මා නොවේ ඈ නුඹේ 49 කොටස
විහංසා ගොඩක් වෙලා ට්‍රයි කලත් නම්බර් එක හොයාගන්න බැරි උනා. යුවති පොඩ්ඩක් හෙලවෙනකොටම විහංසා ෆෝන් එක මේසෙ උඩින් තියලා කාමරෙන් එලියට ගියා.
“නම්බර් එක නැති වෙන්න විදියක් නෑනෙ. අඩුම තරමෙ වයිබර් වලවත්. මේ ලමයා මට කියන්නෙ බොරුද? නෑ නෑ වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. කොහොමද චමත්ව කන්ටැක්ට් කර ගන්නෙ.” විහංසා හීටර් ජග් එකට වතුර එක ගහලා ඒක රත් වෙනකන් නානාප්‍රකාර දේවල් කල්පනා කලා.
“ගුඩ් මෝනින් උදෙන්ම නැගිට්ටද?” යුවති කුස්සියට ආවෙ කම්මැලිකමෙන්.
“ගුඩ් මෝනින්. මම ඉතින් උයන්නත් ඕනනෙ චූටි. ඉඳගෙන ඉන්න. මම තේ හදන්නම්.” විහංසා නටන වතුර එක අරන් තේ හැදුවා. ඇගේ තේ එක නිවෙන්න තියලා හාල් සෝදන්න ගත්තා.
“දෝණි උදෙන්ම ඇහැරිලා. වේලාසන වැඩි නැද්ද පුතේ..” උදේන කුස්සියට ආවෙ එහෙම කියාගෙන.
“නෑ තාත්තා අද ඔෆිස් එකට උදෙන් යන්න ඕනෙ. වරුවෙන් සැලෝන් එකට යනවනෙ.. ඊට කලින් කම්ප්ලීට් කරන්න ෆයිල්ස් වගයක් තියෙනවා.” විහංසා එහෙම කියලා තාත්තට තේ එක දුන්නා.
“හරි හරි ඔයා එහෙනම් ගිහින් ලේස්ති වෙන්න. මම මොනව හරි හදන්නම්.” උදේන කිව්වම විහංසා මල් කඩන්න මිදුලට ගියා.
“දෝණි මම මල් කඩන්නද?” යුවති ආවෙ කම්මැලි නිසා.
“එන්න ඉතිං. ඕක අහන්නත් දෙයක්ද?” විහංසා කතා කලේ චමත්ව කන්ටැක්ට් කරගන්න විදියක් ගැන යුවතිගෙන්ම අහගන්නවා කියලා හිතමින්.
“ලොකු කල්පනාවක.” යුවති ටික වෙලාවක් බලන් ඉඳලා කිව්වා.
“මම? නෑ… මේ ඒක නෙමෙයි චමත් කතා කරන්නෙ නැත්තෙ කවද ඉඳන්ද?” විහංසා ඇහුවෙ සැක නොහිතෙන විදියට.
“ආහ් එහෙම නෑ. එයා කතා නොකරට මැසේජ් කරලා මගෙ ගැන හොයනවා. වයිබර් එකෙන් මැසෙන්ජර් එකෙන් එහෙම.” යුවති කිව්වා.
“හා… කතා කරාම කියන්න මාත් මතක් කරා කියලා. පුලුවන් නම් එයාට අපේ වෙඩින් එකට එන්න කියන්න. ප්ලීස්.” විහංසා යුවතිගෙ අතින් අල්ලලා කියද්දි යුවති ලාවට හිනා උනා.
“එන එකක් නෑ අක්කා. අපරාදෙ කියන එකත්.” යුවති එහෙම කියලා ගේ ඇතුලට ගියා.
“වයිබර් එකේ චමත්ගෙ තියා එක කොල්ලෙක්ගෙවත් නමක් තිබුනෙ නෑනෙ.” විහංසා තමන්ටම කියාගත්තා.
“සමහරවිට අම්මලා දකින නිසා කෙල්ලෙක්ගෙ නමින් සේව් කරල ඇත්තෙ. අයියෝ මම නිකන් කලබල වෙනවා.” විහංසා ඔලුවට තට්ටු කරගෙන කියාගත්තා.
“දොණියෝ මේ ෆෝන් එක වදිනවා…” යුවති ගේ ඇතුලෙ ඉඳන් කෑගැහුවා. විහංසා මල් වට්ටියත් අරන් ගෙට ගියා.
____________________________________________________________________
මියුරංග උදේම ඇහැරුනේ හිතේ තිබුන සතුට නිසාමයි. හා හා පුරා කියලා බාප්පා කෙනෙක් වෙන්න යන එකට කොල්ලගෙ හිතේ තිබුනෙ මාර ෆිට් එකක්.
“ගුඩ් මෝනින් සුදු අයියා.” මියුරංග ෆෝන් එක අතට ගන්න හදනකොටම සහස්‍රා දුවගෙන ආවා කාමරේට.
“ගුඩ් මෝනින් මැට්ටි. මොකද මේ පාන්දර?” මියුරංග ඇහුවෙ ෆෝන් එක පැත්තකින් තියලා.
“මට මුලු රෑම නින්ද ගියේ නෑ හලෝ. මේ බලනවා කතා කරද්දිත් මොකද්දෝ වෙනවා වගේ.” සහස්‍රා අත් දෙක අත ගගා කතා කලේ.
“ඇයි?” මියුරංග ඇහුවෙ පුදුමෙන්.
“මම නැන්දා කෙනෙක් වෙන්න යනවා හලෝ. සතුටු නැද්ද. මම කෙල්ලට නමකුත් හිතුවා රෑ.” සහස්‍රා හිනාවෙවී කියද්දි මියුරංගට නංගි ගැන මහා ආදරයක් ඇති උනා. මියුරංග සහස්‍රාගෙ හිස අත ගෑවෙ ඒ ආදරෙන්මයි.
“සුදු අයියා.. අපි චූටියට පාර්ටි එකක් දාමු මේ සතුටට.” සහස්‍රා කිව්වම මියුරංග හිනා උනා.
“හා… දාමු. ඔක්කොටම කලින් විහංසාට කියන්න ඕනෙ.” මියුරංග ආයෙත් ෆෝන් එක අතට ගත්තා.
“හා ඔයා කියන්න එහෙනම්. මම ෆේස්බුක් දැම්මා ඊයෙ සන්තෝසෙට.” සහස්‍රා උඩ පැනලා කිව්වෙ.
“එහෙනම් මට කියන්න දෙයක් නැතුව ඇති. එයා දැකලත් ඇති.” මියුරංග කිව්වා.
“සමී උදේ පාන්දර එෆ් බී යනවද අනේ. විකාර. ඔයා කෝල් එක අරන් පහලට එන්න. මම යනවා. අක්කට මහන්සි වෙන්න දෙන්න හොඳ නෑ.” සහස්‍රා එහෙම කියලා පහලට දුවද්දිම විහංසා එහා පැත්තෙන් කෝල් එක ආන්සර් කලා.
“ගුඩ් මෝනින් අයියේ..”
“ගුඩ් මෝනින් මැණික. ලේස්ති වෙන ගමන්ද නැත්නම් තාම නිදිද?” මියුරංග ඇහුවා.
“මේ වෙනකන් මම නිදියනවා කියලා ඔයා අහලවත් තියෙනවද?” විහංසා කිව්වෙ දැන් වෙලාව හත වෙලා නිසා.
“කවුරුවත් කියන්න ඕනෙද. අර නුවර එළියෙ ගිහින් අට වෙනකන් නිදාගත්තෙ දෙන්නත් එක්ක.” විහංසාට හිනයි ඒ ගමන මතක් වෙලා.
“හ්ම්ම්… ඔයා අද එන්නෙ නෑනෙ. මම චූටි එක්ක ඔෆිස් එකට එන්නම්.” විහංසා කිව්වා.
“හරි මැණික. මේ ඒක නෙමෙයි.” මියුරංග කෝල් එක ගත්ත කාරණාව කියන්න හැදුවේ.
“එහෙනම් කෝකද?” විහංසා හුරතලෙන් ඇහුවෙ.
“ඔන්න ඔයා මැරි කරන්නත් කලින්ම පුංචි කෙනෙක් වෙන්න යන්නෙ.” මියුරංග කියද්දි විහංසාට අදහා ගන්න බැරි උනා.
“ඔය ඇත්තමද කියන්නෙ? ශෝක්නෙ. අනේ මම අද එහෙනම් එහෙ එනවා. ඔන්න බෑ කියන්න බෑ.” විහංසා කිව්වෙ අපර්ණාව දකින්නම ඕනෙ කියන සිතුවිල්ලෙන්.
“හරි හරි එක්කන් එන්නම්කො. අපේ බබා නම් එෆ්බී එකෙත් දාලා එයා නැන්දා කෙනෙක් වෙන්න යනවා කියලා.” මියුරංග හිනාවෙවී කිව්වා.
“අනේ මටත් සතුටුයි අයියේ. කියාගන්න බැරි තරම්.” විහංසාත් ගොඩක් සතුටින් කිව්වෙ. මියුරංගට ෆෝන් එකෙන් උනත් ඒ සතුට දැනුනා.
“හරි හරි මගෙ කෙල්ල දැන් ලේස්ති වෙන්නකො. මම තියන්නම්. බුදු සරණයි.” මියුරංග පහලට බහින ගමන් කිව්වා.
“හා. බුදු සරණයි අයියේ.” විහංසා කෝල් එක කට් කරලා ඒ සතුට පිටම එෆ් බී එකට ලොග් උනා. නොටිෆිකේෂන් හතරක් තිබුනා. විහංසා මුලින්ම නොටිෆිකේෂන් වලට ගියා. චමත් දේවනාරායන කමෙන්ටඩ් කියලා එක නොටිෆිකේෂන් එකක් තිබුනා. විහංසාට චමත් කිව්ව ගමන් මතක් උනේ යුවතිගෙ චමත්. විහංසා ඉක්මණින් ඒ නොටිෆිකේෂන් එක ඕපන් කරලා බැලුවා.
ඒ කමෙන්ට් එක තිබුනෙ කට්ටියම බීච් එකේ ගත්ත ෆොටෝ එකට. යුවති ඒ ෆොටෝ එක දාලා තිබුනෙ කට්ටියටම ටැග් කරලා.
“නයිස් කපල් යුවී.” ඒකෙ මියුරංගගෙ අතින් අල්ලගෙන යුවති හිටියා. ඒ කමෙන්ට් එකට යටින් යුවති “තෑන්ක් යූ චාම්” කියලා රිප්ලයි කරලත් තිබුනා.
“ඇයි එහෙම කියල තියෙන්නෙ. අනික මේක මේ…” විහංසා එහෙම හිත හිතම කමෙන්ට් එක දාපු ඩේට් එක බැලුවා.
“මේ එදා චූටි බීච් එකේදි එයාව මීට් උන දවස.” විහංසා හිතුවා. විහංසා චමත්ට රික්වෙස්ට් එකක් දැම්මා.
“කීයට හරි කන්ෆර්ම් කරයිනෙ.” විහංසා එහෙම හිතලා ලොග් අවුට් උනා. දොර ලඟ බලද්දි යුවති දොරකඩ.
“මොකද චූටි බය වෙලා වගේ?” විහංසා ඇහුවට ඇයත් හිටියෙ ගැස්සිලා.
“මම… මොකටද අනේ මම ගැස්සෙන්නෙ. මේ ලේස්ති වෙන්නෙ නැද්ද?” යුවති ඇහුවේ නලල හකුලමින්.
“ලේස්ති වෙන්න ඕනෙ. ආ ඒක නෙමෙයි මෙහෙ එන්නකො.” විහංසා යුවතිගෙ අතින් ඇදන් කුස්සියට දිව්වා.
“මොකද දෝණි මේ කලබලේ.” උදේන ඇහුවෙ මේ වෙලාවට ලේස්ති වෙන කෙල්ල මොකද අද ආයෙම කුස්සියට ආවෙ කියලා.
“තාත්තා… අපර්ණා අක්කා ප්‍රෙග්නන්ට් වෙලා. මට දැන් අහස් අයියා කිව්වෙ.” විහංසා සතුටින් කිව්වා. උදේනටත් ලස්සන හිනාවක් ගියා.
“අනේ කොච්චර දෙයක්ද. අපි එහෙනම් හවසට එහේ ගිහින් එමු නේද දෝණි.” උදේනත් ඇහුවා.
“යමු තාත්තා. මම කිව්වා අහස් අයියට හවසට එනවා කියලා.” විහංසා සතුටින් කිව්වා.
“චූටි බබෙක් හුරතල් වෙනකොට ගෙයක් කොච්චර එළියයිද නේද?” යුවතිත් ඇහුවෙ සතුටින්.
“ඔව් චූටි. මටත් ඉවසිල්ලක් නෑ බබා ඉපදෙනකන්. එහේ හැමෝම හරි සතුටින් ඉන්නෙ.” විහංසා කිව්වා.
“ලේස්ති වෙන්න යමු. ඔයාවත් ඔෆිස් එකට දාගෙන මාත් ගෙදර යන්න ඕනෙ. අනේ අපර්ණා අක්කට කියන්න මාත් විශ් කලා කියලා.” යුවති කිව්වම විහංසා හිනාවෙලා හිස වනලා කාමරේට ගියා ලේස්ති වෙන්න.
____________________________________________________________________
වෙඩින් එකට තිබුනෙ සතියයි. හැමෝම බිසී වෙලා. යුවති විහංසාගෙ දෙවනි මනමාලි වෙන්න හරිම ආසාවෙන් සූදානම් උනා. අපර්ණා හිටියෙ ටිකක් අපහසුවෙන් නිසා වෙඩින් එකේ වැඩ වලට ඇවිදින්න ඇයට බැරි උනා. ඒත් හැමදේම ඇය තමයි කට්ටියටම කෝල් කර කර මතක් කලේ.
“අක්කා බබා වෙඩින් ප්ලෑනර් කෙනෙක් වෙයි.” නිවිසැනසිල්ලෙ කට්ටියම සාලෙ වාඩි උන වෙලාවක සහස්‍රා හයියෙන් හිනාවෙවී කියද්දි කට්ටියටම හිනයි.
“ඒක නම් ඇත්ත. මෙයා ඒ වගේනෙ වැඩ කරන්නෙ. කිව්වට අහන්නෙත් නෑනෙ.” උදම් අපර්ණාගෙ කර වටේ අත යවලා ලං කරගෙන කිව්වා.
“සුදු පුතා උදේන අංකල් මොකද කියන්නෙ මෙහෙ එන එක ගැන.” අප්පච්චි ඇහුවෙ උදේන ඒ තරම් කැමැත්තක් නැත් බව කිව්ව නිසා.
“එන්න කැමති නෑ අප්පච්චි. විහංසා හැමදාම අඬ අඬ කියනවා. අංකල් කියන්නෙ ආන්ටිගෙ මතක එක්ක ඒ ගෙදරම ඉන්න ඕනෙ කියලා.” මියුරංග කිව්වා.
“හ්ම්ම්… අපි බලමුකො හොඳ විදියක්.” අප්පච්චි කල්පනා කර කර කිව්වා.
“ආ… මට කියන්න බැරි උනානෙ. මට උදේ සිරිනන්ද කෝල් කරා.” අප්පච්චි කියන්න ගත්තෙ ලොකු කතාවක්. ලමයි හතර දෙනාගෙම හිත් ගැස්සුනා.
“මොකද්ද කිව්වෙ අප්පච්චි?” උදම් ඉස්සර උනා.
“මංගල යෝජනාවක්.” අප්පච්චි හිනා උනා.
“ඒ පාර කාටද අප්පච්චි?” අම්මා ඇහුවෙ උදම් බෑ කිව්ව නිසා මියුරංගට හිමදිව යෝජනා කරලා කියලා හිතන්. අම්මා දන්නෙ නෑ හිමදි පැනල ගියා කියලා.
“බබාට..” අප්පච්චි හිනා වෙවී කිව්වෙ.
“මොකද්ද? බබාට?” අම්මා පුදුමෙන් ඇහුවෙ. ඔවුන් තවම සහස්‍රාට කසාදයක් ගැන හිතලවත් තිබුනෙ නෑනෙ. සහස්‍රා නම් බිම බලාගෙනම හිටියා.
“ඔව්. අනුරාධ පුතාව අපේ බබාට ප්‍රපෝස් කරා. හිමදි පැනලා ගිහින්ලු.” අප්පච්චි කිව්වා.
“ඇත්තද? ඔයාලා දැනන් හිටියද ලමයි. කිසිම සද්දයක් නැත්තෙ?” අම්මා ඇහුවෙ කට්ටියගෙම දිහාට ඇස් යවමින්.
“ආ… මේ ඔව් අම්මා අපි දැනන් හිටියා. හිමදි කිව්වෙ නෑ. අනුරාධ මල්ලි කිව්වා.” උදම් කිව්වා. සහස්‍රාට නම් වචනයක්වත් කියාගන්න බැරි උනා.
“මොකද බබා කියන්නෙ? අනුරාධට අපේ නම් අකමැත්තක් නෑ. හැබැයි ඔක්කොටම කලින් සිරිනන්දට කියන්න ඕනෙ මගේ කෙල්ලව නුවර එළියට නම් දෙන්නෙ නෑ කියලා.” අප්පච්චි කිව්වා.
“ඔව් ඔව් අනුරාධට මේ කිට්ටුවෙන්ම ගෙයක් ගන්න කියන්න ඕනෙ.” මියුරංගත් කිව්වා.
“හ්ම් හ්ම්ම්.. බබා හොඳට කල්පනා කරලා කියන්න එහෙනම්.” අප්පච්චි එහෙම කියලා නැගිටලා ගියා. අම්ම්ත් සහස්‍රාගෙ හිස අත ගාලා අප්පච්චිගෙ පස්සෙන්ම ගියා.
“කෝ බලන්න බඩීගෙ මූණ.” අපර්ණා විහිලු කරා.
“ඒක තමයි ඉබේම ප්‍රශ්න විසඳෙනවා වගේ මට පේන්නෙ.” මියුරංගත් කිව්වා. සහස්‍රා ලැජ්ජාවෙන් බිම බලාගෙන උඩට දිව්වා.
“ලැජ්ජ හිතිලා.” උදම් අපර්ණාව නැගිට්ටගෙන හෙමිහිට කාමරේට එක්කන් ගියා.
____________________________________________________________________
“තාත්තා….” විහංසා කතා කලේ තේ එකක් හදාගෙන ගිහින් උදේනගෙ ලඟින්ම ඉඳගන්න ගමන්.
“කියන්න දෝණි…” උදේන තේ එක අරන් හරි බරි ගැහිලා වාඩි උනා.
“ඔයා තාමත් ඉන්නෙ එකම තීරණේද? ඕක වෙනස් වෙන්නෙම නැද්ද තාත්තා.” විහංසා අදත් අඬ අඬම ඇහුවා.
“මගෙ දෝණි නාඬා ඉන්නකො. මම ඇවිත් ඇවිත් යන්නම්කො. එතකොට ඔයාට මම නෑ කියලා දැනෙන්නෙ නෑනෙ.” උදේන විහංසාගෙ හිස අත ගාලා කිව්වා.
“ඒ උනාට මට තාත්තව දාලා යන්න බෑ.” විහංසා උදේනගෙ පපුවට හිස තියාගෙන ඇඬුවා. විහංසාගෙ කඳුලු දකිද්දි උදේනගෙ පපුව පිච්චිලා යනවා.
“දෝණි… මම එහෙම එන එක හොඳ නෑ පුතේ. ඒකයි මම මෙච්චර කියන්නෙ.” උදේන අන්තිම වතාවටත් කිව්වා.
“හ්ම්ම්…” විහංසා ලොකු හුස්මක් පිට කරලා ඇස් දෙකත් තද කරන් තාත්තගෙ පපුවට හිස තියාගෙනම හිටියා.
විහංසා කාමරේට ගිහින් ෆෝන් එක අතට ගත්තේ නිකමට. කම්මැලි කම නිසා ෆේස් බුක් එකට ගියා. චමත් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා. විහංසාගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා.
ආයෙත් හමුවෙමු.