මිහිදුම් සිහින…..34
34 වන සිහිනය
කතාවට like දැන් අඩු වෙලානෙ..
ඇයි ඒ…
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
අනුහස්…
මල්ලි…
මොකද තේජ්ට..
විෂ්මි දුවගෙන ආවේ අඬාගෙන…
අපිත් තාම දන්නෙ නෑ අක්කි..
ඩොක්ට කිව්වා දැන් කරන්න පුළුවන් සේරමකරලා තියෙන්නෙ උදේට බලමු කියලා…
රණසිංහ ..
බල බල ඉන්න බෑ…
Private hospital එකටවත්
අරන් යන්නැත්තෙ ඇයි…
අංකල්..
කරන්න ඕන සේරම කරලා තියෙන්නෙ..
කොහෙ ගෙනිච්චත් ඔච්චර තමා..
සිහිය එනකල් ඉමුකො..
පසසෙ බලමු මොකද කරන්නෙ කියලා
අනුහස් ඒක කිව්වෙ ටිකක් තරහින්..
මොකද විෂ්මිගෙ තාත්තා කතා කළේ හරියට කරන්න තියෙන දේවල් කරලා නෑ වගේ..
හරි පුතා calm down …
සුනන්ද අංකල් එහෙම කිව්වෙත් අයියට තියෙන ආදරේට මිසක් තරහට නෙමෙයිනෙ..
රණසිංහ කතා කළේ සුනන්දත් එහෙම කතා අහගන්න කැමති කෙනෙක් නෙමේ නිසා…
අනේ ඩඩා…
මට තේජ්ව කෙහොම හරි සනීප කරලා දෙන්න..
ප්ලීස් ඩැඩා…
තේජ්ට මොනවා හරි වුණොත් මම ඉන්නෙත් නෑ….
විෂ්මි සුනන්දගෙ ඇඟේ එල්ලිලා අඬන්න ගත්ත විදියට අනුහස්ටත් දුක හිතුණා…
විෂ්මි හැදුන විදිය නිසා සංකර කෙල්ලෙක් වුණාට..
බැඳීම් මහ ලොකුවට නොගත්තාට
නරක කෙල්ලෙක් නෙමේ..
තේජාන්ට ඇත්තටම ආදරේ කළා..
ඒත් ඒ ආදරේ බට්ටිගෙ ආදරේ
වගේ හුරතල් නෑ….
ඒත් ඒ ආදරේ අඩුවක් නෑ….
තේජාන් වෙනුවෙන්ම පිටරක ඉඳලත් ආපහු ආවා…
එහෙ කොච්චර නිදහස තිබුණත් ඒ නිදහස වැරදියට බුක්ති වින්දෙ නෑ…
විෂ්මි තමන්ගෙ තාත්තාගෙන් ඉල්ලන්නෙ ඒ ආදරේ…
අයියාගෙ චූටි බෝම්බෙ කවුද දන්නෙ නෑ…
නොදන්න එකත් හොඳයි…
මේ වගේ වෙලාවක කෙල්ලො දෙන්නෙක මෙතන ඇවිත් මරාගන්න ගියොත් තවත් ප්‍රශ්නයක් …
විෂ්මි අඬනවා දැකලා අනුහස්ට එහෙම හිතෙනකොට තමා තරිණිව මතක් වුණේ…
වෙලාව බලද්දි පනේදර 1ත් පහු වෙලා…
කෙල්ල නිදි අැති…
පවු බලන් ඉන්න ඇති..
“”තරිණි..
මගේ අයියා ඇක්සිඩන්ට් වෙලා
හිතලා කතා නොකර හිටියා නෙමේ
බලන් හිටියා නම් සොරි..!!
මම පුළුවන් වුණ ගමන් ඔයාට ගන්නම්.
පරිස්සමින් ඉන්න බුදුසරණයි !!””
අනුහස් තරිණිට වගේම ඔෆිස් එකේ තවත් කිහිප දෙනෙක්ටත් මැසේජ් සෙන්ඩ් කරලා ෆෝන් එක සාක්කුවට දාගන්න යද්දි
අනුහස්ට මැසේජ් එකක් ආවා.
තරිණි.
කෙල්ල තාමත් අවදියෙන්…
“” සර්, අයියා ගැන බලන්න.
මට ප්‍රශ්නයක් නෑ…
බුදුසරණයි !””
අනුහස් ෆෝන් එකට හිනා වෙලා ෆොන් එක සාක්කුවට දාගත්තා…
ඒ අතරෙ ඩොක්ට කතා කළේ
තේජාන්ගෙ සියළුම රිපෝට් පරීක්ෂා කිරීමෙන් පසුව
ඔවුන්ගේ නිගමනය දන්වන්න..
අනුහස් රණසිංහ එක්ක ඩොක්ට ළඟට යද්දි විෂ්මියි සුනන්දයිත් එන්න හැදුවා…
ප්ලීස් අංකල්….
මමයි අප්පච්චියි යන්නම්…
අංකල් විෂ්මි අක්කි එක්ක ඉන්න…
කිව්ව අනුහස් ,පිළිතුරක් බලාපොරොත්තු නොවීම රණසිංහත් එක්ක ඩොක්ට ළඟට ගියා….
එන්න..
මේ මිස්ට ..??
සූරියආරච්චි ..
ඩොක්ට මොකද අපේ අයියට..
මෙහෙමයි අපිට
කරන්න පුළුවන් හැමදේම කරලා ඉවරයි.
Air bags නිසා externaly ලොකු අවුලක් නැති වුණාට
කලිනුත් කිව්වා internal bleeding එකක් වෙලා තියෙනවා….
ඒත් දැන් අවදානමක් නෑ…
බය වෙන්නෙපා..
සිහිය එන්න පරක්කු වුණොත් තමා බය වෙන්න ඕන..
ඒත් අපිට තාමත් එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා පේන්න නෑ….
හෙට දවල් 12 පහුවෙද්දි සිහිය එන්න ඕන..
ඒ නිසා දැන් ඔයාලා ගෙවල් වලට යන්න.
මොකද ඉන්න එක තේරුමක් නෑ..
අපි ඉන්නවානෙ….
හරි ඩොක්ට ..
Thank you very much..
මොකක් හරි ප්‍රශ්නයක් නම්
අපිට අයියව රට එක්ක යන්න වුණත් ගැටළුවක් නෑ…
ඩොක්ට අපිට අයියාව ආයෙ හිටපු තත්වෙටම ගේන්න කරන්න පුළුවන් හැමදේම කරන්න අපි ලෑස්තියි…
No worries ..
අපි හැමදේම කරමු…
අනුහස්ගෙ පිටටත් තට්ටුවක් දාපු ඩොක්ට හිනා වෙලා එතනින් ගියා…
අනුහස්..
මොකද ඩොක්ට කියන්නෙ….
විෂ්මි දුවගෙන ඇවිත් අනුහස්ගෙ අතේ එල්ලුණේ
දොරන් එළියට එන්නත් කලින්මයි…
ප්‍රශ්නයක් නෑලු අක්කි…
උදේට එන්න කිව්වා…
දැන් කෙහොමත් අපිට මෙතන ඉන්න දෙන්නෙ නෑනෙ…
අයියට සිහිය එද්දි දවල් වෙයි කිව්වා..
උදේ ආවත් වෝඩ් එකට දාලා තියෙයිද දන්නෙ නෑ….
ප්ලීස් මල්ලි..
අපි අයියාව private අරන් යමු.
අපිට ළඟ ඉන්නත් පුළුවන් ..
මට නම් මෙහෙ ශුවර්ම නෑ…
පිස්සු කියවන්නෙපා අක්කි..
කොහෙ ගියත් icu ඉන්න කෙනෙක් ළඟට යන්න දෙන්නෙ නෑ…
අරන් යමු අපි අනිවාර්යයෙන්ම ….
හැබැයි අයියාට සිහිය ආවට පස්සෙ..
නැතුව අවධානමක් ගන්න අපිට බෑ…
අක්කියට වගේම අපිටත් අපේ
අයියව ඕන..
ඒ නිසා දැන් හොඳ අක්කි වගේ ගෙදර ගිහින් උදේට එන්න..
අපිත් යනවා..
අම්මිත් ලෙඩ වෙලා අයියා ගැන දැනගත්ත ගමන්…
අම්මිවත් බලන්න ඕන..
දැන් බය වෙන්න දෙයක් නෑ කිව්වනේ…
2යි වෙලාව..
යමු අක්කි..
උදේ නැගිටලා බට්ටි ෆෝන් එක ඔන් කරන ගමන් හිතුවේ….
මගේ බූරු දිගංචියා..
දැන් බය වෙලා ඇතිනෙ..
ඒමම තමා වෙන්න ඕන..
හඃ..
මට ඊයෙ බැනලා මෙතන..
දන්නෑ මේ බෝම්බෙගෙ හැටි..
මට එකක් කළොත් මම දෙකක් නෙමේ
තුනක් හතරක් 5ක්ම කරනවා…
නරි දිගංචියා කෝල් ගන්න ඇතිනෙමය ඊයෙ රෑ පුරාම…
ආ..
මැසේජ් 1යි මිස්කෝල් ඇලට් 1යි…
එහෙම වෙන්නෙ කෙහොමද…
දිගංචියට මළ පැනලද…
“”බොම්බෙ..
හෙට හම්බෙනවානේ…
එතකොට මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙයි..
ඒ කියන ඒවා ඔයාට අහන් ඉන්න පුළුවන්ද බැරිද කියලා අද රෑ එළිවෙන්න කලින් තීරණය වෙනවා..
මොනවා වුණත් ඒකට මූණ දෙන්න ඔයාට පුළුවන් වෙයි කියලා හිතනවා””
ම්ම්ම් …
මේ මොකද්ද මේ..
මේ දිගංචියා කරන වැඩ…
මාව රවට්ටින්න..
මම ෆෝන් ඕෆ් කළාම මෙයිගෙ තියෙන ලොකු කමට මාව අන්දන්නද කොහෙද හදන්නෙ…
බට්ටි එහෙමහිත හිත තේජාන්ට කෝල් කළා..
ෆෝන් එක වැඩ නෑ..
ඒ ලොක්කි..
නිසල් අයියා කතා කළාද දැං එනවා කිව්වද
තාම ගත්තෙ නෑ බට්ටි…..
6.30නෙ..
8 විතර වෙයි කිව්වා ඊයෙ නම්..
බට්ටි ඩේටා ඔන් කළේ නිකමට..
වයිබර් මැසේජ් එකක්.
ආ මේ එවලා තියෙන්නෙ මැට්ටා වොයිස් කට් එකක්ම..
හෑන්ඩ්ස් ෆ්‍රී එකත් ගහගෙන වොටිස් මැසේජ් එක play කළා…
“” මිස්.මිතුණී ප්‍රේමතිලක
තමුන් මොනවද හිතුවෙ
මේ තේජාන් සූරියආරච්චිට ලැජ්ජා කරලා රිටර්න් එකක් නැතුව
බේරෙන්න පුළුවන් කියලා හිතනවද…
තමුන් මොනවද හිතුවෙ…
තමුසෙ වගේ තර්ඩ් ක්ලාස් කෙල්ලෙක්ව මම මගේ කරේ එල්ලගනියි කියලාද..
හොඳටම වැරදිලා මිතුණි..
මට තමුන්ගෙන් වැඩක් නෑ…
මේක තමා තේජාන් සූරියආරච්චිගෙ රිටර්න් එක.
ජීවිත කාලෙටම මතක හිටියි…
හෙට උදේට ආවම මට වචනයක් වත් කියන්න ආවොත්
තමුසෙගෙ පැටිකිරිය පවුලටම දැග අරිනවා හරිද.
ඒ නිසා තමුසෙගෙ ඔය ලාචෝරු කට තමුසෙ ළඟම තියාගන්නවා..
ආයෙ මේ තේජාන්ට වචනයක් කියන්න ඇවිත් නිකං උන්හිටි තැන් නැති කරගන්නෙපා….””
ඒක අහලා ඉවර වෙද්දි බට්ටිගෙ ඇස්දෙක කඳුලින් පිරුණා..
දුකට නම් නෙමෙයි…
තරහට…
දත්මිටි කැවුණෙ මේ වෙලාවෙ තමන්ට මෙකට කිසිම reaction එකක් දක්වන්නත් බැරි වුණ නිසා…
කොට්ටෙ මූණ ඔබාගත්තෙ කඳුළු හංගගන්න..
තවත් සිහිනයකින් හමුවෙමු ….