මිහිදුම් සිහින….. 02

02 වන සිහිනය

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයක් නැතුව වෙනසක් දකීවි ඔබ නිසැකවම….

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අම්මා….
මම යනෝ…..
මේ බූරිගෙ විකාර නිසා මටයි පරක්කු වුණේ…
කුස්සියේ බංකුවෙ ඉඳන් හිටපු බට්ටිගෙ කණෙන් ඇදපු පොඩ්ඩී
අම්මා ඔතලා තියපු බත් එකත් අරන් ඉක්මනින් එළියට ගියේ බට්ටිගෙ තියෙන දඟකාරකමට මොනවා කරයිද දන්නෙ නැති නිසා…..

අතේ තිබුණ පත්තරෙන දමලා ගහපු බට්ටී….
ඒක නොවැදුණ තැන
ඉන්නවාකො වදේ…
අද තමුසෙ ගෙදර එද්දි හොඳ වැඩක් කරලා තියනවා මම…..
පොඩ්ඩිට එකටෙක කිරීමට නොහැකි වුණ නිසා බට්ටී..
කුස්සියෙ ඉඳන්ම කෑගැහුවා….

බට්ටී…..
කියලා තියෙනවා මම….
කෙල්ලෙක් වුණාම ඔහොම කෑ ගහනවද…
කතා කරනවා ගිහින් අයියට….
අද තාම නිදි මේ කොල්ලා…
අම්මා බට්ටිට කිව්වෙ බොරු තරහකින්…

හඃ…
මට තමා හැම එකටම හැමෝම බනින්නෙ.
මොකට පොඩිම එකා වෙලා ඉපදුණාද මන්දා …
කියලා ගස්සගෙනම ගියේ තම එකම සහෝදරයට ඇහැරවන්න….

ඒ අතරෙ කුස්සියට එන්න ආපු ලොක්කිව බට්ටිගෙ ඇඟේ හැප්පිලා නොවැටී බේරුණේ අනුනවයෙන්. ..

මොකද බට්ටි මේ කඩි කුලප්පුව ආහ්…

ඔව් ඔව් මට තමා මේ කඩියාගෙයි, දිමියාගෙයි, ඇඹලයාගෙයි සේරම කුලප්පු තියෙන්නෙ..
ඔයාලා හොඳ සුහච ,කීකරු, ළඳ,බොළඳ සුකුමාල දෝණියැන්දලානේ…
අයින්ට වෙනවා…..

ලොක්කිටත් එකටෙක කියපු බට්ටි එතනින් ගියා…

හික්ස්….
ඇඹලයාගෙ කුලප්පුව..?????

ලොක්කී , බට්ටිගෙ මේ දඟ වැඩ වලට, කටකාර කම් වලට කවදත් ආදරෙයි….
පොඩ්ඩි වගේ බට්ටි එක්ක එල්ලෙන්න යන්නෙ නෑ..

ආ…
ලොක්කියෙ උඹත් නැගිටලා ආවද….
මොකට නැගිට්ටද දැන්ම…
ආං… බට්ටිත් උදේම නැගිටගෙන අඩව් අල්ල අල්ල ඉන්නවා…
කොක්ක වගේ පොඩ්ඩි එක්ක
පැටලෙනවා…

ඒ දෙන්නාගෙ සද්දෙට තමා අම්මෙ මටත් ඇහැරුණේ ….
අම්මා ඕවට අත නොදා ඉන්න…
දන්නවානෙ ඒ දෙන්නාගෙ රණ්ඩු….
අන්තිමේදි අහක ඉන්න අපි වැරදි
වෙලා ඒ දෙන්නා හොඳට ඉන්නවා….

ඒක නම් හැබෑව…
හහ් හහ්.. .😀

ලොක්කියෙ….
නිසල් පුතා අද එනවා කිව්වා නේද කසාදෙ වැඩ වගේකට යන්න….??

ඔව් අම්මා…
සෙටි බැක් එකයි පෝරුවයි බලන්න
යන්න…
බට්ටි ගෙදර නේද අද
එයාවත් එක්කගෙනම යන්න බැලුවෙ…

ඔව් අද ගෙදර කිව්වෙ….
ගිහින් මොන විජ්ජුම්බරයක් කරයිද දන්නෙ නෑ….
දනනවානෙ…
ගිය තැන කාත් එක්ක හරි කොක්කක් දාගෙනමනෙ එන්නෙ….
කවුරු වගේ ඔහොම වස උණාද මන්දා මේ කෙල්ල….

බට්ටි කියන්නෙ…
දඟකාර,
කටකාර…
විසේකාර
ඒ වගේම හරිම වස රණ්ඩු කෙක්කක් කිව්වොත් හරි…
අඩි 5.6ක් උස, හීන්දෑරි සිරුරක් තියෙන මේ බට්ටී….
පෙනුමෙන් නම් කාගේත් සිත් ඇද බැඳ ගන්නවා….
මවගේ උරුමයෙන් පොඩ්ඩි සහ ලොක්කී ට ඉණ තෙක් දිගු ලස්සන කෙස් කළඹක් තිබුණත්…
බට්ටී නම් කොණ්ඩෙ වැවෙන්න දෙන්නෙම නෑ…
එක එක සුකුරුත්තම් කරනවා කොණ්ඩෙට.. …

ලොක්කී වචනයේ පරිසමාප්ත අයුරින්ම ලස්සන කෙල්ලෙක්…
උසේ ගානට මහත, දිගු කෙස් කළඹ, පැහැපත් පිරුණ මුහුණ එක්ක තැන්පත්,ගුණවත් දුවණියක්…..

පොඩ්ඩි උසින් ශරීර ප්‍රමාණයෙන් බට්ටිට වුණත් …
දිගු කොණ්ඩයත්,සමේ වර්ණයෙනුත් මදක් වෙනස්….
ලොක්කිත් බට්ටිත් මව මෙන් පැහැපත් සුදු වර්ණයකටඋරුම කම් කීවත්…
පොඩ්ඩි⁣ටලැබුණේ පිය උරුමයෙන් පැහැපත් දැකුම්කළු තලෙළු සමක්….
පෙඩ්ඩිත් තරුණයෙක්ගේ සිත සසල කළ හැකි රුවක් සහිත තරුණියක්…..

අම්මා….
අයියා මට පයින් ගැහුවා අනෙ අරහැරවන්න ගිහින්….
මූණත් ඇද කරගෙන එක අතකින් අනෙක් අතේ වරලමිට අත ගගා
කුස්සියට ආව බට්ටී දැකපු ලොක්කිට
බකස් …😂 ගාලා හිනාව පැන්නෙ
බිබී හිටපු කිරි එකත් ඉස්මෝල්ලෙ ගිහින්

තමුසෙඉතිං හිනා වෙනවා….
දන්නෙ ඒක විතරනෙ…
අර අසරණ නිසල් අයියත් අහු වුණේ ඔය කැකිරි පැලිල්ලටනෙ….හඃ😏

ඇයි බට්ටියෙ හිනා නොයයිද…
රටේම උන්ට ගහන්න කතාව….
අයියව ඇහරවගන්න බැරිව පයින් පාරකුත් කාලා අඬාගෙන එනවා…..

හඃ…
අයියා නොවුණා නම් මම ඉවසන්නෙ නෑ තමා…
අම්මෙ මට නම් ආයෙ කි⁣යන්නෙපා ඕකව ඇහැරවන්න කියලා…
මට බෑ පයින් පාරවල් කන්න….

තිළිණ…
නිදාගත්තම නැගිටිනන හරිම හොරයි…
කව්රු හරි තිළිණ නිදාගෙන ඉද්දි ඇඟට අත තිබ්බම අත්, කකුල් ගසනවා….
වදින මායිමක හිටියොත් සොරිම තමා…😃
මොකද තිළිණ කියන්නෙත් අඩි 6ට ආසන්න උසක් තියෙන ආරෝහ පරිණාහ දේහයෙන් යුත් කඩවසම් තරුණයෙක්…..

දැන දැනත් එැමදාමගුටි කනවානෙ….
උගෙ ඇඟට අත නොතියා ඔළුව අතගාලා කතා කරපං මම වගේ….

අනේ මේ…
අම්මට ඕන විදියට නලෝගන්න
අම්මාගෙ මහ ලොකු පුතණ්ඩියව…
අපිට නොකියා…

හික්ස්…..😂😂

තමුසෙ ඉතිං හිනාවෙනවා….
අපරාදෙ අද නිවාඩු වුණේ…

ආ..
බට්ටි..
මා එක්ක ගමනක් යමු…
ගෙසරටවෙලා ඉන්න එකේ..
නිසල් අයියා යාළුවෙකගෙ කාර් එකේ එනවා කිව්වෙ අද…
සෙටිබැක් බලන්න යන්න…

මට බෑ….
ඔවා විකාර….
වෙඩිමක් කියලා ඔහොම නැහෙන්න මට නම් බෑ…
ඇත්තට ලොක්කි…
අහන්නමයි හිටියෙ මම..
එපා වෙන්නෙ නැද්ද ඕයි තමුසෙට…
දැන් මාස දෙකක් තිස්සෙ අරකටයි මේකටයි කිය ක්ය දුවනවා….
තවත් ඉවර නෑ…

මම දැන් ඔය ප්‍රශ්න වලට
උත්තර දෙන්නෙ නෑ…
තමුසෙත් බඳිනවනෙ
එදාට තේරෙයි….
මේක වදයක්ද නැද්ද කියලා…

අපෝ මම නම් බඳින එකාට කෙලින්ම කියනවා…
මට බෑ ඕවට නැහෙන්න….
තමුන්ට ඕනම නම්….
කරගන්න එකයි ඇත්තෙ කියලා….

ආ….
අපි බලමුකො නංගී….
අපිත් ඉඳිවිනෙ එදාට…
මම ඕක මතක තියාගන්නවා
හොඳද බට්ටී…..

හා..හා….
තියාගන්නවා…
මට මෙකෝ…

ඒකෙන් වැඩක් නෑ…
මා එක්ක යමු හරිද…

අපෝ… හරි හරි…
එන්නම් වදේ….

නිසල් අයියා පැමිණ වාහනයේ නළාව නාද කරන විට
අම්මාට වැඳපු අපි දුවගෙන ගිහින් කාර් එකට නගින්න යද්දී……

🐣 හමුවෙමු තවත් හීනයකින්…..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *