මිහිදුම් සිහින…..03

03වන සිහිනය
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

ලොක්කි එක්කම දුවගෙන ගිහින් කාර් එකට නගින්න යද්දි
කාර් එක
එහා පැත්තෙ ගහකට අතකුත් තියාගෙන කෝල් එකක හිටපු තරුණයාව දැකපු බට්ටී ගැස්සුණා…..

එතනම නැවතුන බට්ටී…
ලොක්කිගෙ අතකින් අල්ලලා…
හපොයී…
ලොක්කි..
තමුසෙ යනවා..
මම මෙහෙමම ගෙට දුවනවා…
මට නම් බෑ….

ඒ මොකද එකපාරම…
පිස්සුද 😠
මෙහෙ එනවා යන්න….
බට්ටිගෙ අතින් අල්ලගත්තා…

අනේ ලොක්කි..
තමුසෙට තේරෙන්නෙ නෑ ඕයි…
අත අරිනවා මාව….
මේ දිගංචියා කොහෙන්ද මෙහෙට පාත් වුණේ….
ඌ මොනවද මෙහෙ කරන්නෙ…

ආ… මේ
තේජාන්…
නිසල්ගෙ යාළුවෙක්…
එයාගෙ තමා කාර් එක…
එහෙම කියනවාත් එක්කම කෝල් එක ඉවර වුණ තේජාන් අක්කා නගෝ දිහා බැලුවා…
තේජාන්ගෙ ඇසුත් ගැස්සුණා…
ඒ උකුසු ඇස් වලට අහු වුණා
බට්ටි යන්න හදද්දි ලොක්කි අල්ලගෙන ඉන්නවා කියලා…
ඒ නිසා තේජාන් සිහින් සිනාවකුත්
මුවට අරන් …
නොදන්න ගානින් කතා කළා…

ආ..නිකිණි නංගි….
මේ කවුද…

එවිටම එතනට ආව නිසල් කතා කළා…
මේ අපේ නිකිණිගෙ චූ⁣ටි නංගි….
මිතුණි…
අපි නම් කියන්නේ බට්ටි කියලා

ආහ්…
එහෙමද
Nice to meet you මිතුණී ….!!
Im Thejan Suriyaarachchi.
අතත් දික් කරලා තේජාන් කියද්දි
ඒ ඇස් වල තිබ්බ සමච්චලය නම් දැක්කෙ බට්ටිම විතරයි.

ඉතිං මට මෙකෝ තමුන් කවුරු වුණාම…
ගත් කටටම බට්ටි කිව්වා..

ලොක්කිට කර කියාගන්න දෙයක් නෑ…
බට්ටී….
මොකද හලෝ මේ…
මනුස්සයෙක් ඉස්සරහ හැසිරෙන්න වත් දන්නෙ නැද්ද….
කනට කරලා කිව්වෙ ඒ ටික…

ආ…හ්..
මේ…
තේජාන් අපේ නංගි ..
මා එක්ක තරහෙන් ඉන්නෙ..
මේ මම එයා බෑ කියද්දි එක්කන් යන්නෙ අද…
ඒකයි ඔය තරහ…

හහ් හහ්….😂😂😂
නිසල් පැත්තකින් ඉඳලා හිනා වෙනවා…
ඇද්ද තේජ් උඹට…
ශේප් එකේ නංගිගෙ අත අල්ලන්න ගිහින් පල් වුණා නේ…
නිසල් ,තේජාන්ව තවත් ⁣පල් කරනවා…

අනේ පල මගෙන් මොකුත් නාහ….
මට වෙන කෙල්ලන්ගෙ අත් අල්ලලා නෑනෙ
උඹේ මහ ලොකු නෑනගෙ අත අල්ලන්න…

Its ok ,නිකිණි…
යමු නේ…
පස්සෙ බැරියැයි මේ ඔයාලාගේ බෝම්බෙ යාළු කරගන්න…

කියමින් බට්ටිට හෙලපු බැල්මේ නම් තිබුණෙ මම මේ ගැන පස්සෙ බලාගන්නම්කො…කියලා…

අක්කෙ තමුසෙ යනවාකෝ….
මට බෑ ඕයි
මේ දිගංචියාගෙ කාර් එකට නගින්න..

බට්ටි…
මොකද මේ..
තමුසෙ අඳුරනවද තේජාන්ව…

හපොයී….
මම අඳුරන්නෙ නම් නෑ….
හැබැයි එක දවසක් මුණගැහුණා….
ඒක එච්චර හොඳ meeting එකක් නෙමේ හලෝ…
මුගෙ අම්මා මුත්තා මතක් කරලා මම බැන්නෙ….

ආ..හ්..
මේ..
තේජාන්ටත් තමුසෙ කෑගහලා තියෙනවද…
බට්ටී තමුසෙ ඔය විකාර නවත්තන්නෙ හොඳ පාඩමක් ඉගෙනගෙන තමා…
කවුද කින්ද මන්ද නෑ…
තැනක් නොතැනක් නෑ
කෑ ගහගෙන එල්ලීගෙන යනවනේ…..

යමු යමු පරක්කු වෙනවා…
මූට ඉක්මනට යන්නත් ඕන කිව්වා..
නිකී….
ගෙදර ඇවිත් දෙන්නා අති තරම් කතා කරගන්නකෝ….
ඔයා අර එදා කිව්ව තැනට යමු නේද…

තාමත් කාර් එකට නගින්නෙ නැතුව මුණු මුණු ගාන අක්කලා නංගිලාට නිසල් කිව්වා…

තේජාන් කාර් එක start කරලා …
ටිකක් රේස් කරන ගමන්ම බට්ටි දිහා
බැලුවා….

එනවා එනවා කියලා බට්ටිගෙ අතිනුත් ඇදගෙන නිකිණි කාර් එකට නැග්ගා…

ඔව් නිසල් එතන තියෙනවා අපේ theme එකට හරියන සෙටිබැක් එකක්….
එයාලගෙ FB page එකේ දාලා තිබ්බා ..

කාර් එකට නැගුණ බට්ටි එසැනින් බැලුවෙ පිටුපස පෙනෙන මැද කණ්නාඩිය දිහා…
තේජාන්ගෙත් මිතුණී ගෙත් ඇස් හමුවුණේත්..
එසැනින්ම අහක බලපු තේජාන්
රේස් කරලා කාර් එක පාරට ගත්තේත් එකටමයි…

අඩෝ..
තේජ්…
පවු බං උඹ ළඟට එන කාර්….
බලපංකො වද දෙනවානෙ බං කාර් එකට…
ඔහොමත් රේස් කරනවද ….

හරි හරි…
උඹ ඉඳපංකො….

නිකී….
එතනින්ම පෝරුවත් ගන්න පුළුවන් වෙයි නේද…
තැන් දෙක තුනකට කියනවාට වඩා එක තැනකින් කරගන්න එක හොඳයි….
පිටිපස්සෙ අසුනෙ සිටි ලොක්කි දිහාට හැරෙන ගමන් නිසල් අද දවසේ කරන්න හිතපු වැඩ ටික ගැන කතා කරන්න පටන් ගත්තා…..

තේජාන් වරින් වර නපුරු දෑසින් බට්ටී දිහා බලනවා…
බට්ටිත් දැක්කෙ…
බට්ටිත් ඒ ඇස් දිහා වරින් වර කණ්නාඩියෙන් බලපු නිසා…..

බට්ටිට මතක් වුණා තේජාන් එක්ක පැටළුණ දවස….
එදා……

🐣හමුවෙමු තවත් හීනයකින්…..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *