මිහිදුම් සිහින…..10

10 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

කතාව හොයපු අය සමාවෙන්න.
ඒත් මම කලින්ම කිව්වානේ යාළුවනේ
සති අග රෑ 9න් පස්සෙ කතවෙ දාන්නම්
කියලා…
සමාවෙන්න ඒත් මට පුළුවන් ඒ වෙලාව තමා යාළු.
සතියේ දවස් 5ම කොටස් දෙක ගානෙ දානවා අනිවාර්යයෙන්ම ..😊😊😊

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

කෝ බට්ටි…
මෙකෝ මේ කවදාවත් නැතුව කෙක්කක් බැඳන් පේර කඩන්නෙ….

ආ… ආවද පොඩ්ඩි
මේ අපේ බට්ටිට අද ඔළුව රිදිල්ලක් අල්ලලා..
කවදාවත් නැතුව ආන් ඇඳ බදාගෙන ඉන්නවා…

අම්මෝ එහෙනම් අද වහිද දන්නෙ නෑ..
ඉන්න බලන්න මොකෝ කියලා…

ඒයි මෝඩි..
මෙකෝ මේ ආ…

අනේ මේ ඒ ගමන අනිත් එක්කෙනත් ආවද මට වද දෙන්න ආ…
යනවාකො යන්න වැඩක් බලාගෙන…
තමුසෙලා මෙහෙම ඉද්දි මම ඔහොම එනවද සැරින් සැරේ අහගෙන…

ඉතිං අනේ..
අපි ඔහොම පැත්ත ගහලා හිටියට
අපේ මේ බට්ටි
ඔහොම ඉන්නවා කියන්නෙ🤔
ලෝක පුදුමයක්නෙ…
එ්කයි බැලුවෙ…😜

ඔව් ඔව් මම යකඩනෙ…
මට ලෙඩ නෑ…
දුක හිතෙන්නෙ නෑ…
හිත රිදෙන්නෙ නෑ…
තමුසෙලට විතරනෙ…

එවිටම වගේ කඩාගත් පේර ගෙඩි කිහිපයක්ද අතැතිව ලොක්කි දොරෙන් එබුණා…

හෝව් .. හෝව්….හෝව්….
මොකද්ද කිව්වේ….
දුක හිතෙන්න
හිත රිදෙන්න…
ම්ම්ම් …
බට්ටී……ඊඊ…..
කියනවා මොකද වුණේ….
තමුසෙට අද මගදි මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා…

බට්ටිගෙ හිත රිදෙන්න නම් ගෙදර කාගෙ හරි අතින් දෙයක් වෙන්නම ඕන ඒකත් හැම පොඩි දේම නෙමේ..
බට්ටි කිසි දෙයක් එහෙම ඇඟට අරන්
හිතින් දුක් විඳින, විඳවන කෙනෙක් නෙමේ
කියන්න තියෙනවා නම් දෙයක් මූණටම කියලා දාලා ඒක එතනින් අමතක කරනවා
අනිත් අය කියන දේවලුත් එහෙමයි
වැදගත් දෙයක් නම් මතක තියා ගත්තා
නැත්නම් අමතක කළා..

ඒක තමා ලොක්කි..
මොකක්ම හරි වෙලා තියෙනවා….
බට්ටි…
අපි දන්නවා ඔයා යකඩ නම් නෙමේ කියලා
ඒත් ඔයාට මෙච්චර කාලෙකට
අපි පස් දෙනා ඇරුණම..
වෙන කිසිම කෙනෙක් නිසා හිත රිදිලා දුක හිතිලා නෑ…
ඒත් අද අපි අතින්
මොකුත් වුණේ නැති කොට
කවුද ඔයාගෙ හිත රිද්දපු කෙනා…

ඒකනේ මගෙ බට්ටිච්චිගෙ හිත රිද්දපු ඒ විශේෂ කෙ⁣නා කවුද…
කෙල්ලෙක්ද
කොල්ලෙක්ද…
අපිත් ආසයි දැනගන්න…
කියන්න කියන්න…😊

අනේ මේ…
තමුසෙලා දෙන්නා යනවාකො යන්න විකාර නොකියා..
එහෙ⁣ම මගුලක් නෑ…

අන්න අන්න ඉතිං අපේ බට්ටි
අපිට බොරු කියනවා….
අපි මෙච්චර කල් අපේ හැමදේම තුන්දෙනා අතරෙ බෙදාගත්තා නේද…
ලොක්කි නිසල් අයියා ගැන වුණත් අපි දෙන්නට නේද මුලින් කිව්වෙ…
ඔයත් දාගන්න වලියෙ ඉඳන්ම කියනවානේ
ඇයි මේ අද…
කියන්න නංගි..
ඔයාගෙ හිතේ මොකක් හරි හිරවෙලා තියෙනවා කියලා ලොක්කිටත් වඩා ළඟ මට තේරෙනවා…

පොඩ්ඩි ටිකක් සංවේදී වුණා..
බට්ටිගෙ ඇඳේ පැත්තකින් ඉඳගෙන ඔළුවටත් අත තියලා ආදරෙන් තමා කිව්වෙ…
නංගි කියන්නෙ එහෙමත් වෙලාවක මිසක
ඒ වචනෙ පොඩ්ඩිට නුහුරුයි..

ඔන්න එතකොට නම් බට්ටිට
කලා….තුරකින්
ඇහැට එන කඳුලක් ආවා..

මම වත් දන්නෙ නෑ පොඩ්ඩි…😢
මම කෙහොමද ඉතිං ඔයාලට කියන්නෙ..

හරි කියන්නකො අද දවසේ වෙච්ච දේවල් සේරම…
අපි හොයාගන්නම්කො අපේ මේ පිස්සිව අඬවපු හේතුව….
නේද ලොක්කි…😉

ඒක තමා…
දැන් නම් හොයන්නෙ නැතුවම බෑ..
මේ අපේ බට්ටිගෙ මුතු වගේ වටින කඳුළුත් එළියට ආවානේ…..🤗

හරි මම කියන්නම්..
හැබැයි තමුසෙලා දෙන්නා මට මුලින්ම පොරොන්දු වෙනවා..
මට හිනා වෙන්නෙත් නෑ..
විහිළු කරන්නෙත් නෑ කියලා…

ම්ම්ම් .. හරි..
අපි පොරොන්දු වෙනවා
නේද පොඩ්ඩි..

ඔව් ඔව්..
ප්‍රොමිස්….
මේක අපේ රහසක්..
හරිනේ….😊

මෙහෙමයි මට තේරෙන්නෙ නෑ….
මම අද ලෙක්චර්ස් ඉවර වෙලා ශෂිනියි ගයානියි එක්ක එද්දි
කාර් එකක් තිබ්බා අර රණවීර බිල්ඩිම ඉස්සරහ..
කලින් දවසක මම අර කිව්වා මතකද P&S එකේදි කෝට් කාරයෙක්ට බැන්නා කියලා…
ඒ උගෙ කාර් එක..
ඉතිං මට රිටර්න් එකක් දෙනවා කියලානෙ එදා ගියේ…
ඒකට වෙන්න අැති කියලා හිතලා මම ඉතිං කෝකටත් ලෑස්ති පිට එතනින් ආවා…
ඒත් මම වාහනේ පහු කරනකල්ම
ඒකාගෙ හෙවනැල්ලක් වත් තිබ්බෙ නෑ…
ඉතිං මම මඟක් ඇවිත් ආයෙ හැරිලා බලද්දි
ඒ කොල්ලා ලස්සන කෙල්ලෙක්ගෙ ඉණ වටේ අතත් දාගෙන අර බිල්ඩින් එකේ ඉඳලා ආවා…
ඒක දැක්ක ගමන් මට හරි දුකක් දැණුනා..
මාත් එක්ක පැටලෙන්න තියා ඒ කොල්ලාට
මාව මතකවත් නැතුව ඇති
කියලා හිතුණා….
ඒ වෙලේ ඉඳන් මගෙ හිත බරයි වගේ…
මට තේරෙන්නෙ නෑ ඇයි කියලා…
මම ඇයි කියලා හිතන්න හැදුවෙ මෙච්චර වෙලා…
අනේ ඒත් එන්න එන්නම ඒක මගේ හිතට ප්‍රශ්නයක් මිසක් විසඳුමක් නෑ…
ඇයි පෙඩ්ඩි ඒ…
මට මොකද පපුව රිදෙනවා වගේ දැනෙන්නෙ….
මට නිකන් මොනවා හරි නැතිවෙලා වගේ දැනෙනවා…

හිහ්…😬😬
ලොක්කිට පොඩි හිනාවක් පැන්නා..

බට්ටි රවලා බලද්දි 😠

අනේ සොරි බට්ටි..
හිනා ගියේ සතුට වැඩි කමට..

ඒ මෙකෝ..
තමුසෙට සතුටු…😠

අපේ බට්ටිගෙ හිතට ඊරිසියාව ඇවිල්ලා වගේ නේද පොඩ්ඩි ..

හ්ම්ම් ..හ්ම්ම් …
ඒක තමා මටත් හිතුණෙ…
ඒකත් මේ කොල්ලෙක් නිසා…
හොඳ ලකුණක් නේ..

ඒකනෙ අනේ…
කොච්චර හොඳද..
හැබැයි ඉතිං පොඩි අවුලකුත් තියේ නේද පොඩ්ඩි…

ලොක්කියි පොඩ්ඩියි නේද නේද ගගා කියවනවා..
බට්ටිට තේරෙන්නෙ නෑ…මේ මොකද්ද වෙන්නෙ කියලා…

මේ මේ…
දෙන්නා එක්ක දැන් මගෙන් වෙච්ච දේ අහගෙන
මොනවද මේ කියවන්නේ ආහ්…??
කියනවා..
මටත් තේරෙන්න…

අනේ මගේ බට්ටියේ…
තමුසෙ නම් හෙන ගොනෙක් ඕයි…
තමුසෙ ඒ කොල්ලා එක්ක පැටලෙන්න නම් තමා බලන් ඉඳලා තියෙන්නෙ….
හැබැයි ඒක ආදර පැටලිල්ලක්…
ඒත් කොල්ලා කෙල්ලෙක් එක්ක දැක්කම
තමුසෙට ජෙලස්…

එක තමා ලොක්කි..
මේකි මේ කොල්ලො එපා, කසාදෙ වදයක්
කිව්වට හොඳ බර අත්තකට හිතෙන් love කරලානේ….
එදා කිව්ව විදියට පට්ට සල්ලිකාර, උද්දච්ච හැන්ඩියෙක්නේ නේද කොල්ලා..😜
හැබැයි ඉතිං කේස් එක ඌට කෙල්ලෙක් ඉන්නවා නම් තමා….
සල්ලිකාරයෙක් නිසා එහෙම ගිය පලියට කෙල්ල නොවෙන්නත් පුළුවන්..
ළඟ යාළුවෙක් වෙන්නත් බැරි නෑ..

අනේ මේ යනවා යන්න..
විකාර..
මමත් කිව්වනේ තමුසෙලා දෙන්නට
කට පියන් ඉන්නැතුව..
මට ඇති love එකක් නෑ..
ඌ එක්ක ඉලව් මිසක්..

බට්ටිගෙ හිත අක්කලාගෙ වචන වලින් ටිකක් හෙල්ලුනත්,
ඒක ඇත්තද, මම තේජාන්ට ,ඒ දුෂ්ටකමට කැමති නේද..
කියලා හිත ඇතුලෙම දහසක් දේවල් තෙරපෙනකොට..
අක්කලා ඉස්සරහ ඒක නොපෙන්නා ඉන්න උත්සහ කළා…

හරි මේ අහන්නකො..
බට්ටි..
ඔයාට ඒක එහෙම නෑ කියලා හිතෙන්නේ
ඔයා හැම තිස්සෙම තමන්ටම,
මම කොල්ලන්ට කැමති නෑ.
ආදරය කරන එක වදයක්.,
මට කොල්ලො එපා…
කියලා මතුරලා මතුරලා දැන් හිත දන්නෙත් නෑ කොල්ලෙක්ට කැමති කියලා…
අපිට කියන්න ඕන නෑ….
අපි විහිළු කරන්නෙත් නෑ…
මේක අපි මෙතනින්ම අමතක කරනවා නේද පොඩ්ඩි….
ඔයා තව ටිකක් වෙලා අරන් හිතලා බලන්නකො දැන්..
මේ පේර ගෙඩියත් කන ගමන්ම..😊😉

එනවා පොඩ්ඩි යන්න….
ඇඟ හෝදන්නත් ඕනනේ..
ඇඳුම් අරන්ම එනවා…
ළිඳට යමු…

පොඩ්ඩිත් ලොක්කිත් කාමරෙන් පිට වුණේ බට්ටිට හිතන්න ඉඩ දීලා….

***************
ළිඳ ළඟට යන ගමන් පෙඩ්ඩි කතා කළා..

බට්ටිට ඒ කොල්ලට හිත ගිහින් වගේ තමා නේද ලොක්කි….

ම්ම්ම් …
ඒක තමා….
හොඳ දෙයක් වුණත්,
කියන විදියට කොල්ලට සල්ලිත් තියේ..
කෙල්ලෙකුත් ඉන්නවා…
මේ මෝඩි කැමති කියලා දැක්කොත්
ඌ සල්ලිකාර සෙල්ලක්කාරයෙක් වුණොත් එහෙම….
අපේ බට්ටිවත් අල්ලගනියි..

ඔව් නේද ලොක්කි…
බට්ටි මොන දේට චණ්ඩියා වුණත්
ආද⁣රේට කෝඩුකාරයි..
ඒ වගේම එතනදි බට්ටි බොළඳ වැඩි වෙයි..
අපි පොඩ්ඩක් ඇලට් එකේ ඉමු ලොක්කි..
මෙච්චර කල් අපිට තිබ්බ ප්‍රශ්නෙ මේකි බඳින්නෙ නැති වෙයි කියලා..
දැන් මේ love කියලාවත් නොදැන love කරන එක…😃😆

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

එ් මේ මල්ලි..
මට කියන්න දෙයක් තියෙනවා…
උදව්වකුත් ඕන…

ඇඳ විට්ටමට හේත්තු වෙලා කාමරේ තියෙන T.V. ,එකේ
ෆිල්ම් එකක් බල බල හිටපු තේජාන්
සෝෆා එකේ ඉඳන් ලැප් එකේ වැඩක ඉඳපු
අනුහස්ට කතා කළා…

මොකද්ද බං අයියෙ එ්…
තේජාන් සූරියආරච්චි ට මේ මගෙන් උදව්වක්…😆🤔
ලැප් එකෙන් ඔළුව අහකට ගත්ත අනුහස්
තේජාන්ගෙන් ඇහුවා…

හිනාවෙන්නෙ මොකද ගස් ගෙම්බො..
උදව්වක් තමා ඇයි බැරිද…??😡

හරි හරි …
අපෝ බං අයියෙ…
විහිළුවක් වත් තේරෙන්නෙ නැද්ද…
කියපං ඉතිං..
ලැප් එකත් පැතතකින් තියපු අනුහස් තේජාන් ළඟින්ම ඇඳේ ඉඳගත්තා…

මම උ⁣ඹේ නෑනාව ගෙදර ගේන්න හිතුවා..

Wow….
මරුනේ…..
ඒත් හදිස්සියෙම..
අයියා කිව්වෙ ළඟදි propose කළේ කියලා..

ඔව්….
මම හිතුවෙ ටිකක් ඉන්න..
ඒත් විෂ් කැමතිලු ඉක්මනින් marry කරන්න
ඉතිං හෙට අපේ අම්මිලාව එහෙ එක්ක එන්න කිව්වා…

හහ් හහ් 😂😂
අක්කාට තොණ්ඩුව දාන්න හදිස්සි වගේ මේ කුලප්පු වෙච්ච ගෝරිල්ලාට……
පවු හැබැයි..
අක්කා විහින් ඉක්මනින්ම අපේ එකාගෙ
තාඩන පීඩන වලට ලක්වෙන්න කැමති වෙලා…😂😃

පල යන්න..
එහෙම නෑ හරිද..
විෂ් මගේ ඒ කාලෙ ඉඳලම wish එක.
විකාර නැතුව කෑම කද්දි අම්මිලට කියන්න මට help එකක් දෙනවා..
හෙට තමුසෙත් එනවා යන්න …
නිවාඩු⁣නෙ….

හරි හරි…
වෙන අයියලා නෑනෙ ඉන්නෙ එකානෙ
යකා වුණත්..
මම help කරන්නම්….

🐣 තවත් සිහිනයකින් හමුවෙමු…..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *