මිහිදුම් සිහින…..14

14 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
ඔයාලා කතාව ගැන කියන දේවල් දකිද්දි හරිම සතුටුයි.
මේ මගේ දෙවනි කතාව….
පළවෙනි කතාව කියවපු නැති අයට කැමති නම් මගේ profile එකෙන් බලන්න පුළුවන්. ඇල්බම් එකක් විදියට තියෙනවා…

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

එතකොටම තේජාන් හැරිලා ගිනි පිටවෙන ඇස් වලින් බට්ටි දිහා බැලුවෙ.
තේජාන් බය වුණා ඒ තමන් කියලත් බට්ටි කියලා ඇතියි හිතුණ නිසා…
ඒත් බට්ටි බිම බලන් ඉන්නවා….

හැබැයි මොනවා වුණත් පොර හෙන හැන්ඩියාලු..
අපේ බට්ටි එහෙම ලේසියෙන් කොල්ලෙක්ට හැන්ඩියා කියන්නෙ නෑ…
මතකනෙ ලොක්කි නිසල් අයියා මුලින්ම ගෙදර ආව දවසෙ කිව්ව ජාති…
හිහ්…හිහ් ..😜

එතකොට නම් තේජාන්ට තේරුණා බට්ටි තමන්ව පාවලා දීලා නෑ කියලා…
ඒ වගේම හැන්ඩියා කිව්ව නිසා පොඩි හිනාවකුත් ආවා…

මොනවද නිසල්ට මේ බොම්බෙ කිව්වෙ…
තේජාන් ඇහුවා…

කොහෙන්ද ඒ හැලි වඳුරාව හොයාගත්තෙ ඇහුවා…
ලොක්කි තමුසෙට ඇස් පෙනුනෙ නැද්ද ඇහුවා…

නිසල් හිනා වෙනවා…😃😂😄😂

ආ…
ඒමොකෝ
මේ ඉනනෙ කොල්ලා හොඳට….

ඒ කාලෙ නිසල් සම්පූර්ණයෙන් රැවුල කපලා හිටියෙ…
පොඩි එකෙකේ වගේ ඉන්නැතුව කොල්ලෙක් වගේ ටිකක් රුවුල වවන්න කිව්වෙ බට්ටි තමා….

මෙච්චර හොඳට ඉන්න නිසල්ටත් හැලි වඳුරා කිව්වා නම්…
අර කිව්ව කොල්ලා ඇත්තටම පට්ට හැන්ඩියෙක් වෙන්න ඇති නේද…

තේජාන් එහෙම කියද්දි බට්ටි ඔළුව ඉස්සුවෙ
ලැජ්ජාව නිසා ආපු කේන්තිය දරාගන්න බැරුව…
ලොක්කිටයි පොඩඩිටයි ගහන්න තරම් තරහ…

අනේ මේ…
ලොක්කි ඔයාලට විකාරද හලෝ….
මම කොයි වෙලේද ඒ ඔළුව ඉදිමිච්ච නරියා හැන්ඩ්සම් කිව්වෙ…
ඔයාලාට ආයෙ මම කියයිද බලන්නකො කිසිදෙයක්…
මේ කොහෙවත් යන මිනිස්සු ඉස්සරහ ඕවා කියන්නද මම ඔයාලා එක්ක පාරෙදි වෙන සේරම කියන්නෙ…
කියපු බට්ටි නැගිටලා
වේගෙන්ම එළියට ගියා…

ලොක්කිටයි පොඩ්ඩිටයි හිතාගන්න බෑ…
⁣බට්ටි කවදාවත් මෙච්චර සීරියස් වෙලා නෑ..
එයාලා දන්නෙ නෑනෙ තේජාන් ගැනයි මේ කියන්නෙ කියලා….
තේජාන්ට නම් වැඩේ තේරුණා…

අනේ නිසල්…
බට්ටිට ඇයි එච්චර දුක හිතුණෙ..
වෙනදත් අපි එහෙම දේවල් කියනවානේ
පොඩ්ඩි එනවා යන්න..

පොඩ්ඩිවත් ඇදගෙනම ලොක්කිත් බට්ටි ගිය පැත්තට ගියා…

ඒ නිසල් මොකද ඒ වුණේ…
තේජාන්ට තේරුණා බට්ටිට ලැජ්ජා හිතුණා කියලා….
ඒත් ඉතිං මොනවා හරි කියන්න ඕන නිසා කිව්වා…

අනේ මන්දා තේජාන්…
මේ කෙල්ල වෙනදා ඔහොම නෑ…
නැව ගිලුනත් බෑන් චූන් වගේ තමා…
අනික අක්කලා කව්ව ඒවට පැරදිලා ඔහොම මළාට යන්නෙත් නෑ…
ඊට වඩා දෙයක් අක්කලාට කියලා එයම තමා දිනන්නෙ….
අද පුදුමයි ඔහොම…
කෙල්ල ළඟදි ඉඳන් ටිකක් මූඩ් අප්සට් එකේ ඉන්නවලු….

කොල්ලො සීන් එකක් වෙන්න ඇති බන්…

නෑ තේජානයා..
ඒකි එ්වට නෑ..
කොල්ලො අරහං..
බඳින්නෙත් නෑ කිය කියලු ඉන්නෙ…
නිකීත් ඒ ගැන worry වෙවී හිටියා…
දවසක් මා එක්ක කියලා…

ම්ම්ම් …
එහෙමත් එකක්ද….
ඒ වුණාට ලස්සන කෙල්ලෙක්නෙ
පුදුමයි…

ලස්සන වුණාට බං උඹ කිව්වා වගේම බෝම්බයක්නෙ…
පස්සෙන් එන කොල්ලන්ටත් ආයෙ මදි නොකියන්න කියලා දෙනවාලු…

හහ්😜😃😂 …

බට්ටි පාර දිහා බලාගෙන හිටියෙ ⁣ගොඩක් තරහෙන්…..

ඒයි බට්ටි…
අපෝ මොකද මේ…
තමුසෙ ඔහොම නෑනෙ හලෝ…
අපි ඊයෙ කිව්ව දේවල් කිව්වෙ නෑනෙ හැන්ඩියා ගැන….
ඇයි මෙහෙම හැසිරෙන්නෙ…

අනේ මේ…
පොඩ්ඩි..
යනවා හලෝ යන්න…
තමුසෙලා දෙන්නාට ආයෙ මම මුකුත් කියන්නෙ නෑ…
බට්ටිගෙ ඇස් වලට කේන්තියටම කඳුළුත් ඇවිත්…

අයියෝ…සොරි බට්ටි…
ඔයා අද ආව වෙලේ ඉඳන් මූඩ් ගහලා නිසා අපි ඉතිං හිතුවා
මෙහෙම කිව්වම වෙනදා වගේ
ඔයත් කතාවට එකතු වෙලා
අනම් මනම් කියයි කියලා
එදා වෙච්ච දේ ගැන…
සාමාන්‍යයෙන් එහෙමනෙ..
අපි කතාව පටන් ගත්තම ඉවර කරන්නෙ ඔයානෙ ඒ කතාව……
හරි හරි සොරි හොඳේ..
යමු යමු කෑවෙත් බාගෙට

යනවලා යන්න…
මට ඉන්න දීලා..
මට ඕන නෑ…

අයියෝ….
එත⁣කොට බට්ටිට ගත්ත අර ලොකු චො⁣කලට් මිල්ක් ෂේක් එකට මොකද වෙන්නෙ ….

තමුසෙම බොනවා මට ඕන නෑ….
යන්න අනේ මෙතනින් කිව්වම අහලා…

ලොක්කි පොඩ්ඩියි තවත් කතා කරලා තේරුමක් නෑ කියලා දැනුන නිසා
ඇතුළට ගියා…

ආ කෝ…
මිතුණී ආවෙ නැද්ද…
තේජාන් තමා මුලින්ම ඇහුවෙ….

නෑ…
එළියට වෙලා ඉන්නෙ කඳුළුත් පුරවගෙන…
නංගි ඔහොම නෑ තේජාන් අයියෙ…
අඳුරන්නෙ නැති කෙනෙක් හිටියත් මේ වෙද්දි යාළු වෙලා…
අයියා හිටපු එක මෙච්චර හිතට ගත්තෙ
අනේ මන්දා….

මමත් ටිකක් නංගිව බයිට් කලානෙ එදත්..
තරහ ඇති….
මම වාහනේ ඇරලා දීලා එන්නම්…
එළියට වෙලා ඇස් වල කඳුළු පුරවන් ඉන්න එක හරි නෑනෙ…
නිසල් නංගිලා එක්ක වරෙන් මේක බිව්වම…
මම ඉවරයිනෙ….
තේජාන් එ⁣හෙමම නැගිටලා ගියේ කවුරුත් මොකුත් කියන්න කලින්…

බට්ටි තාමත් පාර දිහා බලාගෙන අත් දෙකත් බැඳගෙන කල්පනා කළේ…

තේජාන් මොනවා හිතුවද දන්නෙ නෑ…
අනික එයාට මා එක්ක තවත් තරහ යන්න ඇති…
ඒත් ඉතිං මට මොකද තරහා ගියත්…
මීට කලින් මම බැනපු,නෝන්ඩි කරපු උන්ට තරහා ගිය එක ගැන මම හිතුවෙ නෑනෙ..
ඇයි මට තේජාන්ව මෙච්චර විශේෂ ..
ප්ලීස් දෙවි⁣යනේ…
මට කලින් හිටපු බට්ටිම වෙන්න දෙන්න..
බට්ටි කල්පනාවෙන් මිදුණෙ
එකපාරටම….

🐣තවත් සිහානයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *