසා බිම බලාගෙන කිව්වා.
“අපි ගිහිල්ලම කතා කරමු. එතකන් ඔයාට පුලුවන් හිතන්න.” උදම් කියද්දි විහංසා උදම්ගෙ මූණ දිහා බැලුවෙ පුදුමෙන්.
“නෑ මට හිතන්න දෙයක් නෑ ඔයා කියන්න අයියේ.”
“ම්ම්ම්…. මේකයි. මුලින්ම මම පටන් ගන්නම් මගේ ජීවිතේ තියෙන ලොකු ම රහසෙන්. හැබැයි මේක මල්ලිවත් බඩීවත් දැන ගන්න බෑ. ප්‍රොමිස් වෙනවද?”
“හ්ම්ම්…. හා ප්‍රොමිස් වෙන්නම්.” විහංසා කිව්වෙ මේ කියන්න යන්නෙ ඔවුන් දන්න රහසම බව හිතමින්.
“මම අම්මගෙයි අප්පච්චිගෙයි පුතෙක් නෙමෙයි. අම්මගෙ අක්කා තමයි මගේ අම්මා. ඒ වගේම අනුරාධ මතක ඇතිනෙ ඔයාට?” උදම් අහද්දි විහංසා හිස වැනුවා.
“අනුරාධගෙ මාමා තමයි මගේ තාත්තා. මම ඉපදිලා අවුරුදු එකහමාරයි ඒ දෙන්නා නැති වෙනකොට. ඒ වෙද්දි අම්මට මල්ලිව හම්බවෙන්න ඉඳලා තියෙනවා. අම්මට මාත් මට අම්මත් ඒ කාලෙ නැතුවම බැරිලු. අපේ අම්මලා ඉන්දෙද්දිත් මම කිට්ටු අම්මටලු. කොහොමත් අපේ අම්මලා නැති වෙද්දි අනුරාධ ගොඩක් පොඩියි. මාසයක් විතර. ඉතිං මාව බලාගන්න එයාලට බැරි නිසාත් මම අම්මට ගොඩක් ලැදි නිසාත් අම්මයි අප්පච්චියි මාව හදාගන්න අරන් තියෙනවා. මගේ තාත්තට නුවර එළියෙ ලොකු වතු යායක් අයිති වෙලා තිබිල තියෙනවා. අප්පච්චිලා මාව හදාගන්න අරන් තිබුනෙ ඒ දේපල බලාගෙන නෙමෙයි. ඒත් සිරිනන්ද මාමා මට අයිති දේපල වලට ආසාව නිසා ටික කාලෙකට පස්සෙ අප්පච්චිලාගෙන් මාව ඉල්ලුවා.” උදම් කතාව නවත්තලා වාහනේ අයිනකින් නතර කලා.
“දෝණි අප්සට් එකෙන්ද ඉන්නෙ? ඔයා මගේ කතාවෙ ඉතුරු ටික අහද්දි ඔය අප්සට් එක නැති වෙයි. බහින්න.” උදම් හිනා වෙලා කියද්දි විහංසා කඳුලු පිහිදගෙන බැස්සා.
දෙන්නත් එක්ක ටිකක් ඇවිදගෙන ගිහින් හෙවණ තැනක තිබුණ බෙන්ච් එකක ඉඳගත්තා.
“දැන් කියන්න අයියා.” විහංසාට ඉවසිල්ලක් නෑ කතාව අහගන්නකන්.
“ම්ම්ම්… එතකොට මටත් හොඳට තේරෙන වයස. මට හරියටම අවුරුදු පහළොවෙදි තමයි මම දැනගත්තෙ මගේ ඇත්තම අම්මයි අප්පච්චියි නෙමෙයි මේ ඉන්නෙ කියලා. සිරිනන්ද අංකල් ඇවිත් මට කියද්දි මම හොඳටම ඇඬුවා මට මතකයි අම්මගෙයි අප්පච්චිගෙයි අත් බදාගෙන ඇඬුවා මම. මාව එයාලගෙ කියල දිවුරන්න කියලා.” උදම් ඇස් වලින් වැටුන කඳුලක් පිස දැම්මා.
“සිරිනන්ද අංකල් මාව නුවර එළියෙ ගෙනියන්න ගොඩක් ට්‍රයි කරා. ඒත් ඒ වෙද්දි අපිව වෙන් කරන්න බැරි තරමට අපි එකිනෙකාට බැඳිලා. අප්පච්චි මගේ කැමැත්ත ඇතුව සිරිනන්ද අංකල්ගෙ නමට මගේ සේරම දේපල පවරලා මාව එයාලගෙන් අයින් කරගත්‍තා. ඇත්තටම දෝණි මට මගේ අම්මයි තාත්තයි හිටිය නම් නොලැබෙන තරමේ දෙමාපිය ආදරයක් සෙනෙහසක් රැකවරණයක් මට අම්මගෙනුයි අප්පච්චිගෙනුයි ලැබුනා ඒ වගේම දැනටත් ලැබෙනවා.” උදම් කතාව ඉවර වෙලා විහංසා දිහා බලද්දි විහංසාගෙ ඇස් වලින් හෝ ගාලා කඳුලු වැටුනා.
“දෝණි මට ප්‍රොමිස් වෙන්න මගේ නංගිටයි මල්ලිටයි මේ ගැන කියන්නෙ නෑ කියලා. එහෙම උනොත් ඒ දෙන්නා මගෙන් ඈත් වෙයි. ප්ලීස්.” උදම් විහංසාගෙ අත් දෙක දෝතින්ම අල්ලගෙන කිව්වා.
විහංසාට කතා කරගන්න බෑ. ඒ නිසා ඇය හිස වැනුවා.
“තෑන්ක් යූ.” උදම් විහංසාගෙ හිස අත ගෑවා.
“හරි දෙවනි කතාව මේකයි…..” උදම් සඳලිව මුණ ගැහුන තැන ඉඳන් හැමදේම කියලා ඊට පස්සෙ ඊයෙ ශ්‍රියානි කියපු ටිකත් කිව්වා.
විහංසාට උදම් ගැන ලොකු අනුකම්පාවක් ඇති උනා. ඇය උදම්ගෙ හිස අත ගෑවෙ ආදරෙන්.
“දෝණි මට අනුකම්පා කරන්න එපා. මොකද අද වෙද්දි මම හොඳ ස්ථාවරයක් හදාගත්ත කෙනෙක්. අවුරුදු හතෙන් අවුරුදු හතරක් මම බලන් හිටියා සඳලිගෙ නමින්. ඊට පස්සෙ අවුරුදු තුනක් ඔයා වෙනුවෙන් බලන් හිටියා. ඒත් මම ආයෙ කවුරුවත් වෙනුවෙන් බලන් ඉන්නෙ නෑ. ඔයා මාව අමතක කරන්න. මොකද මම ඔයා වෙනුවෙන් බලන් හිටියෙ ඔයා සඳලි වගේ නිසා මිසක් ඔයා ගැන ආදරේකින් නෙමෙයි. ඔයා උගත් ලමයෙක්. ඔයාට මම මේ කියන දේ තේරෙනව ඇතිනෙ. නේද?” උදම් ඇහුවෙ විහංසාගෙ හිසට අත තියලා.
“ඔව් අයියේ…” විහංසා හිතේ දුක තද කරගෙන කිව්වා. ඇයට දුකයි ඇගේ පළවෙනි ආදරේටම මෙහෙම උන එකට.
“ගුඩ් ගර්ල්. කොහොම උනත් දැන් සඳලි මාව මීට් වෙන්න ට්‍රයි කරයි. ඒත් මම ඒ වගේ රැවටිලිකාර ගෑනියෙක්ට කැමති නෑ. අඩුම තරමෙ දැන්වත්….” උදම් කතාව නවත්තලා හිනාවෙලා විහංසාගෙ අතින් තද කරලා අල්ලගෙන විහංසා දිහා ආදරෙන් බැලුවා. විහංසා උඩ ගියා.
“ලොකු අයියා…”
“බය වෙන්න එපා මේ ගෑනි නම් මැරෙන්නෙ නෑ. අපි දෙන්නට ටිකක් ඈතින් ඉඳන් සඳලි බලාගෙන ඉන්නවා. ඒකයි.” උදම් එහෙම කියලා ආයෙම විහංසාගෙ අත අත හැරියා.
“ගියාද?” විහංසා ඇහුවෙ ඒ පැත්ත නොබලා.
“නෑ ඉන්නවා. එක අතකට එයාව මට එපා කියලා කෙලින්ම නොකියා මෙහෙම කරන එක වැරදියි. එයාගෙන් ඔයාට කරදරයක් වෙන්න බැරි නෑ. ඉන්නකො.” උදම් නැගිටින්න හදද්දම විහංසා ඔහුව වැලැක්වුවා.
“ඇයි දෝණි?” උදම් ඇහුවෙ පුදුමෙන්.
“දැන් ඔයා ගිහින් ඔයා දන්න සේරම කිව්වොත් අර ආන්ටි අහුවෙනවා. එහෙම උනොත් පව්නෙ අයියා. අපි දෙන්නම ගිහින් කතා කරමු. ඔයා මාව ඉන්ට්‍රොඩියුස් කරල දෙන්න. මම ඉන්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ.” විහංසා හිනාවෙලා කිව්වා.
“තෑන්ක් යූ දෝණි. යමු. එන්න.” උදම් ඇගේ කරට අතක් දාගෙන සඳලි ඉඳපු තැනට ගියා.
“සඳලි…කොහොමද?” උදම් ගිහින් සඳලිගෙන් ඇහුවා. සඳලිගෙ ඇස් තිබුනෙ උදම් දිහාවෙ නෙමෙයි. ඇගේ ඇස් තිබුනෙ ඇගේ රුවට සමාන රුවක් තියෙන මේ කෙල්ල දිහා.
“කොහොමද අයියේ. මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?”
“නෑ මේ මගේ වයිෆ්. එයාට ටිකක් අසනීපයි. අපි ඩොක්ටර් මීට් වෙන්න ගිය ගමන් බීච් ආවා. කෝ ඔයාගෙ හස්බන්ඩ්?” උදම් අහද්දි සඳලිගෙ ඇස් උඩ ගියා.
“ආහ් එයා එයා ආවෙ නෑ අයියේ.” සඳලි අමාරුවෙන් ගැලපුවා.
“දැන් බබාලත් ඇති නේද?” උදම් වෙනසක් නොපෙන්වාම අහද්දි සඳලිගෙ මූණෙ ඉරියව් ක්ෂණයකින් වෙනස් උනා.
“අහ්.. මේ… ආහ් අයියේ මම දැන් යන්න ඕනෙ. ආයෙම වෙලාවක මීට් වෙමු. බායි.” සඳලි ඉක්මණ් ගමනින් එතනින් ගියා. ඇය ගියේ හිතේ තිබුන බලාපොරොත්තු එහෙම් පිටින්ම බිඳගෙන.
“එයා ආයෙ එන්නෙ නෑ. දැන් මගේ ප්‍රශ්නෙ ඉවරයි.” උදම් නිදහසේ දෑත් දෙපසට විහිදලා කියද්දි විහංසාට දුක හිතුනා.
“දැන් වෙලාවත් හරි අපි යමු නේද ලොකු අයියේ.” විහංසා වොච් එක දිහා බලලා කියද්දි උදම් හිනා උනා.
“ඔයා අපේ මල්ලිට බයයිද?”
“ඒකට කියන්නෙ බය නෙමෙයි. ගරු කරනවා කියන එක. එයා මගේ බොස්.” විහංසා කියද්දි උදම්ට හිනයි.
“අම්මෝ හරි හරි යමු.” උදම් ඇගේ අතින් අල්ලන් වාහනේ ලඟට එනකන්ම ආවා.
____________________________________________________________________
“මොකද උනේ විහංසා” මියුරංග ඇහුවෙ විහංසා කැබින් එකට යද්දිමයි.
“එයාගෙ ජීවිත කතාව කිව්වා.” විහංසා මියුරංගගෙ ටේබල් එකෙ මියුරංග ඉස්සරහින්ම ඉඳගෙන කිව්වා.
“මොකද්ද?” මියුරංග ඇහුවෙ පුදුමෙන්.
“ඒක මට ඔයාලට කියන්න අවසර නෑ. හැබැයි අහස් අයියේ ඔයා මට එකක් ප්‍රොමිස් වෙන්න ඕනේ.” විහංසා කියද්දි මියුරංග හිනාවුනා.
“ඔයා මොනවා කිව්වත් මම ප්‍රොමිස් වෙනවා. කියන්න.”
“ලොකු අයියා අරන් හදාගත්ත කෙනෙක් බව ඔයයි සහස්‍රායි දන්න බව එයාට දැනෙන්න තියන්න එපා. එයා දන්නෙ නෑ ඔයාලා දන්න බව. එයා කැමති නෑ ඔයාලා එයා දිහා පිට කෙනෙක් දිහා බලනවා වගේ බලනවට. මොකද එයාගෙ මුලු ලෝකෙම ඔයාලගෙ ගෙදර. මට පොරොන්දු වෙනවා නේද?” විහංසා ඇහුවෙ මියුරංගගෙ අතින් අල්ලගෙන.
“පොරොන්දු වෙන්නම් සදහටම.” මියුරංග කිව්වා.
“තෑන්ක් යූ.” විහංසා එහෙම කියලා ඇස් වලින් පවා හිනා උනා.
____________________________________________________________________
යුවති දවල් වරුවෙම ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කරමින් හිටියෙ. ඒ එක්කම ආයෙත් ඇය ෆෝන් එක දිහා බැලුවා. වෙලාව හවස 3ත් පහුවෙලා. මූණ මැලවුනේ චමත්ගෙන් කෝල් එකක්වත් අඩුම තරමෙ මැසේජ් එකක්වත් නැති නිසා.
“ආයෙම අරන් බලමු.” යුවති එහෙම හිතලා කෝල් එකක් ගත්තා.
“හෙලෝ…” එහා පැත්‍තෙන් චමත් ආන්සර් කරා.
“ඔයා කොහෙද ඉන්නෙ චාම්.. මම ඔයාට ගොඩාක් ගත්‍තා” යුවති දුකෙන් කියද්දි චමත්ට හිනා ගියා.
“මම ඔයාට යාලුවෙක් විතරයිනෙ යුවී… ඉතින් ඇයි මේ තරම් කෝල්ස් මැසේජස්.” චමත් සමච්චලේට ඇහුවෙ.
“චාම් මම ගොඩක් හිතුවා… මට ඔයාව මීට් වෙන්න ඕනෙ.” යුවති හෙමිහිට කිව්වා.
“ම්ම්ම්….. යුවී මම බීච් එකේ ඉන්නෙ. දැන් එන්න පුලුවන් නම් එන්න.” චමත් කිව්වා.
“ඕකේ… මම එන්නම්. පැය බාගයක් දෙන්න.” යුවති ඉක්මණට කෝල් එක කට් කරලා දුවගෙන ගියා ලේස්ති වෙන්න.
____________________________________________________________________
විහංසා ගෙදර ගිහින් වොශ් එකක් එහෙම දාගෙන ඇවිත් සහස්‍රාට කෝල් එකක් ගත්තා.
“ආ මැඩම් මම හිතුවෙ මාව අමතක වෙලා කියලා.” සහස්‍රා කෝල් එක ආන්සර් කරපු ගමන්ම කිව්වා.
“ඇයි ඒ?” විහංසා ඇහුවෙ ඒ මොකද කියලා.
“නෑ.. උඹ ඊයෙ රෑවත් කෝල් එකක් දුන්නෙ නෑනෙ.”
“අනේ සහස්‍රා ඊයෙ යුවති හිටියා අපේ ගෙදර. කෝ අහස් අයියා ආවද?”
“තාම නෑ. කෝල් එකක් දීලා කිව්වා එන්න පරක්කු වෙයි කියලා.”
විහංසා කල්පනා කලා ඒ මොකද කියලා.
“සහස්‍රා….”
“ම්ම්ම්…”
“වැදගත් දෙයක් කියන්නයි කෝල් කලේ. මීට් වෙලාම කියන්න තිබුන නම් හොඳයි. ඒත් එච්චර පරක්කු වෙන්න බැහැ.”
“අගේ නොකර කියපං බං” සහස්‍රාට ඉවසිල්ලක් නෑ මේක අහගන්නකන්.
“මේකයි ලොකු අයියා අරන් හදාගත්ත කෙනෙක් කියලා ඔයාලා දෙන්නා දන්න බව කීයටවත් ගෙදර අයට දැනගන්න තියන්න එපා. ප්ලීස්. මම අද ලොකු අයියව මීට් උනා.” විහංසා හෙමිහිට කිව්වා.
“සමී.. හරි මම කාටවත් දැනගන්න තියන්නෙ නෑ. ඒත් ඔයා ඇයි එයාව හම්බවෙන්න ගියේ?” සහස්‍රා තරහෙන් වගේ ඇහුවෙ.
“අහස් අයියා යන්න කිව්වා. ලොකු අයියා හැමදේම මට කිව්වා. එයා මාව එයාගෙන් සම්පූර්ණයෙන් ම නිදහස් කලා. මගේ හිතත් හදලයි එයා මාව ආයෙම ඔෆිස් එකට ගෙනත් ඇරලුවෙ.”
“මගේ ලොකු අයියා නරක කෙනෙක් නෙමෙයි සමී.” සහස්‍රා අඬනවා.
“මම දන්නවා සහස්‍රා. ඔය හැමෝටම වඩා මම ලොකු අයියා ගැන දන්නවා. කවදාවත් එයා පිට කියලා හිතන්න එපා. ආන්ටිගෙයි අංකල්ගෙයි පණ රැඳිලා තියෙන්නෙ ලොකු අයියා ලඟ. තේරුණාද? ඒ දෙන්නා වගේම ලොකු අයියත් හරි ම ආදරෙයි සහස්‍රා.” විහංසාටත් ඇඬෙනවා. දෙන්නම අඬ අඬ ලොකු අයියගෙ හොඳ කියනවා.
“සමී….”
“ම්ම්ම්ම්….”
“උඹට ලොකු අයියව අමතක කරන්න ඒ තරම් ලේසි උනාද?”
“අමාරු උනේ නෑ සහස්‍රා. මම එයාව තේරුම් ගත්තෙ එයා මගෙන් සඳලිව දකිනවා කියලා දැනගත්ත වෙලාවෙ ඉඳන්.”
“අනික… එයා දැන් කාටවත් ආදරේ කරන්නෙ නෑ.” විහංසා කිව්වා.
“ඒ කියන්නෙ?”
“ඒ කියන්නෙ එයා කිව්වා එයා කාටවත් ආදරේ නෑ. දැන් ඉඳන් එයා නිදහසේ ජීවත් වෙනවා කියලා”
“ඒක හොඳයි. මට ලොකු අයියව නැති කරගන්න බෑ.” සහස්‍රා කිව්වා.
“දැන් එහෙනම් මෙච්චර කල් හිටියා වගේ ලොකු අයියා එක්ක හොඳට ආදරෙන් ඉන්න ඕනෙ. හරිනෙ.”
“හරි. සමී….”
“කියපං.”
“උඹට දැන් වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන්නේ. නේද?” සහස්‍රා ඇහුවෙ මියුරංග ගැන හිතේ තියාගෙන.
“ඇයි උඹ එහෙම අහන්නෙ?”
“නෑ මම මේ හිතුවෙ දැන් ඉතින් උඹට කෙනෙක් හිටිය නම් හොඳ නිසා.”
“අනේ පලයං යන්න. මට කෙනෙක් හොයන්නෙ උඹට ඉන්නවද?” විහංසා අහද්දි සහස්‍රාගෙ උගුර කට වේලුනා.
“හරි කෙල්ලේ හරි. ආ… අම්මා කතා කරනවා. මම රෑ වෙලා ගන්නම් හොඳද? බුදු සරණයි” සහස්‍රා කෝල් එක කට් කරා.
“පිස්සු කෙල්ල. කොහොම හරි ලොකු අයියා පව්. එයාට එයාගෙ ආදරේ ලැබුනෙ නෑනෙ. සඳලි මොන තරම් නරකද.” විහංසා හිතුවා.
විහංසා ආයෙම යුවතිට කෝල් එකක් ගත්තෙ හවස චමත් මීට් වෙන්න යනගමන් කෙල්ල කෝල් එකක් දුන්නත් ඊට පස්සෙ ආයෙම කෝල් කලේ නැති නිසා.
ආයෙත් හමුවෙමු.
මදි කිව්වොත් නම් කොටනවා
ඔන්න කාගෙත් හිත් හැදෙන විදියට උදම්ගෙ ප්‍රශ්නෙ ඉවර කරා. හැබැයි ඔන්න දැන් තමයි කතාවෙ තේමාවෙ විදියට කතාව හැඩගැහෙන්න යන්නෙ. අඬන්න වෙයි කට්ටියට හෝ ගාලා. ඔන්න මම නම් නෑ.
විහංසා මියුරංගගෙ කියන්නෙ නැතුව වෙන ඕන කමෙන්ට් එකක් දාන්න. මට ඒක දැක්ක ගමන් කේන්ති යනවා
තෙරුවන් සරණයි!