මිහිදුම් සිහින…..29

29 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තේජාන් විසි කරපු යතුරත් අරන් තේජාන්ගෙ Montero sport රථයට නැගුණ අනුහස් වාහනේ අරන් ගියේ …
ඒ කිට්ටුව තිබිච්ච jogging path එකක් තියෙන තැනකට..

අයියෙ…
යමං පොඩි walk එකක් දාන ගමන්
chat එකක් දාමු…

ඉතිං දැන් කියපංකො අයියෙ අර උඹේ බෝම්බෙ ගැන…

ආ…
දැං උඹ මාව එක්ක ආවෙ ඒ ගැන අහගන්නද…

නෑ අයියෙ..
අයියා මේ ටිකේ හරිම වෙනස්…
කලින් හිටපු වසවර්ති තේජානුත් නෙමේ…
වෙනමම තේජාන් කෙනෙක් දැන් ඉන්නෙ..
මා එක්ක වෙනදත් අයියා දේවල් බෙදා ගත්තෙ නෑ තමා…
ඒත් මට දැනෙන දේ මම අහන්න ඕනානේ..
ඒකයි ඇහුවෙ..
අයියා මට නොකිව්වත් කමක් නෑ..
ටිකක් relax වෙන්නකො..

නෑ බං….
මම විෂ්මි ගැන අවුලෙන් ඉන්නෙ…
විෂ්මි ⁣රට ගිහිල්ලත් වෙනස් වුණේ නෑනෙ බං..
මං ගැනම හිතුවාලු…
යාළුවොන්ගෙනුත් මං ගැනමලු ඇහුවෙ ස්විස් ඉද්දිත්..

ඉතිං අයියෙ..
එහෙනම් ඔයා සම්පූර්ණයෙන්ම වැරදි..
අර අනිත් ළමයාට hopes දුන්න එක..
ඒ නංගි නිසා අයියා වෙනස්වුණ එක හරි..
එ්ත් අයියා .
ඔයා ගෑණු ළමයි දෙන්නෙක්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්නෙ…
ඒක එච්චර හොඳ වැඩක් නෙමේ…

මම ඒක දන්නවා බං..
ඒකනෙ මටත් අවුල්..

දන්නවද..
මම කිව්වා නේද මට ගෑණු ළමයෙක් ගැන හිත ගියා කියලා…
මම ඒ ළමයා එක්ක කතා කළා..
විස්තරත් දැනගත්තා …
තේරුණා ඒ ළමයත් මට අකමැති නෑ කියලා…
ඒත් මම තාම ඒ ළමයට කිව්වෙ නෑ..
මොකද මට බයයි එහෙම බලාපොරොත්තු දෙන්න..
අම්මිලා කැමති වෙයිද නැද්ද දන්නෙත් නෑ..
ඒ නිසා මම අම්මිලා එක්කම එහෙ යන්න ඉන්නෙ තව ටික දවසකින්…
ඒ ළමයාගෙ අක්කාගෙ වෙඩින් එක තියෙනවා ළඟදි…
එ කලබල අස්සෙ අපිත් යන්න ඕන නෑනේ..
එකයි ටිකක් හිටියෙ…

හ්ම්ම් ..
බලමුකො..
හෙට ඩිනර් එකට ගිහින් මම දෙකෙන් එකක් තීරණය කරනවා….

අනේ මන්දා බං පවු අර චූටි බෝම්බෙ …
වයසිනුත් අඩුයි කිව්වා නේද…
කොහොම දරාගනියිද අයියෙ උඹ විෂ්මි අක්කිව තෝරගත්තොත්…

මට තේරෙන්නෙත් නෑ බං…
මගුල..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලීක්ස් ටිකත් ඉරි ඉරි කපලා.
කැරට් ටිකත් ග්‍රේටර් කරලා..
බෝංචි ටික රවුමට කපලා..
තියාගත්තා පැත්තට කරලා..

සුදුලූනුත් යහමින් තලලා…
කරපිංචා කොළ ටික කඩලා..
අබ ඇට ටිකකුත් කුඩු කරලා…
හීනියටම ලූණුත් කපලා…

දානවා තෙල් ටික රත් කරලා….
රස වෙන්නට ලුණු කුඩු ටිකකුයි..
ගම්මිරිස් කුඩුයි කහ පොඩ්ඩයි…
බිත්තර ගෙඩි දෙකකුත් දාලා…
නෑ නෑ…
එකක් ඇති අනිත්වා තම්බනවානේ

නූඩ්ල්ස් හැදුවේ බට්ටි තමයි…
අහුවෙන්නේ දැං ලොක්කි තමයි..

😂😃😄😅😄😃😂😃😅😆😆😃😄😂

පොඩ්ඩියි ලොක්කියි බඩ අල්ලන් හිනා වෙනවා…
බට්ටි, මකබාස්ලා ක්ලියෝපැට්රාට කේක් එක හදනකොට කිව්ව සිංදුව ප්‍රතිසංස්කරණය කරලා කිය කිය තමා ලොක්කි කිව්ව විදියට නූඩ්ල්ස් එක හැදුවෙ..
අම්මා ඕන කරන ඒවා ළං කරලා දීලා ඇඟ හෝදගන්න ගියේ
කාගෙකින් කුස්සියෙන් කලින්ම නිදහස් වුණ නිසා…
අක්කා නගෝලා තුන්දෙනා තමා කෑම හැදුවෙ…
පොඩ්ඩි පොල් සම්බෝලෙ හදද්දි ලොක්කි පරිප්පු හැදුවා…

දෙහි අැඹුලුත් යහමින් දාලා
සම්බෝලය පොඩ්ඩී හැදුවා….
ගමකට පොල් කිරි මිරිකාලා….
ලොක්කිගෙ පරිප්පු ගඟ හැදුවා…

ඒ වුණාට රසම නූඩ්ල්ස් එක…
ඕ..යේ…
බට්ටිනෙ හැදුවේ…
😜😜😜😛😜😜😛😜

මරු බට්ටි තමුසෙගෙ සිංදුව…
හා හා…
දැං ගත්තුවා ගත්ත තැන් වලින් තියලා…
තිබ්බා වගේම කුස්සිය අස් කරන්න ඕන..
නැත්නම් ඉව්ව එකෙනුත් වැඩක් නෑ…

අයියූ…
ඒක ඔයාලා දෙන්නට කරන්න බැයිද..
මං වෙනුවෙන්…..
මං ඉතිං සස…
කෑමක් හැදුවනේ ඔයාලට…

අනේ බට්ටි…
එහෙම බෑ…
ඔයා පුරුදුවෙන්න ඕනෙ ඒකත්..
තුන්දෙනාම ටක් ගාලා අස් කරලා යමු ළිඳ ළඟට…

හාකු…හාකු…
තුන්දෙනාම එකතු වෙලා කුස්සියත් අස් කරලා කාමරේට ගිහින් ඇඳුම් කැඩුම් අරගෙන ළිඳ ළඟට ගියා….

බට්ටි…
ආයෙ P&S හැන්ඩියාව හම්බුණේ නැද්ද…

බට්ටි ටිකක් ගැස්සුණත්
අනිත් දෙන්නට ඒක දැණුණෙ නෑ..

නෑ ලොක්කි…
ඒවා වැඩක් නෑ..
“”එයා නෙමෙයි බඹා කෙටූ එක්කෙනා…””
ද දන්නෙ නෑ නේ..
බට්ටි පොඩි රංගනයක්දාලා ඒක කිව්වෙ..

😄😄බලන්නකො ලොක්කි..
මෙයා මාර හැපි නේද මේ ටිකේ …
සිංදුවෙන්මයි කතාව…

ඒක තමා..😄😄😄
දවස් දෙක තුනක් හෙණ ගහලා වගේ හිටියා…
අනේ මන්දා…

මේ ලොක්කි…
වෙඩිමෙ,
නිසල් අයියාගෙ යාළුවන්ට
තේජාන් අයියත් ඉන්නවද ..

ආ…ආ…
ඒ මොකෝ…
ඒ ගමන තේජාන්ට අය්යට හිත ගියාද…

නෑ හලෝ…
දැනගන්න ඇහුවෙ…
වෙඩිමෙ හැම මගුලටම තේජාන් අයියා ආවනේ ඒකයි..

ඔව් ඔව්…
තේජාන් අයියයි තව ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාළුවෙකුයි ඉන්නෙ…

අනිත් අයියත් හැන්ඩියාද..

ආ පේනවද ලොක්කි…
මේකි නොකියා කිව්වෙ තේජාන් අයියා හැන්ඩියා කියලා…
මට නම් සැකයි…
නයයි මුගටියයි වගේ ඉඳලා එදා ඒ අයියා එක්ක වාහනෙත් ආවා…
පොඩ්ඩි හොර බැල්මක් බට්ටිට දාලා කිව්වේ…

අනේ මේ..
පිස්සු කියවන්නැතුව ආවා නම් කුණු ටික ⁣යන්න නාගන්නවා..
කියලා වතුර එකක් පොඩ්ඩිගෙ ඇඟට ගැහුවා…

තුන්දෙනා වතුරත් ගහගෙන..
නාගෙන කරගෙන ගෙදර ආවා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අයියෙ ..
8යි බං වෙලාව
යමු නේ…

යමු යමු..
කොච්චර හිටියත්, කොච්චර හිතුවත් ⁣
වැඩක් නෑ….
දීපං මම ගන්නම් වාහනේ..

ඇයි මගෙ ඩ්‍රයිවිං හරි නැද්ද අයියාගෙ සුපිරි වාහනේට…

නෑ බං..
එද්දි මූඩ් එක අවුල් වෙලා තිබ්බෙ..
දැං ටිකක් ෆිට්..
අවුලක් නෑ එහෙනම් යමං..

නෑ නෑ..
ආ.
අයියාම ගන්න..
අනුහස් යතුර තේජාන් අත⁣ට දුන්නා ..

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *