මිහිදුම් සිහින…..28

28 වන සිහිනය
💗💗💗බෝනස් 😜😜😜💗💗💗
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අම්මි…
හෙට විෂ්මිගෙ ගෙදර අයත් එක්ක dinner out එකක් තියෙනවා…

තේජාන් ගෙදර එද්දි ඉස්තෝප්පුවෙ ඉඳගෙන හිටපු අම්මාට කිව්වා….

ඇයි පුතේ හදිස්සියෙ…

දන්නෙ නෑ අම්මි..
අප්පච්චිට කියන්න…
අම්මි…

තේජාන් අසරණ හඬින් කතා කළේ…
අම්මාගෙ පුටුව ළඟ බිමින් ඉඳගෙන ඔළුවඅම්මගෙ ඔඩොක්කුවෙන් තියාගතතා..

ඇයි ලොකු පුතා…
කවදාවත් නැතුව…

අම්මි…
මම මෙච්චර කල් අම්මිලා කිව්ව කිසිදෙයක් ඇහුවෙ නෑ..
ඒ වගේම හිතුමතේ වැඩ කළා..
දැන් ඒවම මට වදයක් වෙලා අම්මි…….

කියන්නකො පුතා..
මොකද්ද ප්‍රශ්නෙ…

අම්මි මට විෂ්මිට දුකක් දෙන්නත් බෑ…
ඒත් මගේ මිතුණි ව අත අරින්නත් බෑ…

මොකද්ද පුතා ඒ කතාවෙ තේරුම…
ඔයා කෙල්ලො දෙන්නෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ…

අම්මි…
හෙට ඩිනර් එකේදි එහෙනම් අර මුලින් කිව්ව හඳහන් ප්‍රශ්න ගැන කියන්නකො විෂ්මිගෙ family එකට…
විෂ්මිට දුකක් දීලා මට සතුටින් ඉන්නත් බෑනෙ අම්මි…
විෂ් හිත හොඳින් මගෙන් ඈතට යනවා නම් මම කැමති…

මට තේරෙන්නෙ නෑ ලොකු පුතා ඔයා ⁣මොනවා කරන්න හදනවද කියලා..
දැන් ඔය කියන අනිත් ළමයා කවුද..

ආ..
එයා ගැන මම වෙලාව ආවම කියන්නම්…
එතකල් අහන්නෙපා..
කියපු තේජාන් නැගිටලා යන්න ගියා…

තේජාන් මේ ටිකේ බට්ටි එක්ක වුණත් වැඩියම කතා කළේ නෑ…
විෂ්මියි බට්ටියි අතර දෝලනයක තමා තෙජාන් හිටියෙ…
බට්ටි ගැන වුණත් තමන්ගෙ හිතේ හරි තීරණයක් නැද්ද කියලත් තේජාන්ට හිතුණා…
වෙලාවකට මේ සේරම දමලා ගහලා ආයෙම පරණ තේජාන් වෙන්නත් හිතෙනවා….

ආ අයියණ්ඩි…
මෙකෝ ඉතිං වෙන්නෙ…
හෙට dinner out ලු නේද…
අම්මි කිව්වෙ ..
අනුහස් වැඩ ඇරිලා එන ගමන්ම කාමරේට ආවෙ තේජාන්ගෙන් එහෙම අහගෙන..

අම්මි කිව්වා නම්
මගෙන් අහන්නෙ ආයෙම😠

⁣තේජාන් තමන්ගෙ හිතේ තිබ්බ නොසන්සුන් කම අනුහස්ගෙ පිටින් ඇරියා

මොකෝ බං අයියෙ…
මම ආවෙ මට එන්න වෙන්නෙ නෑ කියන්න.

ඇයි මොකෝ උඹට බැරි….😠

අනේ මේ ..
මොකද අයියෙ මේ…
මුලින්ම කියන්න ඇයි දැන් මළ පැනලා
ඉන්නෙ…

මොකුත් නෑ…
අැයි උඹට එන්න බැරි

අනේ අයියෙ මම ඇවිත් මොනවා කරන්නද
එදා විෂ්මි අක්කිලාගෙ ගෙදර ගිය වෙලෙත් එපා වුණා මට…
අනික හෙට මම ටිකක් ලේට් වෙනවා එද්දි.
USA වල Customer meeting එකක් තියෙනවා online. ඒක ගන්නවා කිව්වෙ 4.30ට කීයට ඉවර වෙයිද දන්නෙ නෑ….

හරි හරි ..
මට ඕවා වැඩක් නෑ..
උඹ එන්නෙ නෑනෙ එච්චරයි ..

අයියෙ ..
මේ අහන්නකො..
අද අපි දෙන්නා යමුද තව ටිකකින් පොඩි රවුමක් දාලා එන්න…
ගොඩ දවසකින් අපිට දෙන්නාට කතා කරන්නත් බැරි වුණානෙ…

මට බෑ බං..
තේජාන් ඇඳන් හිටපු ෂර්ට් එකේ බොත්තම් ටික අරින ගමන් කිව්වා….

බෑ කියලා බෑ..
ආ…
වොෂ් එකක් දාගෙන ෂෝටක් දාං
ready වෙනවා….
අපි යමු පොඩි walk එකක් දාන්න…
කියලා තේජාන්ගෙ ටවල් එකත් අරන් කර වටේ දාලා අනුහස් ගියා…

තේජාන්ට බාත්රූම් එකට ගියේ කල්පනා කරමින්මයි….

බට්ටි එක්ක ගැවසෙන්න..
බට්ටි ළඟදි දැනෙන නිදහසට හිත ලෝබ වුණත්…
විෂ්මි එක්ක ⁣වගේ classy lifestyle එකක් ගෙවන්නත් තේජාන්ට ආසයි…
බට්ටිව බලාගන්න තෙජාන්ට වෙනම වෙහෙසක් ගන්න ඕන කියලා මේ දවස් ට්කට තේජාන්ට දැණුණා…
මුලින් ඒකට ආස වුණත්
තේජාන්ගෙ රැකියාවත් එක්ක දැන් දැන් බට්ටිගෙ හුරතල් වැඩ වදයක් වෙන වෙලාවලුත් තිබුණා…
කෝල් අරන් පිස්සු කියවනවා…
බොරුවට රණ්ඩු කරනවා…
ආදරේ ඉල්ලනවා…
ඉතිං සමහර වෙලාවට තේජාන්ට තරහත් එනවා….
⁣මොකද තේජාන් කලින් ගෙවපු ජීවිතේ එහෙම නෑනෙ….
විෂ්මිත් ඒ වගේ….
බට්ටි වගේ වද දිදී තේජාන්ට කෝල් අරන් හුරතල් වෙන්න විෂ්මි එන්නෙ නෑ…
හැබැයි care නොකර ඉන්නෙත් නෑ…
බලමු අද අම්මි කතා කරයිනෙ…
විෂ්මි මොකද කියන්නෙ කියලා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

අම්මා…
අද රෑට මම උයන්නෙ…

මොකක්….
😨

ඇයි අම්මා
හැමදාම බනින්නෙ නරිබෑනා කෙනෙක් තමා ගේන්න වෙන්නෙ ඔහොම ගියොත් කියලා….

බට්ටි අද කැමැත්තෙන්ම
කුස්සියට පැනලා….
වෙනදට අම්මා කොච්චර කෑ ගැහුවත් කුස්සියට එන්න කැමති නෑ…
අම්මා එතකොට බනින්නෙ නරිබෑනා නාට්‍යයේ වගේ…
නරියෙක් එක්ක තමා කවදා හරි යන්න වෙන්නෙ කියලා…

⁣ඉතිං නරියෙක් එක්ක තියා මොකෙක් එක්ක වත් යන්නෙ නෑ කියලානෙ වෙනදට
කියන්නෙ…
අද මොකෝ මේ…
නේද අම්මා…
ලොක්කිත් විහිළු කරනවා …

ඒක තමා ලොක්කියෙ…
දැං මොනවද හදන්න හිතාගෙන ආවෙ…

අපි අද රෑ special noodles 🍜
එකක් හදමු…
ලොක්කි තමුසෙ තමා helper
අම්මා තමා chef
මම cook
හරිනේ…

ආ…
මේ බලන්නකො අම්මා..
මෙයාට helper වෙන්න මම.
අම්මා උයද්දි ඔය කිව්ව කවුරුත් නෑනෙ
කෑම හදනවා නම් සේරම කරනවා තනියම

අනා….
මොනාද
අප්පා..
මම දන්නවද කෑම හදන්න..
කන්න විතරනෙ දන්නෙ..
ඉගෙන ගන්න ආවම ඒකටත් උදලු දාන්නෙපා ලොක්කි…
අම්මා ඔයා මට කියලා දෙනවා නේද…
අපි එළවළු දාලා නූඩ්ල්ස් තෙම්පරාදු කරලා…
බිත්තර තම්බලා…
සම්බෝලයි පරිප්පු හොදියි හදමු…
හාද…😘

මෙනු එක නම් හොඳයි…
කන්න පුළුවන් විදියට හැදුවොත්…😜

යනවා යන්න…
උදව් කරන්නෙත් නැතුව අනම් මනම් කියන්න ආවොත් බලාගමුකො..
අම්මා..
නූඩ්ල්ස් තියෙනවද..

ඔව් ඔව්..
බිත්තර විතරයි නැත්තෙ
අනික්වා තියෙනවා..
ලීක්ස්,කැරට් බෝංචි ටික අරන් සුද්ද කරලා ගන්නකො එහෙනම් මම මෙතන කඩෙන් බිත්තර ගේන්නම්කො..
ආ..
වතුර එකකුත් තියන්නකො රත් වෙන්න..
ලොක්කි පොල් ගෙඩියක් බිඳලා ගාලා ගන්නකෝ..
අම්මා ගියේ කෙල්ලො දෙන්නටම වැඩ පවරලා…

මොකද බට්ටි මේ කවදාවත් නැතුව…

එහෙම තමා හලෝ….
හැමදාම එකම විදියට ඉඳලා බෑ..
දැං තමුසෙ ගියාම අපිත් දැනං ඉන්නෙපැයි දෙයක් හදාගෙන කරගෙන කන්න..
හදිස්සියෙ අම්මාට උයාගන්න බැරිවුණොත්
ආයෙ තමුසෙ ඉන්නවද උයන්න…
නෑනේ..
නෑනේ…

බට්ටි ඒක වීහිළුවෙන් කිව්වත්
ලොක්කිට දුක හිතුණා….

හැම වෙලේම මතක් කරන්නෙපා ඕයි ඕක

අැයි…
වෙඩිං එක දවසට පැනලා ගිහින් හැංගිලා ඉන්න හිතෙයිද…
නිසල් අයියට හොය හොය ඉන්න
😋

තමුසෙට නම් සේරම විහිළු නේද බට්ටි..
මම ගියාම තේරෙයිනේ…
එනවාකෝ එතකොට අඬාගෙන…

හලී මගෙ උම්මාකැටේ…
මට කියන්න මේ ලීක්ස් ගහ ඇද්ද..

ගහම ගන්නෙපා බට්ටි…
ඔය ගස් දෙකේම කොළ ටික විතරක් කපලා ගන්න…
කඳ කෑල්ල තියන්න..
කැරට් අර ලොකු අලේ විතරක් ඇති..
බෝංචි නම් කරල් 5ක් විතර ගන්න..
ආ.
දුවලා ගිහිං කරපිංචා ඉත්තක් කඩාගෙන එනවා…රම්පා කොලේකුත් එක්කම

ආ…
මොකද මේ අද දෙන්නා විතරක් කුස්සියෙ..
මම දැක්කා අම්මා අර පහළ ගෙදර නැන්දා එක්ක කයියකට අහුවෙලා ඉන්නවා කඩේ ළඟ
මම එනවා වත් දැක්කෙ නෑ..
හොඳ ලොකු රෙද්දක් වගේ හෝදන්නෙ..😄

පොඩ්ඩිත් වැඩ අැරිලා ඇවිත් කුස්සියට එබුණෙ ඒ වෙලාවෙ….

ආ අද cook බට්ටි…
ළඟකදි බඩ විරේක කලේ නෑ නේ…
ඒ නිසා නොමිලේම බඩ සුද්ද කරලා දෙන්න යන්නෙ තමුසෙලාගෙ..
යනවා යනවා..
ගිහින් වෙන ඇඳුමක් දාගෙන එනවා…
වැඩ තියෙනවා කරන්න…

බට්ටි අණ දෙන නිළධාරි වගේ කිව්වෙ…

ඇහුණද ලොක්කි…
එයාම පිළිගන්නවා අපිට බඩ විරේක දෙන්න යන්නෙ කියලා..
😛😄😄

ඒම තමා මම
හරිය…
ආයෙ බොරුවක් වංචාවක් නෑ….
කෙලින් කතාව…..

ආ..
පොඩ්ඩි කොයි වෙලේද අාවෙ..
මම දැක්කෙත් නෑනෙ…
අම්මා බිත්තර අරන් ආවා…

😄කොහෙ දකින්නද
අම්මා අර මැණිකෙ නැන්දා එක්ක රෙදි කන්දක් හෝද හෝදනෙ හිටියෙ…

අනේ අනේ පොඩ්ඩි…
රෙද් හේදුවා නෙමේ..
වටේ පිටේ වෙන දේවල් දැනං ඉන්නෙපැයි
ජීවත් වෙනකොට..

උඹලා වගේ රස්සාවට ගියා ගෙදර ආවා..
කෑවා බිව්වා නිදාගත්තා..
විදියට ඉඳලා හරියන්නෙ නෑ…

අම්මියෝ..
හරි හරි..
මම ඇඳුමක් දාගෙන එන්නම්…
හදන විදිය බලන්නැතුව කන්න හිත දෙන්නෙ නෑ වගේ..
බට්ටි⁣ මොනවා දායිද කවුද දන්නේ😜

එහෙම කියමින් කටත් ඇද කර කර පොඩ්ඩි ගියා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අයියෙ යමං…
ලෑස්ති නේ..
මගෙ වෙසල් කට්ටෙ යනවාද
උඹේ ඇතා පිටේ යනවද..

දැං කොහෙද යන්නෙ..

නිකං චැට් එකක් දාන්න…

එහෙනම් යමං පයින්…

හරි බං අයියෙ..
පයිං යමු..
කොහෙ හරි නිදහස් තැනකට ගිහිං…

උ⁣⁣ඹේ එකේ යමං..
මට බෑ ඩ්‍රයිව් කරන්න…

අම්මි…
අයියයි මමයි ටිකක් එළියට
ගිහින් එන්නම්..

කන්න එන්නැද්ද පුතාලා..

එනවා අම්මි…
මේ නිකං ළඟට ගිහින් එන්නම්
8.30 විතර වෙද්දි අපි එනවා…

හරි හරි..
එහෙනම් පරිස්සමින්..
අප්පච්චිත් නෑ තව..
අපි පුතාලා එනකල් ඉන්නවා එහෙනම්
කන්න…

හරි අම්මි…
අපි එනවා අම්මිලා එක්ක කන්න..

අනුහස් වාහනේට නැගලා ස්ටාට් කරන්න යද්දි…
හවස හොඳට ඇවිත් නවත්තපු වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ…
තේජාන් එහා පැත්තෙ ඉඳගෙන ෆෝන් එක අරන් බට්ටි එවලා තිබ්බ මැසේජ් බැලුවා…

“”දිගංචියෝ..💙💙
ඔයා ගෙදර ගියාද..””

“”Mr.Thejan bussyද
මට දැන් මැසේජ් දාන්නෙත් නෑ””

“”ඔන්න මම අද උයන්න ඉගෙනගන්න හදන්නේ””

අන්තිම මැසේජ් එක දැකලා තේජාන්ට හිනා ගියේ දවසක් උයන්න දන්නෙ නෑ කියපුවාම කෙල්ලව පල් කරපු හැටි…
ඇත්තටම ඒ නිසා තමා බට්ටිත් උයන්න ඉගෙන ගන්න හිතුවෙ..
මුලින්ම ජාමේ බේරගන්න කෑමක් ඉගෙන ගන්න තමා නූඩ්ල්ස් හදන්නෙ…😜

අයියේ..
බලපංකො බං මේක ස්ටාට් වෙන්නෙ නෑනෙ…
උඹ ඉතිං ෆෝන් එකට හිනා වෙයං..
විෂ්ම් අක්කාද බෝම්බෙද..

උඹට ඒවයිං වැඩක් නෑනේ..
අනේ උඹේ ⁣මහලොකු වෙසල් කට්ට…
යමං මගෙ වාහනේ..

ඇයි බං මේක මම දැං හොඳට ඇවිත් නැවැත්තුවෙ හවස…
මොනවා වෙලාද බං…

අම්මී….
මගෙ key එක ගේන්නකෝ..
තේජාන් වාහනෙන් බැහැලා අම්මාට කිව්වා..

ආ..
පුතේ.
මොනවා වෙලාද පොඩි පුතාගෙ වාහනේ..
බාදයි වගේ නේද..
යන්නම ඕනද…
වැදගත් වැඩක්ද….
යතුර දෙන ගමන් අම්මා කිව්වා..

මොන බාධාවක්ද අම්මා….
අපි ගිහින් එන්නම්..
ආ..
උඹම ඩ්‍රයිව් කරපං..
මට බෑ…
කියලා අනුහස්ට යතුර විසි කළා..

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *