මිහිදුම් සිහින….. ~~ පසු වදන~

~~~~ පසු වදන~~~

🍃සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය
සැබෑ ජීවිතයේ පෙම් කව……

🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣

මුලින්ම ස්තූතියි මාත් එක්ක හිටපු දියළුම දෙනාට…
මට වදයක් වෙන තරමටම මගෙන් කතාව ඉල්ලපු අය ගොඩක් හිටියා…
ඒ අතරන් ඉන්නවා එක විශේ්ෂ යාළුවෙක්,
පස්සෙ මගෙ හොඳම යාළුවෙක් වුණ..
ඒ තමා චතුරිකා ඔයා..
තව මගෙම මල්ලි වගේ ඉන්න හිරාන්,
නෙතුකි නංගි, නදුන් මල්ලි, ඉන්ද්‍රචාපා,ශිරෝමි, මහේල මල්ලි, හිමායා නංගි, මදුෂාන් මල්ලි
මට ගොඩක් සමීප වුණ අය….
නම් කියන්න බැරි තරම් ගොඩක් ඉන්නවා comment වලින් මාව දිරිගන්වපු මිනොලි නංගි, මලීෂ මල්ලි, තක්ෂිලා නංගි ඔයාලාව මට මතක හිටියෙ හැමදාම දාන කමෙන්ට් නිසා….
ලස්සනයි කියලා කියපු, කතාව ගැන අදහස් දක්වපු ඒ වගේම මට දුක හතෙන දේවලු කිව්ව අයත් ඉන්නවා….
ඒ හැමොටම ගොඩක් ස්තූතියි …
නම් නොකිව්වා කියලා තරහා වෙන්න ⁣එපා…
මට හැමදාම කමෙන්ට් කරලාඅදහස් කියන නම දැක්කම අදුරන 100කට අදික පිරිසක් ඉන්නවා…
ඒ හැමොටමත් මම ගොඩක් ආදරෙයි…

#කතා අරණ,#කතා නිම්නය, #නවකතා කියවන්නෝ…
පේජ් 3ටත් ස්තූතියි ….

පේජ් තුනේම කතාව කියවන අය 800ක් විතර හිටියා…
සමහර අය නම් පේජ් 3ටම like දැම්මා..ඒ තරමට කතාවට ආදරෙයි…😍
කෙහොම හරි එහෙම හිතලා අයින් කලත් 600ක් විතර හිටියා මං එක්ක..
ඒ හැමෝටම ගොඩක් ස්තූතියි …
මගෙ හිත රිදුණ වෙලාවට මම කිව්ව දේවල් වලට හිත රිදුණ අයගෙන් සමාව ඉල්ලනවා…

තව දෙයක්…
කතාව කියවලා like එකක් වත් නොදා යන ගොඩක් අය ඉන්නවා…
ඒ අයගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
කතා ලියන හැමෝම වෙනුවෙන්…
Like වලින් තමා මගේ කතාව මෙච්චරක් කියවනවා කියලා හිතන්නෙ..
එකෙන් ලැබෙන දෙයක් නෑ කියලා හිතුවට ..
කතාව ලියන්න ලබෙන motivation factor එකක් තමා like ගාන….
Like ,comment බලාගෙනම නොලිව්වත්..
Like දකිනකොට සතුටුයි…
ඒ නිසා මගේ් නෙමේ කාගෙ කතාවත් කියෙව්වත් ඒ ලියන අයගෙ මහන්සියට,කැප කරන වෙලාවට වටිනාකමක් විදියට තත්පර 2ක් වැය කරලා like එකක් දාන්න…

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

කතාව ගැන කියනවා නම්….

මම අඳුරන්නෙ බට්ටිව…
තේජාන්ව දැකලා තියෙනවා…
හිනා වෙලා තියෙනවා…
ලොක්කි, පොඩ්ඩි විතරක් නෙමේ..
තව අක්කලා දෙන්නෙක් ඉන්නවලු…
මම කතා කරලා තියෙනවා ලොක්කි, පොඩ්ඩි එක්ක
ඒ ඇරෙන්න අනිත් චරිත වලින් මම දැතලා තියෙන්නෙත් අනුහස්, නිසල් විතරයි….

මම බට්ටිව අඳුරගෙන හරියටම අවුරුද්දයි……
බට්ටි ගැන නරක කතා කියනවා ඇහුණත් මට ඒ ගැන හොයන්න වත්, දැනගන්න වත් වෙලාවක් තබ්බෙත් නෑ..
ඕන කමක් තිබ්බෙත් නෑ….
දැක්කොත් හිනා වෙලා, කතා කලොත් කතා කරලා හිටියා….
මම මේ කතාව දැනගන්න කලින් දැකපු දෙයක් තමා
බට්ටි ඇත්තටම කරුණාවන්ත මිසී කෙනෙක්…
වටේම මිනිස්සු, බට්ටි නැති තැන දාහක් කතා කියලා එයාගෙ චරිතය ඝාතනය කළත්…
ඉන්න තැන හොඳට කතා කරන්නේ බට්ටිගේ හොඳ කමින් ප්‍රයෝජන ගන්න..
වටේම ඉන්න වයසක අයට, දීර්ඝකාලීන බෙහෙත් ගන්න අයට(suger,pressure … වගේ දේවල් වලට) ඒ වගේම හතියට, පණු බෙහෙත්, පැරසිටමෝල්, විටමින් පෙති පවා…
කිව්වම ඉස්පිරිතාලෙන් එයාගෙ කාඩ් එකට දාලා ගෙනත් දෙනවා…
සල්ලි වලට වත් වෙන ප්‍රයෝජනයක්වත් නැතුව…
ඒ වගේම තමා වටේම ගෙවල් එක්ක බෙදා හදාගෙන මිසක් විශේ්ෂ කෑමක් තනියම කන්න පුරුද්දකුත් නෑ…
ඒ් මම දැක්ක දේවල්…

මම කිව්ව තරමටම තේජාන් සල්ලිකාරයෙක් නෙමේ…
ඒත් යමක් කමක් තියෙන කෙනෙක්….
තෙජාන්ව මම දැක්ක දවසෙ ඉඳලාම මට නම් එච්චර දිරවපු චරිතයක් නෙමේ..
හොරෙක් වගේ කියලයි මට හිතුණෙ..
දැක්කම මූණ හංගගෙන වගේ තමා යන්නෙ…
ඒ මම කතාව දැනගන්න කලින් මට හිතුණ දේවල්..

මම වැඩට ගිහින් ගෙදර එද්දි දවසක් බට්ටිව හම්බුණා පාර අයිනෙදි…
මම මේ පැත්තට අලුතින් පදිංචියට ආවෙ..
ගෙදරට යනකල් ඇවිදගෙන එද්දි මම එයා එක්ක කතා කළා..
සාමාන්‍ය විදියට….
ඒත්
මම දන්නෙ නෑ ඇයි කියලා…
ඊට දවස් දෙකකට පස්සෙ බට්ටි මට කිව්වා ⁣නංගි මට ඔයාට පොඩි කතාවක් කියන්න තියෙනවා කියලා…
එයා මට නංගි කිව්වට බට්ටිට දැන් වයස 46ක්….
මම කිව්වා හරි අක්කෙ කියන්න කියලා…
දැන් බෑ මම රෑ වෙලා ගෙදරට එනවට අකමැතිද කියලා…
මම කිව්වා කමක් නෑ එන්න කියලා…
මල්ලි කැමති වෙයිද කියලා ඇහුවා….
මම කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ කියලා….

බට්ටි ආවා….
අඬ අඬ මට කිව්වා…
එයාව එහෙම ගෙදරට ගෙන්න ගන්න කවුරුත් කැමති නෑ කියලා…
නංගිලා අලුත් නිසා මාව දන්නෙ නෑ නේද කියලා…
මට ඒ වෙද්දිත් බට්ටි ගැන යම් යම් දේවල් ඇහිලා තිබුණත් මට ඒ දේවල් අදාළ නෑ..
ඒක එයාගෙ පුද්ගලික ජීවිතේ…

අඬ අඬම මට මේ කතාවෙ හරය කිව්වා…
මම අහපු එකම දේ…
ඇයි අක්කා මට මේක කිව්වෙ..
මම ඔච්චර දෙයක් දැනං හිටියෙත් නෑ
මට වැඩකුත් නෑ කියලා…

බට්ටි කිව්වා..
වටේ අයගෙන් දැනගන්නවට වඩා මමම කියන එක හොඳයි කියලා හිතුණලු….

එදා ඉඳලා මම නම් එයාව කොන් කරනවා වෙනුවට කලින්ටත් වඩා හොඳින් කතා කරපු එකයි කළේ…
මම දන්නෙ නෑ මම හරිද කියලා
මට හිතුණ එකම දේ බට්ටි ගොඩක් මෝඩයි කියලා….
එයා කරන දේ ගැන එවාට අවබෝධයක් නෑ…
කොහොම වුණත් බට්ටි තේජාන්ට ගොඩක් ආදරෙයි..
තේජාන් කෑගහනවා නරක වචනත් කියනවා මට ඇහිලත් තියෙනවා…
ඒත් බට්ටි කටක් ඇරලා වැරැද්දක් කියන්නෙ නෑ තේජාන්ට…
කවුරු හරි කෑමක් දුන්නත් තේජාන්ට අරන් තියනවා මිසක් බට්ටි කන්නෙ නෑ…

විෂ්මි..
එයා ගැන මට බට්ටා කිව්වෙ, තේජාන් කලින් යාළු වෙලා ඉඳපු කෙනා…
බට්ටි එක්ක යාළු වෙද්දි තරහයි
ඒත් ආයෙම තේජාන්ගෙ අම්මලා කතා කරලා බන්දලා කියලා…
විෂ්මිව බලන්න තේජාන් සෙනසුරාදා හවසට ගිහින් ඉරිදා හවස එන එක නම් ඇත්ත…
ඒක මමත් දන්නවා..
අනිත් දවස් ටිකම බට්ටිගෙ ගෙදර ඉන්නෙ…
සෙනසුරාදා රෑට නෑ….

බට්ටිට තුන්වෙනි දරුවා නැති වුණාම මානසිකව ගොඩක් වැටෙනවා…
එතකොටයි බට්ටිගෙ ගෙදර අය බට්ටි ළඟට එන්නෙ…
බට්ටි සමාව ගන්න එනකල් බලන් හිටියත් බට්ටි ගියේ නෑ….
දෙමව්පියෝ ළඟ ළමයින් වෙනුවෙන් සමාව තියෙන බව බට්ටිට අමතක වුණා…..
සමාවත් අරන්…
ඉන් පස්සෙ ⁣බට්ටි ගෙදරත් එක්ක ලොකුවට නැතත් ඉඳලා හිටලා ගිහින් එන මට්ටමට සම්බන්ධකම් පවත්වනවා…
එතනින් ලොක්කි විශේෂයි….
ලොක්කි ළඟට තමා නිතරම යන්නෙ…
ලොක්කිගෙ ලොකු දුවට තමා තමන්ගෙ දුවට වගේ අදටත් සළකන්නෙ….
තේජාන් නම් ඒ කිසි දිහාක යන්නෙ නෑ..
විෂ්මිවත් පුතාවත් බලන්න යනවා මිසක්…
තේජාන්ගෙ පුතා ගිය අවුරුද්දෙ A/ L කළා Bio වලින්…
පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ දැන්….

මම චරිත වලට එකතු කලේ බට්ටි මට කතාව කියද්දි ඒ ඒ චරිතය ගැන මට හැඟුන දේ…
මම කොච්චර දුරට නිවැරදිද දන්නෙ නෑ…
තව දෙයක්…
මේ කතාව වෙන කාලෙ වයිබර්, වට්ස් ඇප් වගේ දේවල් තිබ්බෙ නෑ..
Theme වලට වෙඩින් ගත්තෙත් නෑ…
මම කතාව වර්ථමානයට ගෙනාවා…
සමහර තැන් වලදි වර්ථමානය වදයක් වුණා….
තේජාන්ගෙ වෙඩින් එක වෙලාවෙ බට්ටිව contact කරගන්න තේජාන්ට බැරි වුණා…
රට ගියත් කතා කරගන්න බැරි වුණා..
ඒ කාලෙ එහෙම වුණාට අද කාලෙ ඒ වගේ දේවල් nothing නේද…
අන්න ඒ තැන් වලදි මම ටිකක් හිර වුණා….
ඒත් මම කෙහොම හරි ගැළපුවා..

කතාව පටන්ගද්දිම බට්ටිට ගොඩාක් අය ආදරේ කළා…
බට්ටි කියන්නෙ ඇත්තටම එහෙම ආදරේ කළ හැකි චරිතයක්..
ඔයාලා කොහොම කියයිද මම දන්නෙ නෑ…
මට නම් බට්ටි ගැන කිසිම අහිතක් නෑ….

“”රැවටුණා නෙමෙයි ඈ විශ්වාස කළා””
“”වැරැද්දක් නෙමෙයි ඈ ආදරේ කළා””

තේජාන් විෂ්මිව බඳිනකොට..
කිසිම වරදක් නැති විෂ්මිට ගොඩක් අය බැන්නා…
විෂ්මිව දාලා ඇවිත් තේජාන්ට බට්ටිව බඳින්න කිව්වා..
ඒ කියද්දි කාටවත් හිතුණෙ නැද්ද
ඒත් එක කෙල්ලෙක්…….
කසාදයක් කැඩෙනවා කියන්නෙ හොඳ දෙයක්ද….
මම හැම වෙලේම කියන්න උත්සහ කළා විෂ්මි කියන්නෙ වෙනස් විදියකට හැදුණ කෙනෙක් මිසක් නරක කෙනෙක් නෙමේ කියලා…
ඒත් ගොඩක් අය කිව්වා විෂ්මි කෝලමගෙන් තේජාන්ව අයින් කරලා බට්ටිට දෙන්න කියලා…
මට නම් එහෙම හිතන්න බෑ…
කසාද බැන්දට පස්සෙ එහෙම කෙහොමද..
බට්ටිටයි වෙනස් වෙන්න තිබ්බෙ…
බට්ටිටයි අශේන්ව හරි, අස්විදව හරි බඳින්න තිබ්බෙ…

අන්තිම වෙද්දි තේජාන්ට වෛර කරන්නත් බට්ටිට ගොං මෝඩයා කියන්නත් ඔයාලා පෙළඹුණා…
සමහර අය නම් කිව්වා බට්ටි පවු, විෂ්මි පවු, තෙජාන්ව මරන්න ඕන කියලා…😜

කෙහොම වුණත් මම හිතන්නෙ අපි කාටවත් කාවවත් විනිශ්චය කරන්න අයිතියක් නෑ කියලයි…
ඒ අයට ඒ තත්වෙට පත්වෙන්න මොකක්ම හරි හේතුවක් ඇති…

බට්ටි මට නොකිව්වට තේජාන්වම පැතුවෙ..
තේජාන් අතින් බට්ටිට කලින්ම වරදක් වෙලා තිබ්බද අපි දන්නෙ නෑ….
අස්විද වගේ කෙනෙක් ළඟට හිත හදාගෙන යන්න බට්ටිට බැරි වුණාද දන්නෙ නෑ…
තේජාන් කතා කරපු සැනින්ම තේජාන් එක්ක පවුල් කන්න තරමට හිතුණෙ…

ඇත්තටම තේජාන්ගෙත් බට්ටිගෙත් වෙඩින් ෆොටෝ දෙකක් අරන් තිනෙවා…
පළවෙනි දවසෙ රත්තරන් පාටින් වැඩ දාපු සුදු ඔසරියෙන් මාල හත දාලා සැරසිලා,
දෙවනි දවසෙ මෙරූන් පාට සාරියක් ඇඳලා…
කසාද බඳින්න අත්සන් කරපු ෆොටෝ වගේකුත්
තිබුණා ..

බට්ටිට හතරවෙනි වතාවටත් දරුවෙක් ලැබෙන්න ඉඳලා ඒත් සති 10න් miscarriage වුණාලු…
ඊට පස්සෙ ⁣ගර්භාෂෙ ගෙඩි වලට ඔපරේෂන් එකකුත් කළාලු…

අදටත් තේජාන්ගෙ බැණුම් අහගෙන සේරම දේවල් ඉවසගෙන, තේජාන්ට සළකමින් බට්ටි ජීවත් වෙනවා..
තේජාන් සුපුරුදු පරිදි සතියේ දින 5 බට්ටි එක්කත් සෙනසුරාදා හවස ඉඳන් ඉරිදා හවස වෙනකල් වුෂ්මිගෙ ගෙදර පුතා එක්කත් කල් ගෙවනවා..
අදටත් විෂ්මි තේජාන් එක්ක කතා කරන්නෙ නෑලු….
පුතා විතරලු කතා කරන්නේ…
පුතාත් බට්ටි ගැන දැන දන්නවාලු…

කවුරුද හැඬුවේ…
කාටද රිදුණේ…
කවුද වැරදි…
කවුද හරි….

අන්තිම වශයෙන් කියන්නෙ මේ කතාවෙ තියෙන නම් ගම් සේරම ඇත්ත කතාවට සම්පුර්ණයෙන්ම වෙනස්…
මම කතා හරය විතරයි ඇත්ත කතාවෙන් ගත්තෙ…
කතාව ගොඩනැගුවෙ මම…
ඒ ඒ අවස්ථාවට දෙබස් හිතුවෙ මම..
සිද්දි ගැළපුවෙ මම…
කොච්චර සාර්ථකයිද දන්නෙ නෑ…
කුතුහලය නම් කතාව පුරාවටම මම අරගෙන ආවා කියලා හිතනවා….

මේක සාම්ප්‍රදායික ආදර කතාවකින් ඔබ්බට ගිය…
සැබෑ ජීවිතයේ ආදර අන්දරයක්….

ස්තූතියි සැමට..
ඉතිං අවසරයි සමුගන්නට ….
✨🌹මිහිදුම් සිහිනයෙන්….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *