මිහිදුම් සිහින…..26

26 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

පොඩ්ඩි….
ඔයා කිව්වෙ සූරියආරච්චි කියලාද…

ඔව් ඇයි මොකෝ…

ඉඳුවර ලොක්කාගේ විස්තර මොනවද පොඩ්ඩි කිව්වෙ…
මොකද්ද නම..

මේ මොකෝ මෙයා…

හලි හලි ඉතිං කීනවාකෝ අගේ නොකර…
ආසයිනේ වෙන්ඩ මස්සිනාගෙ වතගොත දැනගන්න

මම දන්නෙ මෙච්චරයි..
අහගන්නවා…
අනුහස් ඉඳුවර සූරියආරච්චි …
වයස 24යි
අයියා කෙනෙක් ඉන්නවා..
සූරියආරච්චි කන්ස්ට්‍රක්ෂන් එක තාත්තාගෙලු…

ඉතිං ඇයි හලෝ
මේ බූරුස්…
තමුසෙලාගෙ ෆැක්ටරිය අස්සෙ පැනගෙන දුක් විඳින්නෙ…

එයා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නලු ආස වුණේ…..

ඒකත් එහෙමද….

බට්ටිට තේරුණා මේ කියන්නෙ තේජාන්ගෙ මල්ලි ගැන කියලා..
මොකද හවස එන ගමන් තේජාන් ගෙදර විස්තර කිව්වා බට්ටි එක්ක…
හැබැයි ඒ කිව්ව මල්ලි පොඩ්ඩිගෙ ඉඳුවර ලොක්කා කියලා දැන් තමා තේරුණේ…
තේජාන් කිව්වා දෙන්නාගෙ සම්බන්දෙ දැන්මම කාටවත් දැනගන්න තියන්න එපා කියලා ..
එයාට විසඳගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා..
ඒ නිසා බට්ටිට කියන්න විදියක් නෑ ඉඳුවරගෙ අයියා තේජාන් කියලා වත්, තෙජාන් කියන්නෙ P&S හැන්ඩියා කියලාවත්…

ඉතිං ඉතිං..
දැන් ඉඳුවර ලොක්කා කිව්වෙ
මිසිස්. සූරියආරච්චිව විතරයි ආයෙ වාහනේට දාගන්නෙ කියලා..
තමුසෙ කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියන්නෙපැයි ඕයි..
එහෙනම් මොන මගුලටද මාව නග්ගගත්තෙ අහලා…

පිස්සුද බට්ටි…
එයා කිව්වා..
මාව යාළුවා කරගත්තෙ
මිසිස්.සූරියආරච්චිට ළං වෙන්නලු.
මගේ යාළුවෙක්ලු…
යශූ තමා ඉතිං…😢

අනේ ගොං ගහ…
තමුසෙ දැක්කද යශු එක්ක එක දවසක් වත් ඉඳුවරයා කතා කරනවා..

නෑ…

එහෙනම් අඩු තරමෙ යශූට බැල්මක් වත් දානවා දැක්කද තමුසෙ…

නෑ
හලෝ නෑ
බලන්නකො ලොක්කි මෙයා අහන ඒවා

එහෙනම් ගොන් බඳින කණුවේ…
ඉඳුවරයා තමුසෙව හොඳට බයිට් කරලා…
තමුසෙ ගැනමයි හලෝ කියලා තියෙන්නෙ
බලනවා මම කිව්වෙ ⁣බොරුද කියලා තව ටික දවසකින් තේරෙයි…

බට්ටි හරි කියලා මටත් හිතෙනවා පොඩ්ඩි.
ඔයාට පවුලෙ දේවලුත් කියලා
ඔච්චර පරිස්සමට කතාවක් හැදෙන්නෙ නැති වෙන්න හම්බෙලා..
ආයෙ කතාවක් හැදෙයි කියලා වාහනේට නග්ගගන්නෙත් නෑ කිව්වෙ
මිසිස්.සූරියආරච්චි කරලාම වාහනේට දාගන්න වෙන්න ඇති…

එහෙම හිතෙනවද ලොක්කි ඔයාට..
😊😊

ආ..
ආ…
බලන්නකො ලොක්කි මෙයාගෙ මූණෙ ලස්සන…
මේ..
ඕනාවට වඩා ⁣බලාපොරෙත්තු තියාගන්නෙපා..
ඒවා බිඳුනම හිතට හරි අමාරුයි …
ඒ නිසා අමතක කරලා දාලා ඉන්නවා…
හොඳ දෙයක් වෙයිනෙ…

හ්ම්ම් හ්ම්ම් ….
බට්ටි හරි..
ඕනාවට වඩා හිතන්නෙපා…
අනික මල්ලි කිව්වානේ..
ඒ නිසා එහෙම දෙයක් නම් කෙලින්ම ගෙදර එක්කන් එනවා හරිද…
නැත්නම් දන්නවානෙ මලයාගෙ තරම..

ලොක්කී..
එන්න ඔය දෙන්නත් එක්කම කන්න..
අම්මා කතා කළා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අම්මි….
මේ
අර හඳහන් කතාව මොකද්ද මට හරියටම කියන්නකො…
තේජාන් කෑම මේසෙදි කතාව පටන් ගත්තා..
තේජාන්ට දැන් ඕන කෙහොම හරි විෂ්ගෙ ප්‍රශ්නෙ විසඳගන්න

ඒත් අම්මා හිතුවෙ
තේජාන් කලින් බිව්වෙත් ඒ නිසා, ආයෙම තේජාන්ට දුක හිතෙන දෙයක් කියන්න හොඳ නෑ කියලා….

ආ ලොකු පුතා..
මම ආයෙ බැලෙව්වානේ.
ප්‍රශ්නයක් නෑ කිව්වා…
⁣පූජාවල් වගයක් කරන්න තියෙනවා….
එ් ටික කලාම හරි…..

තේජාන්ගෙ මූණ ඇද වුණා…
ආහ් එහෙමද…

අනුහස්ට හිනා යන්න ආවා….

අම්මි…
ඇයි ඔයා එහෙම කලේ….
අපේ අයියට දැන් ඕන විෂ්මි අක්කිගෙන් ගැලවෙන්න..

ආහ්…
මොකද්ද ලොකු පුතා ඒ කතාව…

නෑ අප්පච්චි …මේ…
එහෙම එකක් නෑ..

අප්පච්චි ….
අපේ අයියට මොලේ පෑදිලා…
මනුස්සයට අම්මිලා කිව්ව දේවල් දැන් තමා තේරිලා තියෙන්නෙ…
විෂ්මි අක්කව අපේ පවුලට හරියන්නෙ නෑ කියන්නෙ..
බෝම්බයක්ලු හරි යන්නේ…😜😜

මොකක්…
බෝම්බයක් ??
පොඩි පුතා …
කියන දෙයක් තේරෙන්න කියනවද

නෑ අම්මි මේ මල්ලිට පිස්සු…
විෂ්මිත් මම වගේමයි අම්මි..
එතකොට අපි දෙන්නා අම්මියි අප්පච්චියි වගේ ඉන්න එකක් නෑ කියලා හිතුණා…
අප්පච්චිට නැති කාලෙ අම්මිත් අප්පච්චිට උදව් කළා…
ඒත් අප්පච්චි දියුණු වුණාම අප්පච්චිව බලාගන්න අම්මි රාජකාරි වලින් අයින් වුණා..
අම්මි හැමදේම කළේ අප්පච්චි වෙනුවෙන්..
ඒත් විෂ්මි කවදාවත් එහෙම කරන්නෙ නෑ අම්මි…
සල්ලි කියන්නෙ හැමදේම කියලා මමත් හිතුවෙ..
විෂ්මිත් හිතන්නෙ….
ඒත් මට දැන් තේරෙනවා සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ කියලා …
සල්ලිඕන තමා..
ඒත් සල්ලි වලට කරන්න බැරි දේවලුත් තියෙනවා….

මගෙ පුතා..
මේ ටික කවදාහරි
තේරුම්ගනියි කියලා මම දැනං හිටියා…
ඒත් මේ හදිස්සියෙ…
ඊයෙ පෙරේදත් පුතා හිටියෙ පුතාගෙ මතේනේ..

ඔව් අප්පච්චි …
කෙනෙක් මාව වෙනස් කළා…
මටවත් හිතාගන්න බැරි විදියට..
මොකුත් කියලා වත්
තේරුම් කරලාවත් නෙමේ…

කවුද පුතා ඒ…

ආ අම්මි ඒ චූටි බෝම්බෙ ….

මොකද්ද දරුවො ඒ කතාව……

නෑ මේ මූට පිස්සු ..
මම පස්සෙ කියන්නම් අම්මි..
පුළුවන් නම් විෂ්මිගෙ හිත තලන්නෙත් නැතුව විෂ්මිව මගෙන් අයින් කරලා දෙන්න
ඒක කිව්වෙ අනුහස්ට “ඉඳපංකො උඹව අල්ලගන්න” වගේ බැල්මක් හෙළමින්…

ලොකු පුතා..
ගෑණු ළමයෙක්ගෙ ජීවිතේ වැදගත්ම තීරණයක් එක්ක ඔයා මේ සෙල්ලම් කරන්නෙ…
පුතා ඔයාමයි මේක පටලගත්තෙ…
ඔයාම ලිහාගන්න..
අම්මිවයි මාවයි ඕවට ගාව ගන්නෙපා…
අපි කොච්චර නම් දේවල් කිව්වද…
විෂ්මි ළමයාගේ සිද්දියෙදි වුණත් කිව්වා කලබලේ මේවා කරන්නෙ ඇයි කියලා…
එතකොට ඇහුවෙත් නෑ..
දැනුත් කරන්නෙ ඒකම තමා…
හිතුමතේ තීරණ අරන්…
ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ ක්‍රියාත්මක කරනවා….
තේරුම් ගන්න…
ජීවිතේ හැම තැනකදිම reverse gear නෑ…
ඉස්සරහට ගියොත් ගියා….
තේජාන්ගෙ අප්පච්චි අවධාරණයෙන් කිව්වෙ
තේජාන්ගෙ හිතුවක්කාර කමට දඬුවමක් විදියටයි…

හරි අප්පච්චි මමම විසඳගන්නම්..
කව්ව තේජාන් නැගිටලා යන්න ගියා….

අම්මි…
අපි අයියා එක්ක මීට වඩා ඉන්න ඕන..
අයියාගෙ හිතුවක්කාරකම අපි දන්නවානෙ දැන් විෂ්මි අක්කි එපාළු….
තව ටික දවසකින් ඔය කියන ළමයත් ආයෙ එපා වෙයිද දන්නෙ නෑ…

ඒක හරි පොඩ් පුතා…
මේ ළමයට ඕන ඕන විදියට නටන්න දීලා
අපි තමා වරද්දලා තියෙන්නෙ.
තනූ…
ඇත්තටම හඳහන් වල මොකද්ද කිව්වෙ

දෙන්නාගෙම හඳහන් එක වගේ බලවත් කිව්වා…
එකට වසන්න බෑ කිව්වා රණේ….
විවාහෙ කෙරුණත් සාර්තක නෑලු….

හ්ම්ම් ..
ඒකත් එහෙමද..
එහෙනම් ඉතිං දැං පුතත් අකමැති එකේ
ඒ ගැන අපි අර ළමයාගේ ගෙදරට කියමු නේද….
ඔයාගෙත් වරඩි මනාපයක් තිබ්බෙ
නෑනෙ…
නේද තනූ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලොක්කි නිදාගන්න ගිහින් හිතුවෙ….
තව ටික දවසකින් ගෙදරින් යන්න වෙන එක ගැන…
නංගිලා දෙන්නා එක්ක මේ ගෙවපු නිදහස් කාලෙ නිමා වෙලා
නිසල්ගෙ පතිනිය විදියට
වගකීම්, යුතුකම් රැසක් එක්ක ඉදිරි ජීවිතේ ගෙවන්න වෙනවා…

පොඩ්ඩි හිතුවෙ බට්ටි කිව්වා වගෙ ඉඳුවර බයිට් එකක් දීලාද…
නැත්නම් ඇත්තටම ඉඳුවර යාළුවෙක් විදියට කතා කළා විතරද කියලා….

බට්ටි නම් ඔළුවෙ ඉඳන්ම පොරවගෙන තේජාන් එවලා තිබ්බ
මැසේජ් බල බල හිතුවෙ
තේජාන් එක්ක ගෙවුණ ඒ ආදරණීය අඩ හෝරාව ගැන
බට්ටිව දාන්න එන මග දිගටම තේජාන් පොඩි එකෙ⁣ක් වගේ බට්ටි එක්ක රණ්ඩු කර කර, හුරතල් වෙවී ආවෙ…

ආදරේ කරලා නුපුරුදු බට්ටිට…
තේජාන් බට්ටිව පොඩි එකෙක් ගානට දාලා බට්ටිව අවුස්සන්න කියන දෙවල් මහමෙරක් වගේ..
තේජාන්ගෙ ඒ වැඩ වලට තවත් බට්ටිගෙ හිත තේජාන්ටම බැඳුනා…

තේජාන් වුණත් බට්ටි ළඟ හැසිරුණේ
පොඩ් ළමයෙක් එක්ක හැසිරෙන ගානට මිසක් ආදරේ කරන කෙල්ල එක්ක වගෙ නෙමේ…
තේජාන්ට බට්ටි ළඟදි දැනෙන්නෙ,
බට්ටි කියන්නෙ ආදරෙන් බලාගෙන පරිස්සම් කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන…
හිත නොරිද්දා තියාගන්න ඕන වගේ හැඟීම් ගොන්නක්…

බට්ටි, අයියාගෙ අනතුරු ඇඟවීම ගැනත් තේජාන්ට කිව්වා…
“”අපේ අයියට කවුද කියලා මම බස් එකෙන් බැහැලා අයියා එක්ක ආව කියලා””

“”ඉතින්…මගෙ බෝම්බෙ මොකද කිව්වෙ””

“”මම ඒක මග ඇරලා නිසල් අයියාගෙ යාළුවා එක්ක ආවා කිව්වා””

“”ඉතිං…””

“”ලොක්කිත් කිව්වා,නිසල් අයියට කතා කලාලු, අයියා එක්ක තමා ඇවිත් තියෙන්නෙ කියලා””

“”මට කතා කළා..
මම කිව්වා මගදි දැකලා එක්ක ගියා කියලා””

“”අපේ අයියා කිව්වා ආයෙ දන්න කෙනෙක්ගෙ වත් වාහන වල නැගලා එන්නෙපා කියලා..””

“”ඒ කියන්නෙ ආයෙ මට මගේ චූටි කෙල්ලව එක්ක යන්න එන්න බැරිද””

“”අයියට අපේ ගෙදරින් අහන්න බැරිද””

“”තාම බෑ සුදූ…
මම ඔයාට කිව්වෙ…
ගෙවල් වලින් propose කරපු කෙනාගෙන් අයින් වෙලා ඉන්න ඕන””

තේජාන් බට්ටිට විෂ්මි ගැන කිව්වෙ ගෙදරින් propose කළා කියලා…
එතනදි තේජාන් බය වුණා…
විෂ්මිගෙ ඇත්ත සිද්දිය කිවිවොත්
බට්ටි අකමැති වෙයි කියලා…
මොකද බට්ටි කාගෙවත් හිතක් එහෙම රිදවන්න කැමත් කෙනෙකුත් නෙමේ චණ්ඩි පැටියා වගේ හිටියට

“ඉතිං අයියා, ඔයා කැමතිත් නැත්නම්, ඒ අක්කි එහෙම ලොකුවට කැමැත්තකුත් නැත්නම්, ඔයාලාගේ අම්මිලාට කියලා ඕක විසඳගන්නකො””

“”බෑනෙ බබා…
එහෙම වුණත් ඔයා ගැන කියන්න අමාරුයි ගෙදරට දැන්ම””

“ඇයි ???
අපි⁣ට ඒ අක්කිලට තරම්සල්ලි නැති නිසාද””

“”ඒකත් හේතුවක්. අනික ඔයා නිසා එයාව එපා කිව්වොත් ඒක එච්චර හරි නෑ නේද බබෝ…””

“”ඔයාගෙ මල්ලි වැඩ කරන්නෙ නිට්ටඹුවෙ ෆැක්ටරි එකකද””

“”ඔව්. ඇයි..??””

“”මල්ලිට කෙල්ලෙක් ඉන්නවද අයියේ..””

“”තාම නම් නෑ…හිත ගිය කවුද ඉන්නවා කව්වෙ..මොකේ මේ අපේ මල්ලි ගැන අහන්නෙ””

“”නිකං අනේ…දැනගන්න. ඇයි එපාද””

“”හා හා..
පිස්සි…
දැන් නිදාගන්න මගෙ චූටි බෝම්බෙ …
මටත් නිදිමතයි””

“”හලී…
Good night
උම්මියා ..””

😄 ළඟට ආවම දෙන්නකො…
ඔහොම දුන්නට දැනෙන්නේ නෑනේ…😘
Good night බබෝ…””

😋😋😋😋

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දින තුනක් ගෙවී ගියේ සාමාන්‍ය සිදුවීම් මැදින්…
තේජාන් බට්ටිට කෝල් කලා විතරයි..
ඉඳුවර පොඩ්ඩිට කතා කලේම නැති තරම්..
Good morning මැසේජ් එකයි වැඩ ඇරුණම පරිස්සමින් යන්න ක්යන් මැසේජ් එකයි නම් නොවරදවා ලැබුණා…
ලොක්කි ගෙදර ඉන්න අන්තිම දවස් ටික නිසා
අම්මා ළඟම ගැවසෙමින් දවල් වරුවම ගෙදර වැඩ වල යෙදෙන්නේ
නංගිලා දෙන්නත් නැති නිසා…

ලොක්කී…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *