මිහිදුම් සිහින…..32
32 වන සිහිනය
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
හලෝ…
රණසිංහ…
Come come..
කලින්ම ආව
විෂ්මි ගෙ දෙමව්පියනුත් විෂ්මි සහ තේජානුත් බලන් හිටියෙ
තේජාන්ගෙ දෙමව්පියන් එනකල්…
සුනන්දලා ගොඩක් වෙලා බලන් හිටියද අපි එනකල්..
පෑලියගොඩ ඉඳලා ට්‍රැෆික් එකට
අහු වුණා ..
ඔෆිස් ටයිම්නේ..
දන්නැද්ද ඉතිං….
අපෝ ඒ ගැන නම් කතා කරලා
වැඩක් නෑ…
වාහන ටික පාරට දාගත්තට පස්සෙ පයින් යනවා වගේ තමා….
ඉතිං..
දැං මේ හදිස්සියෙ මේ ගමන සූදානම් කලේ ඇයි කියලා කතා කරගමුකෝ..
වේටර් අරන් ආව ෆෘට් ජූස් එකත් ළඟට ගන්න ගමන් තේජාන්ගෙ අප්පච්චි රණසිංහ කිව්වා….
මෙහෙමයි රණසිංහ …
විෂ්මි අපේ එකම දරුවනේ…
අපි කැමති දැන් මේක ඉක්මනින් ඉවරයක් කරන්න..
මොකද මට මැනේජ්මන්ට් එකකුත් ඉන්න නිසා,
දූ රට ඉද්දිත් මමයි රමණියි දෙන්නම තමා රට එහෙම යද්දි ගියේ…
ඒත් දැන් දූව දාලා යන්න බෑනෙ…
දූත් කැමති නිසා මේක පිළිවෙලක් කළා නම් අපේ වගකීමෙන් නිදහස්නේ..
හහ් හහ්..
නේද…..
ඒක හරි…
ඒත් මේ..
තනූ..
ඔයාට මොනවද කියන්න තියෙනවා නේද??
තෙජාන්ගෙ අප්පච්චි ඒ ඇහුවෙ
තේජාන් කියන්න කිව්ව හඳහන් ප්‍රශ්නෙ…
මේ..
අපි, ඉතිං සිරිතක් විදියට හඳහන් බැලෙව්වා…
මේ දෙන්නාගෙ හඳහන් නම් එච්චර ගැළපෙන්නෙ නෑ..
මේ බලන්නකො..
දෙන්නට එකට වසන්න බෑලු..
බැන්දත් සාර්තක පවුල් ජීවිතයක් නෑ කියන්නෙ…
හඳහන් කොළේ විෂ්මිගේ මමීට දෙන ගමන් තේජාන්ගෙ අම්මා කිව්වා…
හහ්…හහ්….
රණසිංහලා ඔච්චරම traditional කියලා අපි හිතුවෙ නෑ…
ඕවා බලලද මේ හැමොම මංගල්ල කරන්නෙ..
අනික මේ දෙන්නා මේවා කතා කරගත්තෙ ඕවා හිතලා නෙමෙයිනෙ නංගි..
එහෙම නේද තෙජාන් පුතා..
ඒකනෙ..
What nonsense …
අපේ ඩෝටිට ඔයාලා මේ කරන්නෙ සුළුපටු ලැජ්ජාවක් හෙම නෙමේ…
විෂ්මිගෙ අම්මාට නම් දැනටමත් තරහා ගිහින්..
මේ…මේ…ම්..
අම්මි ..
අප්පච්චිලා ඒවා බලනවානෙ අංකල්
මේ ..
ඒකයි..
තේජාන්ට උත්තර නෑ…
හරි දැං පුතා මොකද කියන්නේ..
මේක වෙන්නෙ නෑ කියලද…
අපි ආවෙ මේක ඉක්මනින් කරමු කියන්න
රණසිංහලා ඇවිත් තියෙන්නෙ නොකෙරෙන තැනට කතා කරන්නනෙ..
විෂ්මිගෙ තාත්තා කතා කළේ ටිකක් ආවේගයෙන්…
දූ..
ඔයා මොකද කියන්නෙ
විෂ්මි දිහා බලපු රණවීර ඇහුවා..
තේජ්..
What the hell….
මේ මොකද්ද මේ වෙන්නෙ…
ඔයා මේ ගැන දන්නවද..
දැන් මේ හඳහනක් නිසා මගෙ යාළුවො සේරටම කියලා තියෙද්දි ඔයා මාව අත අරින්නද යන්නෙ….
එදා club ගිය දවසෙ ඔයා
එතනත් announce කළා..
propose කළෙත් ඩැඩාගෙ යාළුවොත් හිටපු රයන්ගෙ party ,එකේදී..
ඩැඩා..
මම නම් මැරෙනවා..
මට බෑ මේ ලැජ්ජාව දරාගන්න…
විෂ්මි නැගිටලා වේගෙන් එළියට ගියා…
විෂ්..
විෂ්
ඔහොම නවතින්න කියමින් තේජානුත් විෂ්මි පස්සෙන් දිව්වා…
Mr.& mrs.රණසිංහ
ඔයාලා මේ කළේ එච්චර හොඳ දෙයක් නෙමේ…
ළඟට කතා කරලා මූණට කෙළ ගැහුවා වගේ වැඩක්…
අපේ ඩෝටිව දෙන්න කෙනෙක් නැතුව වත්.marry කරන්න බැරුව වත් නෙමෙයිනෙ..
ඩෝටිට තේජාන්ට වඩා හොඳ කෙනෙක් කතා කරලා දෙන්න අපිට බැරි නෑ…
ඒත් දූ තේජාන් ගැන හිතේ තියන් ඉඳලා තියෙන්නෙ අද ඊයෙ නෙමේ…
ස්විස් ඉඳලත් වෙනස් නොවී ආවෙ තේජාන් වෙනුවෙන්..
තේජාන් වුණත් මෙච්චරකල් ඉඳලා propose කලේ පුතාටත් දූව ඕන නිසානෙ…
ඔය විකාර බලනවා නම් මේවා වටේටම කියන්න කලින් ඕනනෙ බලන්න..
රණසිංහලා අපේ දුවට අකමැත්තක් තියෙනවද…..
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ තේජාන්ට නෙමෙයි ඔයාලටනෙ…
නැත්නම් තේජාන් මේ ගැන කියනවානේ…
තේජාන්ගෙ දෙමව්පියන් ලොකු අපහසුතාවයකට පත් වුණා..
තේජාන් කිව්ව නිසා හඳහන් ගැන කියන්න ආවත්…
දැන් සුනන්ද ගේන තර්ක වලට රණසිංහට කට උත්තර නැති වෙලා…
තේජාන්ගෙ අප්පච්චිට ගොඩක් තරහා ගියා තේජාන් ගැන….
මෙහෙමයි සුනන්ද..
මේවා අපි හොයලා දුන්න ඒවා නෙමෙයිනේ…
තේජාන් අපිට මොකුත්ම කිව්වෙත් නෑ…
එදා සුනන්දලාගෙ දිහා එන්න කලින් දවසෙ තමා අපිට කිව්වෙ ..
ඒකත් ඔච්චර විස්තර අපි දන්නෙ නෑ…
මේක අපේ විදිය සුනන්ද තරහා වෙන්නෙපා…
අපි දෙන්නාගෙත් හඳහන් ගලපලා තමා ඒ කාලෙ අපේ අම්මලා බැන්දුවෙ…
ඒ නිසා අපි අපේ යුතුකම කළේ…
තේජාන්ට අපි මේ ගැන කිවවා..
එයා තමා කිව්වෙ අම්මලාම කියලා බලන්න කියලා…
ප්‍රශ්නයක් නෑ…
ඒ දෙන්නා කැමති නම් කරලා දෙමු…
අපිටත් එහෙම ගැටළුවක් නෑ ඒ ගැන…
එයාලානෙ එකට ජීවත් වෙන්නෙ…
*********—********
විෂ්…
නවතින්න විෂ්…
විෂ්මි වේගෙන්ම දුවගෙන වගේ පාර දිගේ ගියේ හිතේ ඇතිවුණ තරහට…
විෂ්මිටත් තේජාන්ට වගේම ගොඩක් තරහා යනවා…
හැබැයි තේජාන්ට වගේ හැම පොඩි දේටම නෙමේ…
තේජාන් දුවගෙන ගිහින් විෂ්මිගෙ අතින් අල්ලලා
ඇදලා පාර කියලා බලන්නෙත් නැතුව පපුවට තුරුල් කරගත්තා…
විෂ්….
බබී…
ඔයාට මාව ඕනමද…
විෂ්මි තේජාන්ගෙ පපුවට තවත් තුරුල් වුණා…
තේජ් ඔයා කොහොමද මගෙන් එහෙම අහන්නෙවත්..
You know how much i need u…
How much i love you…
how could u…??
Im really sorry විෂ්….
අපි මැරි කරමු…
Dont cry baby…
හඳහන් වලින් වැඩක් නෑ…
යමු ..
අම්මිලා බය වෙලා ඇති…
තේජාන් විෂ්මිව
තුරුල් කරගෙනම ආපහු අවා…
අම්මි…
අප්පච්චී…
මගෙයි විෂ්ගෙයි මැරේජ් එක වෙනවා…
අනිත් සේරම අමතක කරමු…
හරි ලොකු පුතා..
ඒක නම් ඔයාගෙ තීරණේ
මමයි අප්පච්චියි විරුද්ධ වෙන්නෙ නෑ…
අපි එහෙනම් ළඟම තියෙන නැකතක් බලමු නේද…
ඒකනේ රණසිංහ..
අපේ දූ වගෙම තමා..
තේජාන් පුතාත් දූ වෙනුවෙන් මෙච්චරකල් බලන් උන්න එකේ
බොරු දේවල් පස්සෙ ගිහින් මොකටද හිත් අමනාපකම්…
එහෙන්ම් අපි ඉක්මනින්ම මේ කටයුතු එකලාසයක් කරලා දාමු…
දැන් ඉතිං කමු නේද..
කෑම නිමෙන්නත් යනවා…
තේජාන් කෑම ගත්තෙ හිතේ ලොකු වේදනාවක් එක්ක…
හඳහන නෙමෙයි තේජාන්ගෙ හිතයි ප්‍රශ්නෙ…
විෂ්මිව ලැබෙනකොට මිතුණිව තමන්ගෙන් ගිලිහී යනව….
ඒ හුරතලේ..
ඒ දඟකාරකම්…
ඒ මුරණ්ඩුකම තමන්ට නැති වෙනවා….
ජීවිතේ විඳින්න ලැබෙන එකක් නෑ..
අදින් පස්සෙ classy lifestyle එක විතරක් ඉතුරුවෙනවා…
මහන්සි වෙලා බිස්නස් ලෝකෙ සැරිසරලා ගෙදර ඇවිල්ලත් ඒ විදියටම ඉන්නවා මිසක්
චූටි බෝම්බෙත් එක්ක වගේ නිදහසේ ජීවිතේ පාවෙන්න වෙලාවක් නම් නැති වෙයි…
ඒත් දැන් ආපහු හැරෙන්න බෑ…
මට සමාවෙන්න මගෙ චූටි බෝම්බෙ…
ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙයි..
ඒ කෙනා
ගොඩක් සතුටින් ඉඳියි…
මට ඒක නම් දරාගන්න බැරිවෙයි මගෙ දඟකාරි..
තේජ්..
විෂ්මි අත තියලා කතා කළාම තමා තේජාන් සිතුවිල්ලෙන් මිදුණෙ..
ආහ්…
විෂ්….
ඇයි තේජ් ඔයා කල්පනා කරන්නෙ..
ඔයත් අකමැත්තෙන්ද මේක කරන්න යන්නෙ…
නෑ විෂ්….
මම මේ ඉක්මනින් මේවා වුණාම අපි ස්ව්ස් යන්න කලින් අප්පච්චිට තනියම මේවා බලාගන්නත් බෑනේ
ඒකට මොකෙද කරන්නෙ කියලා හිතුවෙ..
ඔයා කාලත් නෑ තේජ්…
මම එන්න කලින් අම්මිගෙ ටී එකක් බිව්වානෙ අනේ….
බණ්ඩි ෆුල්…
බට්ටි ගෙදර ඇවිත් වෙනදා වගේම හිටියෙ තේජාන්ව හෙට හම්බෙනවා කියලා දන්න නිසා…
පොඩ්ඩි නම් ගෙදර ආවෙ මූණ දෙක කරගෙන…
ලොක්කී..
එනවාකෝ..
මට කියන්න දෙයක් තියෙනවා…
කුස්සියට එබිලා ලොක්කිටත් කතා කරලම කාමරේට ගිහින් ඇඳට වැටුණා…
මොකද මොකද මේ..
ඉඳුවර ලොක්කා අද මිසිස් සූරියආරච්චි එක්ක ෆැක්ටරියට ආවද..
කියාගනෙම ඇවිත් බට්ටි
පොඩ්ඩිගෙ ඇඟ උඩටම පැන්නා….
ලොක්කි තාම නෑ…
ආ..වු…
බූරිච්චි..
මගෙ කොන්ද…
බට්ටිව එහාට තල්ලු කරගෙනම
පොඩ්ඩි ඇඳෙන් ඉඳගත්තා…
මොන ගායක් හැදිලද මන්දා….
මගෙ කොන්දත් මොකද්ද වුණා..
කෝ කෝ..
මොකද්ද වුණේ
බලනවා බලනවා..
කියලා බට්ටි පොඩ්ඩිගෙ බලව්ස් එක උස්සන ගමන් ඉණ හරිය ඇල්ලුවෙ පොඩ්ඩිට හොඳටම කිචි කියලා දන්න නිසා..
ඉහී..ඊඊඊඊඊ…ම්හ්..
ඈ….
මෝඩි…ඊ…ඊ.. ඊ
යනවා යන්න
මගේ කොන්ද මම බලාගන්නම්…
යනවා යන්න..
එනවා මෙතන…
ඒ මේ…
පවු හලෝ ඉඳුවර ලොක්කා..
ඇයි…
මොකෝ පවු…
නෑ ඉතිං තමුසෙව අරං…
හනිමූන් ගිහින්…
කොල්ලාට හෝටලේ උන් අල්ලන් ගහයිද දන්නෙ නෑනෙ..
ආ..හ්…
ඇයි ගහන්නෙ
ඇයි ඕයි ඒකට තමුසෙව අල්ලන්න වෙන්නෙ නෑනෙ..
අල්ලපු ගමන් කෑගහයි දැං වගේ..
වටේ පිටේ උං පොලු මුගුරු අරන් අර ඉඳුවරයට නෙලයි…
කෙල්ලෙක්ව බලෙන් උස්සන් ඇවිත් කියලා…
අනේ මේ..
තමුසෙ..
හැදිලා ඉවරයි දැන්..
මම ඒක් එතකොට බලාගන්නම්කො තමුසෙ ඉන්නවා පාඩුවෙ…
ආ..හා…
ඇයි අපි අල්ලද්දි විතරද තමුසෙට කිචි…
ආ…ආ…
කියනවා…
බට්ටී….
ඕනාවට වැඩි හොඳේ…
කට වහගන්නවා…
මොකද මොකද මේ දෙන්නා මරාගන්නෙ..
ලොක්කි ආවෙ අත් දෙකත් පිහ පිහ…
පොඩ්ඩිගෙ කිචි සමග හනිමූන් එක ගැන කිව්වා..
ඉන්නවා ගුටි නොකා…
පොඩිකමට කියන ඒවා..
ලොක්කිත් සැර වුණා…
හලි හලි ඉතිං ඔයාට කිචි නෑ කියලා අපි දන්නවා…
ඒ නිසා අපි නිසල් අයියාට වෙන අවුල් ගැන කතා කළේ නෑනේ..
බට්ටිට රවපු ලොක්කි පොඩ්ඩි දිහාට හැරුණා…
මොකද පොඩ්ඩි මූණ මැලවිලා…
මොකද්ද කියන්න තියෙන්නෙ…
බලන්නකො ලොක්කි
අර තරිඳු නම් මහ බල්ලෙක් හලෝ…
ඇයි අද ඒක් ඔෆිස් එක මැද්දෙ
බව් බව්
ගෑවද…
බටටි…
තමුසෙට සේරම විහිළු…
යනවා යන්න මෙතනින්…
පොඩ්ඩි හිතේ තිබ්බ තරහටම එහෙම කිව්වට..
බට්ටිට දුක හිතුණා..
සොලී…
අපි ගියා…
බාදා කළාට සමාව භාජනේකට දාන්න.
මම ඕන වුණොත් ගන්නම්…
Sad mood නිසා mood fix කරන්න ගියා මදැයි..
කයලා ඇඳෙන් නැගිට්ටෙ එළියට යන්න..
අපෝ…
ඉන්නවා ඉන්නවා…
යන්න කිව්වෙ ඇත්තටයෑ…
පොඩ්ඩි ආයෙම බට්ටිගෙ අතින් ඇදලා ඇඳට වැට්ටුවා…
පොඩ්ඩක් අහන් ඉන්න බට්ටියෙ…
මට පොඩි ප්‍රශ්නයක්..
ඔයත් ඊට පස්සෙ කියන්නකො ඒකට හිතුණ
ඔයාගෙ ටිංකිරි අයිඩියා ටික…
හරිද….
හ්ම්ම් …හ්ම්ම් …
පොඩ්ඩි ඔෆිස් එකේදි වෙච්ච සේරම අකුරක් නෑර ලොක්කිටයි,
බට්ටිටයි කිව්වා…
බලන්න ලොක්කි…
මේ තරිඳුවාව මරලත් මදිනෙ…
තියෙන බලුකම…
මූ කලින් පණ දෙන්න වගේ හිටියෙ..
දැං දයාවතී වගේ ඔෆිස්එක වටේ බොරු කිය කිය යනවා….
නිකං චීත්තයක් නෙමේ ඌ නම් මල් මල් චීත්තයක් …
මේ මම දැන් කතා කරන්නද….
මෙච්චර වෙලා කට වහගෙනම හිටපු බට්ටි ඇහුවා..
හා හා..
කියනවා බලන්න මොකක් හරි අළුගුත්තේරු කතාවක් වෙන්නැති ඉතිං…
ඇත්තටම තරිඳුවා තමුසෙට පණ දෙන්න හිතාගෙන ඉන්න ඇති…
තමුසෙ ඉතිං ඉඳුවර ලොක්කාගෙ පණ ගන්න ලෑස්ති වෙනකොට
ඌට ජෙල ඇති
ඕන මෝඩයෙක්ට තේරෙනවා ඉතිං
ඕක පැහැදිළි ඊරිසියාව…
තමුසෙ මෝඩයා කියලා පිළිගත්තා නේද එහෙනම්….
ඕනම මෝඩයෙක්ට තේරෙන දේනේ තමුසෙටත් තේරුණේ…
යනවා හලෝ යන්න…
ආයෙ මොකුත් කියන්නෙ නෑ…
පොඩ්ඩි…
ඔයා ඉඳුවරට කිව්වෙ නැද්ද මේ වෙච්ච දේ
නෑ…
කොහෙ කියන්නද
දැන් යශූත් මට රබර් ඇහැ දාගත්ත ගමන්..
මැසේජ් දාන්නත් බෑ..
කෝල් ගන්නත් බෑ….
හම්බෙන්න කොහොමත් බෑනෙ…
ඉතිං දැං අරං කියනවාකො…
හෙට යන්නෙත් නෑනෙ…
බෑ ලොක්කි..
මොකද්ද meeting එකක් තියෙනවා
පුළුවන් වුණ ගමන් ගන්නම් කියලා මැසේජ් එකක් දාලා තිබ්බා….
ඉඳුවර meeting එක ඉවර වෙලා
සයිලන්ට් දාලා තිබ්බ ෆෝන් එක ගත්තෙ තරිණිට කතා කරන්න වුණත්…
දැක්ක දේ එක්ක කකුල් පණ නැති වුණා..
තවත් සිහිනයකින් හමුවෙමු……
අනුහස් මොනවද දැක්කෙ…???