මිහිදුම් සිහින…..11

11 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛
ඔන්න බෝනස් ⁣කොටසක්…
රෑටත් පොඩ්ඩක් හරි දානවා…
ගොඩක් රෑ වුණා කියලා බනින්න එපෝ..
😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඇත්තටම ලොක්කියි, පොඩ්ඩියි කිව්ව වගේ මට තේජාන් ගැන කැමැත්තක් ඇති වෙලාද……🤔

නෑ …නෑ…නෑ…නෑ……
ඒ රාක්ෂයට මම කැමති වෙන්න…??
දුප්පත් කම හෙලා දකින ඒ වගේ නරියෙක් ගැන මේ මම හිතන්න…??
ලොක්කිට පිස්සු…😏

මට අවුල් ගියේ අදත් ඌට නෝන්ඩි වෙන්න දෙක තුනක් කියන්න බැරි වුණාට…..
ගැරඬියා වගේ අර කෙල්ල වටේ එතීගෙන ගියා මිසක් වෙන සිහියක් තබුණායෑ….
හ්ම්ම් …
ඒ කෙල්ල නම් ලස්සනයි හැබැයි…

හහ්…😏
අපිත්ඉතිං මේකප් දාලා කොට ගවුමක් ඇඳලා අවුඩියක ගියා නම්…
ඒ වගේ ඉඳියි..
මොකෝ අපි කැතයෑ…😊

බට්ටි තමන්ගෙ හිතත් එක්කම කතාව…

කොහොම වුණත් මේ සීරියස් mood බට්ටිට හරියන්නෙ නෑ…
හරි හරි සේරම ඉවරයි ….
ආයෙ සුපුරුදු බට්ටි සීන් එකට එන්ටර් වෙන්න ඕනේ…
😈

************
අපිට ඒ කොල්ලා කවුද කියලා දැනගත්තා නම් පොඩ්ඩක් හොයන්න තිබ්බා නේද ලොක්කි…

හ්ම්ම් ..
ඔව්
මට නිසල්ට කියන්න තිබ්බා එහෙනම්..
අපේ එකාට කිව්වොත් බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්න විතරනෙ දන්නෙ…

ඒත් ලොක්කි….
මේක නිකන් ආකර්ශනයක් විතරක් වෙන්නත් පුළුවන් නේද….
හැන්ඩියා නිසා…

ජබුඃ…..

ඒ මොකද්ද ඒ ළිඳට වැටුනෙ…
වෙලාව 7 ට විතර වුණත් ගස් කොළන් වලින් වට වුණ ළිඳ ළඟ තිබ්බෙ ටිකක් අඳුරු ස්වභාවයක්…
ඒත් බට්ටිලගෙ ගෙදර ඉඳන් මීටර්20ක විතර දුරින් තියෙන ළිඳ ළඟ ඉන්න කාටත්
බයක් නෑ….

කුරුම්බැට්ටියක් වත්ද….

ජබුඃ …
ජබුඃ ……

වෙන්න බෑ ලොක්කි….
ඔහොමත් ඇට්ටි වැටෙනවද…

තමුසෙ හෝදගෙන ඉවර නම් යමු ඉක්මනින් ගෙදරට…

යමු යමු මේ ඇති…
ඇඳ සිටි තෙත දිය රෙද්ද පිටින්ම ගොඩට ආපු පොඩ්ඩි තුවායත් කරේ දාගෙන ඇඳන් යන්න ගෙනාපු චීත්තෙ අතට අරන් ලොක්කි එක්කම යන්න හැරුණා…

බුහ්….👻👻👻👻

ඈ…….හ්…😱
අම්මෝ…..😰😨

හිහ්….. හිහ්..😂😜😂😜😂

බට්ටි…ඊ….
තමුසෙ….

බට්ටි තමා ළිඳට ගල් දාලා දෙන්නාගෙ හිත පොඩ්ඩක් ගැස්සෙන්න ඇරලා මග එනකොටම එතන තිබ්බ දෙල් ගහ ළඟ හැංගිලා ඉඳලා ඇඟට පැන්නෙ…

අපොයී…
අපේ මහ ලොකු චන්ඩි දෙන්නා
බය වුණා නේ….

පොඩ්ඩී..
ලොක්කියේ….
මොකද කෑ ගැහුවේ…
අම්මා කඩිමුඩියෙ දුවගෙන ආවෙ
කළුවර වැටෙන වෙලාවෙ කෙල්ලො දෙන්නා ළිඳ ළඟ කෑ ගහනවා ඇහුණ නිසා..

ආ…
නෑ මේ අම්මෙ මොකෙක් හරි සතෙක් පෑගුණා වගේ දැණුණා…
මේ ලී කෝට්ටක්…
පොඩ්ඩි ටක් ගාලා උත්තර දුන්නෙ තාත්තා හරි තිළිණ හරි හිටියොත් එහෙම තුන්දෙනාටම හොඳ හැටි අහගන්න වෙන නිසා….

හොඳයි ලමිස්සියො තුන්දෙනාම මෙතන….
කොච්චර එළිය තියෙන වෙලාවෙ ආවත් ළිඳට යන්න
කළුවර වැටෙනකල් ඉන්නවා…
ඒ මදිවට කෑගහනවා…
කොල්ලා හිටියා නම් අද තුන්දෙනාම පාඩමක් ඉගෙන ගන්නවා….
කියලා බැන බැන අම්මා අපහු ගියා…

ආව්.. ආව්…
බූරි අත අරිනවා කන…

මමද බූරි…
ආ..හ්…??
මෝඩ වැඩ කරන්නෙපා බට්ටි…
මේ රෑ වෙන්න ඇවිත් තියෙන වෙලාවෙ..
පිස්සුද..

ඒ මදිවට අැඳ බදාගෙන හොටු පෙර පෙර හිටියා නේද ලොක්කියෙ…
මේකි අපිට ඒ වෙලාවෙත් බොරුද කොහෙද කළේ….

ඔව් ඔව්..
හැමදාම එකම වගේ විහිළු කරාමත් ගතියක් නෑනෙ ඒකයි…
තමුසෙලා දෙන්නා හොඳට ඇඳගත්තා නේද….
ඇද්ද හූ…
කියපු බට්ටි හැරිලා ගෙට දිව්වා…

බට්ටිට ඕන වුණා තමන්ට මේ දැනෙන හැඟීම නැති කරගන්න..
අක්කලා දෙන්නා කිව්වා වගේ
තේජාන් ගැන විශේෂ කැමැත්තක් හිතේ තියෙනවා කියලා බට්ටිටත් දැණුනා..
ඒ වගේම ඒ අහංකාර, මාන්නක්කාර හිත යට හැංගෙන්න, ඒ හිත ළඟ දඟකාරකම්
කරන්න…
බට්ටිටත් නොදැනිම කැමැත්තක් ඇවිත් කියලා ⁣තේරුණත් ඒක එහෙම නෙමේ කියලා තමන්ටම තේරුම් කරන්න බට්ටි අසීරු උත්සහයක….
අක්කලා දෙන්නා තව දුරටත් ඒ ගැන කතා කළොත්…
තමන්ගෙ හිත රවට්ටගන්න තවත් අමාරු වෙනවා කියලා දැණුන නිසා බට්ටි එහෙම හැසිරුණා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අම්මි…
මේ අපේ අයියට කියන්න දෙයක් තියේලු….

අනුහස් කෑම මේසෙදි කතාව පටන්ගත්තා

ඒ මොකද්ද ලොකු පුතා…

නෑ අම්මි මේ….
මේ..
මල්ලි කියනවාකො…

අම්මි අපේ අයියට තනියම හිටියා ඇතිලු…
⁣අම්මිලත් උනන්දුවක් නැති එකේ එයාම හිතුවලු
අම්මිට
ලේලි පොඩ්ඩකුයි, මට නෑනා පොඩ්ඩකුයි ගේන්න ඕන කියලා….

ඉතිං හොඳයිනෙ ලොක්කා…
අපි කෙනෙක් බලන්න ඕන කියලද කියන්නෙ
නැත්නම් ගේන්න විතරද තියෙන්නෙ..
හහ්..හහ්…
තේජාන්ගෙ තාත්තා රණසිංහ ඇස් යටින් බලලා හිනා වෙලා එහෙම කිව්වා…

ඒවා හරි තාත්තා….
හෙට ගිහිල්ලා ගේන්න දවසක් කතා කරගන්න විතරයි තියෙන්නේ…
නේද අයියා….😜

😠😠😠😠😡😡
තේජාන් අනුහස්ට එකසිය ගානට රවනවා

හෙට….??
ලොකු පුතා සේරම කතා කරගෙන ඉවරවෙලාද අපිට කියන්නෙ…
තනූජාගෙන් පොඩි නොක්කාඩුවක්…

නෑ අම්මි,
මෙහෙමයි…
මම විෂ්මිට කැමරත්තෙන් හිටියෙ ගොඩක් කල් ඉඳලා….
එ්ත් එ්ක කිව්වෙ නෑ…
විෂ් රට ගිහින් හිටියෙ ස්ටඩී වලට..
ළඟදි ආවෙ…
ඉතිං මම propose කළාම එයා කිව්වා ඉක්මනින් මැරි කරමු කියලා ….
අම්මිට කිව්වෙ නැත්තෙ එයා කැමති වෙයිද දන්නෙ නෑනෙ…
රට ගිහින් වෙනස් වෙලා නම්..
ඒකයි ඉතිං…
වරදක් කරපු පොඩි එකෙක් වගේ බත් එකත් අතගගා කිව්වෙ…

තේජාන්ගෙ නපුරුකම්, උද්දච්චකම් සේරම ගෙදරින් එළියට විතරයි..
ගෙදරදි අම්මාගෙ හුරතල් ලොකු පුතා…

හරි හරි..
දැන් කියමුකො බලන්න කවුද ඒ ළමයා..
අපිට ගැළපෙන තැනක්ද…

ආ ඒවා බය වෙන්නෙපා අප්පච්චි
මේ තේජාන් සූරියආරච්චි මුලින්ම බලලා තියෙන්නෙ ඒක තමා….
නේද අයියා….😉😊

කියමුකො බලන්න විස්තර..

අප්පච්චි මේ අර රණවීර ට්‍රේඩර්ස් එකේ…
Owner ගේ දුව…

හ්ම්ම් .. .
කම්පැනි එක නම් දන්නවා…
Owner ගැන මතකයක් නෑ පුතා…
ෆීල්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස්නෙ…
දැන් මොකද්ද මේ හෙට කතාව..

ආ ඔව් අප්පච්චි ..
හෙට එන්න කිව්වා එහෙ…
විෂ් එයාගෙ අම්මලාට කියලා propose කරපු දවසෙම….

ඒළමයට තව සහෝදරයො ඉන්නවද පුතා..
තනූජා ඇහුවා..

ආ..
ඒ ගැන බය වෙන්නෙපා අම්මි…
තනි අයිතිකාරි…
One & only daughter …😊😊
අනුහස් කිව්වා..

චී පොඩි පුතා…
ඔයා මොනවද මේ කියන්නෙ
මම එහෙම එකකට නෙමේ ඇහුවෙ

අයියෝ අම්මි…
මගෙ අම්මි ගැන මම දන්නවා..
විහිළුවක් කළේ….
අනුහස්ට දුකයි විහිළුව ගැන…

තනූජා දුප්පත් පවුලක ඉපදිලා හැදුණ වැඩුන කෙනෙක්…
රණසිංහ වුණත් සාමාන්‍ය පවුලක ඉපදුණේ..
රණසිංහගේ කැපවීමෙන් උත්සහයෙන් තමා අද කෝටිපතියො වෙලා ඉන්නෙ..
තනූජාගේ නොමද සහයත් රණසිංහට ලැබුණා අද ඉන්න තැනට එන්න…

තේජාන් මෙහෙම උදදච්ච කෙනෙක් වුණේ
තේජාන්ට තේරෙන කාලෙ වෙද්දි රණසිංහලා හොඳ දියුණුවක් ලබලා ඇති තරම් සල්ලි තියෙන තත්වෙක හිටියා….
ඒත් ඒ කාලෙ තමා ව්‍යාපාරය සාර්ථකත්වයට එමින් පැවතුන කාලෙ
තනූජා ත් රණසිංහත් ව්‍යාපාර වෙනුවෙන් කැපවෙද්දි ඇති තරම් සල්ලි සහ සියළු සැප සම්පත් එක්ක තේජාන් හැදුණෙ ⁣අවුරුදු5 ඉඳන්
ඉස්කෝලෙ හොස්ටල් එකේ….
මොකද ඒ වෙද්දි අනුහස්ට අවුරුද්දයි…
අනුහස්ව කෙහොමත් ළඟ තියාගන්න ඕන නිසා තේජාන් හොස්ටල් එකේ හැදුණා…
ඒත් තනූජාත් රණසිංහත් අදටත් මුල අමතක කරපු උදවිය නෙමේ…
අනුහස් තනූජා ළඟම හැදුන නිසා අනුහස් ගොඩක් නිහතමානි කෙනෙක් වුණා…

මෙහෙමයි පුතා…
මම අපිට ගැළපෙනවද ඇහුවෙ සල්ලි, වත් පෙහොසත් කම් වලින් නෙමේ…
අපේ පවුලට, මට,අම්මිට, මල්ලිට තමන්ගෙම අය වගේ සළකන්න පුළුවන්, අපි එක්ක ඉන්න කැමති කෙනෙක්ද කියලයි ඇහුවෙ…
සල්ලි කියන දේ අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන් පුතා…
සල්ලි වලින් හැමදේම මනින්නෙපා….
පුතාට මම කිහිප සැරයක් කියලත් ඇති..
පුතා හිතන විදිය ටිකක් වෙනස් කරගන්න.

මේව අපෙත් වැරදි රණේ…
ලොකු පුතාව අපි ළඟ තියාගන්න තිබුණා හොසටල් නොදා…

අපෝ අම්මි..
මොනවද අනේ.
අප්පච්චි මම එහෙමෙ කිව්වෙ අඳුරගන්න ලේසි වෙන්න…
හෙට වෙන වැඩ තිබ්බා නම් ඒවා කැන්සල් කරන්න. හෙට යන්න ඕන එච්චරයි..
Excuse me….
කියපු තේජාන් අත හොදගෙන
කෑම මේසෙන් නැගිටලා ගියා….

රණේ…
මට බය අපේ පුතා වගේම හිතන පතන කෙනෙක් වුණොත් ඒ දරුවත්…
සල්ලි වලින්ම හැමදේම මනින
කෙනෙක් නම්…
අනේ මන්දා…

අයියෝ අම්මි…
ඒ අක්කි එහෙම නැතුව ඇති..
මටත් දවසක් දෙකක් meet වෙලා තියෙනවා රට යන්න ඉස්සර..
ඒ කාලෙ නම් හරි හොඳයි….

හරි තනූ..
අපි ගිහින් බලමුකො….

තේජාන්ගෙ මේ සල්ලි නිසා ඇතිවුණ උද්දච්චකම ගැන තනූජාත් රණසිංහත් දුකෙන් හිටියෙ…
ඒත් ඒ ගැන දැනගෙන
කොච්චර තේරුම් කරත් ඒ වෙනකොට තේරුම්ගන්න මට්ටමක තේජාන් හිටයෙ නෑ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

නැගිටිනවා…
ලොක්කි…
පොඩ්ඩි…
වතුර එකක් ගේන්නද…

බට්ටි අද උදේම ඇහැරිලා අනිත් දෙන්නට නිදාගන්න දෙන්නෙත් නෑ…

මොකද වදේ…
නිදාගන්න දෙනවාකො බට්ටි….
පොඩ්ඩි ආයෙමඅනිත් පැත්ත හැරුණා …

අනේ නැගිටිනවාකො ලොක්කි…
බැරිම තැන
කොට්ටයක් උස්සලා අරන්දෙන්නටම එ්කෙන් ගැහුවා…

මොකද මොඩියෙ වෙලා තියෙන්නෙ…
අද සෙනසුරාදානේ …
ලොක්කිත් ඇහැරිලා

මේ අද කවදද….

අද 14….
ඇයි…

මැට්ටි…
ලබන 5 වෙනිදා තමුසෙගෙ වෙඩිම…
අද අපි යන්න ඕන ෆේෂල් එකකට…
මතක නැද්ද …

ආහ් ..😨
ඔව්මයි…
පොඩ්ඩි…
නැගිටිනවා….
මටත් අමතක වුණා..
හෙට නිසල් එනවා කිව්ව නිසා
ඇඳුම් මහන තැනට යන එක විතරයි ඔළුවෙ තිබ්බෙ…

මේ මට ෆේෂල් එක විතරක් මදි…
මම මේ කරපු උදව්වට අද මට
⁣හෙයා කට් එකක් දාලා පොඩ්ඩක් කලර් කරන්නත් ඕන
හරිද…

ආ…
මේ බලන්නකො පොඩ්ඩි මෙයා..
කළ දුටු කල වල ඉහගන්නවා….

ඒම ටමා ඉටිම්…
බට්ටි පවුනෙ අලෝ…..
තාම එම්ප්ටි පොකට් නේ…
රස්සාවක් කලාම දෙන්නම් ඉතිං ඕවට පොලී එක්කම…

තමුසෙ රස්සාවක් කරනකොට බැරියෑ…
බටර් නම් තියෙනවා වෙන මොක නැතත්
හරි හරි යමුකො…
මල්ලි බැන්නොත් විකාර කළා කියලා ඕන් මම නම් නෑ…

හලි හලී…
මම අයියව ශේප් කරගන්නම්කෝ…
පොඩ්ඩි..
තමුසෙත් ඉටිම් කීයක් හරි සම්මාදම් කරනවා
දැන් ⁣ඉතුරු කරපුවා ඇතිනේ…
පවුනෙ ලොක්කිත්
වෙඩිමටත් බර වියදම්නේ…

බලන්නකො ලොක්කි මේකිගෙ බටර්…
හයිලන්ඩ් එකෙත් නැතුව ඇති මෙච්චර..😏

😜
යමු යමු ලෑස්ති වෙන්න

🐣 තවත් සිහිනයකින් හමුවෙමු…..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *