මියෙදෙන තුරා.. 02

02. වන කොටස.

මට මෙවැනී නොක්කාඩු වචන නුහුරු දේවල් නොවුනත් තදින්ම හිත රිදී ගියේ අඩන්න ඉන්න මිනිහාගේ අැහැට අැගිල්ලෙන් අනිනවා වගේ ඒ ගැනම කියා රිදවීම නිසයි. ඒ පිළිබද තර්ක කෙරීමෙන් අැති ඵලක් කොමැති නිසා මම නිහඩ හිටියා. ඒ නිහඩ කමම මට වරෙක අවාසියකැයි මට වැටහුනා. නමුත් අම්මා අප්පච්චී වුනත් මම කිියනා දේ ඒතරම් තැකීම් නොකල නිසා මම නිහටඩව සිල්ල බලා හිටියා.

ලොකු දූ හෙට නංගී බලන්න මනමාලයෙක් ඒන බව දන්නවා නේද?

ඔව් අම්මෙි

අා මේ නංගී කියනවා හෙට ඔයාට ඔය අැදුම් අදින්න ඒපාලු.

ඔව් ඔව්.. මේ .. ඔවා අැදන් නම් ඒ මිනිස්සු ඉස්සරහට ඒන්න ඒපා. මටත් ඒක්ක වස ලැජ්ජාව.

නංගී නිතරම මා හට අැමතුවේහ හදට පිහි තුඩින් අනිනවා වගේ. මා දෙස නොරිස්සුම් බැල්මක් හෙලමින් , අැය ඒය කීවේ සමච්චලයට හිනාවෙමින්.

මට මොකක්ද අදින්න කිහන්නේ අමිමේ. සාරියක්ද?

මේ මේ හලෝ පිස්සුද? මනමාලි වුන මං වත් සාරී අදින්නේ නෑ. මාෙන විකාර වැඩක්ද සාරී පටලන් ඉන්නවා කියන ඒක.අනික ඒයා ඒන්නේ මාව බලන්න ඔයාව බලන්න නෙමේ.

මම කිව්වේ නෑනේ ඒහෙම.

මම ඉතා සාවදානව කීවෙමි. මට කෙතරම් දේ කිව්වත් මා කා සමග වත් ඒකට ඒක පවසා ගෙන නොයයී. බොරුවට වචන විසි කිරීම අපරාදයක් ලෙස සිතා මම නිහඩ වුවත් ,ඒය මගේ මෝඩ කමය කියා ඔවුන් හිතවනා විය හැකියී.

ඒහෙනම් සාරී අදින්න අහන්නේ.

ඉතිං නංගී මට මොනවද අදින්න කියන්නෙ . මට නම් බෑ ඔයා අදින විකාර නම් අදින්න.

අා දැන් මම අදින ඒවාද විකාර, ඔයා අදින ඒවා හරිම ලස්සනයි කියද හිතන්නේ , ඔිවා මහා ගොබ්බ පාටයී, හැටි විතරක්.

නංගී ලහි ලහියේ කුඩා මේසය මත වූ කවර මලූ කීපය අවුස්සන්නට වුනා.මම තවමත් සෙටිය අසල සිටගෙන බලන් ඉන්නවා. ඒක් කවරයකින් අැද ගත් අැදුමක් නංගී මා වෙත විසි කලේ කොපයෙන්.

අා.. ඔික අැදන් මිසක් හෙට පහලට ඒනන ඒපා.

අැය මා හට තර්ජනාත්මක ස්වරයෙන් කියද්දී, මම නිහඩව බිම පතිත වු අැදුම අහුලා ගත්තා. අැදුම දිග හැර මම අැගට තියලා බැලුවා. දනහිසටත් අගල් පහ හයකටත් වඩා කෙටී ඩෙනිම් රෙද්දෙන් මසන ලද සායක් සහ අත් නොමැති බැනියම දැකීමෙන්, ඒය දැකීම පවා මා හට අප්‍රිය වුනා.

අනේ මට නම් බෑ අම්මේ මේවා අදින්න.

අා ඒහෙමද ඒහෙනම් ඔයාගේ වැදගත් අැදුම් අැදන් නමි පහලට ඒන්න ඒපා. මට අක්කෙක් නෑ කියනවා.

මම බලන්න නෙමේනේ නංගියෝ ඒයාලා ඒන්නේ මම මොකක් අැන්දම මොකෝ

මොකෝ මොකෝ තමා..

අැය සෙටි අැන්දෙන් බිමට පැන මගේ අැට කඩා පැන්නේ යක්ෂණියක් ලෙසින්.

මම කිව්වා ඒක පාරක් මේක අැදන් මිසක් පහලට ඒන්න ඒපා. ඔයාගේ සිරි යහනටම වෙලා ඉන්නවා. මට ඔිනේ නෑ මම ගොඩේ පව්ලකින් නගරෙට ගිහින් පොෂ් වුන් කෙල්ලෙක් කියලා ඒ මිනිස්සු හිතනවට.

අනේ ලොකු දූ හෙටට විතරක්, මේන් මෙයා වෙනුවෙන් ඔික අදින්න.

අම්මත් නංගිගේ විගඩන් වලට හවුල් වීම මට ඉවසන්න බැරි වුනා. නංගී අෑත් අැගේ ඉගටියේ ගසාගෙන කෝපාන්විතව මම දිහා බලන් ඉන්නවා.

අයියෝ අක්කේ ඔයා දැන් වත් පොඩ්ඩක් පොෂ් වෙන්නකෝ ඒතකොට කොල්ලෝ වුනත් පස්සෙන් ඒවී .

ලොකු මල්ලිගේ බිිරිද වු සේනාදී කුසුම් විජේසිංහ නම් නැනා ද සියල්ලන්ගේ මතයට ඒකගතොව දක්වමින් අාලින්දයට අාවා. ධනවත් පවලක දියණිනක් වූ අැයද නංගිගේ අදහස්ම අැති කෙනෙක්. ඒක නිසාම නංගී මට වඩා සේනාදීට කිට්ටු වුනා. දෙපාර්ෂවයේම ධනය තර කර ගැනීමේ අදහසින් නිරෝෂන විකුම් රණසිංහ සමග විවාහා වී මෙම නිවසට පැමිනි අැය, දරු දෙදෙනෙකුගේ මවක් වුවත් අැය සුන්දර රූසපුවක හිමිකම් කිව්වා.

අනේ මට කොල්ලෝ ඔිනෙත් නෑ අැදුම් ඔීනෙත් නෑ මම යනවා.

මම අැදුම නංගිගේ අතට දෙමින් පඩිපෙල දිගේ ඉහල මාලයට දුවගෙන ගියේ දුක හිතෙහී තද කරගෙන. කාමරය වැදී අැතුලතින් අගුලු දමා ගත්තා. කියන්නට කරන්නට දෙයක් සිතා ගන්නට නොහැකිව, අැදෙහී වැතිරී කදුලු සලන්නට පටන් ගත්තා.

ලොකු බේබී .. ලොකු බේබී..හ්හ්

මොහාෙතකින් සිගිතිගේ කටහඩ දොර ළගින් අැසිීම හේතුෙවන් කදුලු පිස දමමින් අැද මත හිදගත්තා.

ලොකු බේබී… හ්හ්

අැයී සිගිති…

මම බිදි ගිය කටහඩ යටපත් කර ගැනීමට වෙහෙසෙමින් කිව්වා.

මේ .. මේක දෙන්න කිව්වා.හ්හ්

ඔතනින් තියලා යන්න සිගිති මම ගන්නම්.

ලොකු බේබී අඩනවද?හ්හ් මටත් දුක් හිතෙනවා හ්හ්

නෑ නෑ සිගිත් මම අඩන්නේ නෑ.

මම බලන් හිටියේ හ්හ්. චූටී බේබී කියවපු දේවල් හ්හ් . ලොකු බේබී ඔිවා හිතන්න ඒපා. ලොකු බේබී තරම් මේ ගෙදර කවුරුත්ම හොද නෑ.. හ්හ්

මගේ නෙතෙහී කදුලු තවත් වේගවත් වුනා. කොට්ටයේ මුහුන හොවාගෙන ඉකි බිදින්ට වුනේ හිතේ දුක අඩු කර ගන්නට සිතමින්.

ලොකූ බේබී ..හ්

මට වද නොදී ඔතනින් තියලා යන්න සිගිතී.

මම සිගිතිටත් සැරෙන් කතා කලේ නිදහසේ ඉන්න අවශ්‍ය වූ නිසා.

මම යනවා ලොකු බේබී.. හ්හ් අඩන්නේ නැතුව ඉන්න.

සිගති පඩිපෙල බැස පහළට යන හඩින් සිත නිදහස් වු මම තව තවත් අැදෙහී ගුලි වෙමින් කල්පනා කරන්න පටන් ගත්තා.හෙටෙ ගෙදර සියලූ දෙනාම ඉන්න බව සිහිපත් වී හිත තවත් කලබල් වුනා.නිවසේ සියලු දෙනා මැද කාලය ගත කිරීම මට ඉතා අපහසු කාර්යයක් වුයේ ,ඔවුන්ගේ නොයෙක් හැසිරීමි බලා හිදිම හා මට කියනා වවන ඉදිකටු තුඩු මෙන් හදෙහී අැනී වේදනා ගෙන දෙන නිසායී. රෑ අාහාරය ගැනීමට කීපවරක්ම කතා කලද මම නැසුනා මෙන් හිටියේ කෑම මේසයට ගොස් තවත් හිත රිදවා ගත නොහැකී හේතුවෙනී.

ලොකු බේබී.. ලොකු බේබී…

පාන්දර මම අවදී වුනේ ලීලමිමාගේ කටහඩ අැසීමෙනී.රාත්‍රියේ මට ඉබේටම නිනද ගොස් තිබුනා. මගේ හිත අායෙත් අවුල් වී ගියේ අද නේද නංගීනේ මනමාලයා ඒන දිනය නේද යන්න සිහිපත් වීමෙනුයී.

ඊ ළග කොටසින් හමු වෙමු.. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *