මිහිදුම් සිහින…..21

21 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

පෙර කොටසට…
https://m.facebook.com/story.php…
දිගටම රැඳී ඉන්න….

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

ලොක්කි…
පොඩ්ඩි..
අද මට P&S හැන්ඩියව හම්බුණා…
එයා …
බට්ටි අඬන්න ගත්තා ආයෙම

ඇයි බට්ටි තමුසෙට ඌ කරදරයක් වත් කළාද..
කියනවා….
ඇයි ඔහොම…
ලොක්කි කලබල වුණා…

කලබල වෙනනෙපා ලොක්කි ටිකක් ඉන්නකො විස්තරේ කියනකල්..
පොඩ්ඩි බටටිගෙ ඔළුව අතගානගමන් කිව්වා….

මට ඒ සිද්දිය අමතක කරන්න ඕන…
කලින් වගේම ඉන්න ඕන ….

මේකනෙ බට්ටි…
ඔයා අපිට හරියට කියන්නෙ නෑනෙ මොකුත්
තනියම විඳවනවා..
හරියට සේරම කියන්න..

පොඩ්ඩි..
එයාට කෙල්ලෙක් ඉන්නවා…
හැබැයි අද ආවෙ මාව හම්බෙන්න
ඒත් මට ආදරයක් ගැන කියන්නෙත් නෑ..
එයාගෙ වාහනේට බලෙන් ඇදලා දාගෙන මාව පංති ළඟටම එක්ක ගියා..
ඒත් බහින්න දුන්නෙ නෑ වෙලාව එනකල් කිය⁣ලා…
මට තරහා ආවා…
ඒත් බනින්න කට ඇරුණෙ නෑ..
ඉතිං ඇඬුණා…
ඒකට එයාට තරහා ගියා…
එකපාරම ඇදලා අරං මාව කිස් කළා..
ආයෙත් එකපාරම මාව පැත්තකට දාලා
සොරි කිව්වා…
දොරත් ඇරියා….
ඒ පාර මගෙ කට ඇරුණා…
මම බැනලා බැනලා කොලර් එකෙනුත් අල්ලලා බැහැලා ආවා….

හිහ්…😄
කොහෙද බට්ටි කිස් කළේ…
ආ..
ආ…
කියනවා කියනවා…

අනේ මේ යනවාකො…
කොහෙ හරි….
තමුසෙට මොකෝ…
ඒකට ඌ අහගත්ත ඒවට දුන්නෙ අපරාදෙ කියලා හිතෙන්න ඇති..

විහිළු නෙමේ බට්ටි..
ඕක හරියන්නෙ නෑ …
ඒ කොල්ලා මොකුත් කියන්නෙත් නැත්නම්
ප්‍රශ්නයක්නෙ…
එක්කො උෟට ගෙදරින් බර අත්තක් propose කරලා ඇති,
ඒත් බට්ටිට හිත යන්න ඇති,
දැන් හිත දෙගිඩියාවෙන් ඔහොම හැසිරෙනවා ඇත්තෙ…
කොහොම වුණත් තව දුරටත් මේක හරියන සෙල්ලමක් නෙමේ බට්ටි…
කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න මහ වෙලාවක් යන්නෙ නෑ…
අද කිස් කළා…
හෙට තමුසෙව රූම් එකකට ඇදන් ගියොත්…
තේරුම් ගන්න බට්ටි,
පොඩ්ඩි ඔයා වුණත්..
කොල්ලෙක් ඉස්සරහ හැඟීම් වලට වහල් වෙන්නෙපා…
හැඟීම් ඕන තමා…
හැබැයි ගානකට…
දැන් මේ mr.P&S,
බට්ටි⁣ට නම ගම විස්තරයක් වත් කියලා නෑනෙ නේද…
එහෙම එකේ කවුද දන්නෙ ඒ මනුස්සයා මොනවා කරන කෙනෙක්ද කියලා,
අඩු තරමෙ බැඳලද දන්නෙත් නෑනෙ..
බට්ටි එදා දැක්කෙ wife එක්කද කවුද දන්නෙ….

බට්ටිගෙ හිත ගැස්සුණා..
තේජාන් සූරියආරච්චි කියලා දන්නවා,නිසල් අයියාගෙ යාළුවා..
එතනින් එහාට මම දන්නෙ නෑ තමයි.
ඒ දන්න ටික අක්කලට කියන්නත් බෑනේ…

තේරුණාද…
ඒ නිසා බට්ටි මොලේ කල්පනා කරලා වැඩ කරන්න….
ඔයාට දරාගන්න අමාරු ඇති
මොකද ඔයා මෙච්චර කල් එහෙම හැඟීම් ඔයාට නෑ කියලා හිත හිත,
හිතේම හංගගෙන හිටියානේ…
කසාදෙ වදයක්, BF වාතයක්,
ඕවා මට එපා…
කිය කිය…
ඉතිං දැන් එකපාරම හිතට දැනෙද්දි control නැතුව ඇති..
ඒත් බට්ටි අනිවාර්යයෙන්ම control කරගන්නම ඕන…
ඔයාගෙ ජීවිතේ උඩ වෙන කාටවත් පිස්සු නටන්න දෙන්නෙපා…
යතාර්ථය තේරුම් ගන්න බලන්න හැම වෙලෙම…
නොලැබෙන දෙයක් නම්, නොගැළපෙන දෙයක් නම් අත ඇරලා දාන්න…
කොණකින් අල්ලගෙන
හිතින් විඳවන්න එපා….

හරි
ඉතිං දැං ඇයි පාළු….

ලොක්කිට නිසල් අයියා ඉන්නවා…
තව ටික දවසකින් නිසල් අයියා ළඟට යනවානේ ඔයා….
පොඩ්ඩිටත් ඉඳුවර බොස් සෙට් වුණාම මම පවු නේද….

හපොයී…..
මේ කෙල්ල මාවයි ඉඳුවරවයි බන්දලාත් ඉවරයි..
මෝඩි එහෙම එකක් නෑ කතා කළා විතරයි.
එ් ටික කියන්න එද්දිනෙ මෙයා මෙතන මැරිලා වගේ නිදාගෙන අපිව බය කළේ…

හලී හලී …
දැන් මූඩ් ෆික්ස් වෙලා තියෙන්නෙ…
කියන්න කියන්න අද වෙච්ච දේ..

ඒක කියන්න කලින් යමු වොෂ් දාගෙන එන්න ..
අම්මාගෙන් බැනම් අහන්න වෙන්නෙ…
රෑ වෙලා ළිඳ ළඟට යනවා කියලා….
යමු යමු තුන්දෙනාම…
දොයියන්න ආවම කියන්නම්….

මම වොෂ් දැම්මා හවස.
තනියට එන්නම් ඕන නම්…
ලොක්කි කිව්වා…

තමුසෙ අදත් මගෙ ඇඳුමක් ඇඳලා…
මේ බලනවා ගලවලා දාලා තියෙන කැත
ආයෙ අඳින්නවත පුළුවන්ද මොඩියෙ මෙහෙම තැන තැන දාලා මොනවා හරි ගෑවුණොත්…

මොනා ගෑවෙන්නද අනේ මේ කාමරේ…
කෑගහන්නැතුව ඔන්න ඕක අරන් හොදගන්නවා…
ඕනත් නෑ මම ටික වෙලාවයි ඇඳන් හිටියෙ
හෙට ඇඳන් යනවා තමුසෙ….😊

ඊයා හලෝ..
තමුසෙ ඇඳලා ගලවලා උණ්ඩි කරලා බිම දාලා තිබ්බ ඇඳුම මම හෙට ඇඳන් යන්න??
තමුසෙ හිතං ඉන්නෙ මම නගරසබාවෙ වැඩ කියලද…😠

ආ….
සෙලි සොලි….
ඉඳුවර ලොක්කට පේන්න දැං ලස්සනට සුවඳට යන්නෙපැයි නේද…
හදිස්සියෙ කැබින් එකට කතා කරලා ඔඩොක්කුවෙන් වත් ඉන්දගත්තොත් අර ෆිල්ම් වල වාගේ….

හිහ්..හිහ….😄😄
ලොක්කිට හිනා..

තමුසෙගෙ කට නම්…
කියලා පොඩ්ඩි අතත් උස්සන් බට්ටි ඉන්න පැත්තට එද්දි බට්ටි දුවලත් ඉවරයි…
කාමරෙන එළියටම…

බලන්න ලොක්කි
මේ පිස්සු හෝනතුව..
මේ දැන් අඬ අඬ ඉඳලා …
ඒ ගමන අපිව අඬවන්න හදනවා විහිළු කරලා….

හිහ්😄😄

ඒ් මේ..
මගෙ ටවල් එකයි night dress එකයි
අරන් එනවා….
කියලා කාමරේට ඔළුව දාලා කිව්ව බට්ටි ආයෙම දිව්වා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

අයියේ…
නැගිටිනවා….
මෙහෙ එනවා වොෂ් එකක් දාන්න…
ගඳ බලවාකෝ…
Air fresner බෝතලයක්ම ගහන්න වෙයි කාමරේට…

පලයං බං නිදාගන්න දීලා..

ඒ බං අයියෙ උඹ දැන් පැය 6ක් 7ක් තිස්සෙ නිදි…
නැගිටපං…
වොෂ් දාලා
යමු කන්න

මල්ලි..
මගෙ යකා අවුස්සගන්නෙපා…
පලයං යන්න මෙතනින්….

අනුහස් යනන ගියේ තවත් කතා කරලා තේරුමක් නැති නිසා..
තේජාන් ප්‍රශ්න කියන්නෙ, කතා කරන්නෙ තේජාන්ට ඕන නම් විතරයි..
දැන් කෙහොමටවත් කතා කරන්න තේජාන් සූදානම් නෑ…

අම්මි….
අයියා නැගිට්න්නෙ නෑ….
කනන කතා කරන්න යන්නෙපා….
එයාටම ඕන නම් ඇවිත් අහයිනෙ…
මම කතා කළාට නැගිට්න්නෙ නෑ…
අනුහස් කෑම මේසෙට වාඩි වෙමින් කිව්වා

පොඩි පුතා…
අයියා ඇයි මෙහෙම හැසිරෙන්නෙ…
අර දරුවා වත් හොයලා බලන්නෙ නැද්ද අයියා ගැන..

අපේ එකාගෙ තරම අප්පච්චි දන්නවානේ
විෂ්මි අක්කිටවත් control නැතුව ඇති…

නෑ රණේ…
දරුවා මං නිසයි ඔහොම ඉන්නෙ..
😢

අයියෝ අම්මි….
මම කිව්වානෙ අඬන්න බෑ…
ඒක වෙලා ඉවරනෙ…
ඉස්සරහට බලමු මොකද කරන්නෙ කියලා.

ඇයි පොඩි පුතා…

නෑ අප්පච්චි මේ හඳහන් වල මොකද්ද අවුලක් කියලා අම්මි අයියට කියලා…
අම්මි කියන්නෙ ඒ නිසා වෙන්නැතිලු…

ඉතිං පුතා අයියාගෙන අහලා බැලුවෙ නැද්ද

අහන්න ගියාට අයියා කතා කළේ නෑ අප්පච්චි …
බලමු පස්සෙ අහගන්න..
අම්මා හිතුවට එහෙම
වෙන අවුලක්ද දන්නෙත් නෑ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ආ..
ගුඩ් මොර්නිංග් තරිණි…
ඇතල් වෙන තැනම හිටපු තරිඳු ඒක කිව්වෙ ඇදලා කරලා අමුතු විදියට..

ගුඩ් මොර්නිංග් තරිඳු….
තියමින් යන්තම් හිනා වෙලා තරිණි එතනින් යන්න හැදුවෙ..

ඇයි තරිණි..
අපිට ලස්සන ලොකු ලොකු වාහන නැති නිසාද ඔච්චර ගණං…

ආ….
ඒ මොකද්ද තරිඳු ඒ කතාව…

ඇයි ඊයෙ හවස පල්ලිය ළඟින් නැග්ගෙ ලස්සන වාහනේකට…
කවුද ඒ…

තරිණි ඊයෙ අනුහස්ගෙ වාහනේට නගිනවා දැක්කත්
තරිඳුදැක්කෙ නෑ කවුද ඇතුලෙ ඉන්නෙ කියලා…
පල්ලිය ළඟින් නැගපු නිසා ඔෆිස් එකේ කෙනෙක් කියලා කෙහොමත් හිතුවෙ නෑ

ආ…
අපේ නෑදෑ කෙනෙක්..
හරි වැඩක්නෙ තරිඳු..
මම කා එක්ක කොහෙ ගියාම ඔයාට මොකද
අනික මට කියලා පුද්ගලික ජීවිතයක් නැද්ද
සේරම ඔයාලට කියන්න ඕනද…

හරි හරි ඉතිං ඕකට තරහ ගන්නෙපා…
ඔයා කොල්ලෙක් නෑ කියලානෙ කියලා තිබ්බෙ…

ඔව් නෑ තමා…
ඔයා කොහොමද කියන්නෙ ඊයෙ මම නැග්ගෙ කොල්ලාගෙ වාහනේට කියලා..
නිකං චීත්තයක් වෙන්නෙපා තරිඳු….
මට පේන්න බෑ ඒ වගේ පිරිමි…..

කියපු තරිණි එතනින් යන්න ගියේ කේන්තියෙන්….

ගුඩ් මෝර්නින්ග් තරිණි..
මොකෝ මූණ දෙක වෙලා…

ගුඩ් මෝර්නින්ග් යශු…
අර තරිඳු නිසා උදේම යකා නැග්ගා හලෝ

ඇයි මොකෝ වුණේ…

මම ඊයෙ ටවුන් ගියේ අර නංගිගෙ වැඩකට
එතකොට වාහනේකට නැග්ගා දැක්කා.කියලා තරිඳු අනම් මනම් කියවගෙන ආවනේ…
මම කියලා ආවා චීත්තයක් නොවී ඉන්න කියලා…

ඌට පිස්සු ගණන් ගන්නෙපා…උදේම
දැං ඔය ඔළුව උඩ ඉන්න යකා පැත්තකින් තියපං….

“Good morning Tharini,
Prashnyakda??
mama eddi dakka muna
echchara hari na oyage..””

තරිණිට මැසේජ් එකක් ආවෙ අනුහස්ගෙන්

“”Good morning
Na na prashnayak na””

“”Ehenam kamak na. Hina wela inna🙂😊“”

තරිණි ….
ඒ බං උඹ උදේම මැසේජ් කොටන්නෙ කාටද
කොල්ලෙක් සෙට් කරගත්තද අපිටත් නොකියම….

අපෝ…
නෑ
යශූ…
යාළුවෙක්..

කවුද කවුද ඒ යාළුවා…

මම ඔයාට තව ටාක දවසකින් කියන්නම් හරිද..
අපි තාම යළුවො වෙලා එච්චර කල් නෑ
ඔයාට මම කියන්නම්කො වෙලාවට…
එතකල් වතෙයන් වෙන්නෙපා අහලා…
හරිද මගේ හොඳ යශු….😉

හාකෝ..
හාකො…..😏

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *