මිහිදුම් සිහින…..06

06 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තේජාන් වාහනය නතර කළේ දියත ළඟම තියෙන මැක් එකේ…

හපෝ…
නිසල් අයියා…..
දවල්ට කන්න මැක් එකෙන්……
නාහෙන් අඬපු බට්ටි එකපාරම

මට බෑ…😡
හිතුවක්කාර මුරණ්ඩු කටහඬකින් තමා ඒක කිව්වෙ…

මේ නිසල්…
බැරි අයට ඉන්න කියන්න අපි යමු..
මට බඩගිනි..
තේජාන් එහෙම කියමින් වාහනෙන්
බැස්සා …

නංගි…
මොනාද හලෝ..
තේජ් එක්ක වලි දාගන්නෙ…
මගෙ හොඳ චූටි නංගියානෙ
අදට මැක් යමු…
මම කියන නිසාවත්…
අනික ඔයා මැක් යන්න අකමැත්තක් නෑනේ..
මුරණ්ඩු කමටනේ…
නිසල් බට්ටිව ශේප් කරගන්න දඟලනවා..

මේ..බට්ටි
ඇයි හලෝ මෙහෙම…
අපරාදෙ තමා තමුසෙව එක්කන් ආවෙ..
බෑ කියද්දි…
ලොක්කිත් කියවනවා…

ඒකනේ..
ගෙදර ඉන්න දුන්නා නම් මොකුත් නෑනේ..
මම යනවා දියතට..
තමුසෙලා මැක් එකෙන් බැරිනම්
වෝටස් එජ් එකෙන් හරි කාලා මම එනකල් ඉන්නවා….
කියපු බට්ටි බැහැලා දියත උයන පැතතට ගියා..
තේජාන් කට කොණේ හිනාවක් තියන් බලන් හිටියෙ…

වාහනෙන් බැහැලා තරහින්ම මගක් ආවම තමා බට්ටිට මතක් වුණේ සල්ලි නෑ නේද ළඟ කියලා…

ආපහු හැරිලා බලද්දි තේජාන්ගෙ වාහනේ නෑ…
චණ්ඩියා වුණත් හිත ටිකක් ගැස්සුණා….

එතනම හිටගෙන ලොක්කිට කෝල් ගත්තත් ලොක්කි ආන්ස කරන්නෙ නෑ…
නිසල්ටත් ගත්තා…
නිසල් ආන්ස කලෙත් නෑ…
දැන් බට්ටගෙ මූණ තරහටම රතුවෙලා..
බස් එකේ යන්න වත් සල්ලි නෑ…

ලොක්කිට ආයෙත් ගත්තා…
ඒත් නෑ …

බට්ටි තරහෙන් පුපුර පුපුර මැසේජ් එකක් දැම්මා…..

“”මැක් එකෙන් කනවා කියලා කොහෙ මගුලෙද ගියේ…
මට බස් එකේ යන්න වත් සල්ලි නෑ…
ඉන්න තැනකින් එනවා…””

ෆෝන් එකත් අල්ලලා පොළවෙ ගහන්න වගේ හදලා
කකුලකුත් පොළවෙ හප්පලා තරහ යප්ට කරපු බට්ටි
දියතෙ පාර කිට්ටුවම තියෙන හට් එකක් ඇතුළට ගිහින් ඉඳගත්තා…

ලොක්කී ..😠😠
තමුසෙත් තේජාන් එක්ක එකතු වෙලා මට මෙහෙම කළා නේ…
අල්ලගන්නම්කො මම…
බට්ටි තරහෙන් පුපුර පුපුර හිටියෙ…

ටික වෙලාවකින් කවුද උරහිසෙන් අත තියනවා දැනිලා..
බට්ටි පිටිපස්ස බැලුවෙ දෙකක් කියන්න…

ලොක්කි ඉන්නවා හිනා වෙවී…

ලොක්කි තමුසේ. …😡

හෝව් හෝව්…
නංගි මේ ගෙදර නෙමේ..
කෑගහන්නෙපා…
කියාගෙන නිසල් ආවා..

අහන්නකෝ…
අක්කාගෙ ෆෝන් එක මගෙ සාක්කුවෙ තිබ්බෙ…
අක්කා එක්ක තරහා වෙන්න ඔට්ටු නෑ…
අතේ සල්ලි නෑ කියලා දන්නවා නම් බය කරන්නෙ නෑ නංගා..
තේජාන් කිව්ව පොඩ්ඩක් බය කරන්න වාහනේ එහායින් පාක් කරලා එන්නම් කියලා…

අපි දෙන්නා මැක් එක ඇතුළට ගියා..
ඒ අස්සෙ තමා ඔයා කෝල් කළේ…
වාහනේ නැති නිසා හරි,
යනවා දැකලා හරි කියලා මමත් ඉතිං විහිළුවක්නෙ කියලා ආන්ස කළේ නෑ…
අක්කාට කිව්වෙත් නෑ…
මැසේජ් එක දැක්කම මේ දුවගෙන ආවෙ..
නිකී බැන්නත් එක්ක මට
සොරි පැටියෝ….
නිසල් අැත්තටම පසුතැවුණා…

හොඳ වැඩේ…
මෙයාගෙ පණ්ඩිත කමට⁣නෙ නිසල්…
නැත්නම් අපි එක්ක ආවා නම් ඉවරයිනෙ..
කොහෙද තියෙන මුරණ්ඩු කමට එයාට ඕන එකමයි කරන්නෙ…
ලොක්කි නම් පසුතැවුනෙ නෑ…

නිසල්ට බට්ටිව තමන්ගෙම නංගි වගේ…
ඊටත් වඩා …
පොඩි එකෙක් විදියට තමා නිසල් බට්ටිව දකින්නෙ…
ඉතිං නිසල්ට දුකයි
බට්ටි බය වෙන්න ඇති කියලා…
අනික කොළඹ…

ඒත් බට්ටිට නුපුරුදු තැනක් නෙමේ කොළඹ….
ඒ වෙන කෙල්ලො තමා මෙහෙම වුණාම බයෙන් දඟලන්නෙ
බට්ටිට තිබ්බෙ තරහක් විතරයි…
බයක් නෙමේ…

අනේ නිකන් යන්න නිසල් අයියෙ…
මහ ලොකු යාළුවා එක්ක එකතු වෙලා මෙතන…
ඒවා වැඩක් නෑ….
ඒකටත් එක්ක හරියන්න
කෝ දෙන්න පර්ස් එක…

පර්ස් එක??
ආ….
සල්ලි නෑ කිව්වා නේ..
ඉන්න..
කියලා පර්ස් එක අරන්
ඇරලා බලද්දිම බට්ටි උදුරගත්තා…

මම ගන්නම් මට ඕන ගාන….

බට්ටී..
පිස්සුද ඔයාට..
දෙන්න අයියාගෙ පර්ස් එක….
මම දෙන්නම් සල්ලි
ආ..
කියමින් ලොක්කි රු.1000ක් දික් කළා

නෑ නිකී කමක් නෑ…
නංගි මගෙන් ගත්තදෙන්…
😄😄😄

හා ඔයත් දෙන්නකො එහෙනම්…
කියලා ලොක්කි දුන්න 1000ත් උදුරලා අරන්..
නිසල්ගෙ පර්ස් එකෙනුත් 1000ක් අරන් පර්ස් එක දමලා ගැහුවා නිසල්ට…

නිසල්ට නම් හිනා…😄
ලොක්කි රවනවා…😠

මේ ලොක්කි…
දැන් නම් එකසිය ගානට බඩගිනි…
ඔයත් මට රව රව ඉන්නැතුව බඩගිනි නම් ගිහින් නිසල් අයියාට කියලා මොනවා හරි අරන් කනවා…
මම යනවා…
කියපු බට්ටි..
දියත උයනෙ food corner එක පැත්තට යන්න ගියා…

නිසල් හිනා වෙවී නිකී එක්කම ආයෙ මැක් එක පැත්තට ගියා…

නිසල් ඔයත් ඒ ගමන නංගිව හුරතල් කරන්න ගත්තද…
මෙයා දැන් මුරණ්ඩු වැඩි නිසල්…
යක් පැටියෙක් වගේ…
කා එක්ක හරි එල්ලෙන්නමයි බලන්නෙ
මා එක්ක නම් ලොකුවට නෑ..
පොඩ්ඩිට නම් ඉන්නම නෑ…
හැම එකටම පැටලෙනවා දෙන්නා…….

තාම චූටි නේ නිකී…..
⁣ඔච්චර හිතන්නෙපා….

චූටි …
20 ක් තියන්නෙ චූටි ද…

හරි හරි මගෙ සං කැටේ…
ඔයා බොරුවට කෝප ගන්නෙපා…
වෙඩින් එක දවසට කැතට ඉඳියි..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තරිණී ….
ඒ අර බලපං…
අර සක්කරවට්ටම හැනිඩියාගෙ
කරේනෙ බං…
ශිහ් ලැජ්ජ නැද්ද මන්දා….
එන එන එකාගෙ කරේ යන්න යනවා…

යශොධා ඒ කිව්වෙ
Marketing එකේ ඉන්න දිලිනි ගැන..

ඇස් උස්සලා බලපු තරිණි
දැක්කෙ ඉඳුවර ළඟ ගෑවී නොගෑවි හිටගෙන මොකක්දෝ ෆයිල් එකක් පෙන්න පෙන්න කතා කරන දිලිනි ව

හිහ්…😄
ඉතිං යශූ….
මොකද මේ උඹට රිදිලා…
දිලිනිත් ඉතිං අපි වගේ ස්ටාෆ් ලෙවල් නෙමේනෙ බං…
Executive ලෙවල්නේ..
අපිට ඒ සර්ලා එක්ක වැඩ නැතුවට
දිලිනිට වැඩ ඇති බං…
අනික ෆයිල් එකක් පෙන්නන ගමන් මිසක් මට නම් පේන්නෙ නෑ…
කරේ නැගිල්ලක්..

අනේ නිකං පලයං තරිණි….
උඹ නිකං දිලිනිගෙ තරම දන්නෙ නෑ වගේ..

හරි හරි…
දිලිනි කවුරු වුණත්
ඒ සර් හොඳ නම්
දිලිනිට අහුවෙන්නෙ නෑනෙ බං…
ඒ නිසා බොරුවට stress වෙන්නැතුව වැඩ කරපං…
හිහ්..😄

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️

තේජාන් වාහනේ ටිකක් එහායින් පාක් කරලා
නිසල්ට කොල් එකක් ගත්තා….

ඒ නිසල් මේ…
උඹලා කාපල්ලාකො මම එන්නම්…
යාළුවෙක් සෙට් වුණා…

ආ හරි හරි…
උඹටත් එක්ක ඕඩර් කරන්නද

එපා..
මම ඇවිත් බලලා ගන්නම්…

හරි එහෙනම්..

කොල් එක කට් කරපු නිසල්…
අපරාදෙ නිකී…
අපිටත් බට්ටි එකක යන්න තිබ්බා…
අරූ යාළුවෙක් හම්බුනා කියලා ටිකකින් එන්නම් අපිට කන්නලු…

හරි ඉතිං දැං මෙනවා හරි කමු..
මටත් බඩගිනි නිසල්…

අම්මේ……
ඉන්න ඉන්න …
මේ ගේනවා කුමරියනි…
😆😆

**************************
තේජන ඉක්මනින් ගියේ දියතෙ food corner එක පැත්තට…

බට්ටි එතන තිබ්බ තැනකින්
බිරියානි ඔඩර් කරලා
එතකන් ෆෘට් ජූස් එකක් අරන් බොන ගමන් හිටියෙ…

තේජාන් බලාපොරොත්තු වුණේ…
සල්ලි නැතුව කෙල්ල මූඩ් අවුල් වෙලා
මැක් එක පැත්තට ආපහු එන කෙල්ලව දකින්න…
වාහනෙත් නැති කොට අසරණ වෙනවා දකින්න..

ඒත් කෙල්ලට සල්ලි ඉල්ලගන්න ඉක්මනින් මතක් වුණ බව තේජාන් දන්නෙ නෑ…

තේජාන් බට්ටි ඉඳන් හිටපු කොන්ක්‍රීට් බංකුව ළඟට ඇවිත්..

ආහ් …
මහලොකුවට පැනගෙන ආවෙ ෆෘට් ජූස් බොන්නද…
ඔව් ඉතිං මෙතනින් කන්න සල්ලි නැතුව ඇතිනේ…
මම මේ ආවෙත් ඒකයි
පවුනෙ කියලා දීලා යන්න…
අපි එක්ක ආවා නම් මැක් එකෙන් කනවානේ හොඳට…
කොහෙද ඉතිං ඒ වගේ තැන් වලින් කාලා පුරුදු නැතිව ඇතිනේ…..
සමච්චල් හිනාවක් ඒක්කම කිව්වා….

බට්ටි සද්ද නෑ…
ඉස්සරහ බලාගෙන
පාඩුවෙ බීම එක බොනවා…

මේ මොකද මේකි එල්ලෙන්නෙ නැත්තේ…

⁣හෙලෝ..
මිතුණී ….
I’m talking to you…..
බට්ටිගෙ මූණ ඉස්සහට කරලා ඇඟිලි වලින් ශබ්ධ කරමින් තේජාන් කිව්වෙ…

එවිටම බෙල් එකක් නාද වෙනවා ඇහුණම කෙල්ල නැගිටලා ගිහින් බිරියානි එක අරන් ඇවිත් එතනින්ම ඉඳගත්තා…

තේජාන්ට ලැජ්ජා හිතුණා….
මේකි අතේ සල්ලි නෑ කිය කිය රඟපෑවෙ බොරුවටද….
මටත් පිස්සු..
බල්ලොත එක්ක කියපුවා විශ්වාස කරන් නිකන් ඉල්න් කෑවා….

මේ..
මිස්ට තේජාන් …
මට ඩිස්ටර්බ් නොකර යනවාද…
මැනස් නැද්ද
කෙනෙක් කන බොන දිහා බලන් ඉන්න ආහ්….
ඕන නම් අරන් කන්නකො..
නැත්නම් මම අරන් දෙන්නද…

එතනම හිටන් ඉන්න තේජාන්ට කෙල්ල කිව්ව එකෙන් පොළව පලාගෙන යන්න හිතුණා…

අනේ මේ….
තමුසෙ මට අරන් දෙන්න…
හහ්….😏

කියන්න දෙයක් නැති කමට එහෙම කියපු.තේජාන් තරහෙන් පුපුර පුපුර යන්න ගියා…

ආවා මෙතන මාව නෝන්ඩි කරන්න..
ඔහොම යමුකො තේජාන්..
තමුන්ගෙ සල්ලි වලින් ඉදිමුණ ඔලුව ගානට බස්සන්නම්කො මම…
හිතමින් බට්ටි කන්න ගත්තා..

කාලා ඉවර වෙලා නිසල්ට කෝල් කරලා
එද්දි මැක් එකෙන් chocolate dip 🍦 එකකුත් ගේන්න කිව්ව බට්ටී..
පාර අයිනට වෙන්න තිබ්බ මල් පැළ වෙළඳ කුටි වල ඇවිද ඇවිද හිටියා…

ආපහු එද්දි තේජාන් බට්ටි එක්ක පැටලෙන්න ගියේ නෑ…
බට්ටිත් කට පියාගෙන
ෆෝන් එක ඔබ ඔබ ආවා….

*******************************

බට්ටිලා ආපහු ගෙදර එද්දි 3ත් පහු වුණා…
ගේ ළඟින්ම බට්ටිවත් නිකිණි වත්
බසසපු තේජානුත් නිසලුත්
එහෙමම ආපහු ගියේ තේජාන්ට කොහෙදෝ යන්න තිබුණ නිසා…

🐣තවත් සිහිනයකින් හමුවෙමු …..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *