මිහිදුම් සිහින…..05

05 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයක් නැතුව වෙනසක් දකීවි ඔබ නිසැකවම….

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

නිකිණි කිව්ව මංගල පෝරු සපයන ආයතනයට පැමිණි පසු අනෙක් සියළු දෙනාම ඉන් බැස ගත්තත්,
තේජාන් රථයේම රැඳුනා….

ඒ..
තේජ් යමංකො උඹත්…

අනේ මේ…
මං උඹට එද්දිම කිව්වනේ…
මං එන්නම් හැබැයි ඔය විකාර වලට මාව පටලගන්න හදන්නෙපා කියලා…

ඒක ඇහුණම නම් බට්ටී ඇස් හීනි කරලා තේජාන් දිහා බැලුවේ…
මූත් මං වගේද…
⁣මේවට විකාර කියන්නේ….
එහෙම වෙන්නෙ කෙහොමද කොල්ලො කෙහොමත් මේවට ආස නෑනේ….
හිතත් එක්කම කතාව..

උඹව බඳින කෙල්ල පවු බං…
ඒකිට ⁣wedding එකේ සේරම තනියම select කරන්න වෙයි….

හරි හරි ඒක මම බලාගන්නම්….
Wedding planner කෙනෙක් ගෙනාවා
ඒකිට ඕන ටික කිව්වා,
ඒ විදියට ලෑස්ති කරන්න කියලා
සල්ලි දුන්නා
හරි සිම්පල්…..

ඔව් ඉතිං උඹට ඒවට සල්ලි තිබ්බට අපිට නෑනෙ…
එහෙනම් ඉඳපං තනියම…
යමු නිකී…

ඒ මේ නිසල් ..
කරන මගුලක් කරගෙන ඉක්මනට වරෙං ඈ….
මට තව වැඩකුත් තියෙනවා…

ඒ මේ…
ලොක්කී
මටත් කියන්න තියෙන්නෙ ඒකම තමා ඈ…
නැලවි නැලවි ඉන්නැතුව ඉක්මනට තෝර ගන්නවා තමුසෙගෙ සෙටි බැකිය….

හරි හරි…😏

එතැන මංගල පෝරු හා සෙටි බැක් සඳහා තරමක නමක් දැරූ ස්ථානයක් නිසා..
ඒ වන විටත් කිහිප දෙනෙක්
ඇතුලේ සහයට ඉන්න අය සමග කතා කරමින් තමා හිටියේ…
අපි තුන්දෙනා ඇතුල් වෙලා වට පිට බලනකොට අවුරුදු 20ක විතර හුරුබුහුටි ගැහැණු ළමයෙක් අපි වෙතට ආවේ…

May i help u sir…

Ya..
sure..

මොනවද සර් බැලුවෙ..

හික්ස්….😂😄
සූටි නංගියා කඩ්ඩෙන් කොටාගෙන ඇවිත්
නිසල් අයියාගෙ කඩ්ඩෙ පොලිෂ් එක දැනිලාද කොහෙද මෙන්න සිංහල වෙලා….

ආ…
අපිට සෙට්බැක් එකයි ඒකටම හරියන පෝරුවයි arrange කරගන්න ඕන..
Pearl theme එකෙන්….

ආ එන්න…
⁣අපි ඉඳගෙන සර්ගෙයි මිස්ගෙයි අදහසුත් එක්ක design කරමු….
කලින් කරපු ඒවත් තියෙනවා
බලන්න පුළුවන්…

සේරම pearl color…
එතකොට ඒ අතරට light purple මල් එන්න ඕන…
Bridsmade color එක light purple …
Theme එක pearl වෙන්නත් ඕන..

මෙහෙම පටන් අරන් අර කෙල්ලයි ලොක්කිලයි ⁣බ්‍රේක් නැතුව කියවනවා…
අර මල් දාන්න පුළුවන් ලු, මේ මල් ලස්සනයි ලු, පර්ල් ටික මෙහෙම දාන්නත් පුළුවන් ලු, මෙහෙම කලොත් වැඩියෙන් හොඳයිලු…
මට පිස්සු හැදෙන්න වගේ…

මේ මොන විකාරයක්ද අප්පා …
පැය ගානක් වෙනුවෙන් විඳින වදයක්…
ඇත්තමයි..
මේ දැන් තියෙන විකාර එක්ක
වෙඩිමක් ගන්න එක පණ යන වැඩක්නෙ…

ඉවසන්න බැරිම තැන ෆෝන් එක අරන් candy crush ගහන්න ගත්තා…
සෙද්ද…ටික වෙලාවයි
ඒකෙත් ලයිෆ් ඉවර වුණා hard level එකක් සෙට් වෙලා….

දැන් ඇවිත් පැය බාගෙකට වැඩි…
තාමත් ඉවර නෑ කතාව…
ඒ ගමන දැන් තඩි ඇල්බම් එකක් පෙරළගෙන ෆොටෝ බලනවා මෙයාලගෙ පරණ වෙඩින් වලට කරපුවා…
ලොක්කි, නිසල් අයියයි ඇස් නළලට අරන් ඒවා බලනවා….
මොනා බලනවද මේ හැටි…

බට්ටි මේ මේක හොඳයිද..?
ඒ අස්සෙ මගෙනුත් අහනවා…
මම දැන් පෙන්නපු කීයක් නම් හොඳයි කිව්වද..
ඒත් ඒවා අහන්නෙ ජොලියටද කොහෙද…

මේ අතරෙ වාහනයට වෙලා තේජාන් හිතුවෙ බට්ටී ගැන…
මේ කෙල්ලගෙ හැටිද කොහෙද කොයි වෙලෙත් ගහගන්න වගේ කතා කරන එක…
කියන්න තියෙන දේ හින්ට් එකකින් හරි කියලා දානවා…
ආයෙ හිතිල්ලක් බැලිල්ලක් නෑ…
පොඩි attraction එකකුත් නැතුවම නෙමේ
තේජාන්ගේ මුවගට සිනහවක් ආවෙ
බට්ටී එනකල්ම කරපු දඟකාරකම්, කටකාරකම් මතක් වෙලා…
ඒත් ඒ සිද්දිය වෙලා මාස 4ක් 5ක් වුණත් අදටත් තමන්ගෙ මල්ලිගෙ විහිළුවට ලක් වෙන්නෙ මේ කෙල්ල නිසා නේද කියලා මතක් වෙලා
හිනාව අතුරුදහන් වෙලා උද්දච්චකම ඔළුවට ආවා…
දැන් මම ඉන්න තැක ඉඳන්ම දන්නවානේ කෙල්ලේ…
බලමුකෝ….
තේජාන් තම හිතටම කියාගත්තේ යම් සැලැස්මක් හිතේ සටහන් කරගනිමින්…

මේ අතර බට්ටිට එපාම වෙලා
ලොක්කිටත් කියලා එළියට ආවා…..
අහළ පහළ ඇවිදින්නම්
එළියට ආවම කෝල් එකක් දෙන්න කියලා..

සීට් එකත් ඇළ කරගෙන
කාර් එකටම වෙලා හිටපු තේජාන් දකිනවා බට්ටි හෙමින් හෙමින් වටපිට බල බල එළියට එනවා…
කොල්ලා එහෙමම හිටියෙ මොනවද මේ බෝම්බෙ කරන්න යන්නේ කියලා හිත හිත..

බට්ටි එහෙමම ඇවිදගෙන ගියේ ටිකක් එහාට වෙන්න තිබ්බ සෝයා 🍦 වෙළඳසලකට…
ටිකකින් එළියට ආවෙ අයිස්ක්‍රීම් එකක් කන ගමන්..
තව එකක් අතෙත් අරගෙන….

මේ මොන පෙරේතියෙක්ද….
කියලා හිතමින්ම තේජාන් බලද්දි

බට්ටි අතේ අරන් ආපු අයිස්ක්‍රීම් එක එතන හිඟාකමින් හිටපු සීයා කෙනෙක් අතට දීලා හරහට දාගෙන හිටපු චූටි බෑග් එක ඇරලා තවත් මොනවද දුන්නා….
පස්සෙ හිනා වෙවී 🍦 එක කන ගමන් අර මහළු මිනිසා සමගින් කතා කරනවා….

තේජාන් ගේ හිත ටිකක් ගැස්සුනා …
මේ කෙල්ලට පිස්සුද අර නාකි මිනිහා එක්ක කියවන්නෙ….
අවුරුදු ගාණකින් නාලා නැතුව ඇති..
ඒ මිනිහා ළඟ නහයක් ඇරන් ඔහොම කතා කරන්නෙ කෙහොමද…
ඒ මදිවට අයිස් එකත් කනවා
ශිට් ….

අයිස් එක කාලා ඉවර වෙලා බට්ටි
ආයෙම ඒ කඩේට ගිහින් මොකද්ද මල්ලකුත් උස්සගෙන ආවා…

ඒ ගමන මොකද්ද මේ ටයිම් බෝම්බ්
එක කරන්නෙ….
තේජාන් සීට් එකෙන් ටිකක් ඉස්සිලා
බලන් ඉන්නවා….

බට්ටි ඒ මල්ලත් අරන් කාර් එක දිහාටම එනවා….

ආහ් කෙල්ලට මාවත් මතක් වෙලා…
තේජාන් හිතුවා බට්ටී කොල්ලට මොනවා හරි ගේනවා කියලා….

ඒත් බට්ටී කාර් පාක් එකේ මුල්ලක හිටපු පොඩි බලු පැටවු දෙන්නෙක් ළඟ නැවතුණා
තේජාන් නොදැක්කට බට්ටි
කඩේ පැත්තට යන්න කලින්ම මේ බලු පැටවු දෙන්නා දැකලා උන්ව හුරතල් කර කර ඉඳලයි ගියේ….

Shit..
whose this mad girl ….
she’s crazy…
ඒ ගමන අර නකුටු බලු පැටවු දෙන්නට කෑම කවනවා…
කිසි අප්පිරියාවක් නැති හැටි…

තේජාන් ⁣දොරත් ඇරගෙන වාහනෙන් බැස්සා…
අත් දෙකත් සාක්කු වල දාගෙන
බට්ටි හිටපු කිට්ටුවට ගියා…

හේයි
බ්‍රව්නි..
මොකද ඔයා මේ වයිටිට දෙන්නැතුව තනියම කන්න හදන්නෙ..
නෝටි වෙන්න එපා…
මම දෙන්නටමනෙ ගෙනාවෙ…
මග ළඟ සල්ලි තිබ්බෙ එකකට විතරයි අනේ…
අර එතන හිටපු සීයට දුන්නානෙ තිබ්බ සල්ලි…
මම තාම නෝ ජොබ් කම්පැනි එකේනෙ අනේ…
ඉතිං empty pocket..
බට්ටි ඒක කිව්වෙ අත් වලින් රඟ දක්වන ගමන්…

ඒක දැකපු ගමන් මෙච්චර වෙලා මේ කතාව අහන් හිටපු තේජාන්ට බකස් ගාලා හිනාව පැන්නා…😂😂

හැරිලා බලපු බට්ටි තේජාන්ට රවන ගමන් නැගිට්ටා…😏

මොකද දිගංචියො හිනා වෙන්නෙ…
අනුන්ගෙ කතා අහගෙන ඉන්නවා මදිවට හිනාත් වෙනවා
මැනස් දන්නැද්ද….
බලු පැටවුන්ට කතා කරපු ලයාන්විත කටහඬ අහලක වත් නෑ…..
ඒ වෙනුවට චීනපටස් පුපුරනවා වගේ වචන පිටවෙන්නෙ….

හිනා වෙවී හිටපු තේජාන්ගෙත් යකා ඇවිස්සුණා….

කවුරු කියලද තමුසෙ කිව්වෙ…??
දිගංචියා???
අනේ මේ….😡
මට මැනස් කියලා දෙන්න එනවද
කොහෙවත් යන තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් ..
තමුසෙට මොංගල්ද කියලා මම බැලුවෙ..
නැත්නම් තමුසෙ “”දොස්තර හොඳහිත”” ද??
සත්තු එක්ක කතා කරන්නෙ…

හඃ😏
කාටවත් මොකෝ මම මොකා එක්ක කතා කළත්…

මේ මේ…
වහ ගන්නවා තමුසෙගෙ ලාචෝරු කට..
ගිහින් කොහෙන් හරි කමක් නෑ..
හොඳට අත පය හෝදන් එනවා මගෙ කාර් එකට නගිනවා නම්….
මල ජරාව අල්ලලා මගෙ වාහනේ සීට් වල ගා⁣න්නෙ නැතුව….

මල ජරාව???
ඇස් පේන්නෙ නැද්ද මෝඩයො..
මේ ඉන්නෙ පණ පිටින් ඉන්න පොඩි බලු පැටවු දෙන්නෙක්…
මල ජරාවක් නෙමේ…
කතා කළාට වචනෙ තේරුම දන්නෙ නැද්ද කොහෙද…
හික්ස්😆

මොනවා හරි කමක් නෑ…
අත හොදන් එනවා…
යනවා යනවා…

මගුල
මුන් දෙන්නා සෙටිබැක් එක උඩ හනිමූන් ගිහින්ද මෙච්චර වෙලා ගන්නෙ…
12ටත් වෙලා..
බඩත්ගිනියි
මේකිත් බල්ලන්ට කැව්වා..
නිකමට මාව මතක් වුණේ නෑනෙ…
කියමින් ෆෝන් එක අරන් නිසල්ට කෝල් කළා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තරිණි …
ඒ යමංකො කන්න..

යශූ තව විනාඩි 10ක් දියං බං..
මේ චුට්ට ඉවර කරලම යමු…
මොකද බං හදිස්සිය..

ඇයි බං අර අලුත් සර් කාරයා ගැන
ඕප ටික දැනගන්න නම්
කට්ටියම කද්දි යන්නෙපැයි…
දැනටමත් අලගිය මුලගිය තැන් ටික හොයාගෙන ඇත්තෙ කට්ටිය..
කොල්ලා හැන්ඩියානේ..

අපෝ…
ඔයාට නම් පිස්සු යශූ….
ඒ සර්ට කෙල්ලෙක් අැති..
අනික බං නැතත් මේ අපි වගේ ස්ටාෆ් එකෙක්ට ඇහැ දායිද ….
ලොක්කෙක්නෙ බං…
තරිණි වැඩෙහි යෙදෙන ගමන්ම කතා කළේ…

ඒ වුණාට පොඩි ට්‍රයි එකක් දැම්මට වරදක් නෑ නේ….
හිතපං…
නිකමට හරි ගියා කියලා…
කෙල්ල ගොඩනේ….
ආයෙ මෙහෙ ගාට ගාට ඇඟිලිටික ⁣රිදෙනකල් කොට කොට ඉන්න ඕනෙත් නෑ නේ…😜

හිහ්…😄
හරි හරි..
යමංකෝ..
නැත්නම් පස්සෙ කියයි අපි උදැල්ල දැම්මා කියලා….
කම්පියුටර් එකත් ලොක් කරලා බෑග් එකෙන් කෑම එක අරන් යශෝධා එක්කම තරිණි කැන්ටීන් එකට ගියා….

මොකද යශූ ලේට්..???
අපි මේ කතා වුණා ඒත් ඇයි තාම යශූ නැත්තෙ කියලා ඕප ටික දැනගන්න…

අනේ නිකං පල් එක නොදා යමං තරිඳු….
මම ඕප හොය හොය ඉන්නවා කියලද හිතන්නෙ..

තරහ ගන්නෙපා සුදූ….
මම ඉතිං එහෙම කිව්වෙ
අලුතින් හැන්ඩියෙක් ආවොත්
යශූට නින්ද යන්නෙ නෑ නෙ
උගෙ bio data එකම දැනගන්නකල්…
ඒකයි…

හඃ…😠
හරි හරි..
දැං ඉතිං කියන්නකො එහෙනම්..
මම ආවනේ..

අනේ ඔව් තරිඳු කියන්න කියන්න…
මම පරක්කු වෙද්දි මගේ ඔළුව කාපු නැති ටික විතරයි….
තරිණි සිනහව අතරින්ම කිව්වා….

එහෙනම් අහගන්න….
පොරගෙ නම ඉඳුවර …
ඉන්නෙ කඩවත..
ඇවිත් තියෙන්නෙ NIKE එකේ ෆැෂන් ඩිසයිනර් විදියට…
මින්හගෙ ආශාවටලු ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වුණේ..
නැත්නම් පොරගෙ තාත්තටත් මොකද්ද බිස්නස් එකක් තියේලු…

බැඳලාද…??
යශෝධා පැනපු ගමන් ඇහුවා…

දන්න තරමින් නම් නෑ…

ආහ් එහෙනම් චාන්ස් තියෙනවානේ…..

හහ්..හහ්..හහ්😜😃😂

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

12.30 වෙද්දි යන්තමින් වද දීලා දීලා නිසල්වත් නිකිණි වත් එළියට ගන්න තේජාන්ට පුළුවන් වුණා…

අනේ බං…
අයෙ නම් මාව එක්ක එන්න ලෑස්ති වෙන්නෙපා උඹේ මේ මගුල් වෙඩිමෙ වැඩ වලට…

“”මගුල් වෙඩිමෙ””
නිසල් අයියා …
Do u have any idea???
හහ්..හහ්…😜😂😜😂
බට්ටි කිව්වම කට්ටියටම හිනා…

හහ්..හහ්😜😃😂
අඩේ තේජ්…
අැත්තට ඒ මොකද්ද බං…

මේ මේ…
නෑනලා මස්සිනාලා මගෙන් මොකුත් අහගන්නැතුව ඉන්නවද…
මට මේ උදේ කෑවට පසසෙ වතුර වත් නැතුව ඉන්නෙ…
යමං මොනවා හරි කන්න…

යමු යමු ඉතිං අපිව කන්න ඕනද ඕකට…

බත්තරමුල්ල කිට්ටුව තැනකට තමා මොවුන් පෝරු බලන්න ගියේ…

නිසල් අයියා….
බට්ටි නිසල්ට හෙමින් ඇනලා කතා කළා..

තේජාන්ට ඇහුණත් නෑ වගේ හිටියෙ
මොනවද කියන්නෙ කියලා අහගන්න…

මේ…
දියතෙ යමුකො හලෝ කන්න….
ගිය කාලයක් මතක නෑ…

ඒ මචං තේජ්….

මේ මේ…
උඹ දැං කියන්න යන්නෙ කන්න දියතට යමු කියලා නම් …
මට බෑ…..
මමයි යන තැන තීරණය කරන්නෙ…
කණ්නාඩියෙන් බට්ටිට සමච්චල් හිනාවක් දාන ගමන් තමා තේජාන් කිව්වෙ ….

බට්ටි කට අරින්න හැදුවත් ලොක්කි අතින් අල්ලලා බට්ටිව නතර කළා…

කෑ ගහන්නෙපා බට්ටි…
අපේ වැඩේට නිකන් රස්තියාදු වුණේ
තේජාන් නේ..
එයා කැමති තැනකට යමු. ..

හඃ..😏😠

ඉන් පස්සෙ බට්ටි බුම්මගෙන අහක බලාගෙන හිටියා විතරයි…

තේජාන් වාහනේ නතර කරපු තැන දැකපු ගමන්…

🐣 හමුවෙමු තවත් සිහිනයකින්….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *