මිහිදුම් සිහින…..36
36 වන සිහිනය
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
එළියට දුවපු බට්ටි නැවතුණේ ළිඳ ළඟ..
ඒ සැනින්ම ආපහු මතකෙට ආවෙ
පොඩ්ඩි කිව්ව එක..
ඉඳුවරගෙ අයියා accident වෙලා..
දෙව්යනේ.. තේජාන් අයියා……
බට්ටිගෙ කකුල් පණ නැති වුණා වගේ…
ආපහු ගෙට දිව්වා…
පොඩ්ඩි…
ඉ..ඉඳුවර අයියාගෙ අයියවමද accident වෙලා තියෙන්නෙ..
මේ මොකා්..
මෙයා මේ බය වෙලා…
ඔව්..
එයාගෙම අයියව තමා…
ඇයි තමුසෙ අඳුරනවද…
නෑ…
අපි යනවද…
බලන්න…
බලමු තාම මට ඉන්න තැනක් වත් එව්වෙ නෑ…
අපි අපේ වැඩ ටික ඉවර කරලා තැන කිව්වොත් යමු…
ලොක්කි නිසල් අයියා කතා කලා නේද..
විශේෂ මොකුත් කිව්වෙ නැද්ද…
බට්ටි..
ළිඳ ළඟදි මේ උදේ පාන්දර යකෙක් වත් ගැහුවද…
මොකද මේ…
දාඩිය දාගෙන..
ඒ මදිවට වෙව්ල වෙව්ල අපි දෙන්නාගෙන් විකාර අහන්නෙ…
මට ගහපු යකාව හවස්වෙන්නකලින් ඔයාලා දැන ගනීවී සමහරවිට…
කියපු බට්ටි ආයෙම හැරිලා ගියා…
කුස්සියෙ දොරෙන් එළියට බහිනකල් හිර කරන් ඉඳපු කඳුළු
බට්ටිගෙ ඇස් වලින් කඩාගෙන වැටුණා…
අසිහියෙන් වගේ ළිඳ ළඟට ගිහින් ළිඳෙන් ඇදපු වතුර එක ඔළුවටම දාගත්තා….
රෑ ඇඳන් ඉඳපු පිජාමා සූට් එක පිටින්ම බට්ටි ඔහේ ඔළුවට වතුර දාගත්තා…
හැබැයි ඒ වතුරෙන් බට්ටිගෙ කඳුළු නවත්තන්න බැරි වුණා….
තේජාන් අයියෙ ඇයි ඔයා මාව මේ තරමට අසරණ කළේ…
අක්කලා දෙන්නට මම අද වෙනකල් හංගපු එකම දේ ඔයා ගැන විතරයි..
මම ඔයා ගත්ත පොරොන්දුව ඒ විදියටම තියා ගත්තා
මොනතරම් අමාරු වුණත්…
මට ඔයා accident වෙලා කියලා දැනගෙනත් ඔයාව බලන්න එන්න නෑ..
අඩු තරමෙ මගෙ හැඟීම් එළියට දාන්න බෑ..
පොඩ්ඩියි, ලෙක්කියි ළිඳ ළඟට එනකල්ම බට්ටි ඔහේ වතුර ඔළුවට දාගන්න ගමන් හිතුවා…
ඒ…
බට්ටි…
මොකද මේ..
මගදිම බට්ටිව දැක්ක ලොක්කි කෑගැහුව නිසා බට්ටි පියවි සිහියට ආවා…
තමුසෙට පිස්සු හැදීගෙන එනවද..
ඇඳන් හිටපු ඇඳුම් පිටින් නාන්නෙ..
කෝ..
රෙද්දක් වත් ගෙනල්ලත් නෑ…
හී………
මම නාන්න නෙමේ ආවෙ…
වතුර එක ඇද්දම එකපාර හිතුණා නෑවා..
ඉතිං තමුසෙ හොඳ අක්කානේ මගේ.
අරන් එනවාකො මට ඇඳන් යන්න එකක්…
බට්ටි මහත් ආයාසයෙන් කඳුළු සඟවාගෙන කතා කළා…
තමුසෙගෙ ඇසුත් රතු වෙලා බට්ටි…
ආව වෙලේ ඉඳන් නෑවා නම්
දැං ඇති හලෝ…
ලොක්කි අපහු ගියාම ළිඳ ළඟටම ආව පොඩ්ඩි ළිං බැම්මෙ ඉඳගන්න ගමන් කිවවා
හපොයී …
මම සබන් ගෑවෙත් නෑ..
කොහෙ ගාන්නද ඇඳුනුත් ඇඳගෙන..
රෙද්දක් ඇඳගන්නවා
ලොක්කි ගෙනාවම..
මේ…
බට්ටි ඇත්ත කියනවා..
තමුසෙ මොනවද හිතේ හිර කරගෙන විඳවන්නෙ…
මටයි ලොක්කිටයි නොතේරෙනවා නෙමේ..
චූටි කාලෙ ඉඳන් එකටම හිටපු තමුසෙව අපිට දැනෙනවා හලෝ..
හිටපු ගමන් මාරම සතුටෙන්..
හිටපු ගමන් දුක හංගගෙන සතුටින් කියලා පෙන්නනවා..
ඇත්තටම සතුටින් ඉද්දි තමුසෙගෙ ඔය ලස්සන ඇස් දෙකෙන් හෙව්වැකි හලෝ..
බොරු කරද්දි ඒ ඇස් දෙක ලස්සන නෑ…
අනේ මේ…
පොඩ්ඩි…
කවියා වෙන්නැතුව ඉන්නවා..
මම කියන්න ඕන සේරම තමුසෙලා දෙන්නට කියනවානෙ..
කියන්නෙ නැත්තෙ ඒවා කියන්න බැරි නිසා
හැබැයි මම හිතනවා…
ළඟදිම ඔයාලාට මට හංගන්න දෙයක් නැති වෙයි..
ඒ නිසා හොඳ ළමයා වගේ එතකල් ඉන්නකෝ..
ඉවසීමෙන් මගෙ කලු පොඩ්ඩී…
වතුර දෝතක් අරන් පොඩඩිට විසි කරමින් බට්ටි කිවවා….
මැට්ටි..
මම නාන්නෙ නෑ දැන්…
තෙමන්නෙපා….
අපෝ…
මොනවද ඕයි ..
අපි වගේ නාලා කරලා ඉන්නවාකො
උදේම…
ඉඳුවර ලොක්කා බලන්න යන එකේ නාලා සුවඳට යනවා..
අනේ මේ..
මාව ඉඹින්න එන්නෙ නෑනෙ.
අනික නෑවෙ නෑ කියලා ගඳයෑ..
මොකෝ නැත්තෙ..
ගඳිච්චි…
කලු වෙන්නෙ ඕක තමා…
පල නරිච්චි යන්න….
මම කළු නම් කළු අයට මොනවා කියන්නද..
තමුසෙට වඩා පොඩ්ඩක් පාට අඩු වුණා කියලා එන්නෙපා ඒවා මේවා කියන්න..
**************
අක්කා නගෝලා තුන්දෙනා ලෑස්ති වෙලා
කැබ් එකකට කෝල් කරගෙන මුලින්ම ගියේ කිරිබත්ගොඩ..
ෆිටෝන් එකට…
නිසල් එතනට ආවෙ බයික් එකේ..
තනියම නම් නෙමේ…
ආ නිසල්..
මේ කවුද…
මෙයා තමා නිකී අශේන්..
ඔයා දැකලාම නෑනෙ අහලා තිබ්බට…
මගෙ අනිත් යාළුවාට ඉන්නෙ මු තමා..
අශේන්..
මේ ඉන්නෙ නිකී..
උඹ ෆොටෝ වලින් දැකලා තියෙනවානේ..
මේ ඉන්නෙ පොඩි නංගි තරිණි, මේ චූටි නංගි මිතුණි..
අපේ රණ්ඩු කෙක්ක..
බලාගෙන තේජානයා එක්කත් මරාගෙන ඉවරයක් නෑ…
මම කිව්ව අනිත් එකා..
මගෙ කැම්පස් බොක්කා
උඔත් එක්කත් මරාගනියි ද දන්නෙ නෑ…
හායි නංගිලා..
මම නම් අහිංසකයි..
ඒ නිසා මා එක්ක මරාගන්නෙපා හොඳේ…
බට්ටි දිහා හොඳට බලපු අශේන් කිව්වා…
අශේන් කියන්නෙත් හොඳ කඩවසම් තරුණයෙක්…..
නිසල්ගෙ ඉස්කෝලෙ යාළුවෙක් …
ටිකක් සමාජශීලි විහිළුවට බර කෙනෙක් තමා අශාන්…
අශාන් සාමාන්‍ය පවුලක, පෞද්ගලික බැංකුවක රැකියාව කරන කොල්ලෙක්…
බට්ටිට අද ආවාට
රණ්ඩු කරන්න තියා එක තැන ඉන්නවත් කල්පනාවක් තිබුණෙ නෑ….
ඒ නිසා අශේන් කිව්ව එකට යන්තම් හිනා වුණා විතරයි..
නිකී..
බට්ටිට සනීප නැද්ද…
ඒක දැකපු නිසල් ඇහුවා…
බට්ටි..
ඒ කවුද ඒ..
අශේන් ඇහුවා..
ආ..
අපේ චූටි නංගිට ආදරේට අපි කියන්නෙ බට්ටි…
ශා ඒක මරු..
මිතුණි කයනවට වඩා..
මාත් ඒහෙම කියන්නද..
ආ…..
එහෙමද ආස….
මට ඒක කියන්නෙ අපේ ගෙදර අය…
තමුන් මොන නෑකමකටද එහෙම කියන්නෙ…
නම කියන්න බැරි නම් කතා නොකර ඉන්නවා..
මට බට්ටි කිව්වොත් බලාගත්තැකි..
අා..
නෑ .. නෑ..
බට්ටිට ඇති අසනීපයක් නෑ..
මේ ඉන්නෙ අපෙි කොච්චි කරල..
අශේනයා..
උඹ නම කියන්න බැරිනම් නංගි කියපන්..
නැත්නම් එන අතුරු ආබාධ වලට අපි වග කියන්නෙ නෑ…
මේ අනේ..
ආව වැඩේ කරමුකො වෙලාව යනවා…
බට්ටි කිව්වෙ අහක බලාගෙන…
ම්ම්ම් …
චූටි නංගා..
අද නම්ඔයා ටිකක් අමුතුයි..
මොකක්ද අවුල..
තුන්දෙනා එක්ක මරාගත්තෙ නෑනෙ එන්න කලින්…
නිසල් බට්ටිගෙ කරටත් අතදාගෙන ඇහුවෙ බට්ටිව තාමත් නිසල්ට චූටිම චූටි බබෙක් වගේ දැනෙන නිසා..
ලොක්කිත් ගෙදර අයත් ඒ ආදරේ ගැන දනනවා…
ඒ ගැන නරකක් හිතන්න තරම් ඒ කාගෙවත් හිත් අපිරිසිඳු නෑ වගේම බට්ටිත් හොඳටම දන්නවා නිසල්ගෙ ආදරේ ගැන
මොකුත් නෑ අයියෙ…
දන්නවානෙ මම මේවට ආස නෑ කියලා..
එපා වෙනවානේ අප්පා …..
බලන්න දෙන්නෙක් එක ගෙදරකට වෙන්න කොච්චරනම් කට්ටිය මැරෙන්න ඕනද..
නේ..
හිහ් …
ඒක නම් හරි තමා බට්ටිච්චි …
තව සතියනෙ..
ඔන්න ඔහෙ ඒ ටිකත් ඉවසන්න..
ඔයාගෙ ලෙක්කිනෙ..
හ්ම්ම් හ්ම්…
කෝ තේජාන් අයියා…
බට්ටි එහෙම ඇහුවෙ නිසල් දන්නවද බලන්න..
අනේ මන්දා බට්ටි..
ඊයෙ හවස ඉඳන් ඌව අල්ලගන්න බැරි වුණා..
පොලු තියන එකෙකුත් නෙමෙ..
අනේ මන්දා….
මු වෙඩින් එක දවසටත් ආවෙ නැත්නම් මං ඉවරයි…
කාර් එකත් ඌ ගේනවා කිව්ව නිසා මම බැලුවෙ වත් නෑ හයර් එකටවත්…
කියලා බට්ටිගෙ ඔළුවත් අතගාලා නිසල් ලොක්කි ළඟට ගියා….
ආ..
බට්ටි..
ඉඳුවරගෙ අයියා ජෙනරල් එකේලු ඉන්නෙ
අපපිට 12ටම ගියෙ නැත්නම් බලන්න බැරි වෙයි…
ඉඳුවරගෙ මැසේජ් එක දැකලා පොඩ්ඩි කිව්වා…
එහෙනම් ලොක්කිවත් දැනුවත් කරලා ඉක්මනට මේක ඉවර කරගමු…
එතකොට ගියහැකි..
බට්ටි කිව්වා…
අයියා…
කොහාමද….
තේජාන්ට හිතුවටත් වඩා ඉක්මනින් සිහිය ආවා….
11 විතර වෙද්දි සිහිය ආව තේජාන් ළඟට ආපු අනුහස් ඇහුවේ අතකිනුත් අල්ලලා…
ඔළුව ටිකක් රිදෙනවා බං..
මගෙ වාහනේ ඉවරද…
අනේ බං අයියෙ…
උඹ….
වාහනේ නම් හදාගන්න බැරියැයි බං..
අඩෝ..
උඔ දන්නවා මම ඒකට කොච්චර ආදරේද කියලා…
ඉනිෂුවරන්ස් එකට කතා කළා ද…
අයියෙ මේ දැං මළ පනිනවා බං..
ඒවා ගානට වෙයි..
යකෝ..
උඹ නිසා අම්මට heart attack එකකට එන්නත් ආවා..
කොහෙද හරක් පැටියො කන්ටේනරේකට කිස් දෙන්න ගියේ…
නෑ බං..
මම ටිකක් ස්පීඩ් ආවා වාහනත් අඩු නිසා
කත්ටේනර් එක දැක්කෙ ළඟටම ආවම බං
මම වෙන ලෝකෙක වගේ හිටියෙ…
ඔව් ඔව් අයියෙ..
උඹ වෙන ලෝකෙක නොහිටියා නම් තමා පුදුම….
විෂ්මි අක්කා එක්ක මගුල තීන්දු කරගෙනනෙ ආවෙ නේද…
එතකොට අර බෝම්බෙට මෙකෝ බං වෙන්නෙ…
අල්ලලා දාපං..
ඒකිහිත හදාගනියි
මහ කාලයක් නෑනෙ…
අනික බං ඒකි හිත හයිය කෙල්ලෙක්…
අඩේ…
මල්ලි
අද මම නිසල්ට ෆිටෝන් එකට යන්න එනවා කිව්වා
පවු බං ඌ..
මොනවා කරගත්තාද දන්නෙ නෑ…
මගෙ ෆෝන් එක කෝ..
ආ ඒක මිසිං..
Accident එක වෙලාවෙ ඒක මිසිං අයියෙ…
අඩෝ…
නිසල්ගෙ නම්බර් එක නැද්ද උඹ ළග..
මං ළඟ කොහෙද බං…
එහෙනම් දියං google log වෙන්න..
ඒකෙ නම්බර් ටික තියෙනවානෙ..
මේ මේ..
නිසල් අයියා දැං එයාගෙ වැඩ කරගෙන ඇති…
12ටත් කිට්ටුයි..
පස්සෙ කියමු…
හිතලා මග ඇරියා නෙමෙයිනෙ..
කෝ අම්මි, අප්පච්චි ..
විෂ් ආවෙ නැද්ද..
අම්මි එක්ක අප්පච්චි එළියෙ..
පිරිමි වෝඩ් එකනෙ.. මම විතරක් ආවා..
12ට එයි කට්ටියම..
විෂ්මි අක්කා එයිලතව ටිකකින් තමුසෙයගට සිහිය ආවම දෙන්න සුප් එකක් අරන් එන්න ගියා…
සුනන්ද අංකල් එක්ක..
ආ…
තමුසෙගෙ වෙන්න නෑණාත් එයි අද ..
එන්න ඇහුවා…
ආ එහෙමද…
දැං උඹ කෙල්ලට කිව්වාද කැමති කියලා
නෑ..
ඒ වුණාට බං දැනෙනවා ඇතිනෙ…
තේජාන්ට එතකොට හිතුණෙ..
කටින් කොහොම කිවවත් බට්ටිටත් තේජාන්ගෙ හිත දැනෙන්න ඇද්ද කියලා..
මගෙ චූටි බෝම්බෙ ළඟ මමත් පොඩි එකෙක් වගේ ඒ ආදරේ වින්දා වගේම මමත් ඒ පුංචි කෙල්ලට ආදරේ කළා නේද…
ඒ සේරම ඉවරයි..
ආයෙ හිතන්න බෑ…
අනුහස් ඔළුව අල්ලගත්තා…
අයියා…
ඇයි මොකද..
ඔළුව රිදෙනවා බං..
මේ..
එක එක ඒවා නොහිතා නිදාගන්න..
ඩොක්ට බනියි මටත් එක්ක කතා කළා කියලා..
එතකොටම අනුහස්ට කෝල් එකක් එනවා දැණුනෙ…
ෆෝන් එක වයිබ්රේට් වෙද්දි …
අයියෙ මං එළියට යනවා..
මෙතන ආන්ස කරන්න බෑ..
අනුහස් ඉක්මනින් එළියට ගියේ කෝල් එක තරිණිගෙන් නිසා..
සර්, අපි දැන් එන ගමන් ඉන්නෙ..
මොකද්ද වෝඩ් එක..
ආ..
කව්ද තරිණි අපි..
අමතක වුණානෙ සර්..
අද මම නිවාඩු අක්කාගෙ වෙඩින් එකේ වැඩකට…
අක්කයි නංගියි එනවා මා එක්ක.
කමක් නැද්ද එහෙම ආවට…
ආ..
හරි කමක් නෑ..
ඒක වඩාත් හොඳයි..
තනියම එනවට වඩා…
ඔයා එන්නකො..
ඇවිත් කෝල් කරන්න
මම එන්නම් එක්ක යන්න..
ලස්සන කෙල්ලොම තුනක්නේ…
එහෙම හොඳයිද..
සර්ගෙ අයියා ළඟ ඉන්න ඕනානේ…
අපේ පවුලම මෙතන..
බය වෙන්නෙපා..
ඔයා කතා කරන්නකො..
මේක ඇතුලෙ වංක ගිරිය වගේ…
හරි සර් එහෙනම්..
අපි ඇවිත් ගන්නම්..
අනුහස් කෝල් එක කට් කරද්දිම වගේ විෂ්මි ආවෙ ප්‍රසිද්ද හොටලේකින් සුප් එකකුත් අරගෙන…
අනුහස් කෝල් එක ගන්න ගේට් එක කිට්ටුවටම ඇවිත් හිටයෙ…
අයියට සිහිය ආවා අක්කි..
12ටම යමු ඇතුළට..
තව ටික වෙලාවනෙ…
විෂ්මි ඒක අහගත්තාට අනුහස්ව වැඩිය ගණන් නොගෙනම ඇතළට ගියා..
අනුහසුත් පිටිපස්සෙන් ගියේ වෙන කරන්න දෙයක් නැති කමට ….
එහෙමම වොඩ් එකට යන්න ගිය විෂ්මිව නර්ස් කෙනෙක් නැවැත්තුවා..
මිස්..
මේක පිරිමි වාට්ටුව..
තාම ගෙදරින් එන අයට ඇතුළට යන්න බෑ.
තව විනාඩි 20ක් තියෙනවා…
කරුණා කරලි ඒ වෙලාවට එන්න..
විෂ්මි ආපහු හැරුණේ ගිනි පිටවෙන දෑස් වලින් නස්ටත් රවලා…
අනුහස් දිහාට හැරුණා….
කොහෙද..
කිව්වට ඇහුවෙ නෑනෙ..
මහ ලොකු සූරියආරච්චි කන්ස්ට්‍රක්ෂන් එකේ ලොකු පුතා
ඉන්නෙ ජෙනරල් හොස්පිටල් එකේ…
අනුහස්ට ඇහෙන්න කියපු විෂ්මි තේජාන්ගෙ අම්මලා ඉන්න දිහාට ගියා..
හිහ්.. .
කලින්ම මම කිව්ව දේ ඇහුවා නම් ඊලයිනෙ අක්කී…
තමන්ටම මුමුණමින් අනුහසුත් ඒ පැත්තට ගියා…
***************
අනේ මගෙ පුතේ….
කොහොමද මගෙ දරුවෝ..
මොකද්ද මේ අපිට දුන්න ගින්දර…
හරි හරි අම්මි..
හිතලා කරගත්තෙ නෑනේ…
මම මේ ඉන්නෙ හොඳට….
තේජ්…
අනේ ඔයාගෙ මල්ලිට කියන්නකො මේ ජරාවෙ නොඉඳ private එකකට යමු කියලා
එයා තමා ඔයාව අරන් යන්න දුන්නෙ නැත්තෙ…
බලන්න..
ඔයා ළඟට එන්න ගිහින්
මේ ඉන්න තර්ඩ් ක්ලාස් නර්ස්ලාගෙන් අනම් මනම් අහගන්නත් වුණා…
ඇත්තට ඇයි මල්ලි මෙහෙ තිබ්බෙ මාව..
තේජාන්ටත් දැන් තමා මතක් වුණේ…
තමන් ඉන්නෙ රජයේ රෝහලක කියලා…
පුතා…
අපි එද්දිත් ඔයාව මෙහෙට ගෙනත් කරන්න තියෙන දේවලුත් කරලා…
ආයෙ private ගෙනියන්න දෙයක් නෑ…
එහෙ මෙහෙ ගෙනියනවට වඩා අපි බැලුවෙ ඔයාගෙ ආරක්ෂාව..
ඒකයි මොහ තිබ්බෙ ..
හෙට ගෙදර යන්න දෙනවා..
ඕනම නම් දැන් යමු…
රණසිංහ දැඩි හඬින් කිව්වා…
හරි අප්පච්චි ..
එහෙනම් දැක්වත් යමු..
මටත් බෑ මේ එක ගොඩේ ඉන්න..
තේජාන්ගෙ උද්දච්චකම මතු වුණා..
හරි…
අප්පච්චි ..
අපිට ඇම්බියුලන්ස් එකක් කතා කරගන්න වෙයි..
මම බලන්නම් ඒ ටික..
දන් අපේ ඔෆිස් එකේ ළමයි වගේකුත් එනවා…
මම අරෙහෙට ගිහින් ඒ ටික බලන්නම්..
කියමින් අනුහස් එළියට ගියා…
තවත් සිහිනයකින් හමුවෙමු ….