මියෙදෙන තුරා.. 03

03. වන කොටස.

ලොකු බේබී දොර අරින්නකෝ.

මම තවමත් අැද මත හිදගෙන සිහිපත් කෙරුවේ අද දිනය කෙසේ ගෙවන්නද කියායි. දිවියේ අන් සියලු දිනයකටම වඩා අද දින කටුක යයි මගේ හිත පෙරලි කරමින් කියන නිසා මට කිසිවක් සිතා ගරනීමත් අපහසුයි.

ලොකු බේබී කෝ ළමයෝ දොර අරින්නකෝ.

ලීලම්මාගෙන් බේරුමක් නොවු නිසා මම දොරේ අගුල හැරියා.

අා මුන කට සොදන් මේ තේ ඒක බොන්න.

හ්ම්ම්ම්… ලීලම්මේ…

තේ සහ බිස්කට් දීසියක් මා අත තබා අාපසු යන්න හැරුන ලීලම්මාගෙන් මම ප්‍රශ්න කරන්න වුනා.

අැයි ලොකු බේබී.

අම්මාලා ඒහෙම අැරලද?

ඔවු ලොකු බේබී කවදාවත් නැතුව පුංවී බේබිත් අැහැරලා මොනවදෝ කෑමක් හදනවා. අපි දන්නේ නෑනේ ඉතිං ඔය සුද්දන්ගේ කෑම.

ඒ කියන්නේ අද නංගී බලන්න ඒන්නේ සුද්දෙක්ද ලීලම්මේ.

මගේ අැස් මවිතව ඉහළ යද්දී මම අැහුවා. මගේ හිත පුදුම වුනේ අපේ පුංවී මල්ලී නිලූක විදේශික තරුණියක් විවාහා කර ගන්නවා යයි දැනුම් දුන් වෙලේ මුලු ගෙදරම දෙවනක් කල අප්පච්චී, දවස් ගනනාවක් හඩා වැටුන අම්මා , මේකට කැමතී වුනේ කොහොමද කියලා. ඒක ඒක දරුවන්ට මේ මිනිස්සුන්ගේ ඒක ඒක සැලකිලී, මගෙ සිතට ඒ ගැන දුකක් අාවා.

නෑ නෑ ලොකු බේබී . ලංකාවේ කට්ටියක් ඒත් ඉතිං වැඩිපුර ඉදලා තියෙන්නේ රට රට වලනේ.

ඒහෙනම් කමක් නෑ. ලීලම්මා යන්න වැඩ අැතිනේ.

මම යනවා ඒහෙනම් ලොකු බේබී තේ ඒක බීලා පහලට ඒන්න හරි නෑනේ.

ඒන්නම් ලීලම්මේ..

මම තේ හා බිස්කට් තබා තීබූ බන්දේසිය අැද අසලම තිබූ කුඩා මේසය උඩින් තිබ්බා . කාමරයේ දොරත් අඩවල් කරගෙන නාන කාමරයට අැතුල් වුනා. මෙම නිවසේ සැම කාමරයකමටම යාබද නාන කාමර ඉදිකර තිබුනා. හිතා ගන්නවත් බැරි තරම් සියලු සැප පහසුකම් තිබුනත් මගේ හිතට නම් කිසි සැනසීමක් තිබුනේ නැහැ. රෑ අැදුමින් නිදහස් වුන් මම දත් මැද පිරිසිදු වී උදෙන්ම නාන්න හිතුවා. මට හැමදාකම වගේ උදේම නා ගැනීම සුපුරුදු පුරුද්දක් වෙලා තිබුනා. සියලු ප්‍රශ්න සිතින් මැකෙන්න කියලා මම වතුර මලෙන් අා සීතල වතුරටම හිස පෙව්වා. ගල් ගැහෙන්නට තරම් සීතලයී, සීතල වතුර බිදු මගේ වත පුරා විසිරී ගියා. කෙමෙන් මම සීතලට පුරුදු වූ නිසා ඒ ජල බිදු වලින් මගේ ගතත් සිතත් දෙකම සිසිල් වුනා. මම නාගෙන ලා කොළ පැහැති තුවාය අැග දවටාගෙන කාමරයට ඒනකොට සිගිති අැද ළග හිටන් හිටියේ ලස්සන සිනහවක් මවාගෙන. මම දුටු වහාම ඒ හිනාව මැකී ගියා.

මම මේ… මම මේ. කාමරය. හ්හ්.

ලස්සනට අස් කරලා තියෙන්නේ ගොඩක් ස්තූතියී සිගිතී..

මම ඒසේ කියමින් සුපුරුදු ලෙස ජනෙල් කවුලුව අසලට ගොස් මැදින් තිබූ ජනෙල් උලුවහු කදට වාරු වී රූස්ස ගස් පෙල අතරින් හිරු ඒළිය අප සොයා ඒන හැටි බලා හිටියා.තවමත් මීදුමෙන් වැසී ගිය පරිසරය හිරු කිරු කිරනත් සමග පොර බදනවද කියලා මට සිතුනේ හිරු තරමනක් පායා තිබුනත් මීදුම මැකී නොයාම නිසයි. වෙනදට වඩා ඒ දවසේ සුන්දර බවක් මට දැනුනා, ජනෙල් කවුලුව පෙන්න රූස්ස ගස් පෙල නිසා මට අැති කල බියකරු බව වෙනුවට අසිරියන් සිතේ රැදී තිබුනා.

මම මේ …හ්හ්. ලීලම්මට වැඩ නිසා කාමරය ..හ්හ් පොඩ්ඩක් අස් කරන්න අාවේ…. හ්හ්

මම සිගිතිගේ කට හඩින් අපහු හැරී බලද්දී සිගිති තාමත් මුහුන බිමට නැබුරු කරන් ඉන්නවා. මට තේරුම් ගියා සිගිති මේ වෙලාවේ කාමරයට අැවිත් කරන්නේ වරදක් කියලා හිතලා පසු තැවෙනවා කියලා. සිගිති කීයටවත් හිතන්න නැතුව අැති මම තුවාය පිටින් මේ වෙලාවේ කාමරෙට ඒවී කියලා.

අයියො සිගිති මොකද මේ. ඔය කාමරේ හොදට අස් කරලා තියෙන්නේ. සිගිති දැන් යන්නකෝ මම අැදුමක් දාන් පහලට ඒන්නම්.

හාරි ලොකු බේබී ..හ්හ්. මම යනවා.හ්හ්

සිගිති කාම්මරෙන් පිට වුනේ දුකෙන් කියලා මට තේරුනා.

සිගිති … මම ඊයේ පුංචි බේබී දුන්න අැදුම අදිනවා..

මම හිනා වෙමින් ඒහෙම කියද්දී. සිගිතිත් අාපහු බලලා හිනා වුනා.

අප්පෝ ලොකු බේබී ඔයා නම් ඒවා අදින්න ඒපා.

මම හිනා වුනා මිසක් වචනයක් නොකියා දොර අගුලු දැම්මා. මට කවදාවත්ම සිගිතිගේ නරක ගතියක් දැනිලා නෑ . සිගිතිගේ හැසිරීම් තවමත් පොඩී ළමයෙකුගේ වගේ ඒක නිසාම මම සිගිතිට අාදරේ වුනේ.

මම තේ ඒක බොන්න කියලා ගියා, ඒක හොදටම අැල් වෙලා දැන් ඉතින් මේක බොන්න බෑ, හිතමින් අල්මාරිය අසලට ගියා. දොර පියන් තුනේ අල්මාරියක් පුරවලා මට අැදුම් තිබුනා. මම කොහෙවත්ම අැවිදින්න නොයන් නිසා අැදපුම නැති අැදුනුත් විශාල ප්‍රමානයක් තිබුනා. මම ඊළගට කල්පනා කලේ මොකක්ද්ද අදින්නේ කියලා . නංගිගේ කැමැත්තට අැගේ අැදුම අැදීම මට නුහුරුයි . අනික කොට අැදුම් අැදලා මට පුරුද්දක් තිබුනෙත් නෑ.මම අැදුම් කිපයක්ම අැදලා අැගට තියලා බැලුවා.මට ඒකක් තෝර ගන්න බෑ. අැද පුරාම දැන් මගේ අැදුම් විසිරිලා.

ලොකු බේබී…

අනේ ලීලම්මේ ඔයා අාවේ හොද වෙලාවට.

මම දුවලා .ගිහින් දොර අැරියා.

මොකද මේ තවම ටවල් ඒක පිටින්… දැන් අර මිනිස්සුත් ඒවී අැදුමක් දා ගන්න. තේ ඒක බිව්වද?

ලීලම්මා තේ කොප්පය දෙස බලමින් කිව්වා.

කෝ බිලා නෑනේ.

අනේ මම නාගෙන් ඒනකොට තේ ඒක නිමිලා ලීලම්මේ.

පැය ගානක් නාන්න අැතිනේ ඉතිං. ඉන්න මම තව තේ ඒකක් හදන් ඒන්නම්.

අනේ මට තේ ඒපා . මට අැදුමක්. තොරලා දෙන්නකෝ ලීලම්මේ.

අැය පුංචී බේබී දුන්න ඒක.

මට බෑ ඒක අදින්න ලීලම්මා කැමතිද මම ඒක අදිනවට.

මම නම් කැමති නෑ..ඒත් ලොකු බේබිට බනීවී.

කමක් නෑ. මැරුවත් මම ඒක නම් අදින්නෙ නෑ.

අනේ ඔය කතා කියන්න ඒපා රත්තරනේ..

ලීලම්මගේ කට හඩ බිදී ගියා. අැයට දුක හිතෙන දෙයක් කිව්වා දැයි මට මතකයක් තිබුනේ නෑ.

අැයි ලීලම්මේ..

මොකුත් නෑ ලොකු බේබී .ඔයා අැදුමක් තෝරන්නකෝ මම තේ ඒකක් හදන් ඒන්නම්.

ලීලම්මා නිමී ගිය තේ ඒකත් රැගෙන කාමරෙන් පිට වී ගියා. මම අායෙත් අැදුම් තෝරන්න පටන් ගත්තා. මට අල්මාරියේ උඩම තට්ටුවේ තිබී අැස ගැටුනේ තවමත් බ්‍රවුන් පේපර් කවරයෙන් ඒලියට නොගත් අැදුමකුයි.

මට මතකයි මට ඒ අැදුම ලැබුනේ ගිය උපන් දවසේ, මම කිසිදා තිළිනයක් බළාපොරොත්තු නොවුන කෙනෙක් ගෙන්. මට සිහිපත් වෙනවා, මගේ උපන්දින සාදය වුනත් මගේ හිතේ කිසිම සතුටක් තිබුනේ නැහැ. මුලු නෑදෑ පිරිවරම අැවිත් හිටියත් ඔවුන් කතා කරන දේවල් මගේ හිතට අැල්ලුවෙම නෑ. සෙනග අතරට වී සිටියත් මම කා සමගවත් කතා කෙරුවෙත් නැහැ. ඒ නොරස්සුම දරා ගන්න බැරි තැන මම කාමරයට අාවා.
අැදේ කොනක ඉදගෙන මම කල්පකනා කලේ අැයි මම මේ මිනිස්සුන්ට නොගැල පෙන්නේ, මොකද මෙයාලට මගේ අඩුපාඩුම පේන්නේ කියලා.

ලොකු බේබී ..හ්හ් . මොකද ඔතන තනියම කරන්නේ හ්හ්.. ඔයාගෙන පාර්ටිය.හ්හ්

මම සිගිතිගේ කට හඩින් ගැස්සීලා ගියා. සිගිතිත් මගේ කාමරයට අැවිත් අහද්දී

අනේ මට ඔය පාර්ටී අල්ලන්නේ නෑ සිගිති.

බලන්නකෝ පුංචී බේබී ඒහෙම නටනවා..හ්හ්

ඔහේ නටා ගත්තාවේ මට වැඩක්නෑ.

මං. මේ.. හ්හ්. ලොකු බේබිට බඩුවක් ගෙනාවා. හ්හ්

මොකද්ද?

දිගෑරලම බලන්නකෝ. හ්හ්

සිගිති ඒදා මට මේ බවුම් පේපර් කවරයට දාපු අැදුම දුන්නා.

තෑග්ගක් කාගෙන්ද?

මගෙන් . හ්හ්

මම ඒකේ තිබුන සුදු පාට සිනිදු ගව්ම අැගට තියලා බැලුවා. මට ඒක දැක්කම පුදුම හිතුනේ ඒක වටින. ගවුමක් නිසා..

සිගිති බර ගානක් යන්න අැතිනේ මේක ගන්න මේ පාර ගෙදරට සල්ලි යැව්වේ නැද්ද? අපරාදෙනේ සිගිති මට හම්බෙලා තියෙන තෑගී ගොඩ දැක්කා නේද?

ඒත් මේක මට වැදගත් ලොකු බේබී.. හ්හ්.. මම ඔක ගත්තේ මගේ අක්කා මතක් කරගෙන හ්හ්. ලොකු බේබීත් මගේ අක්කා වගේ හ්හ්.
ඒක නිසා වටින්නෙ නැති වුනත් ඔක බාර ගන්න . හ්හ්.

ඉතිං අක්කට යවන්නකෝ මේක.

දැන් වැඩක් නෑ ඒයා අපිව දාලා ගිහින් ඉවරයි.හ්හ්

අැයි මොකද වුනේ ඒයාට.

මම ඒවා කතා කරන්න කැමතී නෑ ලොකු බේබී. අක්කා උන්නා නම් ලොකු බේබිගේ වයසෙම වගේ ඉදී.හ්හ් . ලොකු බේබී කැමතිද ඔය අැදුමට. හ්හ්

අනේ ඔව් මට ජීවිත කාලයටම ලැබුන හොදම තෑග්ග..

අනේ ලොකු බේබී විහිල් කරනවා .හ්හ්

නෑ විහිලු නෙමෙයි මම මේ ගවුමට අාසයි.

සැබැවින් ඒ අැදුම දැකුමෙන්ම මගේ සිත අැදී ගියා. කැඩපත ඉදිරියට ගොස් කිපවතාවක්ම අැගට තියලා හැඩ බැලුවෙ ලෝභ කමින්. කිරි සුදු පාට දුහුල් රෙද්දකින් නිමවා තිබුන දෙපතුල දක්වා දිගු ගවුමේ අත් දෙකට තිබුනේ සිහින් පටි දෙකක් පමනයි. අත් පටි දෙකටත් පපුව දෙපසත් පමනක් රිදී වර්ණයෙන් හැඩ ගන්වලා තිබුන ගවුම හරිම චාම් ඒකක් වුනා. අත් නැති ගවුම් අදින්නට අකැමැති වුවත් මම ඒ ගවුමට බොහො සෙයින් ප්‍රිය කලා.

මේ ගවුම අදින්න හොදම දවස අද කියලා මට හිතුනේ මීට කලින් කවදාවත් අදින්න අවස්තාවක් නොලැබුන නිසා. මම ගවුම අැගෙන කණ්ණාඩිය ඉදිරයට ගියා. ගවුම තරමක් මට ලොකු වුනත් වෙනදා නොපෙනුන ලස්සනක් මටම පෙනුනා. අත් සහ කර විශාල ප්‍රමානයක් නිවාරවය වි තිබු නිසා අපහසුවක් දැනුනත් මම මගේ ස්වරූපයට කැමතී වුණෘා.

ඊ ළග කොටසින් හමු වෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *