මිහිදුම් සිහින…..15
15 වන සිහිනය
Like,Comment හැම එකකකටම ගොඩක් ස්තූතියි …
අකුරු වල වැරදි ඇති..
හදාගෙන කියවන්න යාළුවනේ
බට්ටිගෙ කල්පනාව බිඳුනෙ
එක පාරටම මූණ ඉස්සහින් මතු වුණ අයිස්ක්‍රීම් එකක් නිසා…
බට්ටි එහෙමම හැරිලා කවුද අයිස් එක දික් කරගෙන ඉන්නෙ කියලා බලද්දි
බට්ටිගෙ මූණ නැවතුණේ තේජාන්ගෙ මූණට අඟල් දෙක තුනක් මෙහායින්…
බට්ටි අත තියාගෙන හිටපු වැටට බට්ටිව හේත්තු වුණා …
තේජාන් හිනාවක් නැතත් ……
නපුරු කමකුත් පේන්න නැති මුහුණින් බට්ටිගෙ ඇස් දිහාම බලාගෙන ඉන්නවා…
බට්ටිගෙ හිත තවත් ගැස්සුනා …
තේජාන්ව මෙච්චර ළඟින් දකිනකොට…
ආ…
ගන්න…
තේජාන් ආයෙම කොනෙටෝ අයිස් එක බට්ටිට දුන්නා…
එපා…
බට්ටි අහක බලාගත්තා…
ඇයි……
මම දන්නවා අයිස්ක්‍රීම් කන්න ආසයි කියලා
එවර නම් තේජාන්ගෙ හුස්ම බට්ටිගෙ මූණටත් දැනුණා….
බට්ටි ඇස් ලොකු කරලා ආයෙම තේජාන් දිහා බැලුවා…
මම දන්නෙ කොහොමද කියලා නේද මේ හීනි ඇස් දෙක ජිල් බෝල කරගෙන බලන් ඉන්නෙ…
ම්ම්ම් …
ඇයි එදා අර බලු පැටවුන්ට කන්න ගේන්න කලින් පොරේතියෙක් වගේ සොයා අයිස් එකක් කෑවා මම දැක්කා…
පොඩි හිනාවකුත් එක්ක ඒක කිව්වෙ…
ඉතිං එක දවසක් කෑවට
කොහොමද ආසයි කියන්නෙ….
බට්ටි ආයෙම අහක බැලුවා…
ඒයි…
බලනවා මං දිහා….
නිදහස් අතේ ඇඟිල්ලකින් බට්ටිගෙ මූණ තමන් පැත්තට හරවගන්න ගමන්…
මෙච්චර වෙලා ආදරෙන් කතා කරපු තේජාන් ටිකක් සැර වුණා…
බට්ටි හෙමින් හෙමින් ඇස් උස්සලා තේජාන් දිහා බැලුවෙ…
මූණම හිරිවැටිලා යද්දි…
බට්ටිට තේජාන්ට බනින්න ඕන…
තේජාන්ව එහාට තල්ලු කරලා දාලා
අයිස් එකත් පොළවෙ ගහලා යන්න ඕන..
ඒත් ඒ එකක්වත් ක්‍රියාවට නගන්න බැරි විදියට බට්ටිගෙ අත පය බට්ටිට වත් කන්ට්‍රෝල් නෑ වගේ…
තේජාන්ගෙ මායාවකට අහු වෙලා වගේ බට්ටිට දැනෙනේනෙ…
කනවා මේක…
මමනෙ තරහ ගන්න ඕන…
මොකද බොරුවට අක්කලට සැර දාන්නෙ ආහ්..
එදා සිද්දිය අමතක කරනවා…
මම එදා කිව්වට තමුසෙට රිටර්න් දෙන්න මම එන්නෙ නෑ…
දැන් වෙනදා වගේ ඉන්නවා හරිද…
ආයෙ එහෙම අක්කලාට මේ වගේ පුස් පාට් දාලා අහුවුණොත් හොඳ වැඩක් කරනවා අමතක නොවෙන්නම හරිද…
කියලා බට්ටිගෙ මූණ ළඟටම ළං වෙලා ඇඟිල්ලෙන් නහයට තට්ටුවක් දාලා
බට්ටිගෙ අතක් අරන්..
ඒ උඩින් අයිස් එක තියලා වාහනේ පැත්තට ගියා….
බට්ටි තාමත් හිටපු විදියමයි…
තේජාන් අත උඩින් අයිස් එක තියන්න ගත්ත විදියටම පිළිමයක් වගේ විනාඩි දෙක තුනක් එහෙමම හිටියෙ තේජාන් යන දිහා
බලාගෙන…
අැයි මට ඒ නරියට බැනගන්න බැරි වුණේ…
මට තරහයි..
මට තේජාන්ට බනින්න ඕන…
මේ අයිස් එකෙන් මූණට ගහන්න ඕන…
ඒත් මට බෑ…
ඇයි මෙහෙම….
මේකද ආදරේ…..
එයා මගෙ මූණට අත තිබ්බම මාව හිරි වැටුණා…
මට ඒ හුස්ම වැටෙන මානෙටම වෙලා ඉන්න හිතෙනවා. …
බට්ටි තමන්ගෙ හිත එක්කම ලොකු සටනක්…
වාහනේ ළඟට ගිය තේජාන් දොරවල් අන්ලොක් කරන ගමන් හැරිලා බැලුවෙ බට්ටි දිහා..
එතකොට තමා බට්ටි කලබල වෙලා
අයිස් එකත් එක්ක අත පහතට අරන් බිම බලාගත්තෙ…
කට කොනින් හිනාවුණ තේජාන් වාහනේට නැගලා දොර වහගත්තා…
ඒත් එක්කම ලොක්කිලා ශොප් එකෙන් එළියට ඇවිත් බට්ටි ළඟට ඇවිදගෙන ආවා
ආ…
Cool වෙන්න අයිස් කන්නද යන්නෙ..
හොඳයි හොඳයි…
යමු එහෙනම්…
පොඩ්ඩි මොකුත් නොවුන ගානට බට්ටිට කතා කළා….
බට්ටිත් මොකුත්ම නොකියා
කට්ටිය එක්කම ඇවිත් වාහනේට නැග්ගා..
අයිස් එක තාම අතේ…
ඕක කන්න නෙමේද ගත්තෙ….
තේජාන් ඇහුවෙ තාමත් බට්ටිගෙ අතේ තියෙන අයිස් එක දැකලා
කණ්නාඩියෙන් බට්ටි දිහාම බලාගෙන..
අහක බලන් ඉඳපු බට්ටි ඒ වචනත් එක්කම කණ්නාඩිය දිහා බැලුවා…
තේජාන් ඇස් වලින් තරවටු කළාම..
මොකුත් නොකියම අයිස් එකේ කොලේ දිග අරින්න පටන්ගත්ත බට්ටිව දැකලා ලොක්කිටයි පොඩ්ඩිටයි නම් හරි පුදුමයි…
තේජාන් කිව්ව දේ අහද්දි…
එයාලා දැක්කෙ නෑ තේජාන් එක්ක බට්ටි ඇස් වලින් සංවාද කරනවා…
බට්ටි,අයිස් එක දිග ඇරලා පොඩ්ඩිට දුන්නා
මේ ඇයි…
කනවා හලෝ ටිකක් මගෙ බඩේ අමාරුව හැදෙයි..
තමුසෙනෙ කොනෙටො පෙරේති…
බට්ටි ටිකක් වෙනදා වගේ හැසිරෙන්න උත්සහ කළා……
අද දවසෙම උණ දේවල් බට්ටිට සාමාන්‍ය දේවල් නෙමේ….
හිතට දැනෙන ඒ හැඟීම…
කාටවත් අවනත නැති හිත තේජාන් ළඟ කීකරු වෙන හැටි…
ඒ ඇස් ළඟ තමන්ගෙ ඇසි පිය ගහන්න අමතක වෙන හැටි බට්ටිට තාමත් අරුමයක්…
තේජාන්ගෙ හිතත් ටිකක් නෙමේ මහ ගොඩක් ගැස්සිලා තිබ්බෙ…
ලේසියෙන් බට්ටි වගේ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් ළඟ නැමෙන්නෙ නැති හිත
බට්ටිගෙ තරහව,දුක නැතිකරන්න නැමුන හැටි…
තමන්ට ලැජ්ජ කරපු එකක් අමතක කරලා දාන්න හිත බල කරපු හැටි තේජාන්ටත් හිතා ගන්න බෑ…
විෂ් ළඟදිවත් එච්චර ආදරෙන් දෙයක් ගිහින් දීලා කතා කරලා නැතුව ඇති…
මේ කෙල්ලව ඇයි මට මෙච්චර
දැනෙනේනෙ…..
තේජාන් හිත එක්කම සංවාදෙක….
ගෙදර ආවට පස්සෙ බට්ටි එහෙමම කාමරේට යද්දි පොඩ්ඩිත් ඒ පස්සෙන් ගියා..
දවල් 1 විතර වෙද්දි බට්ටිලාගෙ ගෙදරට ආව තේජානුත් නිසලුත් ආපහු යන්න හදද්දි….
අනේ නිසල් පුතේ…
මේ දරුවා එක්කම බත් කටක් කාලා යන්නකො …
මම ඉවුවා පුතාලා කන්න එයි කියලා…
අනේ අම්මා අපි මගින් අනම් මනම් කාලා බඩ පිරිලානේ..
නේද තේජාන්…
ඒකනෙ…
ආන්ටි….
අනේ පුතේ කටක් කමු….
මොකද තේජාන් කියන්නෙ….
ආන්ටිගෙ හිත රිදෙයි නේද මචං..
පොඩ්ඩක් කමු…
තේජාන්ටත් හිතාගන්න බෑ තමන්ට එහෙම කියවුණ එක ගැන…
මේ වගේ ගෙදරකින් තේජාන් කෑම කාලාම නෑ මීට කලින්…
බට්ටිලාගෙ ගේ මහා ලොකු ගෙයක් නෙමේ..
තනි තට්ටුවෙ සාමාන්‍ය ගෙයක්..
හැබැයි ටයිල් කරලා එහෙම පිළිවෙලට හදලා තිබ්බා…
අනික පිරිසිඳුකම අතින් ඉහළම තැනක තිබුණා….
කෙල්ලො තුන්දෙනාම ඒ ගැන නම් හරි උනන්දුයි…
ටිකක් ලොකු ගෙවත්තකුත් තිබුණා..
එකත් දැක්කම හරිම සිරියාවන්ත පාටක් තමා තිබුණෙ..
තැන තැන වවපු විවිධාකාර මල් වලින් ලොක්කි අතින් හැඩ වෙලා තිබ්බ මිදුල කාගෙත් නෙත් පැහැරගන්නවා…
ලොක්කිත් එක්ක එකතු වෙලා අම්මා කෑම මේසෙ ලෑස්ති කළා…
කෑම මේසෙන් ඉඳගත්ත තේජාන් මාළු-පිණි
දිහා බැලුවා…
තමන් නොදන්න දේවල් දෙක තුනක් තේජාන්ට පෙණුනා..
අඩෝ..
මේ මොනවද බං….
තේජාන් නිසල්ගෙන් ඇහුවා….
නිකී…
කියන්නකො මේසෙ තියෙන දේවල් ටික..
දොරට හේත්තු වෙලා ඉන්න ලොක්කිට නිසල් කිව්වා…
මෙි තියෙන්නෙ කොස් ඇට කළු පොල් මාළුව, මේ කොහිල අල සම්බෝල,
මේ මාළු ඇඹුල් තියල්..
අනික්වා හොයාගන්න පුළුවන්නේ නේද අයියට…
ඔව් ඔව්..
මට මේ කළු පොල් මාළු තමා හොයාගන්න බැරි වුණේ…
මම කාලම නෑ …
අනික කොහිල අල සම්බෝල…
එතකොටම….
වැඩියෙන් ටිකක් කන්න ඒකෙන්…
ඇඟට ගුණයි
කියමින් එතනින් කුස්සිය පැත්තට
ගියේ බට්ටි…
ලොක්කිටයි නිසල්ටයි හිනා ගියා…
තේජාන්ටත් පොඩි හිනාවක් ආවා…
කිව්ව කෙනාට මේක සුද්ද නොකර කටු පිටින් හදලා දෙන්න නිකිණි නංගි…
තේජානුත් බට්ටිට ඇහෙන්න ටිකක් හයියෙන් කිව්වා….
කෑමත් කාලා නිසල් තේජාන් එක්ක පිටත් වෙලා යනකල්ම ආයෙ බට්ටි ආවෙ නෑ පේන්නවත්..
තේජාන්ට බට්ටිව දකින්න හිත කොනක අශාවක් තිබුණත් ඒකට ඉඩක් ලැබුණෙ නෑ….
ඒ වගේම තේජාන්ව බලන්න බට්ටිටත් හිතුණ නිසාම
බට්ටි කාමරෙත් ලොක් කරගෙන කාමරේට වෙලා හෑන්ඩ්ස් ෆ්‍රී එක ගහගෙන සිංදු අැහැව්වෙ ඒ ආශාව යටපත් කරගන්න ඕන නිසා…
යන මග දිගටම තේජාන්ට
නොහිතපු විදියට බට්ටිව මතක් වුණා..
මොකද අප්පා මට මේ බෝම්බෙවස මතක් වෙන්නෙ…
චූටි කෙල්ලෙක්නෙ අප්පා…
තාම 20ලු…
මමත් මේ ඉඳලා ඉඳලා එල්ලිලා තියෙන්නෙ කිරිසප්පයෙක් එක්කනෙ…
නිසල්ව කඩවතින් බස්සපු තේජාන් ගෙදර ගිය ගමන් කළේ විෂ්ට කෝල් එකක් ගත්ත එක…
ඒ බට්ටි තේජාන්ගෙ හිතට ගොඩක් වද දෙන නිසා….
හායි බබී…
ඉතිං අද මොකද වුණේ…
ළමයාට පාළු හිතුණෙ නැද්ද…
මම දවල් කෝල් කලාට ආන්ස කලෙත් නෑනෙ….
ම්ම්ම් ..
මම ශාලි එක්ක ෂොපිං ගියා තේජ්…
කොහෙද විෂ් ගියේ..
මට කිව්වෙත් නෑනෙ යනවා කියලා…
අපි කලම්බු ගියා අනේ…
Kelly felder එක පැත්තෙ ගිහින්
පොඩි රවුමක් දාලා ආවා ඉතිං…
ඔයා ඉතිං අද වෙන කොහෙද යන නිසා කිව්වෙ නෑ….
ෂොපිං යන එකත් කියන්න ඕනද අනේ..
ඔයා traditional Boy friend කෙනෙක් වෙන්න නෙමේ නේද හදන්නෙ තේජ්…
නෑ නෑ විෂ් නිකමට ඇහුවෙ…
Its ok.
So…
ආ..
මොකද ඔයාලගෙ මමීලා කිව්වේ
විෂ්, මට ඉන්නෙ මමී ඩැඩී නෙමේ sweety
අම්මියි,අප්පච්චියි
අම්මිලා කිව්වා horoscope අරන් ගිහින් නැකත් බලමු කියලා ඉක්මනට….
අපෝ තේජ්…
Horoscope බලනවාද අද කාලෙ….
බබී…
ඔයත් buddhist නේද…
ඒවා නොබලා කොහොමද චාරිත්‍ර කරන්නෙ…..
මම දන්නෙ නෑ ඩාලිං ඕවා….
මට ඕන ඔයාව මැරි කරන්න විතරයි…
පිස්සු කෙල්ල…
මෙච්චරම මාව ඕන නම්
කලින් කියන්න තිබ්බානෙ…
මෙච්චර කල් දෙපැත්තට වෙලා හිටියෙ අපරාදෙනෙ…
කොච්චර එන්ජෝයි කරන්න තිබ්බද එහෙනම්…..
ඔයාව බලන්න ස්විස්එන්නත් තිබ්බා…
කවුද දන්නෙ මේ ආඩම්බරකාරයාත් මං ගැන හිතනවා කියලා…
හරි තේජ්
පස්දෙ කෝල් කරන්නද
වොෂ් එකක් දාන්නත් ඕන..
හරි බබී..
Love you
bye..
Love you too තේජ්
C.U.
කෝල් එක කට් කරපු තේජාන් එහෙමම ඇඳ විට්ටමට කොට්ටෙ තියලා හේත්තු වූණා …
මට මේ දවස් දෙක තුනට අර බෝම්බෙ ගැන දැනෙන අමුතු හැඟීම
මේ අවුරුදු ගානටම විෂ් ගැනවත් දැනුනෙ නෑ….
මට ඒ කෙල්ල එක්ක රණ්ඩු වෙවී හරි ළඟ ඉන්න හිතෙනවානේ…
එහෙන් එද්දි එක පාරක් වත් ආවෙ නෑනෙ ආයෙ එළියට….
ආ….
අයියා….
මොකෝ මේ මනෝපාර දාගෙන….
විෂ්මි අක්කි එක්ක රවුමක් දාලා නොමේද ආවෙ දැන්….
නෑ මල්ලි…
මේ අර මගෙ කැම්පස් කාලෙ යාළුවා නිසල් උගෙ වෙඩින් එකනෙ
ඌට වාහනයක් නෑනෙ බං..
වැඩ වලට එහෙ මෙහෙ යන්න පොඩි හෙල්ප් එකක් ඉල්ලුවා..
ඒ කාලෙ උෟ හින්දානෙ මම exam ගොඩ දාගත්තෙ
ඒ නිසා ඉතිං බෑ කියන්න බෑනෙ..
ආ …
අර අම්මා විතරක් ඉන්න අයියා නේද…
ඒ අයියා නම් මාරම උත්සහවන්තයි නේද අයියා…
ඔව් ඔව්..
වෙඩින් එකත් සුපිරියට කරගන්නවා උගෙ මහන්සියෙන්….
කෙල්ලත් හොඳයි ඌටම ගැළපෙනවා
කෙල්ලට සල්ලි තියෙනවාද
හොඳයි කියන්නේ…
නෑ බං සාමාන්‍ය පවුලක්…
මටත් දැං හිතෙනවා මල්ලි අම්මයි තාත්තයි හැම වෙලේම මට තේරුම් කරන්න හදන දේ ඇත්තද කියලත්..
ඒ මොකද්ද බං අයියෙ…
සල්ලි කියන්නෙ ජීවිතේම නෙමේ කියන එක…
සල්ලි වලින් හැමදේම මනින්න බෑ කියන එක….
අයියා..
බලාගෙන ගියාම විෂ්මි අක්කි හරි හොඳයි වගේ..
අපේ අයියව දවසෙන් දෙකෙන් වෙනස් කරලානෙ…
තේජාන් මොකුත් නොකියම හිනා වෙලා ඇඳෙන් නැගිටලා ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියේ
ඒකට හේතුව විෂ්මි නෙමෙයි නිසා…
තේජාන් ගියාට පස්සෙ බට්ටි වෙනදා වගේම ඉන්න උත්සහ කළේ මේ වෙද්දි බට්ටිත් තේරුම් අරන් තිබ්බෙ….
තේජාන් ගැන තමන්ගෙ හිතට ආදරයක් ඇතිවෙලා කියලා…
ඒත් ඒක කවදාවත් නොවෙන දෙයක් කියලා…
තේජාන් අපි වගේ සාමාන්‍ය මින්ස්සුන්ට කැමති නෑ…
ඒ වගේම තේජාන්ට කෙල්ලෙක් ඉන්නවා..
නොලැබෙන දේවල් පස්සෙ යන්න තරම් බට්ටි බොළඳ නෑ…
කලින් බට්ටට එයාගෙම හැඟීම් නොතේරුණ නිසයි අවුල් වුණේ….
නිදාගන්න ලෑස්ති වෙලා වෙනදා වගේම බෙඩ් ශීට් එකෙන් කූඩාරමක් ගහගත්ත බට්ටි candy crush ගහන්න පටන් ගත්තා
ඒ බට්ටි…
මගෙ අර සුදුපාට කොලර් තියෙන බ්ලවුස් එක කෝ…
මම දන්නෙ කෙහොමද
පොරවනය ඇතුලෙ ඉඳන්ම කිව්වා…
ඇඳුම් තට්ටුවෙ නෑ නේ…
හෙට ඇඳන් යන්න බැලුවෙ හලෝ…
හොයා දෙනවාකො
තමුසෙනෙ ඉතිං ඕවා ගන්නෙ…
බලනවා හෝදලා ගෙනත් අර පුටුව උඩ තියෙන මගෙ ඇඳුම් ගොඩේද කියලා…
ගිය සතියෙ ඇන්දා වගේ මතකයක් තියෙනවා..
බට්ටි කිව්වෙ පොරවනය ටිකක් අයින් කරලා හොරෙන් පොඩ්ඩි දිහාත් බලලා….
ආ…
මේ තියෙන්නෙ…
බූරිච්චි…
එහෙනම් අයන් කරගන්නවා ඉත්ං මට කියන්නෙ..
Good night මම නිදි..
කරදර කරන්නෙපා..
පොරෝණය අස්සට වුණ බට්ටි ඇස් පියාගද්දිම මතකෙට ආවෙ
තේජාන්…
තවත් සිහානයකින් හමුවෙමු……