මිහිදුම් සිහින…..37
37 වන සිහිනය
Like, comment හැම එකකටම ස්තූතියි ..!!!
Like නොදා හොරෙන්ම කතාව කියවලා යන අයට ගොඩක්ම ස්තූතියි …
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
බට්ටි ඉස්පිරිතාලෙට ළං වෙන්න වෙන්න…
හිත ඇතුලෙන් එන වේදනාව එළියට දාගන්න බැරිව ගොඩක් අපහසුවෙන් තමා හිටියෙ…
තේජාන්ට කොච්චර අමාරුද..
ගොඩක් තුවාල වෙලාද….
කොහොම හිටියත් අක්කලා,
තේජාන්ගෙ පවුලෙ අය ඉස්සරහ
මට කිසි අයිතියක් පෙන්නන්න බෑ….
එ් කොහොම වුණත්
තේජාන් අයියත් ඊයෙ ඒ අයිතිය මගෙන් අරගත්තා….
මට කඳුලක් වත් වට්ටින්න අයිතියක් නෑ තේජාන් ළඟ….
බට්ටිගෙ හිතේ තියෙන ගොඩක් හැඟීම් වල දිග පළල මැනලා තියෙන
දෛවය…
ඒ හිතට තියෙන දරා ගැනීමේ හැකියාව කොච්චරද මනින්නයි මේ සූදානම….
බට්ටි…
මොකෝ…
ඉස්පිරිතාලෙට යන්න බයයි වගේද..
නිකං තක්කු මුකකු වෙලා ඉන්නෙ…
න්…න.නෑ….
පිස්සුද..
මම මේ වෙන කල්පනාවක හිටියෙ…
බහිමු බහිමු..
ඉස්පිරිතාලෙ ගේට්ටුව ළඟින් බැහැලා ආව ත්‍රීවීල් එක යැව්වා…
සර්..
අපි ගේට් එක ළඟ..
ආ ඉන්න..
මමත් එළියෙ ඉන්නෙ..
*********
හායි තරිණි…
දැන් කවුද අක්කා..
කවුද නංගි…
අනුහස් එළියෙ ඉඳලා ඇවිත් තරිණිගෙ උරහිසට තට්ටුවක් දාලා
කතා කළේ…
පිටිපස්සෙ ඉඳලා..
ආ…සර්..
මේ අක්කා නිකිණි
මේ නංගි මිතුණි…
යමුද සර්…
මේ මේ…
දැන් ඔෆිස් එක නෙමේ…
සර් කෑලි බෑ..
අනුහස් කියන්න හරිනෙ…
මම කියලා තියෙන්නේ මගෙ යාළුවෙක් කියලා…
සර් කිව්වොත් හොඳට තියෙයි…
අක්කා…
මටත් අක්කද? නංගිද..?
මට 24යි…
ආ එහෙනම් අක්කා …
කියලා නිකිණි සුන්දර ලෙස හිනා වුනත්
බට්ටි බිම බලාගෙන ඉන්නෙ නෙසන්සුන් කමින්…
මෙතනටම අැවිල්ලත් තාම තේජාන්ව දැක්කෙ නෑ…
යමු කියලා කට ඉස්සර කරගන්නත් බෑ…
යමු ඉක්මනට…
අයියව තව ටිකකින් private hospital එකකට අරන් යනවා….
Ambulance එකකට කතා කළා..
දැන් එයි…
එන්නකො..
අනුහස් පස්සෙන්ම ගිහින් වෝඩ් එකට ඇතුල් වෙද්දිම
බට්ටි දැකපු දෙයින් බට්ටිට සිහි නැතිවෙයි කියලා හිතුණා….
ලොක්කිගෙ අත තද කරලා අල්ලගත්තෙ ඒ නිසා….
බට්ටිගෙ ඒ අතේ තිබුණ අසාමාන්‍ය සීතල ලොක්කිට හොඳටම දැණුණා….
බට්ටි දිහා බලද්දි බට්ටි බය වෙලා වගේ බලන් ඉන්නවා..
ලොක්කිත් ඒ පැත්ත බැලුවා
අැඳ උඩ ඉන්නෙ තේජාන් කියලා දැක්කම ලොක්කිගෙත් කට ඇරුණා…
අනුහස් එක්ක කතා කරමින් ආව පොඩ්ඩිගෙත් කතාව නැවතුණා….
තේජාන් අයියා..
අනුහස් මෙයාද ඔයාගෙ අයියා…
ඇයි තරිණි ඔයා දන්නවාද අයියව…
ඒ කොහොමද..
අනුහස්ට එක පාරම ඔළුවට ආවෙ අයියාගෙ චූටි බෝම්බෙව..
ඒ තරිණිද කියලා හිතුණා මොහාතකට..
නැත්නම් මේ ඉන්නෙ තේජාන් අයියා..
නිසල් අයියා එක්ක ආවෙ අපේ අක්කාගෙ වෙඩින් වැඩ වලට…
ආ…
එතකොට නිසල් අයියා බඳින්න යන්නෙ ඔයාගෙ අක්කාවද..
අයියා කිව්වා තමා හොඳ කෙල්ලෙක් කියලා…
දැන්නෙ තේරුණේ…
එතකොට අද ඔයාලා කොහොමද වැඩ ටික කරගත්තෙ…
අයියා කිව්වා යන්න හිටියෙ කියලා…
බට්ටි..
ඇයි මේ තරම් සීතල වෙලා..
තේජාන් කියලා දැක්ක නිසාද…
අසනීපයක්ද..
ඔයා හරි අමුතුයි බට්ටි…
නෑ අනේ…
මට පුදුම හිතුණා ඔයාට වගේම.
මේ තේජාන් අයියානෙ…
බට්ටි දැක්කෙ විෂ්මි තේජාන් ළඟටම වෙලා සුප් එක පොවනවා…
තේජානුත් හරි සතුටින් ඒක බොන්නෙ..
ඇඳ ළඟ තව තාත්තලා වගේ දෙන්නෙකුයි අම්මා වගේ කෙනෙකුයිත් ඉන්නවා…
තේජාන් ආශාවෙන් එයා ළඟ ඉන්නෙ…බට්ටිට මතක් වුණා විෂ්මිව තුරුල් කරගෙන තේජාන් එදා.ගිය හැටි…
බට්ටි….
එක කඳුලක් හලන්නෙපා තේජාන්ට පේන්න…
එහෙම වුණොත් තමා පරාද..
තේජාන්ට රැවටුණා නෙමෙයි..
තේජාන් රැවැට්ටුවා….
ඒත් උඹ ආදරේ කළා…
ඉපවසපං….
බට්ටිගෙම හිත බට්ටිට කෑගහනවා….
අයියා…
මෙන්න ඔයාව බලන්න යාළුවො ඇවිත්…
ඔළුව උස්සපු තේජාන් බට්ටිව දැකලා බිබී හිටපු සුප් ටික පිට උගුරෙත් ගියා…
කහ්..කැහ්….හ්හ…
ආ..
නිකිණි නංගි කෝ නිසල්..
ඔයාලා කොහොමද දන්නෙ…
ඇති විෂ්…….
තවත් සුප් හැන්දක් මුවට ළං කරද්දි තේජාන් කිව්වා…..
විෂ්මි නිකිණිලාට හෙලුවෙ නොරුස්සනා සුළු බැල්මක්…
එකිනෙකාට නොදෙවනි අමුතුම ලස්සනකින් යුත් කෙල්ලො තුන්දෙනෙක්…
විෂ්මිට ඊරිසියා නොහිතුණා නම් තමා පුදුම….
තේජාන් අයියෙ..
අපි නම් දන්නෙ නෑ…
මෙතන්ට එනකල්ම..
අපි මේ ආවෙ පොඩි නංගිගෙ යාළුවාගෙ අයියව බලන්න..
දැන් තමා දන්නෙ ඉඳුවර මල්ලිගෙ අයියා
තේජාන් කියලා..
ආ..
එතකොට තරිණි නංගි ගැනද අපේ එකා කිව්වෙ….
බලාගෙන ගියාම අඳුරන අයනෙ…
ඒකනෙ..
මම හිතුවෙ වත් නෑ තේජාන් අයියා ගැන කියන්නෙ කියලා..
නිසල් දන්නෙත් නෑ..
අපි තුන්දෙනා ආවෙ ඒකයි..
නිසල් ගෙදර ගියා ….
අනේ නංගි මට ඌට කෝල එකක් අරන් දෙන්න..
මගෙ ෆෝන් එකත් නෑ..
අද මම නිසා වැඩේ අල වෙයි කියලා මම බයෙන් හිටියෙ….
කොහොම හරි වැඩේ ගොඩනෙ නේද..
ඔව් ඔව්..
නිසල් අවුලෙන් හිටයෙ…
අයියා ආවෙ නැති නිසා නෙමේ…
අයියාට ප්‍රශ්නයක්ද කියලා..
බලන් ගියාම ලොකු ප්‍රශ්නයක්නෙ…
හෙලෝ නිසල්…
පොඩ්ඩක් ඉන්න යාළුවෙක් ඉන්නවා..
ඒ නිසල් මචං…
තේජාන් බං..
අඩෝ..
මොකද බං වුණේ..
එක පාරම හොයාගන්න නැති වුණේ…
කරනමක් ගැහුවා බං..
Accident වුණා…
තරිණි නංගිගෙ යාළුවා අපේ මල්ලිලු බං..
ආ..
මේ උඹව බලන්නද ආවෙ කට්ටිය…
අපරාදෙ දන්නවා නං මමත් එනවා බං..
පොඩ්ඩිගෙ ඔෆිස් එකේ කෙනෙක්ගෙ අයියා කිව්ව නිසා ආවෙ නැත්තෙ…
කවුද දන්නෙ ඒ උඹ කියලා.
හරි බං..
අමාරුවක් නෑ නේද..
එහෙනං හොඳ වෙයං මගෙ වෙඩිමට…
නෑ බං ලොකු අවුලක් නෑ..
සතියක් තියෙනවානෙ…
පුළුවන් වෙයි….
එහෙනම් බායි…
අම්මි..
මේ අර මගෙ යාළුවා..
නිසල්.
එයා බඳින්න ඉන්න නංගි නිකිණි ..
නිකිණිගෙ නංගි තරිණි වැඩ කරන්නෙ මල්ලි එක්කලු…
නංගි මේ අපේ අම්මි, අප්පච්චි..
තේජාන් තනූජාවත් රණසිංහවත් පෙන්නලා කිව්වා….
සල්ලි මාන්නයෙන් ඔළුව ඉදිමුණේ නැති, අව්‍යාජ දෙමව්පියන් වූ තනූජාත් රණසිංහත් ආව වෙලේ ඉඳන් මේ ලස්සන කෙල්ලො තුන් දෙනා ගැන හරිම පැහැදීමන් තමා බලන් හිටියෙ…
සංවර ඇඳුම් පැළඳුම්, කතා බහ, හැසිරීම
ඒ වගේම ස්වභාවික ලස්සන රැකගෙන, අවශ්‍ය ප්‍රමාණයට පමණක් රූපලාවණ්‍ය පාවිච්චි කරලා හිටපු මේ ගෑණු ළමයි ඕන කෙනෙක්ගෙ හිත වශී කරගන්න එක කියන්න දෙයක් නෙමේ…
කවුද තේජාන් අයියා මේ ….
බඳින්න ඉන්න අක්කිද…
අඳුන්වලා දුන්නෙත් නෑ…
මෙච්චර වෙලා තමන්ව ගණන්වත් නොගෙන….
කතා කර කර හිටපු තේජාන්ගෙන් බට්ටි ඇහුවෙ කිසිම වෙනසක් පිටට නොපෙන්නා….
තේජාන් හොඳටම කලබල වුණේ කීයටවත් බට්ටිගෙන් ඒ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවුන නිසා….
ආ.. ම්ම්..
ඔවි..
මේ විෂ්මි ..
අර ඉන්නෙ විෂ්මිගෙ තාත්තා…
තේජාන්ගෙ කලබලය ලොක්කිටත් පොඩ්ඩිටත් නොදැණුනේ …
තනූජා ඒ දෙන්නව කතාවකට අල්ලගෙන හිටපු නිසා…
ඒත්
විෂ්මිට ඒ වෙනස දැණුනා…
තේජ්..
Honey කවුද මේ…
කොහොමද ඔයා මේ වගේ අයගෙ යාළුවෙක් වුණේ..
මම දන්න තේජ් එහෙම නෑනේ..
මං ලංකාවෙ නැති ටිකට කාවද අනේ මේ ඇඟට දාගෙන තියෙන්නෙ….
විෂ්මි තේජාන්ට ළං වෙලා ඒක කිව්වෙ
බට්ටිගෙ වෙනසක් නැතත් තේජාන් කලබල වුණේ ඇයි කියලා හිතාගන්න බැරිව…
හිතට ආව ඊරිසියාව නිසා…
එතකොටම අනුහස්ට කෝල් එක ආවෙ ambulance එක ready කියලා….
තේජාන්ව private hospital එකට අරන් යද්දිම..
බට්ටිලාත් ගෙදර එන්න පිටත් වුණා…
තරිණි…
ගෙදර ගියාම මැසේජ් එකක් දාන්න පරිස්සමින් ගියා කියලා…
මම ගන්නම් රෑ වෙලා..
කියලා අනුහස් ගියා..
තුන්දෙනා තේජාන්ගෙ අම්මටයි අප්පච්චිටයි ඉස්පිරිතාලෙදිම පහත් වෙලා වැන්දා…
විෂ්මි නම් බලන් හිටයෙ ගිණි පිටවෙන දෑසින්…
මුන්ට පිස්සු..
ගොඩේ කම ප්‍රදර්ශනය කරනවා ඉඳගෙන..
ආන්ටිටත් ඒවා හොඳයිද කොහෙද..
කට කනේ..
Nonsense …
හඃ…
කෙල්ලො තුන්දෙනාට ගස්සලා විෂ්මිත් ගියා…
දූලා තුන්දෙනා පරිස්සමට යන්න හොඳද
පුතාව බලන්න ආවට පිං දරුවො…
තනූජා කිව්වා…
අනේ එහෙම කියන්නෙපා..
තේජාන් අයියා අපිටත් ගොඩාක් උදව් කරලා තියෙනවා..
අපි දන්නෙත් නෑ මෙතන්ටම එනකල්…
අපිත් මේ අක්කිගෙ වෙඩින් එකේ වැඩ වගේකට ආව ගමන්
අනුහස්ගෙ අයියා නිසා ආවෙ…
එහෙනම් අපි ගිහිං එන්නම්….
තුන්දෙනා එන්න පිටත් වුණා…
බට්ටි හරිම නිශ්ශබ්දයි….
ලොක්කිගෙ අත අල්ලගෙනම ඔහේ ආවා..
කෝල් කරලා කැබ් එකක් කතා කරගෙන එන්න පිටත් වුණ ගමන්ම බට්ටිගෙ ඇස් වලින් නොනවත්වා කඳුළු වැටෙන්න පටන් ගන්නකොට….
අනේ ලොක්කී…
කියාගෙනම ලොක්කිගෙ උරහිස්සට වාරු වුණා…
ඇයි බට්ටි…
මොකද…
අනේ ඇයි මේ…
ඉකි ගසමින් බට්ටි අඬන විදියට හේතුවක් නොදැනම..
ලොක්කිටයි පොඩ්ඩිටයිත් කඳුළු පිරුණා…
අනේ පැටියො..
කියන්නකො ඇයි..
මොකද්ද ප්‍රශ්නෙ
අපිව බය කරන්නෙපා…
වාහනේ ඩ්‍රයිවර්ත් සැරින් සැරේ
කණ්නාඩියෙන් පිටිපස්ස බැලුවෙ මේ මොකද කියලා….
ලොක්කී…
මට ආයෙ කවදාවත් ආදරේ නම් එපා..
ආදරේ කියන්නෙ
මහ රැවටීමක්…
විකාරයක්…
මගෙ නිදහසේ ගෙවපු ජීවිතේ
එහෙම පිටින්ම කාලා දාලා..
කොහොමදඔයා ඔහොම ඉන්නේ…
කවුද බට්ටි..
කවුද….
අනුහස්ද P&S හැන්ඩියා..
පොඩ්ඩිට හිතුණෙ..
නුහහස්ව දැකලයි බට්ටි මෙහෙම හැසිරෙන්නෙ කියලා…
මොකද තේජාන්ව කොහොමත් දන්නවානේ…
නෑ නෑ..
ඒ වෙන කවුරුත් නෙමේ…
තේජාන්..
ඒ තමා තේජාන්..
මේච්චර කාලෙකට ඔයාලට හංගපු එකම දේ…
තේජාන්..
තවත් සිහිනයකින් හමුවෙමු ….