මිහිදුම් සිහින…..04

04 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයක් නැතුව වෙනසක් දකීවි ඔබ නිසැකවම….

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

එදා…
ලෙක්චර්ස් ඉවර වෙලා බට්ටී,
ළඟ තිබුණ P&S එකට ගියේ හෙද පාඨමාලාවේ හිටපු යාළුවො දෙන්නා එක්ක.

ඒ බං මොනාද කන්නෙ…
මගෙ අතේ එච්චර සල්ලි නම් නෑ…
ශෂිනි කිව්වා…

අපෝ ශශී…
හැමදාම ඔහොම කියන්නෙපා බං..
අපි ළඟත් එහෙම නෑ තමා…
හරි උඹට කීයක් දාන්න පුළුවන්ද??

මම100ක් දෙන්නම් මිතූ…
ගයා උඹ…

මමත් 100ක් දෙන්නම්..
ගයනි කිව්වා…

එහෙනම් ඉතිං එක්කෙනෙක්ට ෆිෂ් බන් එකයි , පැටිස් එකයි ⁣නෙසේකැෆේ එකයි ගානෙ ගමු..
ඉතුරු ටික මම දාන්නම්….

හා හා…
යමු යමු…

තුන්දෙනා එක්ක කැෂියර් එක ළඟට ගිහින් ආයෙම බැලුවා
ෆිෂ් බන් නැතුව ඒ ගානට ගන්න දෙයක් නැද්ද කියලා….

එතකොටම එතනට ආව දිගංචියා…
“”මෙතන කෑම තියෙන්නෙ බල බල ඉන්න නෙමේ …””
අයින් වෙනවා හලෝ මෙතන බොරුවට rush නොකර…
තුන් දෙනා එක්ක දැන් මෙතන වහගෙන කොච්චර වෙලාද.. ..
සල්ලි නැත්නම් කියනවා අරන් දෙන්න….

වටේ කමින් හිටපු අයත් හැරිලා බැලුවා…
මට ඇති වුණ ලැජ්ජාවටයි….
කිසි වැරැද්දක් නොකර මුගෙන් කතා අහගන්න වුණාටයි…
මට උන් හිටි තැන් අමතක වුණා…

මේ..
මිස්ට….
තමුන් කව්රු වුණත් අදාළ නෑ…
ටයි කෝට් දාලා හොඳට ඇඳගෙන සල්ලි ටිකක් අතගාපු පලියට
අනිත් මිනිස්සුන්ව පහත් කරන්න එන්නෙපා හරිද…
තමුන් වගේම අපිත් ආවෙ සල්ලි දීලා කෑම ගන්න තමා…
කඩේ තියෙන කෑම වල නම් පාඩම් කරගෙන එන්නෙ නෑ නෙ…
බැලුවෙ මෙනෙවාද කන්න ගන්නෙ කියලා..
තමුන්ට ඉවසීම නෑ කියලා අපිට කරන්න දෙයක් නෑ….
මම ටිකක් සද්දෙන්ම කිව්වෙ….
ඇතුළ ඉන්න අය කටවල් ඇරන් බලන් ඉන්නවා…
ඒ අස්සෙ තව කෝට් කාරයෙක් ඇවිත් දිගංචියාගෙ අතින් අදිනවා…

මෙහෙන් ශශී, ගයා යි මගෙ අැඟේ එල්ලිලා යමු යමු කියනවා…

idiot girl…
තමුසෙ කාටද කතා කරන්නෙ කියලා දන්නවද…
තමුසෙ නයාට ගහලා පොල්ල වරද්දගත්තෙ…
මේ තේජාන් සූරියආරච්චි ට ලැජ්ජා කරපු එකම කෙල්ල…
තමුසෙ දැනගන්නවා…

අපෝ…යමුකො අයියා…
ප්ලීස් ….
Forget it…
Just leave now…
Sorry නංගිලා…
කියපු අනිත් කෝට් කාරයා
දිගංචියාවත් අැදන් යන්න ගියා…

තේජාන් කියන්නෙ සල්ලි නිසා මාන්නයෙන් ඉන්න උද්දච්ච, හිතුවක්කාර, ⁣කේන්තිකාරයෙක්..
⁣දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ…
නැති බැරි කම හෙලා දකින අහංකාරයෙක් තමා තේජාන්…
තම පියාගේ ව්‍යාපාරයේ සහය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ බාර අරන් තාම අවුරුද්දයි…
තේජාන්ගෙ මල්ලි අනුහස් තමයි ඒ,
කොල්ලව ඇදගෙන ගියේ…
අනුහස් තේජාන් වගේ නෙමේ..
හරිම සැහැල්ලුවෙන් ජීවත වෙන
නිහතමානී චරිතයක්…

තේජාන් යන ගමනුත් හැරි හැරී මිතුණී දිහා බැලුවෙ ගිණි පිටවෙන ඇස් වලින්….
දොර ළඟදි හැරිලා දබර ඇඟිල්ල උලුක් කරලා බෙල්ල යටින් ඉරක් අැඳලා පෙන්නුවෙ…
උඹ ඉවරයි කියන්න වගේ…

මමත් නිකන් හිටියෙ නෑ…
දිව දික් කරලා ඇද කරන ගමන්..
අතින් පෙන්නුවෙ යන්න යන්න මෙතන ශෝ එක දාන්නෙ නැතුව කියන්න වගේ….

මිතූ…
යමං යමං එළියට තවත් මෙතන add එක වෙන්නෙ නැතුව….

ඇස් කටේ දාගෙන වටේ බලාගෙන ඉන්න උන්ටත් රවලා බලද්දි….
මාව තල්ලු කරගෙන වගේ
එළියට ආපු ගමන් අරුන් දෙන්නා කියවන්න ගත්තා…

මොකද්ද බං ඒ කළේ….
බය නැද්ද බං ඔහොම කොල්ලො එක්ක එල්ලෙන්න….
ඇයි බං…

අනික තදයෙක් වගේ කතාවෙන් නම්…

අනේ නිකං ඉඳපං…..
ඌ අපිව හිඟන්නො ගානට දැම්මානෙ බං…
මගෙ යකා හිස් මුදුණටම නැග්ගා..
ඇයි යකෝ…
උගෙන් කාලා ඇඳලා ඉන්නවා වගේ…

හරි හරි…
යමන් දැන් අපේ යකා බඩට ඇවිත්…
වෙන කොහෙන් හරි කමු..
P&S යන්න වෙන්නෙ නෑ ඉතිං
ආයෙ කාලෙකට..

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

ආ..ව්….ෂ්…
මොන මෝඩයාද දන්නෙ නෑ ලයිසන් දුන්නෙ…

බට්ටි ඒ මතකයෙන් මිදුණේ දිගංචියා ගහපු බ්‍රේක් එකකට මගේ ඔළුව ඉස්සරහ සීට් එකේ වැදිලා….

ඇයි නංගී…
මගෙ ලයිසන් එක දුන්න තැන ඔයාට ප්‍රශ්නයක් වගේ නම් මම එක්කන් යන්නම් එතන්ට…
තේජාන් කිව්වේ කින්ඩි හිනාවක් කට කොණට අරන්…
මොකද බට්ටී මනෝ පාර
දාගෙන ඉන්නවා දැකලා
තේජාන් හිතලාමයි බ්‍රේක් පාර ගැහුවෙ…

අපෝ…
මොකද බං තේජ් උඹත් පොඩි එකෙක් වගේ මේ චූ කෙල්ලෙක් එක්ක රණ්ඩු වෙන්නෙ…..

නිසල් අයියා…
චූ කෙල්ල…..???
මේ ඔයාගෙ මහ ලොකු නිකී වෙන්න ඇති..
මට ඕවා කියාගෙන ඇවිත්
ආයෙ මම නරකයි කියන්නෙපා…
දන්නවානේ….

තේජාන් මේ සිදුවීම දිහා හොඳින් බලාගෙන හිටියේ…
මේ කෙල්ලගෙ හැටිද මේ එතකොට…
තමන්ගෙ හිතෙන්ම ප්‍රශ්න ක⁣ළා….

මොක වුණත් මට කරපු දේට return එකක් නොදී අත අරින්න බෑ…
මල්ලි තාම විහිළු කරනවා
ඒ ගැන කියලා…

අම්මෝ….
සොරි සොරි ….
ආයෙ මොකුත් කියන්නෙ නෑ..
ගැත්තාට සමාවෙන්න
මම කියපු එක ඉල්ලා අස් කරගන්නවා…
කියපු නිසල් තේජාන් දිහාට හැරුණා…

බට්ටි…
තසුසෙ නම්…
මොනාද හලෝ…
ගෙදර අපි එක්ක මොනවා කිව්වත් කමක් නෑ…
පිට මිනිස්සු ඉස්සරහ
ගෑනු ළමයෙක් වගේ ඉන්නවාකෝ..
චණ්ඩියෙක් වගේ හැසිරෙන්නෙ….
තමුසෙ නර්ස් කෙනෙක් වෙච්ච දාට ලෙඩ්ඩු පවු ඕයි….
තමුසෙට මෙච්චර කල් කෙලේලෙක්වත් නැත්තෙ ඕක නිසා වෙන්න ඇති…

අපෝ මේ ලොක්කි…
නවත්තනවා හලෝ දේශනාව….
මම පනිනවා මෙකේ දොර ඇරගෙන….
මොන වදයක්ද…
බෑ කියද්දි ඇදගෙන ඇවිත්…
දෙන්නා එක්කම මාව බයිට් එකට අරන්…මම ඉගෙනගන්නෙ ආසාවට මිසක් ලෙඩ්ඩු බලන්න කියලා කවුද කිව්වෙ…
අනික මට යාළු වෙන්න කොල්ලො නැතුව නෙමේ….
මට යාළු වෙන්න ඕන නෑ…
අන්න ඒක තේරුම්ගන්නවා…

ලොක්කි කට වහගත්තා…
ඒත් නිසල් අයියා තේජාන්ට කියනවා
මම නිසල් අයියාට දවසක් ලුණු දාපු තේ පොවපු හැටි.. .
කැරපොත්තෙක් අල්ලලා ෂර්ට් එක ඇතුළට දාලා
නිසල් අයියා දඟලපු හැටි…
තේජාන් කණ්නාඩියෙන් මාදිහා බලමින් හිනා වෙනවා….
ආයෙත් මෙහොතකට අපේ සිව්නෙත් යා වුණා…
මෙවර අපි දෙන්නටම තත්පර කිහිපයකට අපේ ඇස් අහකට ගන්න අමතක වුණා…

මුලින්ම තේජාන් ඇස් හරවලා පාර දිහා බැලුවේ…

අක්කා….
බට්ටි ටිකක් ශබිදෙට කිව්වා..
පිටදි ලොක්කිට, අක්කා කියලා කතා කරන්නේ…

මොකද…

මේ…
සාමාන්‍යයෙන් වහෙනයක් drive කරද්දි
කොහෙ බලාගෙනද යන්න ඕන…

පිස්සුද….
ඒක මොන ප්‍රශ්නයක්ද…

මෙහෙමනෙ අක්කා….
ඉඳගෙන යන අය කොහෙ බලන් ගියත්
Driver දැනගන්න ඕන පාර ඉස්සරහ බලාගෙන යන්න…
වාහනේ යන ජීවිත සේරම රියදුරු දෑතෙ නේ….
නැද්ද නිසල් අයියා ….

ආ…..
තේජ්……
උඹ කොහෙ බලාගෙනද ගියේ….
මේ කෙල්ල නිකන් මෙහෙම හින්ට් පාස් කරන්නෙ නෑ…

පලයං නිසලා උඹත් ⁣එනවා මෙතන…
වෙන කොහෙ බලං යන්නද…

අායෙත් බට්ටි දිහා තරවටු බැල්මක්
හෙලපු තේජාන් ….
ආයෙ වැරදිලා වත් කණ්නාඩියෙන් පිටිපස්ස බැලුවෙ නෑ…..

ඇද්ද දිගංචියාට…
ඉන්නවකො දිගංචියෝ…
තාම පටන් ගත්තා විතරයි..
අද ආපහු යන්න කලින් හොඳ පරිප්පුවක් සෙට් කරනවා කො⁣හොම හරි….
හිතමින් බට්ටිත් තනියම
හිනා වෙවී හිටියා

ලොක්කී නිසල් එක්ක කතාවක්…

බට්ටී කණ්නාඩිය දිහා වරින් වර බැලුවෙ
ඒ නපුරු දෑස් ආයෙමත් තමන් දිහාට යොමු වෙනවද කියලා..
ඒත් තේජාන් ආයෙම පිටිපස්ස බැලුවෙම නෑ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඒ අතර පොඩ්ඩී
වැඩ කරන Garment factory එකට අලුතෙන් එනවා Fashion Designer කෙනෙක්…
සුදු, උසේ තරමට මහත, තැන්පත් පෙනුමක් තියෙන කඩවසම් තරුණයෙක්..

බැලූ බැලුමට නම් හොඳ සල්ලිකාර පවුලක පුතෙක් කියලා පේනවා…
තරිණි ළඟ හිටපු යශොධා කිව්වේ…
ඔහු දිහාම බලාගෙන…

කවුද යශූ…

බලපංකො මැට්ටි ඔළුව උස්සලා..
අර HR එකේ ඉඳන් මැනේජර් කාරයා එක්ක එන්නෙ..
අලුත් පොරක් වගේ….

පරිඝණක තිරයෙන් ඔළුව උස්සපු තරිණි වරක් ඔහු දිහා බලලා ආයෙම තිරයට ඇස් යොමු කළා..
මේ…
විකාර නැතුව වැඩ කරපන්…
පේන්නෙ නැද්ද…
කවුරු හරි සර් කෙනෙක්…

ඇයි…
සර් කෙනෙක් කියලා බැලුවම මක් වෙනවද.. .
“””ලබා සිපගනු බැරිනම් බලා සැනසෙනු””
කිව්වලු….

හික්ස්….
කවුද අප්පා ඒක කියලා තියෙන්නේ…

කවුද ඉතිං…
ත්‍රීවීල් මල්ලිලාගෙ වදන් තමා….

හා හා..
බලා සැනසුනා ඇති..
අර cutting එකේ records ටික හදපං හවස් වෙන්න කලින්….

දෙන්නා කතාව නවත්තලා ආයෙම පරිඝණකයට ඇස් යොමාගෙන ඉන්න විට..
⁣කෙනෙක්ගේ දෑස,
චාම් සුන්දරත්වයක් තියෙන මේ තලෙළු කෙල්ල දිහා යොමු වෙලා තියෙනවා කවුරුත් දැක්කෙ නෑ….

🐣 හමුවෙමු තවත් සිහිනයකින්….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *