මා නොවේ ඈ නුඹේ 39 කොටස
“සුදු අයියා… යමු නේද?” සහස්‍රා මියුරංගගෙ අතේ එල්ලිලා අහද්දි මියුරංග ගැස්සිලා බැලුවෙ.
“සොරි මම වෙන කල්පනාවක හිටියෙ. යමු.” මියුරංග එහෙම කියාගෙන ගිහින් කාර් එකට නැග්ගා.
“ඔයා කවද්ද මගෙ ආදරේ තේරුම් ගන්නෙ අහස් අයියේ.” විහංසා එහෙම හිත හිතම කාර් එකට නැග්ගා.
කට්ටියම සාරි මන්දීර් එකේදි සෙට් උනා. උදම් අපර්ණා එක්ක බලාගෙන හිටියෙ විහංසායි මියුරංගයි එක ලඟින් එන හැටි. අපර්ණාගෙ කට නම් නලියනවා මොකක් හරි විහිලුවක් කරන්න. ඒත් උදම් එපා කියන නිසා ඉවසන් හිටියා.
“අයියේ මට නම් හිතෙන්නෙම බයිට් එකක් දෙන්න අනේ.” අපර්ණා කිව්වෙ උදම්ගෙ අතේ එල්ලිලා.
“බෑ බෑ දෙන්නට දෙන්නා මාර බයිට් වීමක් බයිට් වෙන්නෙ කොහොමත්. අපිට කරන්න දෙයක් නෑ. ඔහොම ඉමුකො ටිකක්.” උදම් හිනාවෙවී කිව්වා.
“ලොකු අයියා.. අම්මෝ මේ දෙන්නගෙ තියෙන කොමලෙ. නේද සුදු අයියා.” සහස්‍රා කිව්වෙ දුර ඉඳන්මයි. විහංසාත් හිනා වෙවී හිටියා මුකුත් කිව්වෙ නෑ.
“එනවා එනවා අපි දැන් කීයෙ ඉඳන්ද මෙතන නේද අපර්ණා.” උදම් සහස්‍රාගෙ කන මිරිකලා කිව්වා.
කට්ටියම සාරීස් සිලෙක්ට් කරා. දෙවනි මනමාලියන්ගෙ ඇඳුම් මොණර නිල් පැහැයෙන් තමයි තේරුවේ.
“ආහ් කියන්න අමතක උනානෙ. ඔන්න දෙවනි මනමාලියො දෙන්නෙක් ගන්න අපි ඩිසයිඩ් කලා. බඩීටත් එන්න වෙනවා.” අපර්ණා කිව්වම වැඩියෙන්ම සතුටු උනේ විහංසා.
“අනේ ඒක හොඳයි. මට පාලු නෑ” විහංසා කිව්වා.
“කොහොමත් දෝණිට තනි නෑනෙ අපේ මලයා ඉන්නෙ.” උදම් විහිලු කලා.
“කවුද අනිත් දෙවනි මනමාලයා.” සහස්‍රාට තිබුනෙ ඒ ප්‍රශ්නෙ.
“මේ…” උදම් කට අරිනකොටම අපර්ණා මැද්දෙන් පැන්නා.
“අහ්… අපේ මල්ලි. එයාව තමයි ගන්න ඉන්නෙ.” අපර්ණා කිව්වා. සහස්‍රාගෙ මූණ මැලවිලා ගියා. උදම්ටයි අපර්ණාටයි හිනයි සහස්‍රාගෙ මූණ දැකලා.
“හරි හරි ඉක්මන් කරන්න ලමයි. පරක්කු වෙනවා.” මියුරංග කිව්වෙ දැන් මෙනූ එක හරියට සිලෙක්ට් කරන්න හොටෙල් එකට යන්න ඕනෙ නිසා.
“ඔව් ඔව්… බඩී දෙවෙනි දවසටත් එක්කම ගන්න. අක්කට ජැකට් මහන තැනටම දෙන්න පුලුවන්.” උදම් මතක් කලා.
සහස්‍රා දෙවනි දවසට සාරි තෝරද්දි විහංසා උදව් කලා. ඇය ගත්තෙ නෑ. හැබැයි විහංසා ලස්සන සාරි අත ගගා ඇඟට තියලා බැලුවා.
“අයියා මට මේක හොඳයිද?” සහස්‍රා ලස්සන සාරි එකක් සිලෙක්ට් කරන් තිබුනා.
“අම්මටත් ගන්න බඩී.” උදම් සැරින් සැරේට එක එක මතක් කලා. අපර්ණාත් අම්මටත් සාරි ගත්‍තා. සේරම සාරි අරන් එලියට බහිද්දි දවසම ඉවරයි.
“අද හොටෙල් එකට යන්න ටයිම් මදි වගේ අයියා.” සහස්‍රා කිව්වෙ තවත් රෑ වෙනකන් විහංසා තියාගන්න බැරි නිසා.
“කමක් නෑ සහස්‍රා මම ඉන්නම්. අදම මේවා ඉවර කරගමු. නැත්නම් තව දවස් කීයද?” විහංසා කිව්වා.
“ඒක තමයි. යමු.” මියුරංගත් සාරි එකක් අරන් බිල් එක පේ කරලා ආවේ එහෙම කියාගෙන. මියුරංග කාර් එකේ විහංසා ලඟින් ඒ සාරි එක තියලා ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.
“කාටද සුදු අයියා ඒ සාරි එක?” සහස්‍රා ඇහුවෙ නළල රැළි කරලා.
“ඒක මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට.” මියුරංග කියද්දි විහංසාගෙ කණ ලඟ හෙණ දහයක් පිපුරුවා වගේ විහංසාට දැනුනේ. දන්නෙම නැතුව විහංසාගෙ ඇස් වලට කඳුලු පිරෙද්දි මියුරංග සහස්‍රාට ඇහැක් ගැහුවා.
“පව් හලො.” සහස්‍රා මියුරංගට විතරක් ඇහෙන්න කිව්වා.
විහංසා සේරම වැඩ ඉවර වෙනකන්ම හිටියෙ වෙනමම ලෝකෙක.
“ඩිනර් අරන්ම යමු නේද? ආව එකේ හොටෙල් එකේ කෑම රසද කියලාත් බලාගන්න පුලුවන්නෙ.” අපර්ණා කිව්වම හැමෝම ඇගේ අදහස අනුමත කලා.
“දෝණි ලොකු කල්පනාවක.” උදම් කියද්දි විහංසා ගැස්සුනා.
“ආ… නෑ අයියේ. මම මේ කල්පනා කලේ තාත්තාට කෑම එකක් අරන් යනවද කියලා.” විහංසා කටට ආව බොරුවක් කිව්වා.
“එහෙනම් මෙහෙම කරමු. අපි කෑම ටේක් අ වේ කරන් සමීලගෙ ගෙදර ගිහින් කමු. කැමතිද කට්ටිය.” සහස්‍රා කිව්වෙ විහංසාගෙ හිතත් හැදෙයිනෙ එතකොට කියලා හිතන්.
“හා ඒක හොඳයි. මාත් තාම සමීගෙ තාත්තව දැකල නෑනෙ.” අපර්ණාත් කැමති උනා. අපර්ණා විහංසාට කතා කලේ සමී කියලා සහස්‍රා කියනවා වගේ.
උදම් කෑම වලට ගෙවලා ආවාම කට්ටියම වාහන දෙකට නැගලා විහංසාගෙ ගෙදර ගියා. උදේනට හරි සතුටුයි. විහංසාට සහෝදර සහෝදරියො නැති එකේ මේ වගේ යාලුවො ඉන්න එකත් හොඳයි කියලා ඔහුට හිතුනා. කට්ටිය යනකන් හිනා වෙලා ඉඳලා විහංසා කුස්සිය අස් පස් කරලා ඇඳට ගියේ හොඳටම අවුල් උන සිතින්.
“අහස් අයියට ආයෙත් කෙනෙක් හම්බ වෙලා. මට එයාව හිමි නෑ” විහංසා හිතුවා. ඒ කල්පනාව පිටම විහංසා නිදාගත්තා.
____________________________________________________________________
“ලොකු අයියා දන්නෙ නෑනෙ මෙයා හරි වැඩක් කලේ අද.” සහස්‍රා කතාව පටන් ගත්තෙ තුන් දෙනාගෙ සුපුරුදු ස්ථානයට ආව ගමන්මයි.
“ඇයි බඩී.”
“මෙයා අර සාරි එකක් අරන් ආවනෙ. ඉතිං කා එකට නැග්ගම මම ඇහුවා කාටද කියලා. මෙයා මැට්ටා වගේ කිව්වනෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියලා. ඔයා ඉන්න තිබුනෙ සමීගෙ මූණ බලන්න.”
“පව් බං. උඹ ඇයි එහෙම කිව්වෙ කෙල්ලට දුක හිතෙන්න ඇති.” උදම් කිව්වෙ මියුරංග දිහා හොඳට බලලා.
“දැන් බලන්න පුලුවන් හෙට ඔෆිස් ආවම මූණ. බලමුකො හෙටත් හිතේ තියෙන දේවල් හංගන් ඉඳීද කියලා.” මියුරංග කිව්වෙ හිනාවෙවී.
“උඹට දුක නැද්ද කෙල්ල දුකෙන් ඉන්න එකට” උදම් ඇහුවෙ පුදුමෙන්.
“දුකයි. හෙට මම කියනවා එහෙම උනොත්.” මියුරංග කියද්දි සහස්‍රා මැද්දට පැන්නා.
“අනේ සුදු අයියා මේ… ඔහොම ඉන්නවා ටිකක්. ආදරේ අගේ වැඩි වෙන්නෙ තව පහු වෙනකොට. අපි ලොකු අයියගෙ වෙඩින් එක දවසටම කියමු.” සහස්‍රා අලුත් අයිඩියා එකක් දුන්නා.
“එහෙම නෙමෙයි ඕක කලින් කියලා තිව්වා නම් අපිට ඕන නම් එදාටම මේ දෙන්නගෙ වෙඩින් එකත් ගන්න තිබුනා නේද?” උදම් කිව්වේ හිනා වෙවී.
“ඔව් අනේ වාව්. එහෙම කරන්න තිබුනා තමයි. අනේ සුදු අයියා අප්පච්චිලාට කියමුකෝ.” සහස්‍රා කිව්වෙ මියුරංගගෙ අතින් ඇදගෙන.
“බෑ බෑ විහංසාව මේ ගෙදරට ගේන්නෙ ලස්සන මනමාලියෙක් කරලා.” මියුරංග ඇස් පියාගෙන කිව්වෙ. අර දෙන්නට හිනයි.
“අනිත් එක ලබන සතියෙ මම එයාට කියනවා.” මියුරංග එහෙම කියලා එතනින් ගියා.
“ලබන සතියෙ මොකද?” සහස්‍රායි උදම්නුයි ගොඩක් වෙලා කල්පනා කලා. එක පාරටම සහස්‍රා ෆෝන් එක අරන් විහංසාට කෝල් එකක් ගත්තා.
“හෙලෝ සමී…”
“කියන්න සහස්‍රා.” විහංසා නිදිමතේ කතා කලේ.
“අයියෝ නිදිද අප්පා… මේ ලබන සතියෙ කම්පැණි එකේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද?” සහස්‍රා ඇහුවෙ කලබලෙන්.
“නෑ සහස්‍රා. එහෙම මුකුත්… ආහ් ලබන සතියෙ දානයක් තියෙනවා අනාථ නිවාසෙට. අහස් අයියා ඊයෙ කිව්වා. ඇයි අනේ එක පාරම ඕවා අහන්නෙ. මහන්සි නැද්ද බං නිදාගනින්කෝ.” විහංසාට කේන්තිත් එක්ක.
“මතක් උනා.” විහංසාගෙ කතාව අහන් ඉඳපු උදම් හනිකට සහස්‍රාට කිව්වා.
“හා හා සොරි මැඩම්. තෑන්ක් යූ අපිට මතක් කලාට. උම්ම්මා. ගුඩ් නයිට්. බුදු සරණයි.” සහස්‍රා හිනාවෙවී කියලා කට් කලා.
“මොකද්ද?” සහස්‍රා පුටුවේ හරි බරි ගැහිලා ඇහුවා.
“විසි එක මලයගෙ බර්ත් ඩේ එක.”
“ඕහ් ගෝඩ් මට අමතක උනා. හරි හරි. එහෙනම් අපි හොඳ ප්ලෑන් එකක් ගහමු මෙයා සමීට ප්‍රපෝස් කරද්දි සර්ප්‍රයිස් වෙන්න.” සහස්‍රා හරිම උද්‍යෝගයෙන් කිව්වා.
“හරි හරි මම අපර්ණාටත් කියන්නම්. එයා ලඟ සුපිරි අයිඩියාස් තියෙනවා.” උදම් ෆෝන් එක අතට ගත්තා.
“හෙට ඉතුරු ටික කතා කරමු ලොකු අයියා. මටත් දැන් නිදිමතයි අනේ.” සහස්‍රා ඇගේ කාමරේට ගියා.
____________________________________________________________________
විහංසා උදේ ඔෆිස් එකට ගියේ හොඳටම රිදුණු හිතින්. මියුරංග නම් හිනාවෙවී හිටියා.
“ගුඩ් මෝනින් විහංසා” විහංසා කැබින් එකට එනකොටම මියුරංග කිව්වා.
“ගුඩ් මෝනින් අයියා.” විහංසා බෑග් එක ඇගේ ටේබල් එක උඩින් තියලා මියුරංගගෙ ටේබල් එක ලඟට ආවෙ හිමිහිට.
“ඇයි විහංසා? මොකද්ද ප්‍රශ්නෙ?”
“නෑ අයියා ඔයාට ඇසිස්ටන් කෙනෙක් ගත්තා නම් හරි නේද? මිස්ටර් වික්‍රමගේට සපෝර්ට් එකට කවුරුවත් නෑනෙ.” විහංසා හෙමි හෙමිහිට කිව්වේ මියුරංගගෙන් ඈත් වෙන්න ඕනෙ නිසා.
“ඇයි විහංසා එක පාරම එහෙම කියන්නෙ. ඔයාට තව ටිකක් ඉන්න බැරිද අයියගෙ වෙඩින් එකෙන් පස්සෙ මම ගෙදරට මගේ එෆෙයාර් එක ගැනත් කියනවා. ඊට පස්සෙ මම එයාව පර්මනන්ට් කරලම මගේ ඇසිස්ටන් විදියට ගන්නයි ඉන්නෙ.” මියුරංග කිව්වෙ හිත ඇතුලෙන් හිනා වෙන ගමන්.
විහංසා මුකුත් නොකියා අමාරුවෙන් හිනාවක් මූණට අරන් හිස වනලා ලන්ච් රූම් එකට ගියා ඉක්මණින්.
“ඇයි අහස් අයියේ මට මෙහෙම කරන්නෙ.” විහංසා හොඳටම ඇඬුවා. මියුරංග සීසී ටීවී එක හරහා විහංසා අඬන දිහා බලාගෙන හිටියෙ උහුලන්න බැරි දුකකින්.
“ඔච්චර ආඩම්බර නොවී මට ආදරේ බව පෙන්නුව නම් ඉවරයිනෙ. මෝඩි.” මියුරංග එහෙම කිව්වා.
“අයියෙ මට ශෝට් ලීව් එකක් ඕනෙ. හිස කකියනවා. මට වැඩ කරන්න අමාරුයි වගේ.” විහංසා බිම බලාගෙන කිව්වත් මියුරංග දැක්කා ඇගේ ඇස් රතු වෙලා තියෙන හැටි.
“අනේ විහංසා අද වැඩ ගොඩක් තියෙනවනෙ ලමයෝ. කොහොමද මම මේ සේරම තනියම හැන්ඩ්ල් කරන්නෙ ඔයා ගියාම.”
“හ්ම්ම්.. කමක් නෑ එහෙනම්. මම ඉන්නම්.” විහංසා එහෙම කියලා ගිහින් ටේබල් එකෙන් ඉඳගත්තා. කරන්න ලොකු වැඩක් නැතත් මියුරංග විහංසාව තියාගත්තා හවස් වෙනකල්ම.
“ලබන සතිය වෙනකන් අමාරුවෙන් උනත් ඉවසන් ඉන්න මගෙ මැණික” මියුරංග හිතින් විහංසාට කිව්වේ හිතින්ම විහංසාගෙ හිස අතගානවා මවා ගෙන.
“ඔයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව කම්පැණි එකට ගේන්න ඒ තරම් කල් ගන්නෙ ඇයි අහස් අයියේ. මම කොහොමද මගෙ හිත ඔයාගෙන් හංග ගන්නෙ” විහංසා හිතින් අඬා වැටෙමින් හිතුවා.
හවස ගෙදර ගිය වෙලාවෙ ඉඳන් විහංසා ඇඬුව එක කලේ. තාත්තා බලන් හිටියා මිසක් අහන්න ගියේ නෑ.
____________________________________________________________________
“නංගී… බබා…” මියුරංග සහස්‍රාගෙ කාමරේට ගියේ ගෙදර ආව ගමන්මයි.
“සුදු අයියා මේ මොකද?” සහස්‍රා මියුරංගගෙ උඩ ඉඳන් පහළටත් පහළ ඉඳන් උඩටත් දෙතුන් වතාවක් බැලුවා.
“විහංසා මට ආදරෙයි.” මියුරංග සහස්‍රාව අල්ලගෙන කැරකුනා.
“ඉතිං ඒක පරණ නිවුස් එකක්නෙ අප්පා. අලුත් එකක් ගේනවකො. ම්ම්ම්… විහංසා ඔයාට ආදරෙයි කිව්වා වගේ හොට් නිවුස් එකක්.” සහස්‍රා කිව්වා.
“මට වචන ඕනෙ නෑ. බලනවලකෝ මම එයාට දෙන සර්ප්‍රයිස් එක කොහොමද කියලා.” මියුරංග එහෙම කියලා හිනා වෙවී කාමරෙන් එලියට ගියා.
“ඔයා හරිම හොඳයි සුදු අයියේ. ඔයාට තමයි සමීව හොඳටම ගැලපෙන්නෙ.” සහස්‍රා මියුරංග යන දිහා බලාගෙන තමන්ටම කියාගත්තා.
විසි එක් වෙනිදා උදේම විහංසා සුදු පාට සාරියක් ඇඳලා ඔෆිස් එකට යන්න ලේස්ති උනා. විහංසා දන්නෙ නෑ අද මියුරංගගෙ බර්ත් ඩේ එක කියලා. දානෙට ලේස්ති වෙලා ගියේ. අද ඔෆිස් එකෙන් බස් එකක්ම ගිහින් අනාථ නිවාසෙට දානෙ දෙන්නෙ. මියුරංග විහංසාට ප්‍රපෝස් කරන්න තෝරගත්තෙ විහංසා ආසම කරන තැන. විහංසා දන්නෙ නෑ මේ යන්නෙ ඇගේ ජීවිතේ ඉරණම් ගමනක් කියලා.
“ගුඩ් මෝනින් සුදු අයියා…. හැපී බර්ත් ඩේ… මගේ සුදු අයියා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා ඔයාගෙ නංගි හදවතින්ම සුබ පතනවා.” සහස්‍රා කාමරේට දුවගෙන ගිහින් මියුරංගව බදාගෙන කිව්වා.
“තෑන්ක් යූ බබා… හැබැයි උදේම මට පොරොන්දුවක් ඕනෙ.”
“මොකද්ද?” සහස්‍රා ඇස් බැමි හකුළලා ඇහුවා.
“විහංසා දැනගන්න බෑ අද මගෙ බර්ත් ඩේ එක බව. හරිද?” මියුරංග සහස්‍රාගෙ නහය මිරිකලා කිව්වා.
“පිස්සුද මම කිව්වෙත් නෑ කියන්නෙත් නෑ.” සහස්‍රා අමුතු හිනාවක් දාලා කිව්වා.
“මට ඇල්ලුවෙ නෑ හිනාව නම්.”
“නෑ නෑ හලෝ කිව්වෙ නෑ. යමු පහළට.” සහස්‍රා මියුරංගව තල්ලු කරන් පහළට ගියා.
කිරිබත් හදලා මියුරංග ආසම විදියට කට්ට සම්බෝලයක් හදලා තිබුනා.
“මගෙ පුතාගෙ බලාපොරොත්තු සියල්ල ඉෂ්ඨ වෙන්න ඕනෙ.” අම්මා මියුරංගගෙ නළල සිපගෙන කිව්වා.
“තෑන්ක් යූ අම්මා. ඒක එහෙමම වෙනවා. මොකද මගෙ සුදු අයියට හොඳ…ම හොඳ අයියෙකුයි රත්තරං නංගියෙකුයි ඉන්නවනෙ.” සහස්‍රා මැද්දෙන් පැනලා කියද්දි කට්ටියටම හිනයි.
“මොකක් හරි හොරයක් තියෙනවා අම්මල පුතාලගෙ. මට කියන්නෙ නැද්ද?” අප්පච්චි අහද්දි මියුරංග අප්පච්චි ලඟට ගිහින් වැඳලා…
“අද ගෙදර ආව ගමන් කියන්නම් අප්පච්චි.” මියුරංග හිනා වෙලා කියද්දි අප්පච්චිට තේරුනා මේ කියන්න යන්නෙ කෙල්ලෙක් ගැන තමයි කියලා.
“එහෙනම් අපිට තව මංගල්‍ලෙකට ලේස්ති වෙන්න වෙයි වගේ නේද අම්මා.” අප්පච්චි අම්මගෙ දිහා බලලා කිව්වා.
මියුරංග හිත සතුටින් එලියට බැස්සෙ සහස්‍රාත් එක්කමයි.
ඔෆිස් එකට යද්දි හැමෝම ඇවිත් හිටියා. මියුරංග වාහනෙන් බහින්නෙත් නැතුව විහංසාගෙ ලස්සන වින්දා.
“සුදු අයියා වැඩේ නෝන්ඩි වෙන්න කලින් යමු අනේ.” සහස්‍රා මියුරංගගෙ අතින් ඇදලා වාහනෙන් බැස්සා.
ආයෙත් හමුවෙමු.