මිහිදුම් සිහින…..38
38 වන සිහිනය
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
ඔව් ලොක්කි…
ඒ තේජාන්…
මාව රැවැට්ටුවා…
මගෙන් පලි ගත්තා…
බට්ටි….
දැන් ඇති…
නවත්තන්න..
අපි ගෙදර ගිහින් කතා කරමු..
ඔවා ඇති වෙනකල් අඬන්න…..
ගෙදරට යනකල්..
හැබැයි ගෙදර ගියාම කිසි දෙයක් හංගන්නෙ නැතුව කියන්න ඕන..
මේක පාරනෙ…
පිට මිනිස්සුන්ට අපේ ප්රශ්න කියන්න ඕන නෑ…
ලොක්කි එහෙම කව්වෙ driver ත් කණ්නාඩියෙන් බල බල මේ සිද්දිය ගැන අවධානයෙන් ඉන්න නිසා….
පුද්ගලික රෝහලට තේජාන්ව ඇතුළත් කලාට පස්සෙ..
අනුහස් අම්මයි අප්පච්චියි එක්ක ගෙදර ආවෙ විෂ්මි තේජාන් ළඟ නැවතුන නිසා..
අම්මලාව දාලා ආයෙ යන්න..
තේජ්….
ඇයි ඔයා අර girl දිහා බය වෙලා බලන්
හිටයෙ…
මට දැනෙනවා ඔයාට ඒ girl එක්ක මොකක් හරි විශේෂ ගණුදෙණුවක් තියෙනවා කියලා…
Wish…
don’t be silly …
there’s nothing like that ..
චූටි කෙල්ලෙක් ඒ…
රණ්ඩු කෙක්කක්
නිසල් එක්ක උගෙ වැඩ වලට ගියාම හැමදාම මරාගන්නවා මා එක්ක…
හ්ම්ම් …
මම ඒක විශ්වාස කරන්නම්කො…
තේජ්…
මට ඔයාව කාත් එක්කවත් බෙදාගන්න බෑ
මගේ ආදරේ ඔයාට විතරයි…
you know that තේජ්…
හරි බබී….
Don’t get upset …
im only yours….
She’s just a kid..
තේජාන් එහෙම කිව්වට හිත ඇතුළෙන් විඳෙව්වා…
චූටි බෝම්බෙ …
කොහාමද ඔහොම හිටියෙ…
කෙල්ලටත් එහෙම මං ගැන ලොකු feeling එකක් තිබිලා නැද්ද..
මූණෙ කිසිම හැඟීමක් තිබ්බෙ නෑනෙ…
දුකක් තියා ඊරිසියාවක් වත්..
හිස් කොළයක් වගේ….
තේජාන්ට වැඩියෙන්ම රිදෙන්නෙ ඒකයි….
බට්ටිට තේජාන් ගැන ගානක්වත් නෑ කියලායි තේජාන්ට දැණුනෙ…
ඒකත් හොඳයි..
මගේ හිතේ තිබ්බ guilty feeling(වරදකාරි හැඟීම) එක අයින් කරගන්න ලේසි දැන් මට….
තේජ්..
නිසල්ගෙ වෙඩින් එකට මාත් එනවා..
What
Are u mad විෂ්…
අපි මැර් කරලත් නෑ…
ඔයාට invite කරලත් නෑ..
ඌ මේ අමාරුවෙන් වෙඩින් එක ගන්න එකෙක්..
ඔයා එතන ගිහින් ඒකෙ ඇද අල්ලයි…
ඒක ඔයාගෙ status වලට match වෙන්නෙ නෑ…
විකාර කියවන්නෙපා…
අර කෙල්ලත් ඉන්නවානේ…
විෂ්මි …
Now enough …
If u don’t trust me..
please go..
විශ්වාසය නැතුව කොහාමද විෂ්මි එකට ඉන්නෙ..
රට හිටපු අවුරුදු 4 ටවත් නැතුව ඇයි
දැන් මේ….
විෂ්මිට ඒ කෙල්ලො තුන්දෙනාගෙම තිබ්බ අමුතු attraction එක දිරවගන්න බැරුවයි දැන් මේ කවදාවත් කියන්න නොහිතපුවා
කියන්නෙ…
තමන්ට තියෙන්නෙ සල්ලි නිසා ඇති වුණ බැඳීම් කියලා විෂ්මිට දැන් තේරෙනවා…
ඒ අක්කලා නංගිලාට සල්ලි නැතත් යන තැන ඕන කෙනෙක්ගෙ හිත් ඇද බැඳ ගන්න පුළුවන් කියලා විෂ්මිට තේරුණේ
තේජාන්ගෙ අම්මා යන්න කලින් ඒ තුන්දෙනා ගැන කතා කරපු විදියෙන්…
තේජ්…
අනුහස්ගෙ ගර්ල්ද අර එතන හිටපු ටිකක් කළු එක්කෙනා..
ම්ම්ම් ..
තාම නෑ විෂ්….
ඇයි…
හොඳ නැද්ද…??
තාම නෑ කියන්නෙ..
ඉස්සරහට වෙනවද..
මම හිතන්නෙ….
මල්ලිගෙ හිතේ එහෙම එකක් තියෙනවා
ඒත් අම්මිලා කැමති නම් විතරයි..
ඒ වගේ ගොඩේ කෙල්ලෙක්ට ඔයාලාගෙ මල්ලිව දෙයිද ආන්ටියි අංකලුයි…
ම්ම්ම් …
අපේ අම්මිලා එහෙම බලන්නෙ නෑ විෂ්..
එයාලාත් ඉස්සර එහෙමළුනෙ..
පස්සෙනෙ මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ
එහෙම කියලා..
අමාරුවෙන් හම්බ කරපුවයින් හිඟන පවුල් ගොඩ ගන්නද හිතන් ඉන්නෙ..
Crazy…
අපිට වැඩක් නෑ විෂ්..
ඒක මල්ලිගෙ කැමැත්ත…
පිස්සුද තේජ්…
අපිත් නෑකම් කියන්නෙපැයි ඊට පස්සෙ…
බලමු විෂ්…
තාම එහෙම එකක් නෑනෙ..
මගෙ ඔළුවත් රිදෙනවා..
Now stop …
අනේ සොරි බබා….
එන්න මම ඔළුව අතගාන්න…
කියූ විෂ්මි ..
ඇඳ කෙළවරින් ඉඳගෙන තේජාන්ගෙ ඔළුව අතගාන්න පටන් ගත්තා….
වාහනෙන් බැහැපු බට්ටි දුවගෙනම ගිහින් ඇඳට වැටුණා…
මොකද ලොක්කියෙ අර බට්ටි අස්සකුලප්පුව හැදිලා වගේ කාමරේට දිව්වෙ…
අම්මා ඉස්සරහට ආවෙ ලොක්කියි පොඩ්ඩියි සල්ලි ගෙවලා වාහනේ පිටත් කරලා ගෙට එද්දි…
ආ…
ඒ..
මේ…
මේ… අද පොඩ්ඩටි විහිළු කරන්න ආපු කොල්ලෙක්ට බට්ටි කෑගහන්න ගිහින්
තව පොඩ්ඩෙන් අපි තුන්දෙනාවම උස්සගෙන යනවා….
අපි ඒකට බැනලා අඬනවා ඔය…
ලොක්කි ටක් ගාලා බොරුවක් කිව්වා..
අනේ මන් දන්නෑ මේ කෙල්ලගෙ කොලු ගති නිසා කොයි වෙලේ හරි හොඳ එකක් කරගෙන තමා නතර වෙන්නෙ…
කියමින් අම්මා කුස්සියට ගියා…
බට්ටි…
ඒයි…
මේ..
නැගිටින්නකො..
කොට්ටයක් බදාගෙන අඬමින් හිටපු බට්ටිව උරහිස් වලින් අල්ලලා පොඩ්ඩි කතා කලා….
අහන්නකෝ…
අපි දැන් අම්මාට බොරුවක් කිව්වට..
මල්ලි ආවම ඔයා ඔහොම හිටියොත් කියන්න දෙයක් නැති වෙනවා..
මොකද ඒ කිව්ව බොරුව මල්ලිට කිව්වොත් අපි තුන්දෙනාම ගුටි කනවා…
දැන් යමු ළිඳ ළඟට …
අපි දෙන්නා නානකල් තමුසෙ අඬන්න බැරිනම් වැලපිලා ඉවර කරගන්නවා..
පස්සෙ මුල ඉඳලා වෙච්ච දේ කියනවා..
ලොක්කි එහෙම කියලා කුස්සියට ගියේ දැන් අනිවාර්යයෙන්ම අම්මා තේ අරන් කාමරේට එන නිසා..
ඊට කලින් ලොක්කි ඒක ගන්නයි..
අක්කලා නානකල්ම
අඩලා අඬලා හෙම්බත් වෙලා ඇඟත් හොදගත්ත බට්ටි අක්කලා එක්කම ආයෙ කාමරේට ආවා…
බට්ටිට මතක් වුණා….
පහුගිය සති දෙකේම තේජාන් තමන්ට ආදරේ කරපු හැටි…
ඒ සේරම බොරු රඟපෑමක් විතරයි කියලා මතක් වෙද්දි බට්ටිගෙ කඳුළු අලුත් වෙනවා
තේජාන්ව හම්බුණ විදිය, මුලින්ම හම්බෙන්න ආපු එක අක්කලා දන්නවා…
ඒ නිසා තේජාන් ආදරෙයි කිව්ව තැන ඉඳන් සේරම කිව්වා…
ඒ වගේම තේජාන්ට ගෙදරින් proposal එකක් ගෙනත් තියෙනවා ඒකට කැමති නෑ ඒත් ඒ ප්රශ්නෙ විසඳගන්නකල් කාටවත් කියන්නෙපා කිව්ව එක, ඉඳුවර කියන්නෙ තේජාන්ගෙ මල්ලි කියලා දැනග්ත්තාත් ඒක කියාගන්න බැරි වුණ හැටි…
දැන් දවස් දෙක තුනක ඉඳලා බට්ටිව මග ඇරපු හැටි..
අන්තිමට එව්ව මැසේජ් දෙක…
සේරම ටික ලොක්කිටයි පොඩ්ඩිටයි කිව්වා…
ඒ කිව්වම කලින්ට වඩා හිත සැහැල්ලු බව බට්ටිට දැණුණා…
බට්ටිගෙ කතාව අහන් ඉඳපු පොඩ්ඩි…
ම්ම්ම් …
පොඩ්ඩක් ඉන්න මම එන්නම්..
කියලා කාමරෙන් එළියට ගියේ ලොක්කිට එහෙමම ඉන්න කියලා ඉඟි කරලා….
පොඩ්ඩි අනුහස්ට කෝල් එකක් ගත්තා…
හෙලෝ..
තරිණි කියන්න…
මම ගන්න හිතුවා විතරයි..
ගෙදර ගියානෙ..
මමත් ගෙදර ආවා..
අම්මිලාව දාන්න..
දැන් ආයෙ යනවා තනියම..
අනුහස් ඉවරයක් නැතුව කියවනවා…
සර්…
මට දෙයක් දැනගන්න ඕන අැත්තම කියනවද..
අනුහස්ට තේරුණා තරිණිගෙ කටහඬේ වෙනසක්…
ඇයි තරිණි..
කියන්න මොකද්ද අවුල…
සර්ලෙ අයියා මැරිකරන්න ඉන්න ගර්ල් proposal එකක් ද…
ම්ම්ම් ..
නෑ…ඇයි තරිණි …
සර්..
දන්නවද තේජාන් අයියා අපේ චූටි නංගිට කරපු ජරා වැඩේ තරම…
කියලා තරිණි අනුහස්ට සේරම ටික කියාගෙන කියාගෙන ගියේ තමන්ගෙ නංගි ගැන හිතේ ඇති වු දුකටත් එක්ක..
අනුහස්ට කියන්නෙ මෙනවද කියලා හිතාගන්න බැරි වුණා…
එතකොට තමා අනුහස්ට මතක් වුණේ මාස ගානකට කලින් අයියා එක්ක P&S ගිය වෙලාවෙ අයියා එක්ක පැටලුණේ බට්ටි කියලා…
තරිණි…
එතකොට අයියාගෙ චූටි බෝම්බෙ ඔයාගෙ නංගිද….
මෙහෙමයි..
මම දන්න තරමින් නම් අයියා චූටි බෝම්බෙට ගොඩාක් ආදරේ කළා…
ඒ වගේම අයියා හිටියට වඩා වෙනස් වුණා
ඒත් අයියට විෂ්මි අක්කිව මග අරින්න බැරි වුණා…
මොකද විෂ්මි අක්කිගෙ ෆැමිලි එක වුණත් ටිකක් වෙනස්..
එයාලට ඕන දේ කොහොම හරි කරගන්න බලන කෙනෙක් විෂ්මි අක්කි වගේම එයාගෙ තාත්තත්..
අයියා විෂ්මි අක්කිට වචනයක් දෙන්න ඉස්සරවෙලා තිබ්බ නිසා
අයියට ඒක නොකර බැරි වුණා..
මම අයියා සාධාරණයි කියනවා නෙමේ…
අයියා කිව්වා සතියක් දෙකක් තමා කතා කළේ ඒ නිසා අමතක කරයි කියලා….
සර්…
සතියක් දෙකක් නෙමේ..
දවසක් වුණත් ආදරේ කළා නම් එහෙම හිතන තරම් ලේසියෙන් අමතක කරන්න බෑ ආදරේ…
සර්ගෙයි මගෙයි තිබ්බ යාළු කමත් අදින් ඉවරයි සර්…
ආයෙ මට ඔෆිස් එකේ වැඩකට මිසක් කතා නොකලට කමක් නෑ..
සර්ගෙ අයියට කියන්න..
නංගිට දුන්න ගින්දර කවදා හරි සර්ගෙ අයියට එනවා කියලා…
තරිණි තරහෙන්ම එහෙම කියලා කෝල් එක කට් කළා…
තරිණි..
තරිණි …
ප්ලීස් ..
අනුහස් කියද්දිත් තරිණි කෝල් එක කට් කරලා ඉවරයි…
ෂික් …
අයියෙ…
උඹ නිසා මට මගේ ආදරෙත්
නැති වෙනවා බං…
එහෙම හිත හිත තරිණිට ආයෙම ගත්තත්
තරිණි ෆෝන් එක ඕෆ් කරලම දාලා…
*******
බට්ටි මේක හොඳට අහගන්න..
තේජාන් කියන්නෙ ඔයා දැකපු නපුරු හීනයක් කියලා අමතක කරන්න…
හරිද..
මේක අපි තුන්දෙනා අතර තිබ්බම ඇති…
ලොක්කිගෙ වෙඩින් එක තියෙනවා..
තව ටික දවසකින්..
තේජාන්ට කලින්නෙ ලෙක්කිව හම්බුණේ..
ආදරෙයි නේද තමුසෙගෙ ලොක්කිට..
එහෙනම් වෙනදා වගේ ඉන්නවා..
නිසල් අයියට වත් කියන්න ඕන නෑ ලොක්කි..
බට්ටි තමුසෙ හොස්පිටල් එකේ හිටියා වගේම ඉන්නවා තේජාන්ව දකින හැම වෙලේම..
අයෙ අනුහස් එක්කත් මගෙ ගණුදෙනුවක් නෑ..
අයියාගෙම මල්ලිනෙ…
අනේ පොඩ්ඩි…
අනුහස් අයියා නරක කෙනෙක් නෙමේ..
මං නිසා එහෙම කරන්නෙපා…
තේජාන් අයියා කිව්වා අනුහස් අයියා ඔෆිස් එකේ කෙල්ලෙක්ට පිස්සු වැට්ලා ඉන්නෙ කියලා…
ඒ ඔයා…
මේ ..
තවත් ඒ බූරුවා කිව්ව ඒවා විශ්වාසද…
දැන් මේ මොහොතෙ ඉඳන් ආයෙ ඒ ගෙම්බව මතක් කරලා අඬන්න බෑ තමුසෙ ලොක්කිට ආදරේ නම් හරිද…
තමුසෙගෙ වෙනස අපි දෙන්නට විතරක් නෙමේ ගෙදර හැමෝටම පේනවා…
දන්නවානෙ අයියාට ඉව වැටුණොත් එහෙම..
ඒ නිසා නැති ප්රශ්න දාගන්නෙපා..
පොඩ්ඩි අද කවදාවත් නැතුව ආවේගශීලි වෙලා..
ඒ තමයි සහෝදර පෙම…
පණ හා සම තමන්ගෙ ගෙදර හුරතලී..
අඬන එක දරාගන්න පොඩ්ඩිට අමාරුයි…
පොඩ්ඩි කියන එක හරි මගෙ බට්ටිච්චියෙ
අපි ඒක අමතක කරමු හරිද…
නිසල්ට මම මේක නොකියා තේජාන්ගෙ accident එක පිටින් දාලා පුළුවන් නම් තේජාන් වෙනුවට වෙන කෙනෙක්ව ගන්න කියන්නම්…
නිසල් අයියට හදිස්සියෙ කාව හරි හොයාගන්න බැරි වුණොත්..
අයියා පවු..
බට්ටි කිව්වෙ ඒ යෝජනාවට කැමති නිසා. මොකද තේජාන්ව දකින එක වේදනාවක්..
එහෙම නැති වෙනවද අනේ..
නිසල් අයියට යාළුවො ඕන තරම් ඉන්නවා
තේජාන්ව ගත්තෙ උදව් කරන්න ආව නිසානෙ.
බටිටිලා මේ කතා වෙන දේවල් ඒ වෙලේ ගෙදරට ආව තව කෙනෙක් අහන් ඉන්නවා කියලා තුන්දෙනාම හීනෙන් වත් හිතුවෙ නෑ…
වෙලාව හොයාගෙන, ඩේටා කපාගෙන කතාව දාන්න පටන්ගත්තෙ හිතේ ආසාවට..
ඒත් කියවන අය ඉල්ලනකොට මට free වෙලාවෙ නෙමේ..
Free වෙලාවල් හදාගෙන කතාව type කරලා දානවා…
කලින් මේ page වල දාපු කතා සේරම කියවපු මම දැන් එකක් දෙකක් අමාරුවෙන් කියවනවා…
මොකද හැම free වෙලාවෙම කතාව type කරනවා…
හිතලා බලන්න..
කතාව කියවලා නිකන්ම touch එකක් දාන්න තියෙන like එකක් දාන්න ඔයාලට අමාරුයි…
ඒත් කතාව ටිකක් අඩුවෙන් type කරලා දැම්මමත් චුට්ටයි කියනවා…
හිතලා බලන්න සාධාරණව…
කතා ලියන හැමෝම සතුටු වෙන්නෙ කතාව කොච්චරක් කියවනවද කියලා දැකලා තමයි…
ඒ නිසා comment එපා..
Like එකක් වත් දාලා යන්න…..
කලින් කතාවට මෙහෙම දාලා
Like හිඟාකනවා කිව්වා….
ඔයාලට එහෙම හිතෙනවා නම්, ok.
අතින් පයින් යන්නෙ නැති එකේ එහෙම හිතලා හරි like කරන්නකෝ….
තවත් සිහිනයකින් හමුවෙමු ….