මිහිදුම් සිහින…..40
40 වන සිහිනය
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
අම්මී…
අනුහස් hospital එකේ ඉඳලා උදේ 8.30 ට විතර ගෙදර ආවෙම තනූජාට කතා කරගෙන
ඇයි පොඩි පුතා..
අම්මි කාමරේ…
ලෑස්ති වෙනවා..
Good morning ..
අයියට කොහාමද දැං..
පත්තරේ බලන ගමන් රණසිංහ ඇහුවා
Good morning අප්පච්චි
අයියව හවසට discharge කරන්න පුළුවන් කිව්වා…
අම්මි කොහෙ යන්නද ලෑස්ති වෙන්නෙ
අයියව බලන්න..
අපි දෙන්නම මේ hospital යන්න හදන්නෙ පුතා…
අප්පච්චි ..
ඊට කලින් වෙන ගමනක් ගිහින් එමු…
ඒ කොහෙද..
අම්මි කිව්වෙ නැද්ද අප්පච්චිට මොකුත්ම
ඔළුවත් කසමින් බිම බලාගෙන ලැජ්ජාවෙන් වගේ තමා ඒක කිව්වෙ…
ම්ම්ම් ..
මොකද්ද …
අම්මි ඉතිං මට ගොඩක් දේවල් කියනවනේ…
පත්තරේට උඩින් අනුහස් දිහා බලලා රණසිංහ ඇහුවෙ පොඩි හිනාවක් මුවග තියාගෙන
මං ගැන මොකුත්..
ගෑණු ළමයෙක් ගැන..???
හහ් ….හහ්….
මොකද පුතා ඕකට එච්චර ඇඹරෙන්නෙ
කිව්වා කිවවා…
ලොක්කා නිසා මොකද්ද පටලැවිල්ලක් කිව්වා නේද…
ඔව් අප්පච්චි …
අද ඒ ළමයා වැඩට ඇවිල්ලත් නෑ..
මමයි අයියයි නිසා තමා…
නැත්නම් එහෙම නිවාඩු ගන්න ළමයෙක් නෙමේ…
අවුහස්ට ඔෆිස් එකේ වැඩකට කේල් එකක් ආවම තරිණි ඉන්නවද ඇහුවත් ඇවිත් නැති බව කිව්වා…
දැන්මෙකද වෙන්න ඕන…
ආ…
අනේ අප්පච්චි අපි එහෙ යමු…
එයා එහෙම සල්ලි තියෙන පවුලක නෙමේ වුණාට මම දන්නවා අප්පච්චිලා අකමරති වෙන්නෙ නෑ..
ඊයෙ ආවෙ කොළ පාට ඇඳලා හිටියෙ…
එයා තමා..
අම්මි විස්තර කිව්වා දරුවො…
ඒත් එහෙම ආවට ගියාට කරන දේවල් නෙමේනෙ ඕවා…
අනේ අප්පච්චි …
එයා මාවත් වැරදියට තේරුම් අරන්…
අනුහස් දුකින් මූණ හදාගෙන කිව්වෙ..
මම එහෙනම් ඔෆිස් යන්නම්…
අම්මි එක්ක පුතා යන්න…
ඒ දරුවව යාළු කරගන්න…
අනික්වා අපි පස්සෙ පිළිවෙලකට කතා බහ කරමු..
එහෙම හොඳයිනෙ…
කියලා අනුහස්ගෙ පිටටත් තට්ටුවක් දාලා..
රණසිංහ කාමරේට ගියේ තනුජාටත් කියලා ඔෆිස් යන්න…
අනුහස් එහෙමම උඩට දුවලා වොෂ් දාලා නිල් ඩෙනිමට රතු ෂර්ට් එකකුත් ඇඳලා..
කොණ්ඩෙට ජෙල් පොඩ්ඩක් ගාලා උස්සලා හදලා
වාහනේ යතුරත් කරක කරක විසිල් කර කර පහළට ආවෙ…
ඒක දැකපු තනූජාට හිනා..
අනේ අනේ…
අයියා අරෙහෙ hospital ..
මල්ලි මෙහෙ මනමාලියො බලන්න යනවා
අනේ අම්මි…
එයාව යාළු කරගන්න විතරයි…
තරහා වෙලානේ…
ෆෝන් එකත් වැඩ නෑ….
නැමිලා තනූජාගේ උරහිසට මූණ තියලා පිටිපස්සෙන් තුරුල් වෙලා අනුහස් කිව්වෙ
හරි හරි..
අප්පච්චි කිව්වා මට…
යමු යමු ඉතිං…
ගටි කාලා එන්න වෙයිද දන්නෙ නෑ මටත් එක්ක..
නෑ නෑ…
එයා හරි හොඳයි…
පොඩ්ඩි…
අර මොකද්ද වාහනයක් ඇවිත් ගේට් එක ළඟ..
බලන්නකො…
හැරිලා බලපු පොඩ්ඩිගෙ ඇස් උඩ ගියා..
අ නු හ ස් ……
ලොක්කි, බට්ටි…
ඒ අනුහස්ගෙ වාහනේ…
ආ..
මොකටද ආවෙ..
තමුසෙ එන්න කිව්වද..
වැඩටත් නොගිහින්
පිස්සුද ලොක්කි…
අපි ගෙට ගිහින් දොර වහගමු….
ඒ…
තමුසෙට මඤ්ඤං ද..
ගිහින් අරිනවා ගේට් එක…
බට්ටි පේර ගහෙන් බිමට පනින ගමන්.කිව්වා…
නෑ ඕන නෑ..
අර තේජාන් බූරුවාගෙ මල්ලිනෙ…
අනේ ඕයි..
මට ප්රශ්නයක් නැත්නම් තමුසෙ මේ මොකද තරහ අරන්…
අනුහස් කියන්නෙ තේජාන් නෙමේ…
හරි දැං කියනවා..
මමයි තමුසෙයි එක වගේද..
නෑනේ…
තමුසෙට බැරිනම් ඉන්නවා…
කියපු බට්ටි ගේට් එක ළඟට දුවගෙන ගියා
හිනාවෙම්න්ම ගේට්ටු පියන් දෙක ඇරපු බට්ටි
අතින් රඟ දැක්වුවේ
අැතුළට එන්න අවසරයි කියලා වගේ…
මිදුලට දාපු වාහනෙන් මුලින්ම බැස්සෙ තනූජා ….
දුව…
අපිට සමාවෙන්න..
කියමින්ම බට්ටිගෙ අතින් අල්ලගත්තා…
ආනේ..
මොකටද ආන්ටි මගෙන් සමාව ගන්නේ..
ආන්ටි මට වරදක් කරලා නෑනේ….
කෝ කවුද ගෙදර ඉන්නෙ…
අප් ආවෙ නම් දොණිලා එක්ක ටිකක් කතා කරන්න….
අම්මා ඉන්නවා…
අයියයි තාත්තයි නම් වැඩ…
බට්ටි කිසිම කහටක් නැතුව තනූජා එක්ක කතා කළේ…
තනූජාට ලෝබ හිතුණා..
විෂ්මි කොච්චර තේජාන්ට ආදරේ වුණත් තේජාන්ගෙ පවුලෙ අයව care කරන්නෙ නෑ
ලොක්කියි පොඩ්ඩියි තාම හිටපු තැනම ඉඳන් බලන් ඉන්නවා ..
අනුහස් වාහනෙන් බැහැලා
තනුජායි බට්ටි ළඟට ආවා…
නංගි..
මමත් සමාව ඉල්ලනවා මුලින්ම…
නංගි තරිණිට කියන්නකො මා එක්ක කතා කරන්න කියලා…
තරිණි මා එක්ක තරහා වෙලා අයියා නිසා…
හිහ්..
අපෝ.. අයියේ..
ඔහොම බය වෙලා බෑ…
අපේ මෝඩි ඔහොම හිටියට බයගුල්ලි…
හොඳින් කිව්වම අහන්නෙ නැත්න්ම
චුට්ටක් සැර කරන්න..
එතකොට හරි…
බට්ටි හිනාවෙමින්ම කිව්වා…
අනුහස් කටත් ඇද කරලා කිව්වෙ..
අපෝ මට නම් බෑ කෙල්ලන්ගෙන් ගුටිකන්න…
තරිණි මට ගැහුවොත් ..
තනූජා බැලුවේ
කොහොමද මේ කෙල්ල මෙහෙම ඉන්නෙ කියලා…
ඇස් වලින් පේනවා හොඳටම අඬපු බවත්
ඒ වටග්ම තාමත් දුකින් කියලා…
ඒත් හිනාවෙනවා පිටට පේන්න…
පවු අසරණී….
තනූජාට තේජාන් ගැන වෙන කවරදාකටත් වඩා තරහක් දැණුනා..
කවුද ලොක්කියෙ ආවේ….
කියමින් අම්මා ඉස්සරහට ආවෙ ඇඳුමට උඩින් ඇඳන් හිටපු චීත්තෙන් අත් පිහ දමමින්…
ආ ආන්ටි අන්න අපේ අම්මා..
යමු මම අඳුන්වලා දෙන්නම්…
කියලා තනූජාව එක්ක ගිහින් ගේ ඇතුලෙන් ඉන්දන ගමන් අම්මාට කතා කළා…
අම්මා..
මේ ඉන්නෙ අපේ පොඩ්ඩිගෙ බොස්ගෙ අම්මා…
ඒ වගේම
තේ..ජාන් අයියාගෙ අම්මා…
බට්ටි ඒක ටිකක් ඇදලා අම්මා දිහා හොරෙන් බල බල කිව්වෙ…
අම්මා කිසි හැඟීමක් පෙන්නුවෙ නෑ
ආන්ටි ..
අපේ අම්මා සේරම දන්නවා….
අම්මා එක්ක කතා කරගන්නකො..
කියලා ආයෙම මිදුලට ආවා…
තරිණි බංකුවෙ ඉඳගෙන පොත දිහා බලාගෙන…
ලොක්කි එක්ක අනුහස් කතා කරනවා…
ආ ..
දැන් මොකද අයියා අපේ කලු කෙල්ල කියන්නෙ…
හහ්..
කලු කෙල්ල…
එයා මොකුත් කියන්නෙ නෑ නංගි ඒකයි අවුල…
ඒයි පොඩ්ඩි…
අනුහස් අයියා එක්ක කතා කරනවාද
නැත්නම් මම අර වැඩට ගිහින් ඇවිත් කිව්ව ඒවා කියන්නද…
බට්ටි….
පොඩ්ඩි තාම තරහින්…
මේ.. ලොක්කි…
අපි නිකං මෙයාලට වාතයක් නොවී ගිහින් තේ ටිකක් වත් හදමුද..
පවුනෙ…
ඉතිං.
කමක් නෑ පොඩ්ඩි..
අපි ඉද්දි ලැජ්ජා වුණාට ..
අපි ගියාම කතා කරලා අරෙව්වායින් එකකුත් ඉල්ලගන්නවා ඈ…
මොනවද…
අර අරෙව්වා අනේ…
අයියෙ මෙන්න මේ මැට්ටි ටියුබ්ලයිට්..
ඔයාවත් මතක් කරලා ඒකක් දෙන්න හොඳේ..
අර එහා බංකුවෙන් ඉඳගන්න ..
පාරට පෙනුනොත් හරි නෑනේ..
සූටි ළමයි දැක්කොත්..
එහෙම කියද්දි අනුහස්ටයි ලොක්කිටයි තේරුණා..
හික්ස් ලොක්කිට හිනාවක් පැන්නා..
මෙන්න මෙහෙ එනවා යන්න පිස්සි..
කියලා බට්ටිව ඇදන් ලොක්කි ගියා…
අයියේ…
අන්වා එකක් දෙන්න..
ක්යලා කෑගහමින්ම බට්ටි ලොක්කි එක්ක ගියා…
අනුහස් කට කොනින් හිනා වෙන ගමන්ම පොඩ්ඩි ළඟින් ඉඳගත්තා…
පොඩ්ඩි නැගිටින්න හැදුවෙ…
ඔහොම ඉන්න…
කොහෙද දුවන්න හදන්නෙ..
කියමින් අනුහස් පොඩ්ඩිගෙ අතින් අැල්ලුවා…
තරිණි….
තරහද මා එක්ක..
මම යාළු වෙලා හිටියෙ නෑ
තරහ වෙන්න
හරි හරි….
මම අයියා නෙමෙයි තරිණි..
මම කියන දේ චුට්ටක් අහන්නකො
පස්සෙ ඔයා කැමති තීරණයක් ගන්න
මම ඔයාට කටින් කිව්වෙ නෑ තමා…
ඒත් ඔයාට දැනුණානේ මම ඔයාට කැමති බව..
නැද්ද…ම්ම්ම් ..
කියන්න මට..
තරිණි කතා කළේ නෑ..
මම ඒක කිව්වෙ නැත්තෙත් ඔයාට හොඳ නැති නිසා..
ෆැක්ටරි එක ඇතුලෙ කතාවක් හැදෙයි කියලා..
හැදිලා ඉවරයි..
අර තරිඳු, අපි ගැන සැක කරලා කතාවක් හදලා පතුරලා..
එක තමා මම එදා කියන්න හැදුවෙ..
මීටින්ග් කියලා සර් ගත්තෙ නෑනෙ මට, පස්සෙ අයියත් accident වෙලා..
කතාව හොඳට නැගලම යනවා ඇති අපි දෙන්නම ඊයෙ ඉඳන් නිවාඩු…
ම්ම්ම් …
ඇති යන්තම්..
ඒකට හරි කතා කළානෙ…
අහන්නකො…
අනුහස් ඒ කතාව ගණන් නොගෙනම කතා කළා..
මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මීට වඩා ලස්සනට කියන්න නම් මම දන්නෙ නෑ…
මීට කලින් කෙල්ලෙක් ඉඳලම නෑ මට…
හිත ගිය කෙල්ලො දෙතුන් දෙනෙක්ම හිටියා..
ඒත් මම අහන්න ගියේ නෑ…
ඔයාව ගෙදරට ඇවිත් අම්මලාගෙන්ම ඉල්ලගන්නයි හිටයෙ…
ඒකයි කලින් නොකිව්වෙ…
Please තරිණි…
අයියා නිසා මට දඬුවම් දෙන්නෙපා…
මම ඇත්තටම ඔයාට ආදරෙයි…
ඉක්මනින් මැරි කරන්න වුණත් ලෑස්තියි …
අපේ අම්මි, අප්පච්චි ත් දන්නවා…
අනුහස් එක එක විදියෙන් තමන්ගෙ ආදරේ තරිණිට පැහැදිළි කළා…
ඒ අතර තනූජාත් විහාරාත් වෙච්ච දේ ගැන කතා කළා…
විහාරා තේරුම් ගත්තා අනුහස් කියන්නෙ තෙජාන් නෙමේ කියලා..
තේජාන්ගෙ ගතිගුණ,
පොඩි කාලෙ ඉඳන්ම තිබ්බ මුරණ්ඩුකම,තනියම හොස්ටල් වල හැදුන නිසා කියලා තනූජා පැහැදිළි කළා..
ඒ වගේම තේජාන් බැඳලා රට යන නිසා
ආයෙ ප්රශ්නක් ඇති වෙන්නෙ නෑ කියලාත්
අනුහස්ගෙ තරිණි ගැන.ත්යෙන අදහසත් කිව්වා…
තරිණි කැමති නම්, තරිණිගෙ තාත්තා,අයියා එක්කත් කතා කරලා කියන්නම් කියලා විහාරා පොරොන්දු වුණා..
ඒ වගේම තාත්තායි අයියයි මේ සිද්දිය දන්නෙ නෑ කියලත් , දැනගන්න තියන්න එපා කියලත් කිව්වා..
*****-*****
අනේ…
මම මෙච්චර කියවනවා..
තරිණි එක වචනයක් කියන්නකෝ…
නැත්න්ම් මම දැන් අර නංගි කියපුවයින් එකක් දෙනවා තරු විසි වෙන්න…
දඟකාර හිනාවක් එක්ක අනුහස් කිව්වෙ තරිණිගෙ අතේ ඇඟිලි ටික තද කරමින්..
මම තව හිතලා කියන්නම්…
දන්නවද..
බට්ටි ඔහොම හිනා වෙලා හිට්යට ඒ එයාගෙ ඇත්ත හිනාව නෙමේ..
අපි නිසා එයා ආයාසෙන් එහෙම ඉන්නෙ..
අම්මා අයියාටයි තාත්තටයි කියයි කියලා, අක්කයි මමයිත් ගුටි කයි කියලා…
එයා දුකින් ඉද්දි අපිත් දුකින් කියලා දන්න නිසා…
හරි බබෝ…
මට තේරෙනවා…
ඔයා පස්සෙ උත්තරයක් දෙන්න..
මා එක්ක තරහා වෙන්නෙපා හැබැයි..
ඔයා බෑ කිව්වත් කමක් නෑ..
මා එක්ක කතා නොකර ඉන්නෙපා…
ෆෝන් එක ඕෆ් කරන්නත් එපා…
වැඩට ගියාම කවුරු මොනවා කිව්වත් ගණන් ගන්නෙපා…
ඔයා වැරැද්දක් කරලා නෑනෙ..
ඔයා මට හා කිව්වා නම් ආයෙ මම ඔයාට වැඩට යන්නෙපා කියන්නත් එක්න ආවෙ..
ඒත් ඔයා මට උත්තරයක් දෙන්නෙ නෑනෙ
ආඩම්බර කාරි…
ලොක්කියි බට්ටියි පැෂන් ෆෘට් වීදුරු දෙකකුත් අරන් අනුහස්ලා හිටපු තැනට ආවෙ ඒ වෙලාවෙ..
ආ…
දෙන්නට කතා කරලා මහන්සිත් ඇතිනෙ..
බොමුද සීතල පැෂන් වීදුරුවක්..
බොමු බොමු..
අම්මි බිව්වද..
ආ.. ඇයි අයියා හිතුවද ඔයාට ස්පෙෂල් කියලා…
අපි අම්මලාට දීලා අපිත් බීලා මේ ඔයාලා දෙන්නට ගෙනාවෙ…
අපි ඉතිං ඩිස්ටර්බ් කරන්න ආවෙ නෑ නේද ලොක්කි..
පවුනෙ..
දැන් අරෙව්වා කීයක් විතර දුන්නද…
හහ් හහ්…
නංගි අරෙව්වා දෙනවා තියා මෙයා මා එක්ක කතා කරන්නෙත් නෑනෙ…
කැමති කියන්නෙත් නෑ අනේ…
පැෂන් උගුරක් බොමින් අනුහස් කිව්වා..
චූටි බට්ටි..
මට ඔයාගෙ කලු පොඩ්ඩිව කැමති කරලා දෙනවද…
හඃ ..
කියලා ගස්සපු පොඩ්ඩි එයාගෙ වීදුඑුව බංකිව උඩින්ම තියලා
එතනින් යන්න නැගිට්ටෙ අනුහස්ගෙ අතත් ගසලා..
ඒත් අනුහස් ආයෙම පොඩ්ඩිගෙ අතින් අල්ලලා ඇද්ද පාර පොඩ්ඩිඅනුහස්ගෙ ඇඟේ…
ලොක්කි..
ඇස් පියාගන්නවා ටක් ගාලා..
දැන් මෙතන කොටු කොටු දාන්න වෙන සීන් එකක් යන්නේ…
කියම්න බට්ටි ලොක්කිවත් අැදන් ආපහු දිව්වා…
අනුහස්ට හොඳටම හිනා….
අතේ තිබ්බ පැෂන් එකත් හැලිලා..
කලිසමේ..
පොඩ්ඩිගෙ ඇඟේ…
ඒත් අනුහස් පොඩ්ඩිව අත ඇරියෙ නෑ…
අත අරින්නකො මාව…
බෑ..
කවදාවත් අත අරින්නෙම නෑ….
තරිණි අත් දෙක අනුහස්ගෙ ඇඟට තියලා පුළුවන් තරම් වීරිය අරන් අනුහස්ගෙන් මිදුණා…
කෝ දෙන්න ඕක…
අනුහස්ගෙ හිස් වීදුරුව අරන් තරිණි යන්න හැරුණා…
ආ..
අරක බොන්න මම බිව්වෙ නෑ…
ඔයා ටිකක් බීලා දුන්නොත් මම බොනවා..
එහෙනම් ඕන එකක් කරගන්න…
කියලා පොඩ්ඩි යනන හැරුණා…
නපුරු වෙන්නෙපා ඔච්චර…
Please එක උගුරක් බොන්න..
නැගිටලා තරණි ළඟටම ඇවිත් වීදුරුව ළං කළා..
තරිණිත් ඒ බැල්මෙ, ඒ වචන වල තිබ්බ ආදරේ නිසාම අනුහස් ළං කරපු වීදුරුවෙන් ටිකක් බීලා එහෙමම ගෙට දිව්වෙ ආපහු බලන්නෙවත් නැතුව…
තවත් සිහිනයකින් හමුවෙමු ….
යාළු..
නිවාඩු දවසේ හොඳට නිදාගත්තා…
Good morning friends…..