මිහිදුම් සිහින…..33
33 වන සිහිනය
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
32 කොටසට තමා මම හිතන්නෙ වැඩිම ප්‍රතිචාර ලැබුණෙ …
සමහරු ආයෙ කතාව කියවන්න හිතෙන්නෙත් නෑ කිව්වා..
ඒ තරමට බට්ටිව ඒ හිත් වලට දැනිලා….
මට හරි සතුටුයි….
මගෙ කතාව කියවන්නෙ ටික දෙනෙක් වුණත් ඒ අයට දැනෙන්න මට කතාව ලියන්න පුළුවන් වෙලා….
නැවතත් ස්තූතියි දිරිගැන්වීම්, මරණ තර්ජන අැතුළු සියළු ප්‍රතිචාර වලට
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
අනුහස්ගෙ ෆෝන් එකට අප්පච්චිගෙන් කවදාවත් මේ තරම් කෝල් එන්නෙ නෑ…
මිස්ඩ් කෝල් 70ක්…
අනුහස් අප්පච්චිට ගත්තෙ
ගැහෙන හදින්
මොකක් නමුත් නොහිතූ යමක් සිදුවී ඇති බව ඉවෙන් මෙන් තේරුණා…
අප්පච්චි ..
පුතා…
රණසිංහ කතා කළේ හරිම අමාරුවෙන්..
අප්පච්චි ඇයි මොකද මේ…
කතා කරන්න…
කරදරයක් ද…
රණසිංහ අනුහස්ට කිව්ව දේත් එක්ක අනුහස්ගෙ අතින් ෆෝන් එකත් අත ඇරෙන්න ගියා…..
අප්පච්චි …..
කල්පනාවෙන් ඉන්න මම ඉක්මනට
එනවා…..
ඉකිමනින් වාහනේට නැගපු අනුහස් වේගයෙන්ම ඉගිලුණේ
රෝහලට යන්න….
තේජාන් ඇතුළු සියළු දෙනා කෑම අරන් ඉවරවෙලා එන්න පිටත් වුණා…
ලොකු පුතා..
මමයි අම්මයි එහෙනම් යනවා..
පුතා විෂ්මි දුවව දාන්න යනවද…
නෑ රණසිංහ දැං ආයෙ පුතා අපේ දිහා ඇවිත් යන්න ඕන නෑනෙ…
දූඅප් එක්ක යමු නේද….
ඔව් තේජ් දැන් රෑ වෙලා..
මම මමාලා එක්කම යන්නම්…
ඔයත් අම්මිලා එක්කම් යන්න ගෙදර…
හරි එහෙනම් එහෙම කරමු..
තේජාන් ඔහුගේ වාහනයට ගොඩ වෙද්දි
මවත් පියාත් ඔවුන් පැමිණි වාහනයට ගොඩ වුණා…
විෂ්මිගේ පියාගේ වාහනයට නැගලත් විෂ්මි ආයෙම බැහැලා තේජාන්ගෙ වාහනේ ළඟට දුවගෙන ආවා..
තේජ්..
මම මගට යනකල් ඔයා එක්ක එන්නද..
වාහන තුනම පෑලියගොඩට යනකල් එකට යනවානේ….
යමු බබී..
අහන්නත් ඕනද..
නගින්න..
එහෙම කිව්වත් තේජාන්ට ඕන වුණේ තනියම එන්න.
වාහන තුනම පිටත් වෙලා එක
පෙලට වගේ ආවෙ…
තේජ්…ඔයා මට ඇත්තටම ආදරෙයිද…
ඇ…ඇයි එහෙම අහන්නෙ..
විෂ්…
තේජාන් උත්තර දුන්නෙත් කරදරෙන් වගේ
මට දැනගන්න…
කලින්ට වඩා ඔයා මට දුරයි වගේ දැනෙනෙවා…
මම ආවට එච්චර කැමතිත්නෑ නේද…
ඒ වෙනස විෂ්මිට නොතේරුණා නෙමෙයි..
are u mad babi…
there’s nothing like that..
අමතක කරන්න විෂ් ඒ වෙච්ච දේ..
ඒක අපේ අම්මිලා නිකං horoscope match කරන්න ගිහින් වෙච්ච දෙයක්.
නෑ තේජ්…
ඒක නෙමේ ප්‍රශ්නෙ
මට ළඟදි ඉඳලා දැනෙනවා…
ඔයා මගෙ ළඟ ඉන්නෙ doubt (දෙගිඩියාවෙන්) එකෙන් කියලා…
මොකක් හරිම ප්‍රශ්නකි නම කියන්න තේජ්
මගෙ මොකක් හරි වරදක් නම් කියන්න මට..
මම මැරෙනවා කිව්ව නිසාද ඔයා marriage එක කරමු කිව්වෙ…
Please විෂ්..
Stop now..
එක පාරක් කිව්වානෙ
එහෙම එකක් නෑ…
තේජාන්ට විෂ්මිගෙ ප්‍රශ්න වදයක් වුණා..
තේජ්…
දැන් මේ marriage එක වෙන එක නවත්තන්න බෑ..
ඒ නිසා..
අපි දෙන්නා සතුටින් ඉන්න නම් ප්‍රශ්න තියෙන්න බෑනෙ තේජ් …
මම තාමත් ඔයාට එදා වගේම ආදරෙයි
ඔයත් මට ආදරෙයි නේද තේජ්…
විෂ්මි ඒක ඇහුවෙ කවදාවත් නැති තරම්අසරණ හඬින්..
තේජාන් පාර අයිනට කරලා වාහනේ නැවැත්තුවා…
විෂ්මි දිහාට හැරිලා…
විෂ්…
මමත් ඔයාට ආදරෙයි…
ඒත් මට මේ ටිකේ වෙන ප්‍රශ්න වගයක් තිබ්බා….
සේරම හරි යයි…
ඒ නිසා කලින් වගේම ෆ්‍රී එකේ ඉන්න..
තේරුණාද බබී…
කියමින්ම තේජාන් විෂ්මිගෙ මූණට දකුණතින් පොඩි තට්ටුවක් දැම්මා..
විෂ්මි ඒ අත එහෙමම අල්ලගෙන ඒ මත දෙතොල් තැබුවේ ඇත්තටම විෂ්මි තේජාන්ට හදවතින්මආදරේ කළ නිසා…
ඇති වුණ හැඟීමට….
විෂ්මිව විනාඩි කිහිපයක් තුරුල් කරගෙන ඉඳපු තේජාන් යන්න පිටත් වුණේ
ඒ නළල මත හාදුවකුත් සටහන් කරලා….
බට්ටිව සදහටම අමතක කරලා දාන්න අමාරුවෙන් වුණත් හිත එකඟ කරගන්න තේජාන් හිතාගත්තා …
විෂ්මිව සුනන්දගෙ වාහනයට දැම්මට පස්සෙ තේජාන් හිතා මතාම අම්මටයි අප්පච්චිටයි ඉස්සරවෙලා යන්න ඇරියෙ තේජාන්ගෙ හිත හදාගන්න තේජාන්ට වෙලාව ඕන නිසා..
පෑලියගොඩින් කඩවත පැත්තට හරවපු තේජාන් පාර අයිනෙ ඉඩ තියෙන තැනක් බලලා වාහනේ නැවැත්තුවා…
තේජාන් ෆෝන එක බැලුවෙ බට්ටිගෙන් මැසෙජ් ගොඩක් බලාපොරොත්තුවෙන්
ඒත් එකම මැසේජ් එකක් වත් නෑ..
වයිබර්, ඉමෝ,වට්ස් ඇප් තියා sms එකක් වත් නෑ…..
එහෙමම බට්ටිට කෝල් කළත් ෆෝන් ඕෆ්..
තේජාන් දන්නෙ නෑ මේ බට්ටි තේජාන් නිසාම දවල් ඕෆ් කරපු පාර ආයෙ ඔන් කළේ නෑ කියලා…
තේජාන් හවස දාපු මැසේජ් එක දැකලයි මෙහෙම කරන්නෙ කියලා තේජාන් හිතුවා..
හිතාගන්නවත් බැරි තරම් වේදනාවක්, වරදකාරී හැගීමක් තේජාන්ට දැනුණා….
මගෙ චූටි බෝම්බෙට දුක් විඳින්න දෙන්න බෑ….
එයා මට වෛර කරන්න ඕන…
ඔව්….
එහෙම හිතපු තෙජාන් බට්ටිට වොයිස් රෙකොඩින් එකක් යැව්වා….
එහෙමම වාහනේ ස්ටාට් කරගෙන ටිකක් වේගෙන් ආවෙ හිතේ තිබ්බ දුකටත් එක්කමයි…
9ටත් කිට්ටු නිසා පාරෙ වැඩිය වාහන තිබ්බෙත් නෑ…..
ඒත් බට්ටි ගැන කල්පනාවෙන්ම ආව තේජාන්ට තමන්ට ඉදිරියෙන් තවත් වාහනයක් ඉස්සර කරන්න නිසා පාරෙ අනිත් පැත්තෙන් තමන්ගෙ මූණටම එන කන්ටේනර් එක පෙණුනෙ නෑ….
කන්ටේනර් රථ රියදුරුත් වේගයෙන් එන තේජාන්ව දැක්ක ගමන් හෝන් එක ගහගෙනම හිටියත් තේජාන් ඒවෙලේ හිටයෙ හරි සිහියකින් නෙමේ…
හිතේ තිබ්බ දෙගිඩියාව තේජාන්ව වෙනම ලෝකෙකට එක්ක ගිහින්….
කන්ටේනර් රථ රියදුරුට තේජාන්ගේ වාහනය වේගය අඩුකරන පාටක් නොපෙනෙන නිසාම ඔහු තිරිංග තද කළේ ඉස්සර කිරීම පැත්තක තබා
නැවතත් ඔහුගේ මංතීරුවට කන්ටේනර් රථය ගැනීමටයි…
නමුත්…
ඔහු තේජාන්ගේ වේගය හමුවේ ප්‍රමාද වැඩියි…
මහා හඬක් සමගම තේජාන්ගේ නවතම montero sport රථය කන්ටේනර් රථයේ දකුණු පස කෙළවර වැදුණා…..
ඒ පොඩ්ඩි මේ…
ඉඳුවර ලොක්කාගෙන් තාම නෑ නේද කෝල් එකක්…..
ඒකනෙ බට්ටි බලනවාකෝ…
මම මැසේජ් එකකුත් දැම්මා මට කතා කරන්න ඕන කියලා….
මේ…
එක්කො ටිකක් ගණං උස්සලා ඉන්නවා හලෝ…
ඌ තමුසෙට ආදරේ කියන්නෙත් නෑ…
ඒ වුණාට දැං තමුසෙට කතාවක් හැදිලත් ඉවරයි….
ඒක නං එහෙම තමා….
බලමුකෝ….
මේ ලොක්කි…
තමුසෙගෙ හිතට කෙහොමද හලෝ දැනෙන්නෙ…
තව හරියටම දවස් 7යි…..
සදහටම නිසල් අයියාගෙම වෙනවානේ…
අනේ මන්දා පොඩ්ඩි…
වෙලාවකට මට දැනෙන සතුට වචනෙන් විස්තර කරන්න බෑ….
ඒත් ඔයාලා පස්දෙනා නැතුව නිසල්ගෙ ගෙදරට යනවා කියලා හිතෙනකොට මට දරාගන්න බැරි තරම් දුකයි ….
අයියෝ…
අයියෝ….
මැටි පොඩ්ඩි…
කෑවා කෑවා ….
මොන බූරු ප්‍රශ්නයක්ද ඕයි ඒක…
ලොක්කි මේ ට්කේම අඬනවා දැනිලා නැද්ද තමුසෙ ළඟම නිදාගෙනත්….
කොහෙද ඉතිං නිදාගත්තට පස්සෙ අලියෙක් ඇඟ උඩින් ගියත් ගානක් නෑනෙ..
බට්ටි එහෙම කිව්වෙ ඇඳවල් දෙක එනට දාලා තුන්දෙනා නිදාගන්නෙ බට්ටි බිත්තිය අයිනෙම, පොඩ්ඩි මැද, ලොක්කි අනිත් කෙළවර නිසා….
පහුගිය ටිකේම බට්ටි පොරවන රෙද්ද අස්සට වෙලා තේජාන්ට මැසේජ් යව යව ඉස්සර ඉඳන්ම කරන candy crush වගේ පොඩි පොඩි ගේම් ටික play කරද්දි ,
බට්ටිට දැනිලා තියෙනවා ලොක්කි හොරෙන්ම අඬනවා…
තමුසෙ මට හපංනෙ….
නිදාගන්නැතුව බෙඩ්සීට් එකෙන් කූඩාරම් ගහගෙන ෆොන් එක ඔබ ඔබ ඉන්න නිසානෙ තමුසෙත් දකිනන් ඇත්තෙ..
අනේ Sorry ලොක්කි….
මම එහෙම හිතුවෙ නෑ…
නිසල් අයියා ලොක්කිගෙ පළවෙනි ආදරේ..
ඉතිං නිසල් අයියම ලොක්කිගෙ හස්බන්ඩ් වෙනවා ළඟදිම…
එ් feeling එක මොන වගේද කියලා.දැනගන්නයි ඕන වුණේ….
හරි හරි දෙන්නා එක්ක බොරුවට රණ්ඩු වෙන්නෙපා…
ඒ ඔයා ඇහුව feeling එක මොන වගේද කියලා විඳලාම බලනවා මිසක තේරුම් කරන්න නම් අමාරුයි පොඩ්ඩි…
ආ…වු..ඩඩා..
ආ…. වු ..ඩ…ඩා…
බලනවාකො පොඩ්ඩි අපේ ලොක්කිගෙ මූණෙ තියෙන පැණි පාට….
මේදැං හොටු පෙරුවා නේද…
නිසල් අයියවයි love එකයි මතක් කළා ව්තරයි…
කඳුළු කොහෙං ගියාද නෑ….
හිහ්..හිහ්..
අනේ යනවා බට්ටි වදේ ගහන්නැතුව…
මොකෝ…
කෝ අද ෆෝන් එක…
ආ ඒකට අද නිවාඩු….
පවුනෙ හැමදාම වද දෙනවානේ….
හෙට දවසම තමුසෙලි එක්ක ඇවිදින්න තියෙන එකේ…
මගෙ ෆෝන කට්ටටත් සෑහෙන්න වැඩ.තියෙයිනේ..
ඒ නිසා චාර්ජ් වෙන්න දැම්මා ඕෆ් කරලම
හ්ම්ම් හ්ම්ම් ..
නිදාගමු..
නිසල් එනවා කිව්වා 8 විතර වෙද්දි…
අප්පච්චි …..
අම්මිටයි අයියටයි කෙහොමද….
මොකද්ද මෙතන වුණේ…
ඔයාලා වාහන දෙකක ඇයි…
අයියා එක්කම නෙමෙයිද අප්පච්චිලා ගියේ
අනුහස් එක දිගට රණසිංහගෙන් ප්‍රශ්න කරන්නෙ රෝහලේ icuඑක ඉස්සරහ ඉඳන්.
පුතා අම්මි දැං normal ….
බය වෙන්නෙපා…
නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ…
අයියා ගෙනාව වෙලාවෙ ඉඳන් තාම මොකුත් කිව්වෙ නෑ….
අයියා විෂ්මි දුව එක්ක කලින්ම ගියානෙ
අම්මියි මමයි මගේ vehicle එකේ් පස්සෙ ගියේ….
තේජාන්ගේ වාහනේ කන්ටේනර් එකේ වැදිලා විසිවුණාට පස්සෙ…
කොළඹ ජාතික රෝහලට තමා තේජාන්ව එතන හිටපු අය ගෙනාවෙ…
විස්තර හොයලා පොලීසිය රණසිංහට කතා කරද්දි, රණසිංහ හිටියෙ ගෙවල් කිට්ටුවටම ගිහින්….
තේජාන්ගෙ accident එක අහපු ගමන්ම තනූජා සිහි නැති වුණේ පපුවත් අල්ලගෙන
රණසිංහ එහෙමම වාහනේ හරවගෙන ළඟම තිබ්බ පුද්ගලික චැනල් සෙන්ටර් එකකට තනූජාව එක්ක ගියා….
තනූජාට හාට් ඇටෑක් එකක් ඇවිත් තිබුණෙ පළයෙනි වතාවට
ඒත් බරපතල තත්වයක් නෙමේ…
අම්මි කොහෙද අප්පච්චි …
එතකොට විෂ්මි අක්කිලා…??
මම අම්මිව ආපහු ගෙදර ගිහින් නිදාගන්න ඇරලා ආවෙ පුතේ….
කුසුමාවත් ඇහැරලා අම්මිගෙ ළඟින්ම නිදාගන්න කියලා ආවෙ…
ඇහැරෙන එකක් නෑ..
නින්ද යන්න injection දුන්නානේ…
එන මග දිගටම තමා පුතාට ගත්තෙ කී පාරක් ගත්තද මන්දා පුතා..
මට විෂ්මි දුලට කියන්න මතක් වුණේ නෑ
අප්පච්චි අයියා ගැන මොකුත්ම දන්නෙ නැද්ද…
මම අම්මිවත් සෙට්ල් කලා එද්දි මෙතන ගෙනාපු අයවත හිටියෙ නෑ පුතා..
අයියාගෙ වාහනේ හැටියට නම් අයියට ගොඩක් ඩැමේජ් ඇති…
දැන් පැය තුනකටත් වැඩිනෙ පුතා operation එකත්…
තාම ඩොක්ට කෙනෙක් වත් ආවෙ නෑ විස්තර අහන්න…
විෂ්මි අක්කිට කියමු නේද අප්පච්චි ..
පොලීසියෙන් අයියාගෙ ෆෝන් එක එහෙම දුන්නාද අප්පච්චි …
නෑ පුතා..
මගෙ ළඟ විෂ්මි අක්කිගෙ නම්බර් එක නෑ අප්පච්චි …
දවසක් මට ගත්තා..
මම save කරගත්තෙ නෑ…
සුනන්දගෙ නම්බර් එක ඇති පුතා..
මේකෙන් ගන්න…
රණසිංහ ෆෝන් එක අනුහස්ට දුන්නා
හෙලෝ…
රණේ..
මචං අපි ගෙදර …
මොකද මේ වෙලාවෙ
අංකල් මම අනුහස්….
මේ ..
අයියාගෙ vehicle එක accident වෙලා…
ආ….
What…
කොහෙද පුතා දැං ඉන්නෙ…
මොකද තේජාන් පුතාට
national hospital එකට
ගෙනත් තියෙන්නෙ…
තාම එතන ඉන්නෙ අංකල්…
අයියා ගැන අපිත් තාම මොකුත් දන්නෙ නෑ
හරි පුතා…
අපි එන්නම් දැන්මම..
හරි අංකල්…
කෝල් එක කට් කරනවත් එක්කම icu එකේ දොර ඇරුණා…
ඩොක්ට…
කොහොමද මගෙ පුතාට…
බලමු තාත්තා..
අපි පුළුවන් සේරම කළා..
තාම මොකුත් හරියට කියන්න බෑ…
External ඩැමේජ් නම් එච්චරම බරපතල නෑ….
Internal bleeding එකක් තිබ්බා…
අපි අපිට පුළුවන් දේවල් සේරම කළා..
Let see….
කියලා ඩොක්ට එතනින් ගියා…
තවත් සිහිනයකින් හමුවෙමු ….