මියෙදෙන තුරා… 04

04. වන කොටස.

අැදුමට මගේ හිත අාසා කලත් මට පහලට යන්නට සිත් දුනෙන් නැහැ. මට දැනුනේ නුහුරු බවක්.

ලොකු බේබී..

මම ලීලම්මගේ කට හඩ අැහුන සැනින් දොර අැරියේ අැදුම ගැන අහන්න . මාව දැක්ක ගමන් ලීලම්මගේ අැස් පුදුමයෙනුත්, සතුටිනුත් පිරී ගිය බව මට පෙනුනා.

අනේ ලස්සනයි සුරංගනාවියක් වගේ. මගේ ලොකු බේබිට අැස්වහ කටවහක් නම් වදින්න ඒපා.

ලීලම්මගේ සතුට මොන තරම්ද කිව්වොත් අැස් අගට කදුලු අා බවත් මම දැක්කා. ලීලම්මා මට නොපෙනෙන්න වගේ ඒ කදුලු පිස ගත්තා.

අනේ බොරු කියන්න ඒපා ලීලම්මේ මේ කොටු අැගට මේක ලස්සන වෙන්නේ කොහොමද?

විකාර කියවන්න ඒපා රත්තරං . මම හිතුවා ඔයාට ඔක ලස්සනට හිටීවී කියලා.

අෑ.. ලීලම්මා මේක කලින් දැකලා තියෙද?

මම පුදුමයෙන් ප්‍රශ්න කලේ, මේ ගවුම මම මීට කලින් අැදලාවත් කාටවත් පෙන්නලා වත් නැති නිසා..

ඔව්… අා .. මේ..මේ.. නෑ.. නෑ..

මට ලීලම්මගේ හැසිරීමේ අමුත්තක් දැනුනත්. කියන්න ගියදේ ලීලම්මා ගිල ගත්තා.

ඒ කිව්වේ.

මම දවසක් ලොකු බේබිගේ අල්මාරිය අස් කරද්දී දැක්කා. ඒකයී කිව්වේ.

ඒක මිසක්..

කාගෙන්ද ලොකු බේබී ඔක ලැබුනේ.

කෙනා නම් මතක නෑ ලීලම්මේ ගිය උපන්දිනේට ලැබුන තෑගී ගොඩේ තිබුනේ.

මට මේ අැදුම සිගිති දුන් බව කාටවත් කියන්න හිත දුන්නේ නැහැ . ඒක නිසා මම ලීලම්මටත් බොරුවක් කිව්වා. අනික සිගිති අපේ ගෙදරට අැවිත් වැඩී කාලයකුත් නැහැ. ලීලම්මගේ නෑදැ කෙනෙක්ගේ පුතෙක් කියලා තමා ලීලම්මා ගෙනන් ගත්තේ. සිගිතිගේ හැසිරීම නිසි පව් අහිංසක කොලුවා කියලා අප්පච්චී වැඩට තියා ගත්තේ දුක හිතිලා. තවමත් අපේ පුංචි නංගිගේ වයසේ විතර පසු වුන සිගිති ගෙදර හැමෝගෙම හිත් දිනා ගත්තේ හරිම ඉක්මනින්.

හා .. හා තේ ඒක බීලා ඒන්න කෑම කන්න ලොකු බේබී.

ඒහෙම කියලා ලීලම්මා තේ ඒක බිස්කට් දීසිය ළගින්ම තියලා කාමරෙන් පිට වෙලා ගියා. මමත් අැද මත කකුල් දෙකත් උඩට අරන් හරිබරි ගැහිලා ඉදගෙන තේ ඒක බොන්න ගත්තා. මම දගකාර විදියට හැසිරුනේ තනියම ඉද්දී විතරයි. ගෙදර අය ඉන්න තැන මම වචනයක් වුනත් කතා කලේ හරිම පරිස්සමින්. මොකද ඒයාලා කොයි වෙලේද මගේ අඩුපාඩුවක් දකින්නේ කියලා බලන් ඉන්නේ කියලා මගේ හිත කියන නිසා.
මම තේ ඒක බීලා තවමත් පොඩී තුවායෙන් ඔතලා තිබුන් හිසකේ නිසහස් කලා. දිය බේරී තිබුනත් දණහිසිනුත් පහලට දිග කොන්ඩය අැගේ ස්පරශ වන විට තෙත ගතිය දැනුනා. මම කොන්ඩය මුදා හැරගෙන ටික වෙලාවක් හිටියේ වෙලෙනකන්. ටික වෙලාවකට පස්සේ මම කොන්ඩය බුරුලට ගොතලා අගිස්සෙන් ටිකක් ඉතිරී කරලා කොන්ඩ මලක් දමා ගත්තා.

ලොකු බේබී කට්ටිය නම් අැවිල්ලා.

ලීලම්මා කාමරයට ඒබෙමින් කිව්වා. දවසින් වැඩිම වතාවක් ලීලම්මා ඒනවා අැත්තේ මගේ කාමරයට. මොන වැඩ තිබුනත් ලීලම්මා මගේ වැඩ මොකුත් මගහැරෙන්න දුන්නේ නෑ. මගේ හැමදේම අම්මටත් වඩා හොදට හොයලා බැලුවා.

අනේ මම ඒන්නේ නෑ ලීලම්මේ. නංගී කැමතී නෑනේ මම මෙහෙම පහලට ඒනවට. ඔනෙම උනොත් ඒන්නම්.

අනේ මන්දා ඉතින්… මොකද ඔය කොන්ඩෙට කරලා තියෙන්නේ.

අැයි හරි නැද්ද? ලීලම්මේ.

බුරලට ගෙතුවෙ අැයි. අනික දිගට දාලා . අැවිත් ඉන්න කාගෙවත් කොන්ඩ කියලා නාමයක් නෑ හුල්ලාවී.

තව ටිකක් තෙතයී ලීලම්මේ ඒකයී.

ඔහොම නම් පහලට ඒන්න ඒපා හරිද?

මම හිස සලලා ඒකට කැමති වුනා.

ලොකු දූ මොකද තවමත් පහලට නාවේ .

අම්මා කාම්මරය අාවේ තරමක් කෙන්තියෙන්.

අර මිනිස්සුන්ට උදේ කෑම වේලත් පරක්කකු වෙනවා යමු යමු.

අම්මා මගෙ අතින් අැදගෙන් පහළ ඒකන් යන්න අාවේ මට වචනයක් වත් කියන්න ඉඩ නොදියී.

අම්මේ අම්මේ .. මම ඒන්නම් අම්මා යංකෝ අැදන් යන ඒක හරි නෑනේ.

හා මම යනවා ඉක්මනට ඒන්න.
අම්මා මාව අතහැරලා පහලට ගියා.

කෝ නංගා ලොකු දු..

ඒයී ඒයී ඒයා අද ටික්ක අසනීපෙන් ඒකයි.

නංගිගේ මනමාලයගේ නැන්දම්මද වෙන්න ඔනේ මැදි වියේ පසුවුන ගැහැනු කෙනෙක් ප්‍රශ්න කරද්දී අම්මා පිළිතුරු දුන්නා. මම පඩිපෙළ බැහැගෙන සියලු දෙනා වට වෙලා හිටිය සෙටිය පැත්තට පිය නැගුවා.මුලින්ම මාව දැක්කේ නංගී බලන්න අාපු මනමාලයා.

මෙයාද ඔයාගේ අක්කා…

නංගිගේ මානමාලයා වුන ශාලින්ද ප්‍රනාන්දු නම් කඩවසම් කරුණයා මා දෙසම දෑස් රදවන් ප්‍රශ්න කලා. සුදු උසට සරිලන මහතකින් යුත්, අලංකාර දුබුරු අැස් යුවලක් හිමි ඔහු දුටුවන් සිත වසග කරන්නට සමත් වුනා. ඔහු අසලම වාඩී වී සිටි පුංචී නංගී හිස ඔසවලා මගේ දිහා බැලුවා.මගේ අැදුම දුටු වහා අැගේ මුහුන කේපයෙන් රතු වුනා. අයාසයෙන් මුහුනට සිනහවක් මවා ගත් අැය.‍

පිස්සුද අනේ. ඔයා හිතනවද මගේ අක්කා ඔය වගේ ගොඩේ පෙනුමක් තියෙන කෙනෙක් කියලා.

කවුද ඒහෙනම් ඒ…

ශාලින්ද මා දෙසත් පුංචී නංගී දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ප්‍රශ්න කලා. ඔහ‍ුගේ මුනේ රැදිලා තිබුනේ පුදුමයක්. පැමිණ සිටි හැමෝමත් මා දෙස හැරී බැලුවා. ඒ සියලු නෙතු හමුවේ බිම බලා ගකන්නව හැර මට කරන්නට වෙන් කිසිවක් තිබුනේ නැහැ. මට ඒ ගැන ලොකු දුකක් දැනුනේ නැත්තේ මම මේ වගේ සිද්දියක් බලාපොරොත්තුවෙන් සිටි නිසයී.

අා…. ඒ අපේ ගෙදර වැඩට ඉන්න කෙනෙක්..

නංගිගේ කීමෙන් අම්මගෙයි අප්පච්චිගෙයි අැස් මවිතව ලොකු වුනා. ලොකු මල්ලිගේ මුනත් වෙනස් වුනේ බලන් ඉද්දීමයී. ලීලම්මට බලන් ඉන්න බැරි නිසා ඒතනින් පිටවුනා.

ෂා ඔයාලගේ ගෙදර සේවන්ට්ලා මෙච්චර ලස්සනට අදිනවනම් අනිත් අග ගැන කවර කතාද. පට්ටම ලස්සනයි අෑ සේවනට් කෙනෙක් වුනත්.

මොකක්..

පුංචී නංගිගේ මුහුන හැකිලී ගියේ බලන් ඉද්දිමයි. හැමෝම මගේ දිහාම බලන් වුන්නේ ශාලින්දගේ කතාව නිසයි.

නිලූ මෙයාව මට දෙන්නකෝ

ඒ මොකටද?

මම මියුසික් වීඩීයෝ ඒකක් කරන්න ඉන්නවා ඒකට ගන්න.

ඔයාට පිස්සුද?

පිස්සු නෙමෙයි බලන්නකෝ ඒයාගේ පෙනුම මම හොයපුම පෙනුම.

ඔයාට විකාර දැන් මට වඩා ඔය ගොඩේ තාලෙට අැදන් ඉන්න කෙල්ල ලස්සනද?

ඒහෙම කියන්නේ අැයී නිලූ කෙල්ලෙක් දෙපතුල ලගට අැන්දම මොනතරම් ලස්සනද? ඒයාගේ දිග කොන්ඩේ ලිහලා දැම්මා නම් සුරංගනාවියක් වගේ ඉදී.

ඔයාට නම් අැත්තමට පිස්සු..

පුංචී නංගී කේන්තියෙන් කෑ ගැහුවා. මට පුදුමයි ශාලින්ගේ වර්ණාව ගැන ජීවිතේ මුලම දවසයි කෙනෙක් මම ගැන මේ වගේ කතාවක් කිව්ව. අනික ශාලින්ද රට රටවල් වල අැවිදපු, ඔනේ තරම් කෙල්ලන්ව දැකපු කොල්ලෙක් වෙලත් ගෑනූ ළමයි ගැන මේ වගේ හැගීමක් තිබීමම පුදුමයක්.

අන්කල් ඔයත් කැමති නේද මේ ළමයාට හොදක් වෙනවට. මට මෙයාව දෙන්නකෝ.

මේ කෙල්ලේ මොනවද බලන් ඉන්නේ යනවා යන්න මෙතනින්.

ශාලින්ද අප්පචිගෙන් මම ගැන අහද්දී පුංචී නංගිට තවත් කේන්තී ගිහින් මට නපුරු බැල්මක් හෙලමින් බැන වැදුනා. මම හිමින් සැරේ ඒතනින් අයන් වෙලා අාවා. නමුත් මගේ හිතට අාවේ හිතා ගන්න බැරි තරම් සතුටක්. කෙනෙක් රිදවීමේන් සතුටු වීමේ පුරුද්දක් මට නොතිබුනත් ,පුංචී නංගිගේ මතයට ඒරෙහී වූ කෙනෙක් හමු වීම මගේ සතුට වුනා. මෙතරම් කල් ගෙදර කිසිවෙක් අැගේ මතය වෙනස් කරන්නට උනන්දු වුනේ නැහැ.

පුතේ ඔය කතාව නවත්වන්න දැන් . අපි අාවේ නිලූ දුව බලන්න මිසක් අැක්ටර් කෙනෙක් හොයන්න නෙමේනේ.

මම අාපහු හැරිලා ඒද්දී ශාලින්දගේ අම්මා කියනවා අැහුනා. මම වැඩකාරියක් කියලා කිව්වත් ශාලිනදගේ වදන්පෙල මගේ අාත්මයම සැනසුවා. මම කාමරයට යනවත් සමගම සිගිති මාව සොයාගෙන අාවා.

හොද වැඩේ පුංචී බේබීට .හ්හ්

සිගිතිගේ කතාව නිසා මම කාමරයේ දොර ළග නැවතිලා අාපහු බැලුවා.

ඒහෙම කියන්න ඒපා සිගිතියෝ.

අනේ ලොකු බේබී.හ්හ්.. ඔයා මොකටද ඒයා ගැන හිතන්නේ. හ්හ්.. ඒයා ඔයාට සලකපු හැටී හරිම කැතයි. හ්හ්

ඔවා හිතන්න ඒපා සිගිති .. ඔවා මට පුරුදු දේවල්නේ.

අද ලොකු බේබී හරිම ලස්සනයි.

බොරු නොකියා ඉන්න සිගිති.

දැක්කා නේද ශාලින්ද මස්සිනාගේ වර්නණාව.

ඊ ළග කොටසින් හමු වෙමු… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *