මා නොවේ ඈ නුඹේ 56 කොටස
විහංසා කාමරේ ලඟටම ගිහින් නැවතුනා. මියුරංග කාමරේ ඇතුලේ කවුරු හරි එක්ක කතා කරනවා වගේ ඇහුනා.
“මම යනවද නැද්ද?” විහංසා දොර ලඟ ඉඳන් කල්පනා කලා. ටිකක් කල්පනා කරලා විහංසා දොරට තට්ටු කරා.
“පොඩ්ඩක් ඉන්නවකො බබා.. මම වැඩක්.” මියුරංග හයියෙන් කිව්වා. විහංසා හිනා යනවට අතින් කට තද කරන් ආයෙම දොරට තට්ටු කලා.
“ඇත්තමයි බබා තමුසෙ නම්…” මියුරංග දොර ඇරපු ගමන් විහංසාව දැකලා මියුරංගගෙ කටත් ඇරුනා. විහංසා හිනාවෙවී මියුරංගව බදාගත්තා.
“ඒයි එහාට වෙන්න… මේ මගෙ ඇඟේ වතුර.” මියුරංග වොශ් රූම් එකේ ඉඳන් ඇවිත් ඇඟ පිහිදාලාත් නෑ. ටවල් එක පිටින් හිටියෙ.
“කියන්න කාත් එක්කද කතා කලෙව්?” විහංසා එහෙම්මම ඉඳන් ඇහුවා.
“මගෙ මැණික ඔයාගෙ ඇඳුම් තෙමෙනවනෙ. එහාට වෙන්න. දැන් සැලෝන් යන්නෙ තෙමිලද?” මියුරංග ඇහුවේ විහංසාගෙ හිස සිඹිමින්.
“ආ.. ඒකත් මතකයි. කෝල් එකක්වත් දුන්නද මට මතක් කරලා.” විහංසා මියුරංගව අත ඇරලා ඇහුවා.
“නෑ මම මේ ප්‍රැක්ටිස් වෙනවා.” මියුරංග ඇඳෙන් වාඩි වෙලා කිව්වා.
“මොනවටද?” විහංසා ඇස් ලොකු කරන් ඇහුවෙ.
“මොනවටද අහන්නෙ? තව දවස් දෙකකට පස්සෙ ඔයා මගේ ලඟ. ඊට පස්සෙ ඔයා එක්ක ඉන්න විදිය ප්‍රැක්ටිස් කරනවා.” මියුරංග කියද්දි විහංසාට හයියෙන් හිනා ගියා.
“මොකද මේ සිරික්කිය.” සහස්‍රා ලේස්ති වෙලා ඇවිත් ඇහුවා.
“මෙයා මැරි කරාට පස්සෙ…” විහංසා හිනාවෙවී කියාගෙන යද්දි මියුරංග ඇගේ කට වැහුවා. විහංසාට හිනාව නවත්ත ගන්න බැරි උනා.
“හරි හරි ඔය කෙල්ලව අත අරිනවා. හුස්මත් හිරවෙයි.” සහස්‍රා කොට්ටයක් අරන් මියුරංගට ගැහුවා. එතකොට මියුරංග විහංසාගෙ කට අත ඇරියා. විහංසා මියුරංගට ඇලිලා වගේ ඇඟටම හේත්තු වෙලා තවත් හිනා වෙනවා.
“හරි හරි දැන් ඇති. යමං. අපොයිමන්ට් එක කීයටද?” සහස්‍රා ඒ පාර විහංසාටත් කොට්ටෙන් ගහලා ඇහුවා.
“මෙව් බලපං. මගෙ ඇඟෙත් වතුර. මට උඹේ බ්ලවුස් එකක් දීපං සහස්‍රා.” විහංසා එහෙම කියලා සහස්‍රාගෙ අතින් ඇදන් ඇගේ කාමරේට ගියා.
“අපි ගිහින් එන්නම්. ඔයා සැලෝන් එකට එනවද මහත්තයෝ.” විහංසා ගිහින් මියුරංගගෙන් ඇහුවා.
“එන්නම්.. අරයව එක්කන් එන්නත් ඕනනෙ.” මියුරංග කිව්වා.
“හා… බුදු සරණයි.” විහංසා මියුරංගගෙ නලල සිපගෙන කිව්වා. මියුරංග විහංසා තුරුල් කරන් ඇගේ හිස සිපගත්තා.
“හරි හරි සේරමත් හරි මුන් දෙන්නගෙ අනග රැඟුම් ඉවරයක් නෑනෙ යකෝ.” සහස්‍රා එහෙම කියාගෙන මියුරංගව තල්ලු කරලා විහංසාගෙ අතින් ඇදන් පහලට ගියා.
“පේනවද ඉතිං. උන් දෙන්නට නිදහසේ වචනයක් කතා කරන්න දෙන්නෙ නෑ මේකි නම් මහ බකට් රැජිණක්.” අපර්ණා පහල ඉඳන් හිනාවෙවී කිව්වා.
“ඔයා ඉන්න කට වහගෙන. බායි… ගිහින් එන්නම්. මේ හරියටම පැය තුනකින් සැලෝන් එක ලඟට ඔයාගෙ මස්සිනාව එවන්න හොඳේ.” සහස්‍රා අපර්ණාගෙ කම්මුලක් සිපගෙන කිව්වා. අපර්ණා හිනාවෙවී බලන් හිටියා.
“අම්මා මම එයාර්පෝර්ට් එකට යනවා. යාලුවෙක් එනවා. එයාව ගන්න.” මියුරංග එහෙම කිය කිය පහලට බැස්සා.
“මේ මේ හරියටම පැය තුනකින් සැලෝන් එකට යන්න තියෙනවා.” අපර්ණා කියද්දි මියුරංග ඇගේ ලඟට ගියා.
“හරි මැඩම් යන්නම්. ඊට කලින් මේ කොල්ලව ගේන්න ඕනෙ. ඌව මෙහෙට දැම්මා මම බබාව ගන්න ගියා.” මියුරංග අපර්ණාගෙ කම්මුල් දෙකෙන් අල්ලගෙන මූණ දෙපැත්තට හෙලෙව්වා.
“රිදෙනවා බං. ඇති දැන්.” අපර්ණා මියුරංගට එකක් ගහලා කිව්වම මියුරංග අත ඇරියා.
“හරි හරි පරක්කු නොවී එන්න. බලමුකො මෙයාගෙ යාලුවා කවුද කියලා.” අපර්ණා රතු වුනු කම්මුල් දෙක අත ගගා කිව්වා.
“අම්මා මම ගිහින් එන්නම්. අප්පච්චි යනවා.” මියුරංග අම්මට ඇහෙන්න කියලා අපර්ණාගෙ හිස අතගාගෙන ගියා.
“ඒ දෙන්නම දැන් මට වගේම ඔයාට ආදරෙයි. පේනවනෙ කෝලම්.” අම්මා තේ අරන් ආවා.
____________________________________________________________________
“හෙලෝ මචං…” චමත් මියුරංගව දැකපු ගමන් ලඟට ආවා.
“එලම මචං… කොහොමද.” මියුරංග චමත්ව වැළඳ ගත්තා. මෙතුවක් කාලෙකට එකිනෙකාට හමුවෙලා නැති උනත් මේ වෙද්දි බොක්කෙ ෆිට් දෙකක් වෙලා තිබුනෙ.
“මහන්සියි බං. අද ෆ්ලයිට් එක ලේට් උනා. එහේ එයාර්පෝර්ට් එකේ පැය දෙකක් ලේට්.” චමත් මූණත් ඇඹුල් කරන් කිව්වා.
“ගෙදර යමං එහෙනම්. මේ දවස් දෙකේ අපේ ගෙදර ඉමු.” මියුරංග යෝජනා කලා. චමත් කොහොමත් ගෙදර අයටවත් කිව්වෙ නෑ එන බව.
දෙන්නත් එක්ක ගෙදර යද්දි අපර්ණා ඉස්සරහම හිටියා.
“සුද්දා….???” අපර්ණා ඇස් ලොකු කරන් එක පාරම නැගිට්ටා.
“ලොක්අක්කා… ඔයා මෙහේ?” චමත් පුදුම උනා. අපර්ණා ඇවිත් චමත්ව වැළඳ ගත්තා.
“මේ මේ ඔයාලා දෙන්නට දෙන්නා අඳුරනවද?” මියුරංග ඇහුවා.
“ඔයා ද මල්ලිගෙ යාලුවා. එන්න එන්න ගෙට යමු.” අපර්ණා ඉස්සර උනා.
“මට කියපල්ලකො මොකද්ද මේ පටලැවිල්ල කියලා.” මියුරංග බැන බැන ගෙට ආවෙ.
“මේ ඉන්නෙ මගේ බාප්පගෙ එකම පුතා. මූ මම මැරි කරද්දි ලංකාවෙ හිටියෙ නෑ.” අපර්ණා කිව්වා.
“එතකොට ඔයා මැරි කලේ මෙහෙටද? මියුරංග අයියගෙ අයියව?” චමත් ඇහුවා. අපර්ණා හිනවෙවී හිස වැනුවා.
“ෂා ඒකත් හොඳයි නේද?” චමත් කිව්වා.
“හරි හරි මෙයාව මම බලාගන්නම්. ඔයා ගිහින් බබාව ගන්න.” අපර්ණා වෙලාව බලලා මියුරංගට කිව්වා.
“ඕකේ මැඩම්. මචං එහෙනම් ගෙදර තනියක් නෑනෙ. මම ගිහින් එන්නම්.” මියුරංග ආයෙත් වතාවක් චමත්ව වැළඳගෙන කියලා ගියා.
“එන්න සුද්දෝ මේ ඉන්නෙ මගෙ මහත්තයගෙ අම්මයි අප්පච්චියි. ඒ කියන්නෙ මියුරංගගෙ අම්මයි අප්පච්චියි.” අපර්ණා අම්මලාව අඳුන්වලා දුන්නා.
“අම්මා මේ ඉන්නෙ අපේ බාප්පගෙ පුතා. අපේ මැරේජ් එක දවස්වල මෙයා හිටියෙ රට. මට තියෙන ප්‍රශ්නෙ මෙයා මගේ වෙඩින් එකට ආවෙත් නැතුව මල්ලිගෙ වෙඩින් එකට ආවෙ මොකද කියලා.” අපර්ණා ඇහි බැමි හකුලලා කියද්දි චමත් හයියෙන් හිනා උනා.
“මහන්සියි හලෝ. රූම් එක පෙන්නන්නකෝ.” චමත් කිව්වා.
“හා හා… යමු.” අපර්ණා පඩිපෙළ ලඟටම යද්දි අම්මා කතා කලා.
“දූ ඉන්න. මම රූම් එක පෙන්නන්නම්. අනේ සොරි පුතා මෙයා ප්‍රෙග්නන්ට් නිසා දැන් උඩට යවන්නෙ නෑ බයයිනෙ. යමු පුතේ.” අම්මා ආවා.
“ඇත්තට???? ඒ කියන්නෙ මම මාමා කෙනෙක් වෙන්න යනවද? වාව්… මම දන්නෙ නෑනෙ. නැත්නම් ගිෆ්ට් එකක් ගේනවා.” චමත් කිව්වා.
“හරි හරි බං… ගිහින් රෙස්ට් කරන්න. හවසට කතා කරමු. මම අයියට කියන්නම් ඔයා ආවා කියලා.” අපර්ණා කිව්වා.
____________________________________________________________________
වෙඩින් එකට කලින් දවසෙ මනමාලයා මනමාලිගෙ ගෙදරට යන චාරිත්‍රය ඉටු කරන්න මියුරංග අප්පච්චි එක්ක ඇවිත් ගියාට පස්සෙ ඉඳන් විහංසා හිටියෙ ඇඳට වෙලා. මේ ගෙදර මේ විදියට ඉන්න අන්තිම රාත්‍රිය නිසා ඇයට දුකයි. මියුරංගගෙ කෝල් එක එද්දි කෙල්ල හිටියෙ අඬ අඬ. යුවතියි සහස්‍රායි විහංසාගෙ දෙපැත්තට වෙලා ඔහේ බලාගෙන හිටියා.
“දැන් ඇති දෝණි…. අනේ ඔයා අඬද්දි මටත් ලෝබයි. අඬන්න එපා.” යුවතිත් අඬනවා ඒ පාර.
“මොකද්ද සමී… උඹ අකමැත්තෙන් මැරි කරනව වගේනෙ.” සහස්‍රා නෝක්කාඩු කිව්වා.
“මේ කිරි බීලා තුන් දෙනාම නිදියන්න දැන්.” ලොකු අම්මා ආවෙ එහෙම කියාගෙන.
“ආ මොකද මේ අපේ මනමාලි අඬන්නෙ? ඇයි මැණික මේ?” ලොකු අම්මා කිරි වීදුරු තුන ටේබල් එක උඩින් තියලා විහංසාගෙ ලඟින් ඉඳගත්තා. විහංසා එක පාරටම ලොකු අම්මව තුරුල් කරන් හයියෙන් අඬන්න ගත්තා.
“මගෙ මැණික ඔහොම අඬන්න එපා. එතකොට තාත්තටත් දුකයිනෙ පුතේ. මගේ හොඳ දෝණිනෙ.” ලොකු අම්මගෙ ඇස් වලිනුත් කඳුලු වැටුනා. ඇය කොහොම හරි ශේප් කරලා කිරි වීදුරුව පෙව්වා.
“මට දුකයි ලොකු අම්මා.” විහංසා අඬ අඬ ආයෙම ලොකු අම්මගෙ උකුලෙන් හිස තියාගත්තා. කෙල්ලට මතක් උනා අද අම්මා හිටියා නම් ඇය කොච්චර අඬයිද කියලා.
“මට අම්මා නැතුව හරි පාලුයි ලොකු අම්මා.” විහංසා අඬ අඬ කිව්වා.
“මං දන්නවා රත්තරනේ. ලොකු අම්මා ඉන්නවනෙ මගෙ මැණිකගෙ ලඟ. අම්මා වගේම ලොකු අම්මත් ආදරෙයිනෙ මගෙ කෙල්ලට.” ලොකු අම්මා විහංසාගෙ හිස අත ගගා කිව්වා. ඇයත් අඬනවා.
“තාත්තා හරි දුකෙන් ඇත්තෙ ලොකු අම්මා. මට දුකයි. එයා මම කිව්වට මාත් එක්ක එන්නෙ නෑනෙ. තාත්තව දාලා යන්න බෑ ලොකු අම්මා.” විහංසා හයියෙන් ඇඬුවා.
“මගෙ පුතේ ඔයා අද ඔහොම අඬන්න හොඳ නෑ. හෙට කැතට ඉඳියි නැත්නම්. අනේ පුතේ නාඬා ඉන්න මැණික.”
“අනේ සමී අඬන්න එපා.” සහස්‍රාත් අඬ අඬ විහංසාගෙ හිස අත ගගා කිව්වා. යුවතිට නම් එහෙමවත් කතා කරගන්න බෑ.
ලොකු අම්මා විහංසාගෙ හිස අත ගගා ගොඩක් වෙලා හිටියා. විහංසාට ලොකු අම්මගෙ උකුලෙම නින්ද ගියා. ලොකු අම්මා විහංසාගෙ හිස කොට්ටෙට තියලා නැගිටිද්දිම උදේන ආවා කාමරේට. යුවතියි සහස්‍රායි ඇඳෙන් නැගිටලා පැත්තකට උනා.
“මල්ලියේ කෙල්ල අමාරුවෙන් නිදිකරව ගත්තෙ. අම්මා ගැනයි තාත්තා ගැනයි කියව කියව ඇඬුවා.” ලොකු අම්මා කුටු කුටු ගාලා එහෙම කියලා එහාට උනා. උදේන ඇඳෙන් වාඩි උනේ ඇස් වලින් කඳුලු සට සට ගා වැටෙද්දි.
“මයෙ මැණික. හෙට ඉඳන් මුලු ගෙදරම පාලු වෙලා යයි.” උදේන විහංසාගෙ හිසට හිස තියාගෙන ඇඬුවා.
“මල්ලියේ….” ලොකු අම්මා උදේනගෙ උරහිස් වලින් අල්ලලා මෙහාට කලා. විහංසාට ඇහැරෙයි කියලා බයේ. ඒ එක්කම සහස්‍රාගෙ ෆෝන් එක රිංග් උනා.
“හෙලෝ… සුදු අයියා..” සහස්‍රා තාමත් ඉකි ගහනවා.
“බබා… මොකද අඬන්නෙ. ඇයි මොකද්ද ප්‍රශ්නෙ?” මියුරංග කලබලෙන් ඇහුවා.
“අනේ සුදු අයියා මේ කෙල්ල හොඳට ම ඇඬුවා. දැනුයි යන්තන් නින්ද ගියේ. අංකල් ඇවිත් දැන් කියව කියව අඬනවා. පව්.” සහස්‍රා එලියට ඇවිත් අඬ අඬ කිව්වා.
“මොකද්ද ඉතින් කරන්නෙ බබා.” මියුරංග අසරණව ඇහුවා.
“මේක හැම ගෑණු ලමයෙකුටම පොදුයි සුදු අයියා. අපර්ණා අක්කත් දැන් හිනා වෙවී හිටියට එදා අඬපු හැටි දැක්කනෙ.” සහස්‍රා මතක් කරා.
“හ්ම්ම්.. මගෙ කෙල්ලගෙ ලඟින්ම ඉන්න බබා. ප්ලීස්. එයාව තනිකරන්න එපා.”
මියුරංග කිව්වා.
“නෑ සුදු අයියා. මමයි යුවතියි ලඟම ඉන්නවා.” සහස්‍රා එහෙම කියලා කෝල් එක කට් කරා. කාමරේට යද්දි විහංසාට ඇහැරිලා තාත්තගෙ උරහිසට හිස තියාගෙන ඉකි ගගහා අඬනවා.
“දෝණි දැන් ඇති ලමයෝ..” යුවති විහංසාගෙ හිස අත ගගා කිව්වට ඇගේ ඇස් වලත් කඳුලු.
“උදෙන් නැගිටින්න ඕනනෙ මගෙ දෝණි. දැන් නිදියන්න පුතේ.” උදේන විහංසාගෙ නළල සිප ගෙන කියලා නැගිට්ටා. විහංසා යුවතිට තුරුල් වෙලා වරුවක් යනකන් ඇඬුවා.
ආයෙත් හමුවෙමු.
කට්ටියම වෙඩින් එකට රෙඩිද?
දිගටම රැඳෙන්න යාලුවනේ තව ටිකායී…. අදහස කියාගෙන යන්න අමතක කරන්න එපා. හැමෝටම ආදරෙයි
තෙරුවන් සරණයි!