මිහිදුම් සිහින…..23

23 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

ඇතුළට ආව කෙනාව දැකලා බට්ටිට කකා හිටපුවා පිට උගුරෙත් ගියා….

ඒ මිතූ…
මොකද බං..
ආ බීපං වතුර…
පොර්ති වගේ හුස්ම අල්ලන්නැතව කෑවද ⁣යකෝ…

ශශී දන්නෙ නෑ බට්ටි බය වුණේ එතනට ආව කෙනෙක්ට කියලා…
මොකද ශශී හිටියෙ දොරට පිටුපාලා..
බට්ටි තමා දොර පැත්තට මුහුණ දාලා ඉඳන් හිටියෙ…

ආවෙ තේජාන්…
ලා කොළ පාට ෂර්ට් එකේ අත් වැලමිට ළඟට නමලා
ඔෆිස් කිට් එකෙන් හිටපු තෙජාන් අද තවත් handsome කියලා බට්ටිට හිතුණා …

තේජාන්ට මෙතනින් යන ගමන් එකපාර ආව සිතුවිල්ලකටයි මෙතනට ආවෙ…
තෙජාන් හිතුවෙ වත් නෑ…
බට්ටි ඉඳියි කියලා…

බට්ටිව දැකපු තේජාන් නම් ගොඩක් සතුටු වුණා…
කට කොණින් හිනා වෙන ගමන්ම කැෂියර් එකෙන් ටකටි කෑම කිහිපයක් අරන් යන්න ගියේ ආයෙ බට්ටි දිහා නොබලම…

බට්ටිට හිතා⁣ගන්න බෑ…
තේජාන් ඇයි කතා කළේ නැත්තෙ…
තේජාන්ට මාව විහිළුවක් තමා ලොක්කි කිව්වා වගේම…
මගෙ හැඟීම් එක්ක තේජාන් සෙල්ලම් කරනවා…

ඒ..මිතූ…
මොකෝ ඒ ගමන මනෝ ගහලා…
බීපං මේක..
අද යන්නැද්ද…
හවස් වුණා…

ඉක්මනින් කාලා බීලා අවසන් කරලා දෙන්නම දිව්වෙ බස් එකට නගින්න…
බට්ටි, ශශී බස් දෙකක යන්නෙ..
දෙන්නට දෙන්නා සමු දීලා බස් වලට නැග්ගා…
බට්ටි නැගපු බස් එකේ සෙනග පිරිලා..
ඉඳගන්න නෑ…
හවස් වෙලා නිසා ආයෙ බස් එකක එනකල් හිටියෙත් නෑ..

එක පාරම ඉණ වටේ දැනුන ස්පර්ශයට බට්ටි හැරුණෙ කණටත් ගහලා හොඳවයින් දෙකක් කියන්න..
ඒත් ළඟ හියගෙන හිටියෙ
තේජාන්..

ඔ..ඔයා…
බට්ටිට ගොත ගැහුණා…

තේජාන P&S එකෙන් ඇවිත් බලන් හිටියෙ බට්ටි යාළුවාගෙන් වෙන් වෙලා බස් එකට නගිනකල්…

මගෙ චූටි බෝම්බෙ…
මේ බස් එකෙ හිරවෙලා කට්ටියගෙ ඇඟේ වැදි වැදි යන්න ඕන නෑනේ…
යම් මම ගිහින් දාන්න…
මෙතන කලබල කරලා මම උස්සගෙන යන තැනට වැඩ කරන්නෙපා….
යමු..
බට්ටිගෙ ඇඟම හිරිවැටෙද්දි කන් පෙත්තට ළං වෙලා තේජාන් කිව්වේ ඉණේ ග්‍රහණය තවත් වැඩිකරමින්……..

බට්ටිත් පූස් පැටියා වගේ තේජාන් එක්ක බස් එකෙන් බැස්සෙ එතන හිටපු වැඩිහිටි දෙතුන් දෙනෙක් මේ ජෝඩුවට රවද්දී…

තේජාන් බස් නවත්තන තැනට එහායින් වාහනේ නවත්තලා ඇවිත් තිබුණෙ..
බට්ටිව ඉස්සරහ සීට් එකට නග්ගපු තේජාන් දොර ලොක් කරලා ආයෙම ගියා…
ටිකකින් ආවෙ සෝයා අයිස් එකක් අරගෙන දුවගෙන වගේ…
බට්ටි ඉන්න පැත්තෙ දොර ඇරලා අයිස් එක බටටිට දුන්නා…
බට්ටි තේජාන්ටග මුණයි අයිස් එකයි දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ මේ මොකද අහන්න වගේ..

චූටි බොම්බෙ මේක දිය වෙනවා අනේ..
ගන්නකො ඉතිං…

මම අයිස් ඉල්ලුවෙ නෑ..

හරි බබා..
ඔයා ඉල්ලුවෙ නෑ මම ගෙනාවෙ…
ඔයා ආස නැද්ද…
එවර නම් තේජාන්ගෙ මුණට පොඩි දුකක් එකතු වුණා…

බට්ටිට දුක හිතුණා….
තේජාන් කියන්නෙ සෝයා අයිස් එකක් ම්ළට ගන්න ඒ වගේ පොඩි කඩේකට යන කෙනෙක් නෙමේ…
ඒක කළේ තමන් වෙනුවෙන්….
ඒ නිසා බට්ටි අයිස් එක ගත්තා….

Thank you…

ඒවා නම් ඕනත් නෑ ⁣පැටියො…
ඔයා ඕක කන්නකො…

තේජාන් තාමත බට්ටිගෙ පැත්තෙ දොර ඇරගෙන ළඟම හිටගෙන බට්ටි දිහා බලාගෙන ඉන්නෙ….

බට්ටි දිය වේගන එන අයිස් එකෙන් ටිකක් කෑවා…

තේජාන් ඉකමනින් බට්ටිගෙ අතත් එක්කම අයිස් එක අල්ලලා…
බට්ටි කාපු තැනින් කෑවා…
බට්ටි ඇස් ලොකු කරන් බලන් ඉන්නෙ මේ මොකද්ද කළේ කියලා….

ම්ම්ම් …
මම මේ first time සෝවා අයිස් කෑවෙ…
හරිම රසයිනෙ….
කියලා බට්ටිගෙ දොරත් වහලා ඇවිත් ඩ්‍රයිවිං සීට් එකට නැග්ගා….

බට්ටි තාමත් අයිස් එක එහෙමම තියාගෙන ඉන්නවා…

ඒ… බෝම්බෙ…
මම කිව්වා නේද හීනි අරස් දෙක ලස්සනයි ඒ නිසා ඒක බෝල කරන්නමහන්සි වෙන්න එපා කියලා….

තේජාන්ට බට්ටි ළඟ මේ දැනෙන නිදහස
විෂ්මි ළඟ කවදාවත් දැනිලා නෑ…
ඒකයි තේජාන් මෙච්චරම නිදහසේ හැසිරෙන්නෙ…

අනේ…
ඉතිං කතා කරන්නකො..
මට පාළුයි මගෙ බෝම්බෙ ඔහොම ඉදදි..

අනේ මේ…
තේජාන් අයියෙ..
නවත්තන්න මේ වාහනේ…
ප්ලීස් …

ඇයි…
එකපාරම

කිව්වම අහලා නවත්තනවා…

එතකොට නම් තේජාන්ට ඉබේම බ්‍රේක් පෑගුණා…

ඇයි මේ…
මම කේන්ති ගන්න මොනවද කළේ…
ආදරෙන් කතා කරපු එකද දැං වැරැද්ද..
තේජාන්ගෙ කටහඬත් ටිකක් ආවෙගවත් වුණා …

ඔව්..
ඒක තමා වැරැද්ද..

මොකද්ද ඒකෙ තියෙන වැරැද්ද ක්යනවා ඉතිං…

ඇයි මට මෙහෙම කරන්නෙ…
මම කවුද ..
ඔයා කවුද…
මාව කිස් කරන්න..
මාව මෙහෙම ඇදගෙන එන්න මොකද්ද අයියෙ ඔයාට තියෙන අයිතිය…
ඔයා නිසල් අයියාගෙ යාළුවා නිසා මෙහෙම කරන්න බෑනෙ අයියේ….
බට්ටිගෙ කටහඬ බිඳිලා ගියා අන්තිම ටික කියද්දි…
බට්ටිගෙ හිතේ තිබ්බ සේරම ප්‍රශ්න ටික තේජාන්ගෙන් ඇහුවෙ තවත් විඳවන්න බැරි නිසා…

අයිතිය නේද..
හ්ම්ම් …
ඔව් අයිතියක් නම් නෑ….
ඒත් මට ඔයාව ඕන මිතුණී ….
ගොඩක්..
කවදාවත් කාවවත් ඕන නොවුන තරමට….
මම මෙච්චර කල් maintain කරපු මගේ ලොකුකම අමතක කරලා පොළවෙ පය ගහලා ජීවත් වෙන්න ආස හිතෙන තරමටමමට ඔයාව ඕන..
මේ දවස්පදෙක තුනට ඔයා මාව පිස්සෙක් කරලා පැටියෝ..
තේජාන් හැරිලා බට්ටිගෙ මුණ දෝතට ගනිමින් අන්තිම ටික කිව්වෙ ඒ හීනි ඇස් වලටම එබිලා….

ත්..තේ..ජා. න්.. අයියෙ
ඔයා මොනවද මේ කියන්නෙ..
ඔයාට මාව තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් විතරයි කියලා මම දන්නවා..
ඔයා ඒ වගෙ අයව පිළිකුල් කරනවා කියලත් මම දන්නවා…
ඔයා මගෙන් පලි ගන්න නේද හදන්නෙ එදා වෙච්ච දේට…
අනික අයියට girl friend කෙනෙක් ඉන්නවා අයියාගෙම තත්වෙට ගැළපෙන..
එහෙම නේද ….
බට්ටිත් හිත හයිය කරගෙන කතා කළේ
මේක විසඳගන්න එක හොඳ නිසා..

තේජාන්ගෙ ඇස් ගැස්සුනා බට්ටි හොඳටම දැක්කා. …

Girl friend …???
ක.. කවුද කිව්වෙ…

කවුරුත් කිව්වෙ නෑ අයියෙ….
මම දැක්කෙ..
අර spare parts තියෙන ලොකු බිල්ඩින් එකෙ ඉඳලා අය්යා තුරුල් කරගෙන ඇවිත වාහනෙට නැගලා ගියේ මගෙ ඇස් පනාපිට..
ඒ කවුද ..

තේජාන් අත්දෙක අරන් සුක්කානම උඩින් තියලා ඉස්සරහ බලාගෙන සීට් එකට හේත්තු වුණා ..

ඔව්..
ඒත් ඒක වෙන්නෙ නෑ..
ඒක අමතක කරන්න ….
මට ඔයා හම්බෙන්න කලින් මම ආදරේ ගැන දන්නෙවත් නෑ කියලා දැනුයි තේරෙන්නෙ..

තේජාන් ඒ ප්‍රශ්නෙ උඩින් ලිස්සලා ග්යා වගෙයි බට්ටිට දැනුණෙ..

මම ගොඩක් ආදරෙය් මගෙ චූටි බෝම්බෙට…
මම දන්නවා ඔය හීනි ඇස් වලින් මට හොරෙන් හොරෙන් කිව්ව කතාවත් ඒකම තමා…
මට ආදරෙයි නේද බට්ටිච්චියෙ ….
ම්ම්ම් ….
සීට් එකට හෙත්තු වෙලාම ඔළුව හරවලා බට්ටි දිහා බලන ගමන් තේජාන් ඇහුවෙ…

එහෙම බලද්දි නම් බට්ටිටත් හැඟීම් වලට ඉඩ දෙන්න හිතුණෙ මොළේ කියන දේ පැත්තකටම දාලා…

මම දන්නෙ නෑ…
කියලා බිම බලාගත්තෙ තේජාන්ගෙ බැල්ම දරාගන්න බැරි නිසයි…

බට්ටිගෙ කර වටේ අත දාපු තේජාන් බට්ටිව තම පපුවට තුරුල් කරගත්තේ හිතේ තෙරපෙන ආදරේ වැඩිකමටමයි..
විෂ්ගෙන් එන ප්‍රශ්න ඒ වෙලාවට බලනවා..
මට මිතුණීව ඕන..
කියලා තමන්ගෙම හිතට කියා ගත්ත තේජාන් ටික වෙලාවක් එහෙමම ඉඳලා…

දැන් යමු නේද මගෙ චූටි බෝම්බෙ..
ගෙදරින් බය වෙයි
නැත්නම්…
කියලා බට්ටිව අත අැරලා
බට්ටිගෙ කම්මුලකට අත තියලා වාහනේ පණ ගැන්නුවා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“”තරිණි…
අදත් එනවද පල්ලිය ළඟට මම ඩ්‍රොප් කරන්නම්
ප්ලීස් ….””

තරිණි එළියට යද්දිම වගේ මැසේජ් එක ආවෙ…
වට පිට බලද්දි දැක්කා අනුහස්කාර් පාක් එකට යන ගමන් තමාමැසේජ් එක දාලා තියෙන්නෙ…

“Ok”
දෙවරක් නොහිතම යවපු තරිණි…
නංගි මැසේජ් එකක් දාලා….
අක්කාගෙ වෙඩින් එකේ වැඩකට යන්න මාව මෙතනින් ගන්නම් කියලා…
ඔයා යන්න යශූ….
කියලා ඉක්මනින් පාර එහා පැත්තෙ තිබ්බ ත්‍රීවීල් එකකට නැග්ගා….

අනුහස් වාහනේ අරන ත්‍රීවීල් එක පස්සෙන්ම ගියා…
වතුපිටිවල BOI Zone එකේ ඉඳන් නිට්ටඹුව පැත්තට යන මග තිබුන පාළු හරියකදි..
අනුහස් තරිණිට කිව්වා
බැහැලා වාහනේට නගින්න කියලා…
තරිණි ඉක්මනින් වාහනේට නැග්ගා…
අද නම් ඉස්සරහට ගොඩවුණේ පුරුද්දෙන් වගේ…

අනුහස්ට හිනාවක් ආවා..

ම්ම්ම් ..
තරිණිට හොඳට මතකයි නේද මම ඩ්‍රයිවර් වෙන්න බෑ කිව්ව එක…

😊 නෑ…මේ..
හදිස්සියට
ගානක් වුණේ නෑ…

ආ.. ඒක හොඳය් ඉතිං මම වරදක් කිවවා නෙමේ…
තරිණි …
මොකද උදේ අවලෙන් හිටයෙ…

නෑ..ස..
සොරි සොරි…
මේ.. මම ඊයෙ පල්ලිය ළඟින් වාහනේට නගිනවා අර තරිඳු දැකලා..

ෂික් …
තරිඳු ඔයාට නරකක් කිව්වාද තරිණි මම නිසා..
අනුහසු කලබල වුණේ..
තරිණි ගැන කිසිම නරකක් මෙච්චරකල් අතුලෙ කතාවෙන්නෙ නැතු එකෙ අනහස් නිසා තරිණිට වරදක් වෙන එක ගැන අකමැත්තෙන්…

කලබල වෙන්නෙපා…
වාහනේ අඳුරගෙන නෑ…
කවුද ඇහුවා…
නිකන් විහිළුවක් කළේ..
මම ඉතිං කිව්වා මගේ පුද්ගලික දේවල් එහෙට අදාල නෑනේ…
ඒ නිසා චීත්තයක් නොවී ඉන්න කියලා..

හහ්😃😂
චීත්තයක් ….???
නියම කතාව…
අද නම් කට ඇරිලා නේද ළමයාගෙ…

අනුහස් ⁣අස් කොණින් බලමින් වාහනේ පදවන ගමන්ම තරිණිට කිව්වා…

ඒකට නම් තරිණිට ටිකක් ලැජ්ජා හිතුණා ..
ඇත්ත තමා අද නැග්ල වෙලේ ඉඳන් කාලෙක ඉඳන් දන්නවා වගේ…
තරිණි හොඳට කියෙව්වානේ….

ලැජ්ජ වෙලා රතු වෙන්නෙපා ඉතිං..
කමක් නෑ..
මම ආසය් එහෙම…
චුට්ටක් කටකාර වෙනවට..

තරිණි තවත් ලැජ්ජාවෙන් රතු වුණා…

අහන්නකො….
අද මේ අන්තිම දවස මගෙ වාහනේට මිස්. තරිණිව ඔෆිස් එකෙන් නග්ගගන්න..

තරිණි බය වෙලා වගේ බැලුවෙ
දුක හිතුණ නිසා..
අනුහස් ආයෙ වාහනේට නග්ගගනනෙ නෑ කිව්වානේ…

මොකද…
ඔහොම බලන්නෙ…
ම්ම්ම් ….

මම කිව්වෙ මිස් තරිණිව ආයෙ ඔෆිස් එකෙන් නග්ගගනනෙ නෑ…
මොකද මිසිස්.සූරියආරච්චිව තමා ආයෙම මම මගෙ වාහනේට නග්ගගන්න ඉන්නෙ ඔෆිස් එකෙන්…
ඒ නිසා අපි දෙන්නගෙම නමට නරකක් එකතු කරගන්න ඕන නෑනෙ නේද…

සමහර විට after marriage
මිසිස්. සූරියආරච්චි ඔෆිස් එන එකක් නෑ..
එයා මට වඩා ටිකක් පහළ leval එකක වැඩ කරද්දි මම ඒකට කැමති නෑ…
තරිණිත් දන්නවා එයාව..
මම ඔයාව යාළුවා කරගත්තෙත් මිසිස් සූරියආරච්චිට ළං වෙන්න…
ඒත් ඉතිං ඒක එචචර හොඳ නෑනෙ නේද
ඒ නිසා මේ අන්තිම දවස මම තරිණිට ට්‍රාන්ස්පෝර්ට් මිස් කරනන කියපු..
හරිද..
ආයෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ…

අනුහස් හිනාව අමාරුවෙන් තද කරන් බැරෑරුම් විදියට ඒ ටික කිව්වෙ තරිණිගෙ මූණ ඇද වෙන හැටි හොරෙන බලාගෙන..

කෙල්ලගෙ හිතෙත් මම ඉන්නවා කියන්න ආයෙ මොනවට අහන්නද..
ඔහොමම ඉඳපුදෙන් අම්මිලා එක්න ගිහින් surprise කරනවා…
අනුහස් හිතුවා….

ඒ අතරෙ තරිණි හිතුවෙ යශු ගැන වෙන්න ඇති මේ කියන්නෙ කියලා..
මොකද ඇත්කටම රූපෙ අතින් ගත්තොත් තරිණිට වඩා යශෝධා ඉදිරියෙන්…

මොනවද කල්පනා කරන්නේ…
ගෙවල් පාර ළඟටත් ආවා..

ආ…හරි සර් නෑ..
අනුහස්
Thank you.
Good night …
කිව්ව තරිණි බැහැලා ගියේ අසිහියෙන් වගේ…
අනුහස්හිනා වෙවී ආපහු ගියා..
ටිකක් බය වෙන්නකෝ වස්තුවේ…
😉😄😄😄😄

තරිණි මගක් ගිහින් හැරිලා බලද්දිත් අනුහස ගිහින්….
දුක හිතුණා…
ඒත් ඒ එක්කම දැක්කේ…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *